Watch Trailer

Penny Dreadful [S01 : E05] | සොහොයුරියන්ටත් වඩා ළඟින්…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියසතියේ කතාව මතක ඇතිනේ, කට්ටියම බලන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ගියසතියේ මොකද වුණේ කියලා පොඩ්ඩක් දැනගෙනම ඉමුකෝ.අපේ තරුණ දොස්තර මහත්තයා, රුධිරය සම්බන්ධ පර්යේෂකයෙක් මෙන්ම විද්‍යාඥයෙක් වන ඒබ්‍රහම් වෑන් හෙල්සින් සමඟ රුධිරය සම්බන්ධ පරීක්ෂණ මෙන්ම සාකච්ඡාවන් කරා මතක ඇතිනේ. ඒවගේම හෙල්සින් හොයා…

Penny.Dreadful season01

ගියසතියේ කතාව මතක ඇතිනේ, කට්ටියම බලන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ගියසතියේ මොකද වුණේ කියලා පොඩ්ඩක් දැනගෙනම ඉමුකෝ.අපේ තරුණ දොස්තර මහත්තයා, රුධිරය සම්බන්ධ පර්යේෂකයෙක් මෙන්ම විද්‍යාඥයෙක් වන ඒබ්‍රහම් වෑන් හෙල්සින් සමඟ රුධිරය සම්බන්ධ පරීක්ෂණ මෙන්ම සාකච්ඡාවන් කරා මතක ඇතිනේ. ඒවගේම හෙල්සින් හොයාගන්නවා රුධිරය කැටි ගැහෙන්නේ නැතුව තියෙන්නේ රුධිරයේම තියන දේකින් කියලා හොයාගන්නවා. ඒවගේම අල්ලගත්ත ප්‍රාණියා ගැනත් පරීක්ෂණ කරනවා.

අද කථාවේ වැඩි ආවරණයක් දෙන්නේ මිස් වැනෙස්සා අයිවුස්ට, මොකද මීනා මරේ සහ වැනෙස්සා අතර ඇතිවෙන සම්බන්ධය වගේම වැනෙස්සා අයිවුස්ගේ ජීවිතයේ මේ අද්භූත හැසිරීම්, සිදුවීම් ගැන අතීතාවර්ජනයක් සිදුවෙනවා. එහිදි ඇයගේ අතීත තොරතුරු වගේම අනෙකුත් පවුල් පසුබිම් ගැනත් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. අද කතාව විකාශනය වුණේ 2014 ජූනි 8වෙනිදා. කතාව අධ්‍යක්ෂණය කළේ “කුකී ජිඩ්‍රොස්” (Coky Giedroyc), තිර රචනය මෙන්ම නිෂ්පාදනය කළේ “ජෝන් ලෝගන්” (John Logan) විසින්.

දැනුමට:

කවුද මේ “ඇමුනෙට්” (Amaunet) කියන්නේ?

ඔයාලාට කලින් කතා වලදි “Amaunet” සහ “Amun ra” යන නම් දෙක තැන් කිහිපයකදිම හමුවුණා. කථාවේ මේ ගැන වැඩියෙන් කියවුණ නිසා “ඇමුනෙට්” ගැන පොඩි විස්තරයක් දැම්මනම් හොඳයි කියලා හිතුණා. ඇමුනෙට් එහෙමත් නැත්තම් “අමුනිට්”, “අමොනෙට්”, “ඉමිනෙට්” කියන නම් වලින් හඳුන්වන ඇය පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ජීවත්වූ සුළඟට සහ වාතයට අධිපති දෙවඟනයි. “සැඟවුණු ඇය”, “නොපෙනෙන ඇය” යනුවෙන් ඇයගේ නමේ තේරුම් දෙනවා. ඒවගේම “අමූන්” කියන නමේ ස්ත්‍රී ලිංග පදය “ඇමුනෙට්” ලෙස හඳුන්වනවා. මේ දෙවඟනගේ ස්වාමියා වෙන්නේ “අමූන් රා”(Amun-ra) කියන පුරාණ ඊජිප්තුවේ වැදගත්ම දෙවිවරුන්ගෙන් එක්කෙනෙක්. ඊජිප්තු වැසියන් මොහුව හිරු දෙවියන් වශයෙන් වන්දනාමාන කරන බව සඳහන් වෙනවා. ඇමුනෙට්, ලොකය පටන් ගන්නත් කලින් හිටපු ප්‍රධාන දෙවිවරු අට දෙනාගෙන් කෙනෙක්. මේ හා සම්බන්ධවෙන විවිධ මිථ්‍යා කතා කිහිපයක්ම තියනවා. විශේෂයෙන්ම ඒවා ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. බොහෝ ප්‍රදේශ වල ඔවුන්ගේ ආරම්භය පිළිබඳව කථාවන් වලට ප්‍රාදේශිය දෙවිවරු ඇතුළත් වෙනවා. මිථ්‍යා කථාවන් වලට අනුව ඇමුනෙට් දැනගන්නවා ඇය පැවත එන්නේ “තිබීස්” (Thebes) කියන දෙවියන්ට අයිති ප්‍රදේශයෙන් කියලා. විශේෂයෙන්ම “කුමූන්” (Khmun) කියන නගරයෙන්. කුමූන් කියන නමේ තේරුම වෙන්නේ “නගර අට” (Eight Town) කියන එකයි. අදත් එහි වර්තමාන නම වන එල්- අෂ්මුනෙයින් (el-Ashmunein) කියන නම, අට කියන වචනයෙන් බිඳී එන අර්ථයක් තමයි එන්නේ. ඒවගේම “අංක හතර” කියන්නේ ඊජිප්තු වැසියන්ට වැදගත් වෙන සහ සංකේතවත් අංකයක්. මේ හේතුව නිසා හතර යන අංකයේ දෙගුණය, අට නිසා ඔවුන්ට එය තවත් සම්පූර්ණ විදියට දැනුණා. සාමාන්‍ය අනිත් දේවතාවන් වගේම ඇයත් සර්ප හිසක් සහිත දේවතාවියක් ලෙස සලකනු ලබනවා. මේ ඇමුනෙට් කියන දෙවඟන ගොඩාක් නපුරු කෙනෙක්. ඇය අනෙකුත් දෙවියන් අතර විරෝධයට ලක් වුණා. ඒවගේම ඇය “යක්ෂයන්ගේ මව” බවට පත්වෙන බව සඳහන් වෙනවා. නමෙන්ම කියවෙන පරිදි ඇයට සර්ප ගතිගුණ තියන බව තමයි කියවෙන්නේ. මෙන්න මෙහෙම තමයි ඇමුනෙට් දෙවඟන ගැන සඳහන් වෙන්නේ. “අමූන් රා” ගැන ඊළඟ ලිපියෙන් විස්තරයක් අරන් එන්නම්.

අද පස්වෙනි කතාංගයත් නරඹන්නට ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, ඊළඟ කොටසින් ඉක්මනින්ම හමු වෙනකන් ගිහින් එන්නම්. ඔබ සැමට ජය වේවා!!!

Penny Dreadful (2014– ) on IMDb

 

 

1.29 GB (Complete Season) මෙතනින් බාගන්න

46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,727 downloadsDownload Penny.Dreadful.S01E05.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,727 downloadsDownload Subtitles23 KB

13 comments

  1. Danu

    1st mama, me wage katha hoyala sub denakata ekata godak pin, jaya wewa baiscopelk

  2. නලින් පෙරේරා

    ස්තුතියි සහෝලා..

    ජය වේවා!

  3. ashan

    jayen jaya digatama karan yamu

  4. Sisira Hegoda

    ස්තූතියි.

  5. ලිලංක

    උපසිරසට බොහෝම ස්තූතියි..!
    දිගටම හැකි ඉක්මනින් කරගෙන යන්න.. :D
    එහෙනම් ජය වේවා..!!!

  6. sajeevi

    thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  8. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  11. sanjeewa

    thanks

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය........

  13. the advantage

    Search systems and methods address the subjective nature of the relevancy of matches to users' queries through the use of
    readability formulae. With an effective online presence
    you potentially have the capability to establish business relationships with people
    all around the world, a fact that equates to exciting possibilities
    for you. If you knew all the keywords that would get you sales then would it not make sense to only focus on those ones.