Watch Trailer

Penny Dreadful [S02 : E01] | නැවුම් අපාය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම, ඔන්න ඉතින් කිව්ව විදියටම අපි “Penny Dreadful”, පැන්සයේ ශාපය කතා මාලාවේ දෙවෙනි කථාසමය අරගෙන ආවා. කොහොමහරි ඉතින් මේ දවස් වල අපි දෙන්නම සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. මොකද කැම්පස් වල වැඩකටයුතුත් එක්ක, ඉතින් මේ වගේ වෙලාවක නෑ බෑ නොකියා උ…

Penny Dreadful 3

ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම, ඔන්න ඉතින් කිව්ව විදියටම අපි “Penny Dreadful”, පැන්සයේ ශාපය කතා මාලාවේ දෙවෙනි කථාසමය අරගෙන ආවා. කොහොමහරි ඉතින් මේ දවස් වල අපි දෙන්නම සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. මොකද කැම්පස් වල වැඩකටයුතුත් එක්ක, ඉතින් මේ වගේ වෙලාවක නෑ බෑ නොකියා උදව් වුණ අපේ “ගයාන් ප්‍රසාද්” සහෝදරයව මුලින්ම මතක් කරන්න කැමතියි. ඇත්තටම ගයාන් සහෝ නැත්තම් අපිට මේක කරනවා කියන්නේ හීනයක්. ඒ වගේම හැමදාමත් වගේ අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝමත් බයිස්කෝප් කණ්ඩායමේ ඉන්න සාමාජිකයන් හැමෝමත් අපි මේ වෙලාවේ ගොඩාක් ආදරයෙන් මතක් කරනවා.

හරි, එහෙනම් අද කතාව පැත්තට යන්න කලින් පළවෙනි කතා මාලාවේ අවසානය ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. අඳුරු බලපෑම නිසා රෝගාතුර වූ වැනෙස්සාව බලන්න, ඩෝරියන් ග්‍රේ පැමිණෙනවා මතක ඇති. සර් මැල්කම් විශේෂ ආයුධයක් ගන්න ගිය වෙලාවේදී අහම්බෙන් වගේ මුණගැහෙනවා එව්ලින් පෝල් කියලා ගැහැණියක්ව. එහිදී සර් මැල්කම් ඇයත් එක්ක පොඩි පිළිසඳරක යෙදෙනවා. මේ එව්ලින් පෝල් කියන්නේ කව්ද? මොන වගේද? කරන්නේ මොනවද කියලා අද කථාවෙන් දැනගන්න ලැබෙයි. ඩොක්ටර් එෆ්ගේ නිර්මාණය වන කැලිබන් එයාගේ රංගශාලාවේ රැකියාවෙන් ඉවත් වෙලා යනවා. මේ අතර ක්ෂය රෝගය නිසා පීඩා වින්ද බ්‍රෝනා ක්‍රාෆ්ට් අවාසනාවන්ත විදියට මියයනවා. ඊතන්ව ගෙදර එක්කරගෙන යන්න ආපු දෙන්නට නොසෑහෙන්න ගුටිකන්න වුණා වගේම කතාව අවසානයේ වුණ සිදුවීම ඔයාලට අමතක වෙන්න විදියක් නෑ. මීනාව හොයන්න හැමෝම හිස් රංගශාලාව වෙත යනවා. එහිදී මීනාව හොයාගන්නවා වුණත් ඒ වෙද්දිත් ඔවුන් පරක්කු වැඩියි. කතාව අවසාන වුණේ වැනෙස්සා පල්ලියේ පූජකතුමාත් සමඟ කළ කතාබහෙන් අනතුරුවයි.

අද කතාව එතන ඉඳන් ගලාගෙන යනවා. කතාව පටන්ගන්නේ වැනෙස්සාට සිදුවෙන්නට යන භයානක ඉරණමක සේයාවකින්. එහිදි මොනවද වුණේ? මේ අතර චන්ඩ්ලර් හදිසියේම ලන්ඩන් නගරය අත්හැරලා දාලා යන්න තීරණය කරනවා. ඊට පස්සේ මොකද වුණේ? ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින්ට අමරණීය සහකාරියක්ව නිර්මාණය කරන්න හැකිවෙයිද? සර් මැල්කම් නැවතත් ලන්ඩන් වලට එන්නේ කුමන හේතුවක් මතද? මේ ගැන දැනගන්න වෙන්නේ ඔයාලට අද කතාව බලලම තමයි.

එහෙනම් අද ඉඳන් දෙවන කතාමාලාව දිගටම අරන් එන්න උත්සහ කරනවා. වැඩ රාජකාරි අතරේ වුණත් උපසිරසිය ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් “Penny Dreadful” කතා මාලාවත් එක්ක අද ඉඳන් නැවතත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම, දෙවන කථාවත් එක්ක ලබන සතියේ මුණගැහෙනකම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජයම වේවා…!

Penny Dreadful (2014– ) on IMDb

 

 

103 MB කොපිය මෙතනින් බාගන්න

4bb51598844c5a9330f9371b980a2e3c975b5e53

306 MB කොපිය මෙතනින් බාගන්න

c053ee9368c43bf217491131e2790310c55b59c3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,259 downloadsDownload Penny.Dreadful.S02E01.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                    All Episodes                        Next Episode >>

Subtitles

1,259 downloadsDownload Subtitles36 KB

16 comments

  1. Piumal Rathanayake

    mama 1st
    thnx bro

  2. Kasun Widusha

    ela ro,,,,,,tnx sub ekata

  3. SHEHAN

    thanka .............

  4. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!

  5. නලින්

    ස්තුතියි දෙන්නටම,

    ජය වේවා!

  6. harsha

    ස්තූතියි ඩබලටම සබ ගත්තා. තියන අනිකුත් වැඩ අතරේ වෙලාව කළමණාකරනය කරගෙන හැකි විදිහට සබ් එක දෙන්න. අතර මග නතර කරන්නේ නැතිව සබ දෙනවානම් සබත් එක්ක බලන්න රැඳිලා ඉන්නවා. ජයවේවා

  7. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සබ් එකට..
    වැඩ නිසා ටිකක් පරක්කු වෙලා සබ් දුන්නට කමක් නෑ සහෝ..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADDEP sahola..sub ekata..digatama sub demu.jaya wewa......

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. isuru

    thanks bros!

  11. ඉසු ඩිපි (Isu DP)

    දෙන්නා ආයිත් වැඩ පටන් අරන් තියෙන්නේ. හැකි විදිහට දෙමු.
    අර s01e01 එකේදි කිව්ව කතාව දෙනකම් බලන් ඉන්නවා.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම. :-D
    ජය වේවා. !

  12. Nalaka

    ela machan

  13. sajeevi

    thanks

  14. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  15. sana

    ela mchan. supiri wadak pradiya. digatama
    suba karamu

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය