ඉතිං යාළුවනේ. පීකි බ්ලයින්ඩර්ස් රූපවාහිනී කතා මාලාවේ අවසාන කතා සමය වන 05 වෙනි කතා සමයටත් ඔන්න උපසිරැසි ගන්වලා ඔයාලට ගේනවා. ඒ වගේම මේ පස්වෙනි කතා සමයට උපසිරැසි ගන්වන්න මට බාර දුන්න එක ගැන විමා ට ස්තූතිවන්ත වෙන්න ඕන. කොහොම හරි වැඩ රාජකාරි අස්සේ කියපු දවසට උපසිරැසි ගන්වලා දෙන්න සෑහෙන්න උත්සාහයක් ගන්න…

ඉතිං යාළුවනේ. පීකි බ්ලයින්ඩර්ස් රූපවාහිනී කතා මාලාවේ අවසාන කතා සමය වන 05 වෙනි කතා සමයටත් ඔන්න උපසිරැසි ගන්වලා ඔයාලට ගේනවා. ඒ වගේම මේ පස්වෙනි කතා සමයට උපසිරැසි ගන්වන්න මට බාර දුන්න එක ගැන විමා ට ස්තූතිවන්ත වෙන්න ඕන. කොහොම හරි වැඩ රාජකාරි අස්සේ කියපු දවසට උපසිරැසි ගන්වලා දෙන්න සෑහෙන්න උත්සාහයක් ගන්න උනා. අන්තිමේදි ඔන්න බලාපොරොත්තු උන දවසටම උපසිරැසි ලබා දෙන්න පුළුවන් උනා.
ඔයාලට මතක ඇතිනේ 04 වන කතා සමය පුරා තෝමස් ෂෙල්බි ඇතුළු පිරිසට හැප්පෙන්න උනේ ලූකා චැන්ග්‍රෙටා කියන මාෆියා කල්ලි නායකයත් එක්ක. කොහොම හරි අන්තිමේදි ලූකා චැන්ග්‍රෙටා ව ඝාතනය කරලා සටන ජයගන්න පීකි බ්ලයින්ඩර්ස්ලා සමත් වෙනවා. ඒ වගේම ඇබෙරාමා ගෝල්ඩ් ගේ පුතා වන බොනී ගෝල්ඩ් අර බොක්සින් තරඟයෙන් ගොලායත් ව පරද්දලා ජයග්‍රහණය කරනවා. දැන් බොනී ගෝල්ඩ් වැඩ කරන්නෙත් පීකි බ්ලයින්ඩර්ස්ලා වෙනුවෙන්.
මෙවර කොටස පටන් ගන්නේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපළ කඩා වැටීමත් සමග තෝමස්ට මූණ දෙන්න වෙන මූල්‍ය අර්බුදයත් එක්ක තවත් අළුත්ම පුද්ගලයෙක් මුණ ගැහීමෙන්. ඇත්තටම මොහු හතුරෙක් ද මිතුරෙක් ද කියලා තාම තීරණය කරන්න බෑ. ඒ වගේම තමයි තෝමස් ෂෙල්බිගේ උපදෙස් පිළිගන්නෙ නැතුව නියමිත වෙලාවට කොටස් ටික විකුණලා දැම්මෙ නැති නිසා මේ සිදු උන මූල්‍ය පාඩුවේ සම්පූර්ණ වගකීම තෝමස් ගෙ පවුලෙම කෙනෙක් පිට තමයි පැටවෙන්නේ. ඒ වගේම ටොම් ගෙ බාල සහෝදරයා ෆින්, මේ වෙනකොට ටොම් ට ඔහුගෙ ව්‍යාපාර කරන්න උදව් වෙනවා.
ඉතිං යාළුවනේ. කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. තෝමස් ට සිදු උන මූල්‍යමය පාඩුවට කවුද වග කියන්න ඕන? ෆින් කොහොමද තෝමස් ගෙ ව්‍යාපාර වලට උදව් වෙන්නේ? මේ පාර කවුද තෝමස් ට හමු වන අළුත් විශේෂ පුද්ගලයා කියලා කතාව බලලම දැනගන්න. පස් වන කතා සමයේ දෙවෙනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
29,656 downloadsDownload Peaky.Blinders.S05E01.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
17 comments
විමා
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Sub Ekakata Thanks Bro..
Nilush Angana
Sub ekata thanx
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Ravfdo 06
thank you
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thank you bro
lakshan
thank you bro
Anonymous
Supiriyak
Mano
Godak sthuthi.. Jaya wewa!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Dewadithya
Thanks for Sub!
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
chinthaka.max4
thanks machan
Advertisement


සබට තුති බන්.
වැඩේ බාර දුන්නෙ විශ්වාසය ඇතිව ඒක රකින බව දන්න නිසා ❤️