Watch Trailer

Peaky Blinders [S04 : E06] Sinhala Subtitles | වෙන්ඩෙටාවේ අවසානය [සිංහල උපසිරසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම්…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම් 03 වෙනි කතාමාලාවත් බලලා කුල්මත් වෙලා ඉන්න හැමෝම එක දිගට මාත් එක්ක 04 වෙනි කතාමාලාව බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ හතරවෙනි කතාමාලාව ලොව පුරා මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් රූපවාහීනියෙන් නරඹලා තියෙනවා. විශේශයෙන්ම 04 වෙනි කතාමාලාව උපසිරැසි ගන්වන්න මට භාරදුන්න අපේ විමා සහෝට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. එහෙනම් අපි පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින් . . .

ටොමීව මරන්න එයාගේ පස්සෙන් යන ලුකා ඇතුළු පිරිසට වැඩේ කරගන්න බැරි වෙනවා. පස්සෙ තමයි දැන ගන්න ලැබෙන්නේ මෙච්ච්ර කල් පොලී , ලුකාව රවට්ටල කියලා. ලිසී තීරණය කරනවා ටොමී නිසා එයා ගැබ් අරන් කියලා ටොමීට කියන්න. ඒ ඇහුවම ටොමී අමුතු වෙනසක් පෙන්නුවෙ නෑ, ඒත් එයා පොරොන්දු උනා ජීවිත කාලෙම එයා ලිසීවයි, දරුවවයි බලාගන්නවා කියලා. මයිකල්ගේ ආරක්ෂාවට පොලී එයාව ඇබරාමාගේ අහිගුණ්ඨික කල්ලියත් එක්ක යවනවා. ඒ අස්සේ ඇල්ෆි සොල්මන්ස්ව මුණ ගැහෙන්න එන ලුකා චැන්ටෙග්‍රා එයත් එක්ක ගිවිසුමකට එළඹෙන්නයි කල්පනාව, ඒ බොක්සිං තරගයට යද්දි ලුකාගේ මිනිස්සු දෙතුන් දෙනෙක්වත් ඇල්ෆිත් එක්ක ගෙනියන්න කියලයි, ඇල්ෆී ඒ වෙනුවට එයාගේ රම් බැරල් නිව්යෝක් ගෙනියන්න කියලා යෝජනා කරනවා. මේ කතා බහේදී ඇල්ෆිට තේරෙනවා කලින් ටොමී කිව්වා වගේම මේ ඉතාලිකාරයෝ කොහොමටවත් ආපහු මෙහෙන් යන්නෙ නැති බවත් හැමෝටම මැරෙන්න සිද්ධවෙනවා කියලත්, ටොමීගේ කීමට වෘත්තීය සමිති නායිකා ජෙසීව හම්බවෙන්න ගිය ඇඩාව හමුදාවෙන් අල්ලගෙන යනවා. මොකද කාලෙකට ඉස්සර ඇඩාත් වෘත්තිය සමිතිවලට සම්බන්ධවෙලා හිටපු නිසයි, පස්සේ ඇඩාව දැනගන්න ලැබෙනවා මේකත් ටොමීගේ ගැටයක් කියලා, ටොමීට ඕන කම්කරු වෘත්තීය සමිතිය ඇතුලට රිංගල එයාලා විප්ලවය පටන් ගන්න කලින් ඒක කඩාකප්පල් කරලා ආණ්ඩුවට සහයෝගය දීලා ටොමීට ආණ්ඩුවේ සහයෝගය ලබාගන්නයි. චාලිගේ අංගනයේ අපූරූ රෑ කෑමක් ලෑස්ති කරන ටොමී ඒකට ජෙසී නෝනට එන්න කියනවා. කාන්තාවන් එක්ක ගණුදෙණු කරන්න ටොමීට තියෙන සහජ දක්ශතාවය නිසා ජෙසීත් ටොමීගේ ගැටයට අහුවුනා වගේ තමයි පෙනුනේ. ඒ එක්කම ඩේවිඩ් සහ ගොලායත් එහෙමත් නැත්තම් “දැවැන්ත ගොලායත්” සහ “බොනී ගෝල්ඩ්” අතර බොක්සිං තරගයටත් ඔක්කොම ලෑස්තියි. පීකීලා මුර බල්ලෝ දාලා, ආරක්ෂකයෝ වැඩි කරලා එහෙම තමයි මේක පවත්වන්න හදන්නේ. අන්තිමට අපි දැක්කේ ඇල්ෆි සොලමන්ස් තරගය පැවෙත්වෙන ස්ථානයට එන විදියයි.

අද කොටසින් . . .

අද නම් ඉතිං කතාව ගැන මුකුත්ම කියන්න යන්නේ නෑ. මොකද  මේ හතරවෙනි  කතා සමයේ අවසාන කොටස තමයි අද. ඒ කියන්නේ මේ කතා මාලාවේ මගේ වැඩ කොටස අහවරයි. පස්වෙනි කතාමාලාව අපේ සහෝ කෙනෙක් අරගෙන එයි. එහෙනම් ඩේවිඩ් සහ ගොලායත්ගේ ගැටුමට මොකක් වෙයිද ? ලුකා චැන්ග්‍රෙටා තමන්ගේ පළිගැනීම සාර්ථක කරගනීද ? කම්කරු විප්ලවයට මොකද වෙන්නේ ? ෂෙල්බි පවුලට මොකද වෙන්නේ ? පීකී බ්ලයින්ඩර්ස්ලගේ ඉරණම කොහොම විසඳෙයිද ? ඒ ටිකට උත්තර මේ කොටසින් බලාගන්නකෝ, ඒ වගේම මට මේ කතාමාලව වෙන් කරලා දුන්න බයිස්කෝප් ඇඩ්මිවරයෙකු වෙන අපේ විමා සහෝවත් ආදරයෙන් මතක් කරනවා වගේම මේ කතාමාලා පුරාම මාත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජයවේවා ! ඔයාලා පරිස්සමින් ඉන්න මම දනුවා.

අද කතාංගයේ නම – “The Company ”
කතා රචනය – Steven Knight
අධ්‍යක්ෂනය – David Caffrey
විකාශය වූ දිනය – දෙසැම්බර් 20, 2017
IMDb අගය – 9.5
මීළඟ කතාංගය – “ Black Tuesday” (Season 05 : Episode 01)

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

28,285 downloadsDownload Peaky.Blinders.S04E06.Baiscopelk.com_.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

28,285 downloadsDownload Subtitles22 KB

19 comments

  1. Anonymous

    Sub Ekata Thanks Bro..

  2. akalanka

    thanks brother sub ekata

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Bimbisha Adithya

    Thank u♥️

  5. sohitha

    THANKS......mcn

    "The Flight Attendant" hodama series ekak.....

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Anonymous

    Thank you

  10. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Asanga basooriya

    බොහොම ස්තූති මචං.

  13. Anonymous

    Thanks

  14. Ediya

    Thanks මචං sub ටිකට..❤️

  15. Mano

    Godak sthuthi..Jaya wewa!

  16. Dewadithya

    Thanks for Sub!

  17. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  18. Anonymous

    thank you very much for sub and episode description mentioned above!

  19. chinthaka.max4

    thanks machan