Watch Trailer

Penny Dreadful [S03 : E04] with Sinhala Subtitles | විරල දෙයට ඇති වටිනාකම…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, වෙනදා වගේම අදත් මෙන්න Penny Dreadful කතා මාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ගිය සතියේ කොටස බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන අද කතාවට යමු. ඊතන් සහ හෙකටී කාන්තාරය ඔස්සේ පලායනවා. වැනේසා සුපුරුදු විදියට ඇයගේ හමුවීම් වලට යනවා. වික්ටර් සහ ජේකිල් ඔවුන්ගේ පරීක්ෂණ ඉ…

හරි, වෙනදා වගේම අදත් මෙන්න Penny Dreadful කතා මාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ගිය සතියේ කොටස බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන අද කතාවට යමු. ඊතන් සහ හෙකටී කාන්තාරය ඔස්සේ පලායනවා. වැනේසා සුපුරුදු විදියට ඇයගේ හමුවීම් වලට යනවා. වික්ටර් සහ ජේකිල් ඔවුන්ගේ පරීක්ෂණ ඉදිරියට කරගෙන යනවා. සර් මැල්කම් සහ කයිටනේ ඇමරිකාව බලා පැමිණෙනවා සහ ඔවුන් ඊතන් ගිය මඟ ලුහුබඳිනවා. ඉන්ස්පෙක්ටර් රස්ක් සහ මාර්ෂල් ඇතුළු පිරිස ද ඊතන් සහ හෙකටිව ලුහුබඳිනවා. ඒත් ඔවුන්ට ඊතන්ව අල්ලගන්න බැරිවෙනවා. ඒවගේම කියන්න ඕනි කොහෙන්ද මන්දා කැරකිලා මිස්ටර් ක්ලෙයාර් නැවත ඇවිල්ලා. එයාගේ අතීත සිදුවීම් ටිකකුත් සිදුවෙනවා. ඒ අතරවාරයේ වැනේසා සහ ඩොක්ටර් ස්වීට් අපේ “ආචාර්‍ය ඩ්‍රැකියුලා මහත්තයා” යනවා සැනකෙළියක් බලන්න. එහිදී වැනේසාට අඳුරු බලවේග වලට මුහුණ දෙන්න වෙනවා. තවමත් අතීත සිදුවීම් ඇය පසුපස පැමිණෙන බවට ඇයට වැටහෙනවා. ඊටපස්සේ ඩොක්ටර් ස්වීට් සහ වැනේසා අතර තිබුණ සම්බන්ධය නැතිවෙනවා. අපේ ඩ්‍රැකියුලා මහත්තයාට පස්සේ මළ පනිනවනේ එයාගේ සම්බන්ධය කැඩුවා කියලා පිරිසත් එක්ක. අවසානයේ දි ඩොක්ටර් සුවර්ඩ් ගේ ඉල්ලීම මත වැනේසා මෝහණ ප්‍රතිකාරය සඳහා යොමු වෙනවා.

එහෙනම් අද කතාව මෙන්න. වැනේසා ඇයගේ අතීත සිදුවීම් හමුවේ මුහුණ දෙන ආකාරය මොනවගේද කියලා අද කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් අදත් ඔයාලට කතාව බලන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම හැමදාම වගේ අමතක නොකර  කීප දෙනෙක් හරි කමෙන්ට් එකක් දාලා යනවා. ඒ අයට ගොඩාක් ස්තූතියි කියන ගමන් ලබන සතියේ කතාවත් එක්ක මුණගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා.

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

  HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

589 downloadsDownload Penny-Dreadful-S03-E04.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රදීප් මධුසංඛ

Subtitles

589 downloadsDownload Subtitles79 KB

10 comments

  1. Rajitha

    Thanks machan.......jayawewa......!

  2. චාරු

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. lahiru

    thanks...

  4. RY

    Hash Tag

    CCC6D30015C7F30D0C86C96EE27EFB0AB4BEEA6E

  5. Gayan Chinthaka

    ela kiri mama bala bala hitapu aekak meke torrent file aekth puluwannam danna kohoma unath ela

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. roshan

    tnaxxxxxxxxxxxxxxxxx bro

  9. Vipula Sanjaya

    ThankZ Bro...!!!

  10. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම ස්තූතියි සහෝ.............