19 වන සියවසේ බ්‍රිතාන්‍යය අද්භූත ප්‍රබන්ධ කතාවක් පාදක කරගනිමින් 2014 මාර්තු මාසයේ 11 වෙනිදායින් ඇරැඹූ “Penny Dreadful” කතාමාලාව ස්වකීය යක්ෂයෙකු බඳු තමාගේම අතීතය පිසාචයන්, නපුරු ආත්මයන් හා අමරණීය මෘගයන්ට වඩා බලවත් වූ සත්‍ය හා අස්වාභාවිකත්වය අතර දෙබිඩි ලෝකයක වෙසෙන මිනිසුන් පිළිබඳව ගොඩනැගුණු ඉතා ශක්ති…

19 වන සියවසේ බ්‍රිතාන්‍යය අද්භූත ප්‍රබන්ධ කතාවක් පාදක කරගනිමින් 2014 මාර්තු මාසයේ 11 වෙනිදායින් ඇරැඹූ “Penny Dreadful” කතාමාලාව ස්වකීය යක්ෂයෙකු බඳු තමාගේම අතීතය පිසාචයන්, නපුරු ආත්මයන් හා අමරණීය මෘගයන්ට වඩා බලවත් වූ සත්‍ය හා අස්වාභාවිකත්වය අතර දෙබිඩි ලෝකයක වෙසෙන මිනිසුන් පිළිබඳව ගොඩනැගුණු ඉතා ශක්තිමත් ලෙස ලියවුණු වෘතාන්තයක් වගේම අඳුරු මායාවන් සහ අවිනිශ්චිතතාවයන් පිරී පවතින එකක් විදියට හඳුන්වන්න පුළුවන්. බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත චරිත මේ සඳහා පාදක වෙලා තියනවා. ප්‍රසිද්ධ ලේඛකයෙක් වන “Oscar Wilde” ගේ “The Picture Of Dorian Gray” නම් ප්‍රබන්ධ කථාවෙන් මෙහි ප්‍රධාන චරිතය වන “ඩෝරියන් ග්‍රේ” (Reeve Carney) උපුටාගෙන තියනවා. “මීනා හාකර්” සහ “ඒබ්‍රහම් වෑන් හෙල්සින්”(රුධිර විද්‍යාඥයා), “Bram Stoker” ගේ “Dracula” යන ප්‍රබන්ධයෙන් උපුටාගෙන තියනවා. ඒවගේම “ඩොක්ටර් වික්ටර් ෆ්රෑන්ක්ස්ටයින්” (Harry Treadaway) සහ “මිස්ටර් ක්ලෙයාර්” (ප්‍රාණියා) යන චරිත “Mary Shelly” ගේ “Frankenstin” යන ප්‍රසිද්ධ ප්‍රබන්ධ කථාවෙන් උපුටාගෙන තියනවා.
ඒවගේම ඔයාලා හොඳාකාරවම දන්න සර් මැල්කම්, ඊතන් චන්ඩ්ලර්, බ්‍රෝනා ක්‍රාෆ්ට්, සෙම්බීන්, මිස්ටර් ලයිල්, මිසීස් පෝල්, වගේම 2015 දී “19th Satellite Awards” වල ටෙලි කතා මාලාවල දක්ෂතම නිළිය ලෙස “Best Actress- Television Series Drama” සම්මාන ගොඩකට හිමිකම් කියන වැනෙස්සා අයිව්ස් එහෙමත් නැත්තම් “Ewa Green” ගේ අති විශිෂ්ට රංගනයෙන් හැඩවැඩ ගැන්වුණු “”පැන්සයේ ශාපය” කතා මාලාව, තෙවෙනි අදියරකට මංපෙත් විවර කරලා මේ විදියට 2015 ජූලි මාසේ 05 වෙනිදා දෙවනි අදියර අවසාන වුණා.
“1891 වර්ෂයේ ලන්ඩන් වල සිද්ධ වුණ මිනීමැරුම් මාලාවක් ගැන පොලීසිය පරීක්ෂණ කරගෙන යන අතරතුරෙ කීර්තිමත් ගවේශකයෙක් වන සර් මැල්කම් වගේම වැනෙස්සා මෙය ඉතා භයානක ඉරණමක සේයාවක් කියලා දැනගන්නවා. ඒ අනුව ඔවුන්ට ඉතාම සමීප කෙනෙකුගේ අතුරුදන් වීමක් ගැන සොයා බැලීමට දක්ෂ වෙඩික්කාරයෙක් වන ඊතන් සහ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින්ගේ සහාය ගන්නවා…” මෙන්න මේ විදියට ආරම්භ වෙන “Penny Dreadful” කතා මාලාව කතාංගයන් 18ක් එක්ක ගලාගෙන ආවා.
ඉතින් ඔයාලාට අද මේ විදියට දෙවනි කතා මාලාවේ අවසාන කථාවත් අරගෙන එන්න අපිට පුළුවන් වෙලා තියනවා. කොහොමින් කොහොමහරි වැඩේ පරක්කු වෙලා හරි වෙලාව කොහෙන් හරි හොයාගෙන කරන්න ලැබුණ එක ලොකු දෙයක් වගේම කාලවේලාවේ අතපසු වීම් ගැන අපිත් එක්ක කට්ටිය අමනාපයක් අහිතක් නෑ කියලා හිතනවා. මොකද කැම්පස් වල අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක මටයි ඉසුරු සහෝටයි උපසිරසිය කරන්න වෙලාව හොයාගන්නවා කියන්නේ ලොකුම කාරණාවක් නිසා. ඒවගේම කියන්න ඕනි පළවෙනි කතාවෙදි වගේම දෙවනි කතා සමය අවසාන වෙනකන්ම අපිත් එක්ක හිටිය ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනි, මොකද ඔයාලා නොහිටින්න මේ උපසිරසිකරණය කියන දේ නැවතිලා ගොඩාක් කල්. ඒවගේම “මල්ලි මෙන්න මෙහෙම කතාවක් ඇවිල්ලා තියනවා කරමුද…?” කියලා අපිට මේ වැඩේ කරන්න කියලා දෙපාරක් නොහිතා කියපු “සමීර කරුණාරත්න” අයියා ගොඩාක් ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඒවගේම අපේ බයිස්කෝප් කණ්ඩායමේ සියලුම දෙනාවම මේ වෙලාවෙ මතක් කරනවා.
හරි එහෙනම් වැඩි කතාවල් පැත්තකට දාලා ගියසතියේ කතාව පැත්තට යමුකෝ. කතාව ආරම්භ වුණේ ඊතන්ගේ පරණ යාළුවා, වැනෙස්සා සමඟ සැඟවී සිටි මයාකාරියගේ ගෙදරට පැමිණීමෙන් පසුවයි. කොහොමහරි ඔහුට වැඩි වෙලාවක් ජීවත් වෙලා ඉන්න ලැබුණේ නෑ. ඊටපස්සේ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් එනවා ලන්ඩන් වල ආරංචියක් අරගෙන. ඒ තමයි සර් මැල්කම් කරදරේක වැටිලා ඉන්නවා කියලා. මේ හේතුව නිසා ඊතන්, වැනෙස්සා සහ ඩොක්ටර් නැවත ලන්ඩන් බලා පිටත් වෙනවා. ලන්ඩන් වලට එනකොටම ඔවුන්ට ඉන්ස්පෙක්ටර් රස්ක් මුණගැහෙනවා. ඒවගේම ලිලී යනවා ඩෝරියන්ගේ ගෙදර. එහෙදි වුණ සිදුවීම් ඔයාලට මතක ඇතිනේ. මම කලින් කතාංගයක කිව්වා වගේම ඩෝරියන් ග්‍රේ සම්බන්ධ වැදගත් සිදුවීමකින් කථාවේ අවසානය සිද්ධ වෙයි කියලා කිව්වා.
මේ අතරේ මිස්ටර් ක්ලෙයාර්ව සිරකරලා දානවා මිසීස් පට්නි සහ ඔහුගේ ස්වාමියා විසින්. අද ඒකට හේතුවත් දැනගන්න පුළුවන් වෙයි ඔයාලට. මේ අතරේ සර් මැල්කම්, මිසීස් පෝල්ගේ මන්දිරයේ ලොකු කරදරයකට මුහුණ දීලා ඉන්න අතරේ වැනෙස්සා තනියම සර් මැල්කම් බේරගන්න අදහසින් මිසීස් පෝල්ගේ මන්දිරය වෙත යනවා. මිසීස් පෝල් ඇයව මේ අවස්ථාවේ බලාපොරොත්තුවෙන් සිටි බවක් අපිට දැකගන්න පුළුවන් වුණා. සර් මැල්කම් සහ වැනෙස්සාව බේරාගැනීම සඳහා සෙම්බීන්, ඊතන්, ඩොක්ටර් වගේම මිස්ටර් ලයිල් ද එකතු වෙනවා. මේ අවස්ථාවේ ඊතන්ගේ වෙනස් වීම මත සෙම්බීන්ගේ අවාසනාවන්ත නික්මයාම සිද්ධ වෙනවා ඔයාලා දකින්න ඇති. ඒ වගේම කතාංගයේ අවසානය සිද්ධ වෙන ආකාරය ගැන ඔයාලට කුතුහලයක් ඇතිවෙන්න ඇති, ඒවගේම අද කථාවෙන් ඒ ගැන වැඩි විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි.
අද කථාවට යමු. ගියසතියේ අවසානය මේ සතියේ ආරම්භය වෙනවා. මේ අතර සර් මැල්කම් වගේම ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් ද තම අතීත ගුප්ත අභිරහස් සිදුවීම් හමුවේ අසරණ වෙන හැටි ඔයාලට අද කථාවෙන් බලාගන්න පුළුවන් වෙයි. ඒවගේම වැනෙස්සාගේ ජිවිතයේ ලොකුම බලාපොරොත්තුව මොකක් වෙයිද? මිසීස් පෝල්ගේ වගේම ඇයගේ ස්වාමියාගේ අවසානය කුමක් වෙයිද? හෙකටී තම මවගේ උරුමය අරගනීද? ලිලී, ඩෝරියන් සහ ඩොක්ටර්ගේ ගැටුම? මිසීස් පෝල්ගේ මන්දිරයේ ගැටුමෙන් පසු ඊතන්ට මොකද වුණේ? මිස්ටර් ක්ලෙයාර් සැනසීමක් හොයාගනීවිද? වැනෙස්සා, ඊතන්ගෙන් ඉල්ලන ඉල්ලීම් මොනවද? කතාව අවසානයේ ඊතන් කුමන තීරණයක් අරගනීද? මේ හැම දේකටම උත්තර ඔයාලට කතාව බලලා හොයාගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.
එහෙනම්… දින වකවානු තවම තීරණය වී නැති වුණත් “Penny Dreadful” කතා මාලාවෙ තෙවනි සමය ලබන අවුරුද්දේ දී අපිට බලාගන්න පුළුවන් වෙයි. ඒ වෙනකොට පුළුවන් වුණොත් උපසිරසිය කරන්න බලාපොරොත්තුවකුත් තියනවා…කොහොම වෙයිද දන්නේ නෑනේ ඉතින්, ඒ වගේම තව කියන්න දෙයක් තියනවා. හැමදාම වගේ අමතක නොකර කමෙන්ට් එකක් දාලා අපිට ගොඩාක් ලොකු සහයෝගයක් දුන්න අපේ සහෝලා හැමෝම ආදරයෙන් මතක් කරන්න ඕනි. මොකද කලින් කිව්වා වගේම ඔයාලා නැත්තම් අද අපි මෙතන නෑ. හරි, අදත් කතා මාලාව ගැන, අපි ගැන මේ හැමදේම ගැන කියලා පොඩි කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අදත් “පැන්සයේ ශාපය” කතා මාලාවේ අවසාන කතාංගයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම, තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන් ගිහින් එනකන් හැමෝටම ජයෙන් ජයම වේවා…!
♪මගේ ළය සීතලයි හරියට මැටි ගොඩක් වගේ ♪
♪මගේ හුස්ම දැඩි ලෙස පහතට වැටිලා ♪
♪ඔයා මගේ සීතල මැටි ගොඩක් වෙලා තියන තොල් සිපගත්තොත් ♪
♪ඔයාගේ දවස්, ඒවා දිගු නොවේවි ♪
♪කොහොමද අර සොහොන්කොත හැමදාම තියෙන්නේ, පෙම්බරයාණෙනි ♪
♪මොකද අපි ඇවිදින්න යන්නේ නැත්තේ ♪
♪ මම දැක්ක ඒ අලංකාර මලේ ♪
♪නටුව මලානික වෙලාවත්ද ♪
♪කවද්ද අපි ආයෙත් මුණගැහෙන්නේ, පෙම්බරයෝ? ♪
♪කවද්ද අපි ආයෙත් මුණගැහෙන්නේ? ♪
♪කවදද සරත් කාලයේ ගස් හැරදා කොළ ඇදගෙන වැටුණේ ♪
♪වසත් කාලය සහ හරිත වර්ණයන් ආයිත් නැග ඒවිද…♪
b04eac149acd41ad9e4a1b81e508876b51d5fce0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
791 downloadsDownload 201507132107baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles
13 comments
සුපුන් බුද්ධික
harsha
තවත් පට්ට කතාවක අවසානය. නොකඩවා මේක අරගෙන ආවාට ගොඩක් ස්තූතියි ඩබලටම. ජයවේවා
ඉසුරු දිල්ශාන්
සබට ගොඩක් ස්තූතියි සහෝලා!
එහෙනම් දැන් මේකත් ඉවරයි.
තව කතාමාලාවක් කරමු වෙලාවක් ලැබුනොත්.
ජයවේවා!රයන් ද සිල්වා
sub ekata thanks sahola....
s03 nawatha hamu wemu..
jaya wewa..නලින්
ස්තුතියි සහෝලා දෙන්නටම!
සැහෙන්න මහාන්සි වෙලා තියෙන පාටයි
ජය වේවා!
Rasidu
නියමයි...........sub එකට thanx..
දිගටම මේක දුන්නට ස්තුතියි...
තව සුපිරි කතා මාලාවකින් හමුවෙමු.
පුලුවන්නම් Scream tv series එකට sub දෙන්නකෝ කව්රුහරි....................Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
උබලා දෙන්නට thakns sub දුන්නට. පරක්කු වුනත් වැඩේ ඉවර කරානේ.
මේ වගේ සුපිරි tv series එකක් ආයෙත් දෙන්න.
ජය වේවා
බුදු සරණයි !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Elderman
Thankz wewaa
tian
thanx sub akata bro. "Strain" season 2 aketh sub diyan.
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. දිගටම මේක දුන්න එකටත් බොහොම ස්තූතියි. ජය෴෴ :P :P
Gayan chinthaka
aeththatama age karanawa oyalage wede mama ada thama meka balala iwara karanne mula idanma beluwa santhosi oyalage kalayaweyakarala karana mede gena suba pathanawa oyala okkotama.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එහෙනම් එකත් ඉවරයි..
සබ් දෙන්න ටිකක් පරක්කු උනාට මඟ නතර
කරන්නේ නැතුව දිගටම කරගෙන ගිය එක වටිනවා..
මොකද මේක සබ් නැතුව මමනම් බලුවේ නෑ..
ගොඩක් අඟය කරනවා මේ කරන මෙහෙවර..
සහෝලා දෙන්නටම ගොඩක් ස්තූතියි...
තවත් කාතා මලාවකින් හමු වෙමු..
මේකේ සීසන් 3 එනකම්..
ජය වේවා !!!