Watch Trailer

Peaky Blinders [S04 : E05] Sinhala Subtitles | මඩ වගුරේපෙම් හමුව [සිංහල උපසිරසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම්…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම් 03 වෙනි කතාමාලාවත් බලලා කුල්මත් වෙලා ඉන්න හැමෝම එක දිගට මාත් එක්ක 04 වෙනි කතාමාලාව බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ හතරවෙනි කතාමාලාව ලොව පුරා මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් රූපවාහීනියෙන් නරඹලා තියෙනවා. විශේශයෙන්ම 04 වෙනි කතාමාලාව උපසිරැසි ගන්වන්න මට භාරදුන්න අපේ විමා සහෝට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. එහෙනම් අපි පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින් . . .

කාලේකට කලින් ආතර් ෂෙල්බි එක්ක තිබුණ බොක්සිං තරගයක් අතරතුර අකාලයේ මැරුණ තමන්ගේ පුතාගේ පලිය ගන්න ඕන නිසා රෝස් නෝනා ලුකා එක්ක එකතු වෙලා උගුලක් අටවනවා. ටොමීට කොහොමහරි රෝස් නෝනා ගැන සැක හිතිලා කට්ටිය එක්ක වෙනම සැලසුමක් හැදුවත් පස්සෙ ටොමීට තේරේනවා මේක ආතර්ව අල්ලගන්න කරන වැඩක් නෙමෙයි හැමෝගෙම අවධානය වෙනස් කරලා රෝහලේ ඉන්න මයිකල්ව මරන්න හදන සැලසුමක් කියලා. හැමෝගෙන ඇස් වහලා රෝහලට එන ලුකා, පොලීට උන පොරොන්දුව නිසා මයිකල්ව මරන්නේ නැතුව යනවා. ඒ අස්සේ ඇබරාමා ගෝල්ඩ් අටවන උගුලකින් ලුකා බොහොම අමාරුවෙන් පණ බේරගන්නවා. ඒ වගේම ලුකා හැමතිස්සෙම පොලීට කරදර කරනවා ටොමීව අල්ලලා දෙන්න කියලා ඒ නිසා පොලී කොහොමහරි ලිසීගේ මාර්ගයෙන් ටොමීගේ ඩයරියේ තියෙන ඉදිරි වැඩසටහන් ටික බලා ගන්නවා. එහෙම කරන්න කලින් පොලී හරිම අපූරූ සාස්තරක් මගින් ලිසී ගැබ් අරන් කියලා දැනුම් දෙනවා, අනිවාර්යයෙන්ම ඉතිං ඒ ටොමී නිසා තමයි මතකනේ කලින් කොටසේ ලිසී එක්ක ටොමී ගඟ ළඟ කරපු වැඩේ 😛  ඇබරාමගේ පුතා බොනී යකෙක් වගේ බොක්සිං පුහුණුවීම්වල යෙදෙනවා. සේවක වැඩවර්ජනයත් එසේ මෙසේ එකක් නෙමෙයි, ටොමීගේ කම්හල්වල සේවයට එක කම්කරුවෙක් නෑ. ඒ නිසා එයා සේවක සංගමයේ ඊඩන් නෝනා එක්ක ගිවිසුමක් ඇති කරගන්න කියලා ඇඩාව පිටත් කරනවා. ඇල්ෆි සොලමන්ස් බොක්සිං තරගයට සහභාගී වෙන්න එයාගේ ශුරයත් එක්ක ස්මෝල්හීත් වලට එනවා. ඔයාලා දකින්න ඇතිනේ ඒ හාදයගේ සයිස් එක, හරියට නිකන් රෙස්ලින් ශූර ජෝන් සීනා වගේ. එයාගේ නම ගොලායත්. ඒ උනාට එයත් එක්ක තරග කරන්න ඉන්න අපේ බොනී කොළුවනම් ඒ වගේ භාගයක් තරම්වත් නෑ. ඇත්තටම මේක අර බයිබලේ තියෙන ඩේවිඩ් සහ ගොලායත්ගේ සටන වගේම තමයි, බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඇල්ෆි සොලමන්ස් ඉතාලිකාරයෝ ගැන ටොමීගෙන් අහද්දි එයා ඇල්ෆිට කියන් දේ තමයි ඉතාලියානුවෝ කවදාවත් මෙහේ දාලා යන එකක් නෑ උන් ඔක්කොම අපිව මරලා මෙහෙ අල්ලගනියි කියලා. අන්තිමට අපි දැක්කේ ටොමී, මයිකල්ව හම්බෙලා රෝහලෙන් එළියට යද්දි  පොලී දුන්න ඔත්තුවක් නිසා ලුකා එයාගේ සගයොත් එක්ක ටොමීගේ පස්සෙන් යන එකයි. 

අද කොටසින් . . .

වැඩි විස්තර කියන්න යන්නේ නෑ මොකද  අපි මේ කතා සමයේ අවසානයටත් ළං වෙලයි ඉන්නේ. මේකෙන් පස්සේ තව එක කොටසයි ඉතුරු. ටොමීගේ පස්සෙන් යන ලුකාට ටොමීව අල්ල ගන්න පුලුවන් වෙයිද ? ඒ වගේම ටොමීගේ අපුරූ පෙම්හමුවකුත් බලාගන්න පුලුවන්. ඇඩාටත් අද අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අස්සේ ලුකා තවත් ගැටයක් ගහන්න ටොමීගේ තවත් යාළුවෙක් හම්බවෙන්න එනවා, ඩේවිඩ් සහ ගොලායත්ගේ ගැටුමටත් ඔක්කොම ලෑස්තියි. මේ පාර පීකී බ්ලයින්ඩර්ස්ලගේ ඉරණම කොහොම විසඳෙයිද කියලා ඊළඟ කොටසින් බලාගමු, එහෙනම් අවසාන කොටසින් හමුවෙනතුරු ජයවේවා ! ඔයාලා පරිස්සමින් ඉන්න මම දනුවා.

අද කතාංගයේ නම – “The Duel ”
කතා රචනය – Steven Knight
අධ්‍යක්ෂනය – David Caffrey
විකාශය වූ දිනය – දෙසැම්බර් 13, 2017
IMDb අගය – 8.9
මීළඟ කතාංගය – ” The Company “

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

28,474 downloadsDownload Peaky.Blinders.S04E05.Baiscopelk.com_.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

28,474 downloadsDownload Subtitles26 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Bimbisha Adithya

    Thank you bro♥️

  4. Anonymous

    Sub Ekatra Thanks Bro..

  5. Lahiru

    ස්තුතියි...
    මෙ වගෙම sabrina season 2 එකට සබ් දෙන්න plz

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Anonymous

    Thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dimuthu

    love

  11. Anonymous

    Thanks

  12. Mano

    Godak sthuthi.. Jaya wewa!

    1. Anonymous

      Supiriy brother , mama balanna gaththa palaweni tv series eka ✨

  13. Dewadithya

    Thanks for Sub!

  14. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  15. Anonymous

    thanks for the sub and description!

  16. chinthaka.max4

    thanks machan