Watch Trailer

Penny Dreadful [S01 : E01] | රාත්‍රි රාජකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? මෙන්න අපි තවත් සීරියස් එකක් ගෙනාවා ඔයාලට. මේක අපේ තුන්වැනි කතා මාලාව. “Gracepoint” මිනි එකෙන් පස්සේ අපි තව සීරියස් එකක් කලා. කොහොමහරි ඒක අපිට පසුවට කල් දාන්න වුනා. ඒක ගැන පසුව විස්තර කියන්නම්කෝ. ඉතින් අපේ පළවෙනි වැඩේ සාර්ථකව කරගන්න දායක වුන, “බයිස්කෝප් අඩවියත්” එක්ක හැමදාම වගේ…

Penny.Dreadful season01

ඉතින් කොහොමද යාළුවනේ? මෙන්න අපි තවත් සීරියස් එකක් ගෙනාවා ඔයාලට. මේක අපේ තුන්වැනි කතා මාලාව. “Gracepoint” මිනි එකෙන් පස්සේ අපි තව සීරියස් එකක් කලා. කොහොමහරි ඒක අපිට පසුවට කල් දාන්න වුනා. ඒක ගැන පසුව විස්තර කියන්නම්කෝ. ඉතින් අපේ පළවෙනි වැඩේ සාර්ථකව කරගන්න දායක වුන, “බයිස්කෝප් අඩවියත්” එක්ක හැමදාම වගේ ඉන්න ඔයාලා හැමෝටම අපේ හදවතින්ම ස්තූතියපුද කරන්න කැමතී.                                                                                                                                                                                  
ඉතින් අපිට මේ අළුත්  වැඩේදි අපිට ගොඩාක් උදව් වුන කෙනෙක්ව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ කතා මාලාව කරන්න කියලා කියපු අපේ “සමීර සහෝදරයව” ආදරයෙන් මතක් කරන ගමන්ම  ඔයාලගේ සහයෝගය ඇතිව තවත් ඉදිරියේදී මෙවැනිම හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් අපේ  හිතේ තියනවා.

හරි, වැඩි කතා වලින් කම් නෑ. අපි වැඩේට බහිමුකෝ. ඉතින් මේකත් සුපිරිම ගනයේ සීරියස් එකක් කිව්වොත් මම හරි. උඩින් කිව්වා වගේ අපි කරගෙන ආපු වැඩේ නවත්තලා මේක කරන්න වුනේ ඒක නිසා. මේ සීරියස් එකේ නම තමයි “Penny Dreadful” මේ කතාව අයත් වෙන්නේ  “නාට්‍යමය, ත්‍රාසය, අභිරහස්” (Drama, Horror, Thriller) කියන ප්‍රභේදයන් වලට. මෙම කතාවට 8.2ක IMDB අගයක් තියනවා. කතාව නිර්මාණය කරලා තියෙන්නේ John Logan කියන කෙනා. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J.A Bayona, Dearbhla Walsh, Coky Giedroyc, James Hawes යන අය. මේ කතාව ඔයාලා ගොඩාක් දන්න අදුනන බ්‍රිතාන්‍ය ඇමරිකානු කතාමාලාවක්.  කතාවේ සංස්කාරකලා වෙන්නේ Bernat Vilaplana, Jaune Marti කියන අය. මේ කතාව රූගත කරලා තියෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් යන ප්‍රදේශ වල. ධාවන කාලය මිනිත්තු 47-59ත් අතර වෙනවා. කතා මාලාවේ නිෂ්පාදන සමාගම් විදියට Neal Street Productions, Desert Wolf Productions යන සමාගම් හඳුනා ගන්න පුළුවන්. “Penny Dreadful” කතා මාලාව “Showtime” නාලිකාව මගින් විසුරුවා හරිනවා.

මේ කතාමාලව 2014 වර්ෂයේ “4th Critics’ Choice Television Awards” වල “Most Exciting New Series” එක විදියටත් “Best Television Series -Genre” දිනලා තියනවා. ඒවගේම 2015 දී “19th Satellite Awards” වල “Best Actress – Television Series Drama” (Eva Green), “Best Supporting Actor-Series” (Rory Kinnear) විදියට නිර්දේශ වෙලා තියනවා. මෙම කතාමාලාව ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2014 මාර්තු මාසයේ 11 වෙනිදා තමයි මේක විකාශනය වුනේ. දෙවන අධියර මේ අවුරුද්දේ මැද පටන් ගන්නවා කියලයි ආරංචිය. පළමු අධියරේ කතාංගයන් 08කින් සමන්විත වෙනවා.

කතාව ගැන කිව්වොත්,”Penny Dreadful” යන නමට පාදක වෙලා තියෙන්නේ 19වන සියවසේ බ්‍රිතාන්‍යය අද්භූත ප්‍රබන්ධ කතාවක්. එය ඉතා ශක්තිමත් ලෙස ලියවුණු වෘතාන්තයක්. එය අඳුරු මායාවන් හා අවිනිශ්චිතතාවයෙන් පිරී පවතින එකක්. එහි එන්නේ ස්වකීය යක්ෂයෙකු බඳු තමාගේම අතීතය පිසාචයන්, නපුරු ආත්මයන් හා අමරණීය මෘගයන්ට වඩා බලවත් වූ සත්‍ය හා අස්වාභාවිකත්වය අතර දෙබිඩි ලෝකයක වෙසෙන මිනිසුන් පිළිබඳව තමයි මේකෙන් කියවෙන්නේ.

මෙහි චරිත වලට අරන් තියෙන්නේ බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත චරිතවලින්. ඒ අනුව කතාමාලාවේ, Oscar Wilde ගේ “The Picture of Dorian Gray” ප්‍රබන්ධ කතාවෙන් ප්‍රධාන චරිතය ඩෝරියන් ග්‍රේ (Reeve Carney) උපුටා ගෙන තියනවා. මීනා හාර්කර් (Olivia Llewellyn) සහ ඒබ්‍රහම් වෑන් හෙල්සින් (David Warner) යන චරිත Bram Stokerගේ  “Dracula” යන ප්‍රබන්ධයෙන් උපුටා ගත් චරිතයි. වික්ටර් ෆ්රෑන්ක්ස්ටයින් (Harry Treadaway) සහ ඔහුගේ ප්‍රාණියා/යක්ෂයා යන චරිත Mary Shelley ගේ “Frankenstein” යන ප්‍රබන්ධයෙන් උපුටාගෙන තියනවා. මේ අනුව මෙම එක් එක් ප්‍රබන්ධයන්ගෙන් කතාමාලාව සඳහා චරිත අරගෙන තියනවා.

මීට අමතරව සර් මැල්කම් මරේ (Timothy Dalton), වැනේසා අයිව්ස්(Eva Green), ඊතන් චැන්ඩ්ලර් (Josh Hartnett), කැලිබන් (Rory Kinnear), බ්‍රෝනා ක්‍රෝෆ්ට්(Billie Piper), සෙම්බීන්(Danny Sapani), ෆර්ඩිනෑන් ලයිල් (Simon Russell Beale), මැඩම් කාලි (Helen McCrory), මාඩ් ගනේසන් (Hannah Tointon), ෆෙන්ටොන් (Olly Alexander), වින්සෙන්ට් බ්‍රෑන්ඩ් (Alun Armstrong ), ප්‍රෝටියුස් (Alex Price) යන චරිතයන් මෙම කතාමාලාවේදි රංගනයෙන් හැඩ වැඩ දාන ආකාරය හදුනා ගන්න පුලුවන්.

එහෙනම් යමු පළවෙනි කතාංගයට, 1891 දී ලන්ඩන් වල  සිදුවූ මිනීමැරුම් මාලාවක් ගැන පොලීසිය පරීක්ෂන කරගෙන යනකොට කීර්තිමත් ගවේශකයෙක් වන සර් මැල්කම් මරේ හා සුන්දර වැනෙස්සා අයිවුස් මෙය ඉතා භයානක දෙයක ආරම්භයක් ලෙස දැනගන්නවා. ඒ අනුව ඔවුන්ට සමීප අතුරුදහන් වූ කෙනෙක් ගැන සොයන්නට ඔවුන්ගේ සහායට, දක්ෂ වෙඩික්කාරයෙක් වන ඊතන් චැන්ඩ්ලර්  සහ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් යන දෙදෙනා එකතු කරගන්නවා.

මෙන්න මෙහෙම තමයි “Penny Dreadful”  කතාවේ පළමු දිගහැරුම ආරම්භ වෙන්නේ. එහෙනම් කතාවත් එක්ක දිගටම එකතුවෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන්ම ඊළඟ කොටසින් හමුවෙනකන් ගිහින් එන්නම්, ඒවගේම අපිට මේ වැඩේ සාර්ථකව කරගන්න දායක වුන අපේ බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයන් හැමෝමත්, අපේ “ගයාන් ප්‍රසාද්” සහෝදරයවත් ආදරයෙන් මතක් කරනවා. මතක ඇතුව මේ ගැන කොමෙන්ටුවක් දාලා යන්න කියලා නැවතත් මතක් කරනවා. ඔබට ජය!!!

I believe in monsters.
I believe in curses.
I believe in demons.
Do you?
                              –Vanessa Ives–

Penny Dreadful (2014– ) on IMDb

 

 

1.29 GB (Complete Season) මෙතනින් බාගන්න

46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,222 downloadsDownload Penny-Dreadful-S01-E01.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                            All Episodes                        Next Episode >>

Subtitles

3,222 downloadsDownload Subtitles315 B

39 comments

  1. නලින්

    ස්තුතියි සුපිරි ඩබලටම! දිගටම මෙවැනි අනගි නිර්මාණ කරන ලැබේවා!

    ජය වේවා!

  2. Thanu

    Thanku sahola 2nnatama..! Ela 1k wage...

  3. Bhanuka

    thnx bro. balamu hodaida kiyala :D

  4. sachintha

    thanks sub ekata.... puluwan nam the originals tv searies ekatah sub danna.... eka dana saho wade nawaththala wage....

  5. sajeevi

    thanks for sub.

  6. #ChalinduDeshan (කිනා)

    කාලයක් බලං හිටපු පට්ටක් ගෙනත්.
    එලම තමා.
    දෙන්නටම ජයමවේවා!

  7. Anushka

    එල එල අලුත් කතාවක්.
    Eva green ඉන්නේ මේ වගේ කතා වල තමා
    බොහොම ස්තුති සහෝ සබට... ජය වේවා!!!!

  8. Tharaka

    නියමයි මචංලා. මේක මම ඇහුවෙත් අදමයි. එල එල. ජය වෙවා

  9. Kulanjana Maduranga

    niayamai…thawath aluth 1k.thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  10. thisal

    එල එල පට්ට වැඩක් දිගටමම සබ දෙමු

  11. Nuwan

    Thanks වේවා ........... Keep going ,,,

  12. shehan

    thanks bro

  13. janith dulanjana

    එල මචන්ලා දෙන්නටම ස්තුතියි.

  14. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාව නම් බැළුවා සහෝ..
    ඒත් උපසිරැසියට ස්තුතියි.
    දිගටමු දෙමු හොඳේ .... :)

    ආයු -බෝ -වේවා !!!

  15. ela buwa

    elazzzzz maxxxxaaaaaa kathawak wage...... Digatama karagena yamu.......

  16. Tikira

    තැන්ක්ස් ඉස්සා ඇන්ඩ් ප්‍රදිපයා

  17. I.W.M.S Ilangakoon

    SUPIRI,,,
    ELA KIRI KATAWAK WEGE,,,
    DIGATAMA DEMU,,,
    JAYA WEWA,,,,

  18. isuru

    Thanks bros!

  19. [Prash]

    Ela mcnzlaaa... :)

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සමීර අයියා මේක ආපු දවස් වලම හොද කතාවක් කියලා කිව්වා. එත් බලන්න උනේ නෑ.
    දැන් නම් බලන්නම වෙනවා. දෙන්නම කතා මාලා වලින්ම ගෙමක් දෙන්න වගෙ හදන්නෙ. මරු.
    මේකත් ඉවර කරලා අර කිව්ව අනිකත් දෙමු.
    ජය වේවා. !

  21. malinga

    elazzz
    mekath balamu

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  25. අබා

    හොදි වගේ මාත් බලන්න පටන් ගන්නවා....ජයවේවා...

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. sachith

    tanx frend

  28. sanjeewa

    thanks

  29. isuru

    thanks

  30. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  31. Amil

    Machan.. Link eka wada nae..
    menna mea error eka enawa.
    "404 - Torrent not found."

  32. chinthaka

    Thanks bros!

  33. kavinda

    yes i' m believe this all

  34. oshan

    I don't believe this bull shit bt I love that horror storry.. balanne mokakda kiyala hitha hitha idan meka palaweni eka baluwa mare mrune okkoma ba gaththa 2 series ekath godak awith thiyenawa .digatama dena ela kollo dennek inne . Okkoma balanawa e tharam patta .thank you very much isuru saha pradeep oba depalata. Jaya wewa !!!

  35. isuru

    Maru aiya ela tama

  36. Ysa

    ජය වේවා!!!!

  37. Kariyawasam

    Thanks Buddy!

  38. Nadeesha rox alahakoon

    Tnx bro subt. Meka num supirima kathawak a. DC,marvel kiyala wenasak na supiriyak num kokath ekai. Thawa eka season ekak wath awanum,aparade meken meka nawathinawa kiyana ekth

    1. Nadeesha rox alahakoon

      Tnx bro subt. Me wena comment ekk uda watila thiyenne bn. Kathawa ft a