Watch Trailer

Penny Dreadful [S03 : E05] with Sinhala Subtitles | ජීවිතයක් නැති ජීවිතයක්…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ටික දවසක් පරක්කු වෙලා හරි ඔයාලට පස්වෙනි කතාංගය අරගෙන ආවා. මේ දවස් වල කැම්පස් එකේ වැඩ ගොඩගැහිලා නිසා හරියට කාලය හොයාගන්න ටිකක් අමාරුයි මේ වැඩ වලට. ඉතින් කොහොමහරි මම ඔයාලට උපසිරසිය අරගෙන ආවා. වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ගිය සතියේ කතාව ටිකක් අමුතුයි…

ඉතින් ටික දවසක් පරක්කු වෙලා හරි ඔයාලට පස්වෙනි කතාංගය අරගෙන ආවා. මේ දවස් වල කැම්පස් එකේ වැඩ ගොඩගැහිලා නිසා හරියට කාලය හොයාගන්න ටිකක් අමාරුයි මේ වැඩ වලට. ඉතින් කොහොමහරි මම ඔයාලට උපසිරසිය අරගෙන ආවා. වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ගිය සතියේ කතාව ටිකක් අමුතුයි නේද කට්ටියට එපා වුනාද දන්නේ නෑ. මිස් අයිවුස් වෙනදා වගේම මෝහන ප්‍රතිකාරය සඳහා පැමිණියා. ඊටපස්සේ වැනේසාගේ අතීත සිදුවීම් අතර ධවල කාමරයේ ඇයට අත්විඳින්නට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගලාගෙන යනවා. මේකෙදි වැනේසා මෝහනයේ ගැඹුරටම යනවා ඔයාලා දකින්න ඇති. ඒවගේම ඇයගේ ආවතේව කාරයා විදියට එන්නේ අපිට හුරුපුරුදු මූණක්. ආවතේව කාරයාගේ හොඳ සහ නරක පැතිකඩයන් අනුව වැනේසාට ස්වාමියාගේ බලපෑමට යටත් වෙන්න වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ සිතේ පවතින ස්වරූපයන් දෙකක පවතින ගැටීම් තමයි මේකෙන් විස්තර වෙන්නේ. ඒවගේම ලුසිෆර්ගේ බලපෑමට වැනේසා යටත් වෙන්නේ නෑ. මේ සියළු සිදුවීම් අවසානයේ ඇයට ලුසිෆර් විදියට බලපෑම් කරන්නේ ඩ්‍රැකියුලා කියලා දැනගන්නවා. 

එහෙනම් අද කතාව මෙන්න. කයිටනේ සහ පිරිස තවදුරටත් ලුහුබැඳීම කරගෙන යයිද? ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් සහ ජේකිල් ගේ පරීක්ෂණ ප්‍රතිඵල සාර්ථක වෙයිද? ඊතන්ට කාන්තාරය ජයගන්න පුලුවන් වෙයිද? අවසානයේ ඊතන්ට මුණගැහෙන විශේෂ පුදගලයින් දෙදෙනා කවුද? හරි, එහෙනම් ඔයාලා හැමෝටම  අද කතාවත් බලන්න ආරාධනා කරනවා. ඒවගේම කියන්න ඕනි මීටපස්සේ කොටස් ටික මට වෙලාවටම දෙන්න බැරිවෙයි. ඒත් පුලුවන් ඉක්මනින්ම දෙන්න බලන්නම්. එහෙනම් අදට මම සමුගන්නවා. ලබන සතියේ මුණගැහෙනකන් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා…!

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

  HD පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

584 downloadsDownload Penny-Dreadful-S03-E05.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

584 downloadsDownload Subtitles79 KB

14 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. harsha

    ස්තූතියි සබ් එකට. පොඩ්ඩක් පරක්කු උනාට එහෙමට අවුලක් නෑ සහෝ. අධ්‍යාපන කටයුතුවල්ට මුල් තැන දීලා ලැබෙන විදිහට මේවා කරන්න. අපිට උනත් සබ් එක ලැබුන ගමන්ම බලන්න වෙන්නේ නෑ. සමහර විට දවස් කීපයක්ට පස්සේ තමයි බලන්නේ. ඔන්න එහෙනම් බාගන්නවා ජය වේවා

  4. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Thisara Akalanka

    Saho link eka nedda ??

    1. RY

      1DFBCAF6358BD4FAD4972025BECEF97709465DD5

      Menna hash tag eka

  6. shehan randika jayathunga

    thanks broo niyamai

  7. Dinesh Sapumal

    Thanks Saho Sub Ekata.

  8. Muditha Praboth

    Thanx bro.............
    The Vampire Diaries eke season 2 idan sub dannako..............

  9. Rajitha

    Thank you machan.....jayawewa.....!

  10. mahesh priyankara

    kohomada download karanne.
    torent link eka danna puluwanda katahari plz.

  11. Vipula Sanjaya

    Thankz Bro...!!!

  12. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම ස්තූතියි සහෝ.............

  13. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra