Watch Trailer

The Mentalist [S07 : E12/13] with Sinhala Subtitles | අවසනයි මේ… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාව අවසානයේදීම මිනීමරුවා ග්‍රේබියල් කියලා ජේන් හිතුවත්, ඇත්තම මිනීමරුවා විසින් ග්‍රේබියල්ව මරලා, එයාගේ ඇඟේ බොරුකාරයා කියලා හණ ගහලා තිබියදී FBI වලට හමුවෙනවා. මේක නිසා මෙයාලා ආයෙමත් ලොකු සංකූලතාවයකට පත්වෙනවා. ඇත්ත මිනීමරුවා තාමත් එලියේ. කතාව ආරම්භයේදී නැවතත් මේ මිනීමරුවා විසින් ගැහැණු කෙනෙ…

The-Mentalist-4

ගිය සතියේ කතාව අවසානයේදීම මිනීමරුවා ග්‍රේබියල් කියලා ජේන් හිතුවත්, ඇත්තම මිනීමරුවා විසින් ග්‍රේබියල්ව මරලා, එයාගේ ඇඟේ බොරුකාරයා කියලා හණ ගහලා තිබියදී FBI වලට හමුවෙනවා. මේක නිසා මෙයාලා ආයෙමත් ලොකු සංකූලතාවයකට පත්වෙනවා. ඇත්ත මිනීමරුවා තාමත් එලියේ.

කතාව ආරම්භයේදී නැවතත් මේ මිනීමරුවා විසින් ගැහැණු කෙනෙක්ව පැහැරගෙන මරලා දානවා. පෙර විදියටම මේ ගැහැණු කෙනාව මරලා තියෙන්නේ පිස්තෝලයකින් වෙඩි තියලා. ඒ වගේම තමයි පෙර පුරුදු විදියටම මැරුණු කෙනාගේ ඇඟිල්ලක නියපොත්තකුත් ගලවාගෙන තියෙනවා. මීට කලින් වතාවේ ජේන්ට මේ විදියට මිනීමැරුම සිදුවුනු තැනට එන්න වෙන්නේ නෑ. නමුත් මේ අවස්ථාවේදී ජේන්ට පුළුවන්කම ලැබෙනවා මෙතනට ඇවිල්ලා මෘතශරීරය ගැන අධ්‍යනය කරන්න. එතැනදී FBI වලට කලින් වතාවේ අවධානයට ලක් නොවුනු කාරණාවක්, ජේන්ගේ ඇහැ ගැටෙනවා. ඒ තමයි මැරුණු ගැහැණු කෙනාගේ අතේ ඉදිකටුවකින් සිදුරු කරපු සලකුණක් තියෙනවා කියලා. මේ සලකුණු ඇතිවෙලා තියෙන්නේ මළ මිනියෙන් ලේ ගත්තු නිසා. මේ හේතුවෙන් මෙයාලාට ලොකු ප්‍රශ්ණයක් මතු වෙනවා, ඇයි මිනීමරුවා තමුන් මරණ මිනිස්සුන්ගේ ලේ ගන්නේ කියලා.

මේ විදියට මිනීමරුවා පස්සේ හඹායන අතරතුර, වේගා වෙනුවෙන් වැඩ බාර ගන්න එන්නේ ටෝර්ක් කියලා කෙනෙක්. ඔයාලට මතක ඇති මෙයා කවුද කියලා. CBI වල ඉන්න කාලේ කට්ටියගේම වැඩ තහනම් වෙලා ජේන්ට විතරක් රේ හැෆ්නර් යටතේ වැඩ කරන්න ලැබුණා කියලා මතක ඇති නේද? එතනදී තමුන්ගේ කලින් කණ්ඩායමේ අයව වැඩට ගන්න කියලා ජේන් මෙයාලා අතරේ රණ්ඩු ඇති කලා කියලත් මතක ඇති. එතනදී කණ්ඩායමේ මිටිම කෙනා කියලා ටෝර්ක්ව තමයි අවඥාවට ලක් වුනේ. ඉතිං ජේනුත් අඩි උස සපත්තු දෙකක් එයාගේ මේසේ උඩින් තියලා ඒ ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. කොහොම වුනත් මේ ටෝර්ක්ගේ අදහසක් අනුව, මිනීමරුවාට ඇමක් ගිල්ලවන්න කියලා ජේන් නැවතත් රූපවාහිනී වැඩසටහන් වලට යන්න පටන් ගන්නවා. කලින් ජේන් මේකට කැමති වෙන්නේ නෑ. ඒත් ශ්‍රේණිගත මිනීමරුවෙක් ඉන්නවා කියලා ජනතාව අතර තියෙන බය නිසා, පොඩි දේටත් කලබල වෙන මිනිස්සු පොලිසියට කතා කරන්න පටන් ගන්නවා. මේ වගේ බයෙන් ජීවත් වෙන මිනිහෙක් මහ රෑ තමුන්ගේ දොරට තට්ටු කරපු කෙනෙකුට, ශ්‍රේණිගත මිනීමරුවෙක් කියලා වැරදිලා වෙඩි තියලා මරලා දානවා. මේක නිසා ජේන් ටෝර්ක්ගේ යෝජනාවට කැමති වෙලා, රූපවාහිනී වැඩසටහන් වලට යන්න තීරණය කරනවා.  එහෙම කරන්නේ මිනීමරුවාට ජේන් ගැන අවධානය ඇති වෙන්න කියලා. මේ විදියට මිනීමරුවාට ජේන් ගැන අවධානයක් ඇති වෙන්න කියලා කරපු වැඩෙන්, මිනීමරුවා ජේන්ව පැහැරගන්නවා. අවසානයේ මොනවා වෙයිද….? ඒක දැනගැනීම ඔයාලට බාරයි. ඒ වගේම තමයි අද කතාව ඔයාලට බොහෝම විනෝදාත්මක වගේම වැදගත් එකක් වේවි. අද කතාවේදී පරණ කතා වල හමුවුනු චරිත ටිකකුත් දකින්න ලැබෙනවා.  🙂
.
.
.
.
.

අද කතාංගය තමයි මේ සම්පූර්ණ The Mentalist කතා මාලාවේ අවසාන කොටස. 2014 අගෝස්තු 18 වෙනිදා මම ඔයාලට පොරොන්දුවක් දුන්නා, මෙන්න මේ විදියට…

  “මම ඔයාලව අතරමං කරන්නේ නැතිව මේ කතාවේ උඩ මළුවටම යනකන් කරුණා කරනවාම තමයි.”  (ඒ කිව්වේ කතාව මග නවත්තන්නේ නැතිවම දෙනවා කියලා…)

ඔන්න අද මම ඒ පොරොන්දුව ඉශ්ඨ කලා. ඇත්තටම මට මම ගැනම සතුටුයි, මේ කතා මාලාව පොරොන්දු වුනු විදියටම විදියටම අරුත් පදගදාර්ථයන් එකට අමුනලා පරිවර්ථිත උපසිරැසියක් විදියට ඔයාලා හමුවට ඉදිරිපත් කිරීමට ලැබීමට හැකිවීම පිලිබඳව. කතාව මුලක ඉඳන් පරිවර්ථනය කරද්දී මට හරියට සිංහල යතුරු කරනයවත් බැරිව තමයි හිටියේ. ඒ වගේම පරිවර්ථනයට අවශ්‍ය වෙන භාශා දැනුමත් බොහෝම අඩු මට්ටමකයි තිබුණේ. ඇත්තටම කිව්වොත්, අකුරු ටයිප් කරද්දී මටම හොඳටෝම තරහා ගියා අකුරු වරදින එක ගැන. එතකොට මම වරදින වරදින අකුරක් ගානේ මටම හයියෙන් ටොකු ඇනගත්තා. ඒත් ඒකට හරියන්න අද හොඳට යතුරු පුවරුව හසුරුවන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි කාලේ ඉඳන් තිත්ත වෙලා හිටපු ඉංග්‍රීසි භාශාවත් බොහෝම රසවත් භාශාවක් බවට පත්වුනා. (ඇනගත්තු ටොකු වලට හරියන්න මාස 2ක් විතර පතරංග ඔළුවේ කැක්කුමකුත් එක්කම)   😉

කොහොම වුනත් උපසිරැසි සපයද්දී එදා මෙදාතුර මට හයියක් වුනේ ඔයාලගේ අදහස් දැක්වීම් තමයි. හැබැයි බලාපොරොත්තු වුනු තරමින්ම නම් මට අදහස් ලැබුණේ නෑ. (ඒකට කමක් නෑ) ඒ වගේම හැමදාම වගේ මට අදහස් දක්වන්න කිහිප දෙනෙක් පුරුදු වෙලා හිටියා. එයාලා නම් වශයෙන් මතක් කරන්න යන්නේ නම් නෑ. නමුත් මට ඔයාලව මතකයි. 🙂

2014 අගෝස්තු 18 වෙනිදා ආරම්භ වුනු මේ පොද වැස්සත් එක්ක Online ඉඳලා මාත් එක්ක තෙමුණු හැමෝම මම හදවතින්ම මතක් කරන ගමන් The Mentalist අද බයිස්කෝප් අඩවියේ නැවතීමේ තිත තියනවා •

“ඔබේ අඳුරු අතීතයට අගාධයේ ලතවන්නට දෙන්න. ඔබ අගාධයට පිය නොතබන්න. අනාගතයට දෑස් හෙලමින් වත්මනට ජීවත් වන්නට දෙන්න. ඔබේ සයනය කෙතරම් ලොකුද? සිහිනය දිව ගියාදෙන්. ඔබ සිහිනයේ දිව ගියහොත්, ඔබ සයනයෙන් ඇද වැටේවි.” :- PCR

෴ සමාප්තයි…෴ 

ආයු -බෝ -වේවා !!!

 

The Mentalist (2008) on IMDb

 

 

161 MB කොපිය මෙතනින් බාගන්න

7B6FEA6EA30728A2E1BE17E5B8EF3E0B5AA0580F

425 MB කොපිය මෙතනින් බාගන්න

B7D324F674562320C3F9414235BAE94379247847 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,136 downloadsDownload The-Mentalist-7x12-13.-baiscopelk.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        END.

Subtitles

2,136 downloadsDownload Subtitles109 KB

106 comments

  1. R

    adooooooooooooo adin kthwa iwrada. :( (athramn nkra digtma dunnata thnks mchn)

  2. peththa

    thnks mcho.... tv series eka baluwe ubata pin sidda wenna thma... jaya wewa.......

  3. dila

    ela ela
    thnx mchn

  4. Amila

    ගොඩක් ඉස්තුති සහෝ මේකේ sup එක දිගටම දුන්නට ජය වේවා !!

  5. R.D

    අයියෝ මේක ඉවරයි කිවුවම දුකත් හිතෙනවා.මන් ආසම tv series එකක් තමයි මේක.මේ කතාවේ රසවත් බව වැඩි උනේ ඔයාගේ සබ් එක නිසාම තමයි.ගොඩක් පින් සහෝ....ඉදිරියටත් වැඩි වැඩියෙන් සබ් කරන්ඩ ශක්තිය දෛර්ය ලැබේවා.............
    බොහෝම ස්තුතියි .

  6. ns

    බොහොම ස්තුතියි…

    The Musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ පුලුවන්නම්…
    දැන් කොටස් 6 විතර ගිහිල්ලා….

  7. Kasun Widusha

    අයියෝ...........මේක ඉවරයිද? මේ වාගෙ දිග series එකක ඉවර කර කියන්නෙ අත්තටම උබ වැඩකරයෙක් මචෝ.........tnx අපි වෙනුවෙන් ඔයාගෙ වටින කාලය කැප කරල කරපු මෙදේට..............ආයේ අලුත් series එකක් අරන් එන් නැද්ද?හැබැයි මේ වාගෙ long series එකක් තමයි අපිට ඕනෙ...........ජය වේවා සහො.......

    1. Kasun Widusha

      Fringe tv series එකට sub කරමුකො සහො ඉවර වෙන්ඩම ඇවිල්ල තියෙන්නෙ..season 5 ක් තියෙනවා

  8. නලින් පෙරේරා

    එළ එළ ප්‍රණිත් සහෝ

    ජය වේවා!

  9. ලසා

    මීට කලින් එකම වතාවයි කතාවක් ඉවර උනා කියලා දුකක් දැණුනේ.
    ඒ ප්‍රිසන් බ්‍රේක් කතා මාලාව.ඊගාවට මේක තමයි.
    සබ් එක පරක්කු වෙනකොට වෙන ඒවයි නම් කඩ්ඩෙන්ම කාගෙන බැලුවා, ඒත් සබ් එකේ තිබ්බ ආතල් එක හන්දා මේකෙ නම් ඔක්කොම සබ් එක්කම තමයි බැලුවේ.
    එළ. බොහොම ස්තූතියි.තව මේ වගේ වැඩකට අත ගහමු නේහ්? ;)

    1. Hiran S. Amarasinghe

      Man kiyanna oni welaa thibunu adahasama Lasa bro kiyala thiyenawa... A adahasa nam aththama thamai....

  10. දුලාජ් නලින්ක

    සහො, කියන්න වචන නෑ ..බොහෝම ස්තූතියි බොහෝම පින්..සබ් දෙන එක නවත්වන්න එපා..
    තව එකකට සබ් දෙන්න පටන් ගන්න..නැවතත් බොහෝම ස්තූතියි..
    (මට නම් ටිකක් දුකයි..tv series එක ඉවර හින්දා..)

  11. Dharshana....

    Thanks saho...

  12. gayan

    සහො, කියන්න වචන නෑ ..බොහෝම ස්තූතියි බොහෝම පින්..සබ් දෙන එක නවත්වන්න එපා..

    එළ එළ ප්‍රණිත් සහෝ

    ජය වේවා!

  13. ishara

    thnkz mcn

  14. sajeevi

    meka mula edala ewara wenakam epa wenne nathuwa baluwa.
    oya translate karapuwath niyametama thibuna.
    meka ewara una eka gana nam dukai.
    digatama sub dunnata godak godak thanks.....

  15. VisH

    බොහොම ස්තුතියි සහොදරය.. මේ කතාමාලාව ඉවර වෙනකම් ලබා දුන්නාට : )

  16. Hasitha

    බොහොම ස්තුති . මුළු series කලින් බැලුවා දැන් ආයිත් සිංහල sub එක්ක බලවා season 4 ඉදලා.
    සිංහලෙන් sub දීපු නිසයි බැලුවේ මුලින්ම. එත් බලපු හොදම ට්ව series වලින් එකක්. Thank You වේවා

  17. weere

    patta machan.samaharak aya wage magin nawaththanne nathuwa digatama adagena giyata thanks :)

  18. sarath

    Thanks praneeth.

  19. chathu

    Thax bro .... api wenuwen me karapu deta.. api balaporoththu wenawa me wagema fun katawak ekka api hamu wei kiyala
    .... thax..... :)

  20. suranjaya_91

    සහෝ ප්‍රණීත්.........

    මම මෙන්ටලිස්ට් බලන්න ගත්තේ S01 E01 දාල තිබ්බ ලිපිය දැකල.
    මම පිස්සුවෙන් වගේ බලපු කතාවක් උනා මේක. හරිම දුකය් ඉවර උන එක ගැනනම්.

    අනිත් ඒවත් එක්ක බලනකොට මේක බලපු අය අඩු උනත් දුන්න වචනේ ඒ විදියටම
    තියාගෙන අපිව අතරමන් නොකර අවසානය දකිවා ගෙනාවට බොහොම ස්තුතිය් සහෝ.

    කිසිම වාසියක් නැතිව, Comment එකකින් පමණක් සැහිමට පත්වෙලා
    කාලය, මහන්සිය අපි වෙනුවෙන් වැය කරමින් මේ කරන වැඩේට ගොඩක්ම පින්.

    The Mentalist කියනකොට ''පැට්‍රික් ජේන් '' වගේම "ප්‍රණිත් රණසිංහ" වත් අනිවාර්යෙන්ම මතක් වේවි සහෝ.

    සෑම අවසනයකම ආරම්බයකට හේතුවක් කියනවනේ.
    Mentalist වගේම හොද කතාවක් අපහු ගෙන්න සහෝ.

    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ ඉදිරියටත් ලබා දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  21. Asiri

    බොහොම ස්තුතියි. මේ tv series එකට sub දුන්නාට. අන්තිම වෙනකම් දිගටම බැලුවා. මාත් බැලුව පට්ටම tv series එකක් තමයි මේක. එළ සහෝ ජය වේවා!!!!!!!!!!!!

  22. කල්හාර ප්‍රසාද්

    බොහොම ස්තුතියි සහෝ! මං මේ කතාව පළවෙනි කොටසේ ඉඳන් එකක් නෑර සීසන් 7ම බැලුවේ ඔයාගෙ සබ් දීම නිසා. සමාවෙන්න ඕනෙ කොටසින් කොටසට කොමෙන්ටුවක් දාන්න බැරි උනාට. අගේ කරන්න වටිනා වැඩක් ඔයා කලේ. මෙහෙම සබ් හදනවා කියන්නෙ ඉතිං ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. වෙලාවක් තියේනම් තවත් අලුත් ටීවී සීරියස් එකක් සබ් කරලා අරගෙන එන්න. ඔබට ජය!!!!

  23. kasun

    සමාවෙන්න ඕනෙ කොටසින් කොටසට කොමෙන්ටුවක් දාන්න බැරි උනාට
    බලපු හොදම ට්ව series වලින් එකක්. Thank You වේවා
    බොහෝම ස්තූතියි බොහෝම පින්..සබ් දෙන එක නවත්වන්න එපා..

    එළ එළ ප්‍රණිත් සහෝ

    ජය වේවා!

  24. RAVI

    බොහෝම ස්තුතියි ප්‍රණිත් සහෝ!!!!!!!!!!!!!!

    ඉදිරියටත් වැඩි වැඩියෙන් සබ් කරන්ඩ ශක්තිය දෛර්ය ලැබේවා..........

  25. ගයාන් රූකාන්ත

    බොහොමත් ස්තුතියි සහෝදරයා,පලවෙනි එපිය දීපු දවසේ ඉදන්
    බලන්න ගත්තු සිරිස් එකක්,අන්තිමට තිබ්බ හදිසිය නිසා සබ් දෙන්න කලින්
    සීසන් 6 ක් ම බලලා ඉවර කරා,සීසන් 7 ඔයාගේ සබ් එක්ක බලන්න උනේ නැ
    මොකෝ එපිය එනකම් බලාගෙන ඉන්නේ,ආපු කමන් කඩ්ඩත් එක්කම බලලා ඉවර කරනවා
    ඒ තරමට වහ වැටිලා උන්නේ මේ කතාවට,මේවැනි කථාවක් අපිට සමීප කිරීම ගැන ස්තුති වන්ත වෙනවා
    ඔන්න මේ එපිය නම් ඔයාගේ සබ් එකත් එක්ක බලන්නේ,සබට බොහොම තුති සහෝ
    තවත් මෙවැනිම සිරිස් එකකට අත ගහමු නේද..? ;) ජය වේවා!! :P :P

  26. Kulanjana Maduranga

    well done......PRANEETH saho...methuwak kalayak purawata The Mentalist api wenuwen genawata..Thankzzzzzzzzzzzzzzzzzzz……… comment adu una bawa aththa saho.me lankawa ne....comment adu una kyla kala me sewaya sahena watinawa....Great work &amp; Lot of thanks.idiriyatath me wge thawa sub karanna shakthiya labewa.jayen jaya......

    1. hasith

      thanks saho awasan wenakam metek dura genawata ubata jayen jayama wewa...

  27. හිට්මැන්

    මෙතුවක් දවසක් කට්ට කලා ..
    හැමදාම වගේ sub එකක් දෙන්න වටිනා කාලය වගේම
    හැකියව , ශක්තිය වැය කරලා
    සහෝ ඔයා කරපු මේ වැඩේ නම් පට්ට සුපිරි
    අයේ ඉතින් ඒ ගැන කියන්න වචන නැ ..
    ඉතින් ඒ හැම දේකටම ගොඩක් ස්තුට්ති
    මේ වගේ දිගටම sub කරන්න ශක්තිය දහිරිය ඔබට නොඅඩුව ලැබේව ,,
    එහෙනම් සහෝ ඔබට
    ජයවේවා. :D :D :D

  28. nayana

    supiri mchn.godak sthuthi sub valata.niyamai.

  29. yasiru

    thanks saho godaaaaaaak...............supirima tv series ekakata sub dunnata....hamadama comment nokarath oyage mahansiyata api hamadamath hadawathinma thuthi pudanawa..................................

  30. chameera

    tnx mchn godak......patta tv series 1k iwra una 1k gana dukai monva karnnada .....
    obata jaya................

  31. Akalanka

    Hamada cmt kre nam ne. Habei series eka cmplte beluwa. Thank You Verymuch mcho.........

  32. Sach

    සබට තුති සහෝ !!!!
    නියම tv සිරිස් එකක අවසානය තෙක් අපව රැගෙන පැමිණියාට හද පිරි ප්‍රණාමය !!!!!

  33. soorapappa

    බොහොමත් ස්තුතියි සහෝ
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ ඉදිරියටත් ලබා දෙන්න ශක්තිය ලැබෙවා

  34. niranji

    ane iwarath unada????ayyooo man hari asawen balapu ekama tv series eka meka....mata hamadamath cmnt karanna nam bari una.ekata sorry...kohoma unath methek dawasak apita me widiyata eka digata sub dunnata thank you very much...ane ikmanatama thawathh me wagema lassana story ekak denna.wish you all the best.....

  35. samith

    tankz machan
    balpu pattama series ekak godak pin

  36. prabhath

    thanks praneeth saho math meka ahamben bewe niyama kathawa meka mgen thawa hathara pas denek illagena beluwa eyalath oyata thanks karanawa oya patta wada karayek ayeth thanks wade iwara web]naka kala maga neweththuwe ne mm godeak baya una coment adu weddi oya meka maga nawathwai kiyal ath eheme ale ne.oya karana wadath ehema karanna oyata suba anagathayk welawak thibunoth me wage lassana kathawak karanna api wenuwen ayeth goodaaak sthuthi

  37. Prasanna Sampath

    බොහෝම ස්තුතියි මම බලපු කතා වලින් හොඳම කතාවක් තම මේක, හැම කොටසක් ගානෙම comment එකක් දාන්න නම් බැරිඋනා.
    නැවතත් බොහෝම ස්තුති.

  38. Hitha honda kolla

    thnks machan මේ සීරියස් එක තමා එක කොටසක් නෑර මං බැලුවේ ඉවර වෙනකම්.
    උඹ සබ දුන්නේ නැත්නම් මෙහෙම පට්ට සීරියස් එකක් හම්බ වෙන්නේ නෑ..
    සුපිරියි තැන්කු වේවා.
    මේ වගේම සුපිරි ටීවී සිරිස් එකක් ඉක්මනටම හොයාගෙන සබ දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එකෙන්ම

  39. රොයිලි

    මචං මට උඹව මතක තියෙන්නෙ කාරණා දෙකක් නිසා. එකක් තමා මේ කතාමාලාවට මාව ඇබ්බැහි කරපු කෙනා විදියට. අනික තමා මේක ප්‍රතිචාර ගැන නොහිතා දිගටම දීපු හින්දා (එහෙම කරන්න කොච්චරනම් හිතක් තියෙන්න ඕනද කියලා මම හොඳටම දන්නවා. :) ) උඹේ ලිපි හා උපසිරැසි නොවෙන්න මම මේක නොබලන්න ඉඩ තිබ්බා. එහෙම වුණානම් වෙන්නෙ හෙනම අපරාධයක් තමා. තාම නම් මම බලන්නෙ 3 වෙනි අදියර වුණාට මම ඉතුරු ඒවත් බාගෙන ඉන්නෙ. තියෙන වෙලාවත් එක්ක මෙච්චර බලපු එකත් ලොකුම පුදුමයක් එක අතකට. පැට්‍රික් ජේන්, ලිස්බන් ඇතුලු පිරිස වගේම ප්‍රණීත් රණසිංහ කියන නමත් සදා මතකයේ රැදේවී සුපිරි වැඩකාරයෙක් විදියට. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසි වලට. ජය෴෴ :P :P

  40. sandun

    thanks mithtraya meka maga nawaththanne nathuwa apeta degatama dunnata. mama wada arela gedara enne ada yaluwa sub dala athe kiyala hethe thiyagena mama me kathawa godak asawen baluwe ayemath godak sthuthi yaluwa.

  41. Rasidu

    මෙච්චර කල් මේ ඔක්කම sub දුන්නට thanx.තැනින් තැන හිතුන වෙලාවල් වලට දෙන නැතිව දිගටම දුන්නට ගොඩක් පිං

  42. තිසර නියෝ

    නියමයි
    බොහොම ස්තූතියි සහෝ මග නතර කරන්නේ නැතුව දිගටම මේකට සබ් ලබා දුන්නාට....
    :P
    ළඟදීම යාලුවෙක්ගෙන් ලැබෙන්න තියෙන නිසා දැනටම ඔක්කම සබ් අරගත්තා..…… :)
    ඉක්මනින්ම ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. GameBox

    thanks saho sub ekata. puluwannam the office kiyana tv series eka dennako.

  44. GameBox

    ehema nathnan ''Arrested Development'' kiyana tv series eka dennako.

  45. dasun

    thanks mcn sub digatama dunnata.
    mama asama tv serious ekak meka.
    thanks.

  46. amal

    ela mchan ela uba niyamai bn digatama kathwa elatama dunna.....................########

    downloads adui kiyala kathawa nawatthuwe na ...

    annna ekaii mchan respect eka

    thnxx mchan obata digaaayu

    karaana works okkama elatama success wewa JAYA WEWAAAAA@@@@@@@@!!!!!!!!!

  47. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේතෙක් දාපු කොමෙන්ට් ටික කියවලා තමයි මගෙ කොමෙන්ට් එක දාන්නෙ.
    ඇත්තටම හොද අදහස් ටිකක් ලැබිලා තියෙනවා.
    එකට හේතුව විදිහට මම දකින්නෙ එකක් මේ කතාවේ සාර්ථකත්වය, අනික තමයි ඔයා එකක්වත් මග නොහැර මේ දක්වා කතාව සුපිරි විදිහට සබ් ටික දීම. (ඇත්තටම සුපිරි විදිහට.)
    කතාව හැමදාම බලන අයගෙන් ලැබෙන සහයෝගය අඩු උනත් මේ දක්වා ආපු එක අගය කරන්න ඔනේ.
    අන්තිමට එකම ඉල්ලිමයි තියෙන්නෙ, සබ් දෙන එක නවත්තන්න එපා.
    තවත් සුපිරි කතාවකින් මුන ගැහෙමු.
    ජය වේවා. !

  48. Hiran S. Amarasinghe

    Mee series 1 iwara unaama patta dukak danuna.. Praneeth bro ge sub nathi una nam man mee series 1 balana 1k naa.. Season 1 e episode 1 ta daapu lipiya nisa balanna patan gatta kathaawa pissuwen wage 1 digatama baluwa.. Godak thanks bro.. A wagema mathak karanna oni sub parakku nokara porondu unu widiyatama deepu bawa.. Jaya wewa bro.. Thawath rahas pareekshaka kathaawak hoyala sub denna...
    Budusaranai....!
    ☺

  49. rejith

    okkotama thanks. niyama wadak dunne. DOCTOR HOUSE MD .............ekatath sub diyan machan

  50. Hashan

    බොහෝම ස්තූතියි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.