ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ. අනික් එක දැන්නම් මට මේ සබ් හ…

ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ. අනික් එක දැන්නම් මට මේ සබ් හදන වැඩේ හරි කම්මැලි වැඩක් වෙලා, පටන් ගන්න එකක්වත් ඉවර කරන්ඩ හිත දෙන්නෙ නෑ නෙවැ. හ්ම්හ්… ඒකෙන් කමක් නෑ. ඒවයෙන් ඇති වැඩක් නෑ.
එහෙනම් අපි බලමු මේ ඩයිනොසෝර වාර්තා වැඩසටහනේ මේ ගෙනෙන පස්වන කොටසින් හෙළි දරව් කරන කෙනා කවුද කියලා. මෙහෙම කියමු. ගිය කොටසෙ හිටියා මුහුදේ උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. මුල්ම කොටසෙ උන්නා ගොඩබිම උන්නු දැවැන්තම මාංශ-භක්ෂකයා. නමුත් ඒ දැවැන්තයො කවුරුවත් මෙයාට සම කරන්ඩවත් බෑ. තමන්ගෙ පරාසයෙදි, පරිසරයෙදි ඒ අය දැවැන්තයො වුණාට මෙයා ගාව තිබ්බහම ඒ අයත් කුරුමිට්ටො. මෙයා කිව්වට එක්කෙනෙක් නෙමෙයි -ඒ කිව්වෙ එක වර්ගයක් නෙමෙයි-. මෙතෙක් මේ ලෝක ධාතුවේ පියවර එසවුවා යැයි අප දන්නා ලොකුම සත්ත්වයන් තමයි මේ. එක්කෙනෙක් හිටියෙ වසර මිලියන 95කට පෙර දකුණු ඇමෙරිකාවෙ, අනික් කෙනා ඒ කාලෙම අප්‍රිකාවෙ. මේ දෙන්නගෙන් ලොකු අයියා ආජන්ටීනොසෝරස් ටොන් 75යි. මීටර 35යි. පොඩි අයියා පැරැලිටයිටන් ටොන් 45යි. දිග අර තරම්ම වගේ. හැබැයි මේ අය කොළ විතරක්ම කන අය.
එහෙමනම් මේ පාරත් ප්‍රශ්න ගොඩයි. මේ අය මෙච්චර ලොකු වුණේ කොහොමද? කොළ විතරක්ම කාලා මෙච්චර ලොකු වෙන්න තරම් පෝෂණයක් ලබා ගත්තේ කොහොමද? මේ අයගේ ආහාර පුරුදු මොනවද? මේ අයට සතුරෝ හිටියද? විලෝපිකයන් එක්ක තිබුණෙ කොයි වගේ ගනුදෙනුවක්ද? අනික අවුරුදු 40ක් පුරා වැඩෙනකොට වර්ගයාගේ පැවැත්ම රැක ගත්තේ කොහොමද? ඒ විතරක්ද; මේ අය තවත් සතුන්ගෙ මිනීවළ හෑරුවේ කොහොමද? කිව යුතුම දේ. ඕනෑම තැනක; මහත් දැවැන්ත ශාකාහාරකයෙකු හමු වූ විටක, ඒ අසලම ඔවුනට මරණ බිය කැන්දූ මාංශාහාරකයෙකුද හමුවුණා. මෙතැනත් කිසිදු වෙනසක් නෑ. කොතරම් සද්දන්තයෙක් වුවත් ඔවුනගෙන් බේරුණේ නෑ.
එහෙමනම් ඉතුරු කොටසත් එක්ක මේ වාරෙ ඉවරයි. දැන් එහෙමනම් මං ඊළඟට දෙන්නෙ මොකද්ද කියන එක ගැනත් හිතලා බලන්ඩ වෙනවා… මොකද්ද හැබෑට. බලමු අපි එහෙනම්. ඉස්සරහට හොඳ අදහසක් හිතට එයි. එහෙමනම් ලබන කොටසින් ආයි හම්බෙමු!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,323 downloadsDownload BBC.Planet.Dinosaur.5of6.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
39 comments
samaith4
ccnp
Thanks
DARSHANA
MAMA 3
Isuru
maru story akak watinawa
yasomal
maxxa macho UDA
was
මමත් ගන්නවා බොහොම පින් මේ වගේ වැදගත් එකක් දුන්න ඒකට
“චූටී මල්ලි”
elazzzzzzzzzz ne
උදාර
අනගි කතාවක් වටිනා කියන
පින් වේවා උදා
chamath cafe
සුපිරි මචෝ
geeth
maxxxama maxxxa sup[iri
tharanga
මමත් ගන්නවා මේක බලං ඉන්න ආස පාඩමක් :)
ositha
ela ela ela Thanxxxxxx
chethiya
නියමයි බොහෝමත්ම ස්තුතියි
driftkingdj
niyamai sahoo.... thanx
katha kolla
ela machooooooooooo
Harsha Lahiru
බොහෝම ස්තුතියි උදා සහො ඊලග එකත් මේ වගේම කොර වෙන්න දෙන්න
Thisan
thx machan
නාමල්
mama godak asayi me wage ewata uda puluwan vidiyakata meka iwara wenakalma sub denna balanna nawathwanna nam epa
mudiya / මුදියා
නියමයි උදා.ඊයෙ තමයි කලින් කොටස බැලුවෙ.මේ සෙට් එක බලද්දි වෙන කිසිම වැඩකට හිත යොමු වෙන්නෙ නෑ.එච්චර ආසාවෙන් තමයි බලන්නෙ.සුපිරි වැඩක් තමයි ඔයා කරන්නෙ.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!
දිෂාන්
නියමයි නියමයි සහෝ අනික් කොටසත් ඉක්මනට දෙන්න ප්ලීස්
Amil
නියමයි සහෝ... මම බලාගෙන හිටියේ ඊලග කොටස දානකම්. මේක නම් නියමයි. මේ වගේ වාර්ථා වැඩසටහන් තවතවත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙන්න ඔන. ඇත්තටම මේ වැඩසටහන් පෙල බොහෝමත්ම ලොකු දැනුමක් ඩයිනෝසරයන් ගැන ලබා ගන්න පුළුවන් උනා.
shani
thanks...
ගයාන් තාරක
බොහොම ස්තූතියි මචන්.. නියම වැඩක් ඔයා කරගෙන යන්නේ.. ජයවේවා..
කේ.යු.ජී.උදාර
කම්මැලිවෙන්න එපා කොල්ලො.
අපි ඉන්නව කමෙන්ට් එකකින් සප් එක දෙන්න.
වැඩේ දිගට ම කරගෙන යමු.
දුන්නු සිංහල සබට බොහොමත් ම තුති.......pubudusupun
බොහෝම ස්තුතියි සහෝ. මේක ඇත්තටම ලස්සන වැඩසටහනක් :D ඒ වගේම සහෝ සබ් දාන වැඩේ නම් කීයටවත් නතර කරන්න එපා. ඉස්සරහට තවත් හොඳ වැඩසටහනක් අරගෙන එන්න බලන්න. ජයෙන් ජය :D :D
ravi
wada naa meka.......
mohan
machan meka episode 6 n iwarada??
දිනිඳු සම්පත්
මේ කතා මාලාව අපේ පොඩි එවුන්ටත් හරිම වැදගත්.. මට තාම එකක්වත් බලන්න උනේ නැහැ කාලවේලාවේ ගැටළු නිසා. මොනව උනත් ඉඩක් ලැබුන ගමන් සෙට් එකම එකට බලන්න ඕන.. බොහොම ස්තූතියි උදා සහෝ.. ජයවේවා!!
රාම් රාජ්
ස්තූතියි උදා.දිගටම කරගෙන යන්න.
Uraj Deemantha
මේ මේ..... කම්මැලිකම පැත්තකින් තියලා, බයිස්කෝප් කට්ටියට, සිංහල සබ් දුන්නොත් හොදා..... :D :P
THARAKA
THANKS MACHAO...........
dimuthu තරංග ඉලුක්කුඹුර
සමහර වෙලාවට මටත් සබ් දැමිල්ල එපා වෙනවා.කොමන්ට් අඩුවෙනකොට හරවත් දෙයක් නොබලා කිසිම වැඩක් නැති දේවල් තමයි දැන් කට්ටිය බලන්න කැමති .අපේ අයගේ බුද්ධිය මොට්ට වෙලා කියලයි මට හිතෙන්නේ.කොහොම උනත් මේ වගේ වැදගත් දේවල් බලන්නත් කිහිප දෙනෙක් හෝ ඉන්න නිසා එයාල වෙනුවෙන් මෙවැනි නිර්මාණ අරන් එන්න.ඉක්මනින්ම මේකේ අවසන් එකත් දෙන්න උදා සහෝ .ජයවේවා
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. පලවෙනි හතරනම් බාගත්තා. ඉතුරු ටික ලබන මාසේ අග තමා. :( සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P
nuwan
hondama wadak
2 awoth ekath denna onaa....Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Tharindu
Thanx shaho..!!!
වරුණ රංගජිත් (වරූ)
මම ආසම වාර්තා වැඩසටහනක්..
සුපිරි සබ්..
ජයම වෙවා...ricadodamien
Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta Thanks