Watch Trailer

Peaky Blinders [S04 : E04] Sinhala Subtitles | ඩේවිඩ් සහ ගොලායත් [සිංහල උපසිරසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම්…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම් 03 වෙනි කතාමාලාවත් බලලා කුල්මත් වෙලා ඉන්න හැමෝම එක දිගට මාත් එක්ක 04 වෙනි කතාමාලාව බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ හතරවෙනි කතාමාලාව ලොව පුරා මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් රූපවාහීනියෙන් නරඹලා තියෙනවා. විශේශයෙන්ම 04 වෙනි කතාමාලාව උපසිරැසි ගන්වන්න මට භාරදුන්න අපේ විමා සහෝට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. එහෙනම් අපි පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින් . . .

සේවක වැඩ වර්ජනය පටන් අරන් ටොමීගේ කම්හලේ ඔක්කොම සේවකයෝ ඉවත් වෙලා යනවා, ඒ නිසා ටොමියි, ආතරුයි ඉස්සර කම්හල්වල වැඩ කරල විශ්‍රාම ගිය පළපුරුදු සේවකයෝ කම්හලට බඳව ගන්නවා. වෙඩි වැදිලා රෝහලේ ඉන්න මයිකල්ව බලන්න එයාගේ අම්මා  එනවා, මේ ගැන දැනගන්න පොලීනම් ඒකට එච්ච්ර සතුටු වෙන්නේ නෑ, රෝහලේ මයිකල්ගේ වාට්ටුවේ මේ පාර සමාගමේ රැස්වීම පවත්වන්න ටොමී තීරණය කරනවා ඒ වගේම එතනදී කොන්දේසි යටතේ ආපහු සමාගමේ භාණ්ඩාගාරික වෙන්නත් පොලී එකඟ වෙනවා. ඒ වගේම ලුකා චැන්ග්‍රෙටාගේ ඡායාරූපයක් හොයාගෙන ඒ ඡායාරූපවල පිටපත් අනිත් අයත් අතර බෙදාහරින්නත් ෂෙල්බි පවුල කටයුතු කරනවා. මේ රැස්වීමට ආතර් සහභාගී වෙන්න බැරිවෙන්න පොලීගේ කීමට ලින්ඩා ගෑණූ මායම් දාලා ආතර්ව තියාගන්නවා, ලුකා චැන්ග්‍රෙටාව උණ්ඩයේ නීතියට අනුව මරනවා කියලා ආතර් පොරොන්දු උනානේ, ඒත් තත්වය භයානක නිසා ඒ වැඩේ ඇබාරාමා ගෝල්ඩ්ට භාර දෙන්න ටොමී තීරණය කරන නිසා ආතර්ට ගොඩක් කේන්ති යනවා. ඒ අස්සේ ලුකා, ෂෙල්බි පවුලේ හතුරන්ගේ විස්තර හොයනවා. කම්හලේ වෙන කලබගෑනීයක් අස්සේ පිසිපස්සෙ දොරෙන් කම්හල ඇතුලට එන ඉතාලිකාරයෝ දෙන්නෙක්ගෙන් ආතර් තව පොඩ්ඩෙන් මැරුම් කනවා, ඒත් වැඩ දන්න නිසා බේරිලා ඉතාලිකාරයෝ දෙන්නව ඉවරයක් කරන්න ආතර්ට පුළුවන් වෙනවා. ඉතාලිකාරයො ගැන විස්තර හොයාගන්න ටොමී,  ඊඩන් මෙනවියව හම්බෙන්න ගියත් ඒ ගැන මුකුත් දැනගන්න ටොමීට බැරිවෙනවා, ඒ වෙනුවට ටොමීගේ අතීතයේ උන සිදුවීමක් අපිට දැනගන්න පුලුවන් වෙනවා. ලින්ඩගේ කීම අහලා ආතර් උණ්ඩයේ නීතිය අමතක කරන්න කැමති වෙනවා, ඒ වගේම ෆින්වත් ඔට්ටු ව්‍යාපාරයේ වැඩවලට සම්බන්ධ කරගන්න ටොමී තීරණය කරනවා. අන්තිමට අපි නොහිතන විදියට පොලී, ලුකා චැන්ග්‍රෙටා එක්ක හවුලේ වැඩ කරනවා කියලා දැනගන්න ලැබෙනවා, පොලී කියන විදියට මයිකල්, ආතර් සහ ෆින්ව බේරුවොත් ටොමීව, ලුකාට අල්ලලා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා.

අද කොටසින් . . .

ලුකා, ෂෙල්බි පවුලේ හතුරෙක් එක්ක එකතු වෙලා ආතර්ට ගැටයක් ගහන්න හදනවා, ඒ වගේම මේ සීසන් එකේ පළවෙනි පාරට අපිව ඇල්ෆි සොලමන්ස්ව බලාගන්න පුලුවන්, පොලීගෙයි, ලුකාගෙයි ගණුදෙනුව ගැන දැන ගන්න මයිකල්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම පොඩි සිද්දියක් නිසා ලුකාටත් අද වැඩ වරදිනවා. ටොමීගේ අශ්ව රේස් පැත්ත බලාගන්න කාල්ටන් නෝනා අද ටොමීව හොයාගෙන ස්මෝල්හීත් එනවා. පොලී තේ පෝච්චියකින් ලිසීට අපූරූ සාස්තරයක් කියනවා. ඇබරාමාගේ පුතා බොනීගේ තව වැඩකෑලි ටිකක් අද බලාගන්න පුලුවන් වගේම ඉස්සරහට අපිට ඩේවිඩ් සහ ගොලායත්ගේ ගැටුමකුත් බලාගන්න පුළුවන් වෙයි. ඉතිං මේ කිව්ව දේවල්වල විස්තරය හරියටම දැනගන්න ඕනනම් ඉක්මනටම මේ කොටස බාගෙන ඒ ටික දැනගන්නකෝ එහෙනම්. ඊළග කොටසින් ඉක්මනට හම්බෙමු.. ගිහින් එන්නම්. මම දනුවා.

අද කතාංගයේ නම – “ Dangerous ”
කතා රචනය – Steven Knight
අධ්‍යක්ෂනය – David Caffrey
විකාශය වූ දිනය – දෙසැම්බර් 6, 2017
IMDb අගය – 8.8
මීළඟ කතාංගය – ” The Duel “

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

29,605 downloadsDownload Peaky.Blinders.S04E04.Baiscopelk.com_.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

29,605 downloadsDownload Subtitles28 KB

25 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    sub eka nane

    1. Anonymous

      Sub eka nahe ai a

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Supun Kaushalya

    ඩවුන්ලෝඩ් බට්න් එක නෑනෙ මචං

  5. Anonymous

    download krnne kohomada

  6. Bimbisha Adithya

    Thank you

  7. Hashan Wijesinghe

    download button eka nah ne ?

  8. Jerome Valeska

    සිදු වී තිබූ අතපසුවීම නිවැරදි කර ඇත.

  9. Mando

    thank you bro

  10. Anonymous

    Sub Ekatra Thanks Bro..

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Ravfdo 06

    thank you

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    Thanks

  16. Ediya

    Thanks මචං .❤️

  17. Anonymous

    Episode links ටිකනම් ගූ 70යි

  18. Mano

    Godak sthuthi..Jaya wewa!

  19. Dewadithya

    Thanks for Sub!

  20. sasanka sathyajith

    Thanks for the sub

  21. Anonymous

    Subtitle tikanam guu Aya hadanna epa

  22. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  23. chinthaka.max4

    thanks machan

  24. Anonymous

    Kohama da balanne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.