Watch Trailer

Planet Dinosaur [S01 : E04] Sinhala Subtitles | ජීවිත අරගලය [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් සති දෙකක් තිස්සේ ඔන්න මේ වාර්තා වැඩසටහන, සතියකට කොටස් දෙක බැගින් අරගෙන ඇවිදිං මේ දෙවෙනි සතියෙ දෙන දෙවෙනි කොටස. මේක වැඩසටහනේ හතර වෙනි කොටස. මම හිතනවා මීට කලින් දීපු කොටස් සියල්ල ඔබ නරඹන්නට ඇතැයි කියලා. ඉතිං මේ දැවැන්තයින් ගැන මෙතෙක් ඔබ නොදත් කරුණු රාශියක් මේ ඔස්සේ දැනගත්තා නම් ඒක තමයි මගෙත්…

එහෙමනම් සති දෙකක් තිස්සේ ඔන්න මේ වාර්තා වැඩසටහන, සතියකට කොටස් දෙක බැගින් අරගෙන ඇවිදිං මේ දෙවෙනි සතියෙ දෙන දෙවෙනි කොටස. මේක වැඩසටහනේ හතර වෙනි කොටස. මම හිතනවා මීට කලින් දීපු කොටස් සියල්ල ඔබ නරඹන්නට ඇතැයි කියලා. ඉතිං මේ දැවැන්තයින් ගැන මෙතෙක් ඔබ නොදත් කරුණු රාශියක් මේ ඔස්සේ දැනගත්තා නම් ඒක තමයි මගෙත් සතුට. එහෙමනම් අපි බලමු මේ අද කොටසේ මොනවද තියෙන්නේ කියලා.

මෙතෙක් කොටස් වලින් හැමෙකකින්ම වගේ හෙළිදරව් කළේ ගොඩබිම විසූ ඩයිනෝවන් ගැනයි. නමුත් ඒ යුගයේ මුහුදුවලත් මේ සතුන් දිවි ගෙවන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නෑ. මුහුදු ජීවීන් අද වගේම එදත් බිම්මත ජීවීන්ට වඩා විශාල වුණා. එතෙක් මෙතෙක් මුහුදු ජලයේ විසූ බිහිසුණුම සත්ත්වයා ගැන මේ කොටසින් හෙළි කෙරෙනවා. ඒ ඇරුණහම ගොඩබිම් ඩයිනොසෝරයන් දෙකොට්ඨාශයක් අතර තිබූ සහසම්බන්ධී ආරක්ෂක සම්මුතියක් ගැනත් මේ ඔස්සේ හෙළි කෙරෙනවා. අදටත් පරිසරයේ එකිනෙකට වෙනස් සත්ත්ව පිරිස් අතර ඇති සහසම්බන්ධී ගනුදෙනු ඕනෑ තරම් තිබෙනවා. එකලත් එවන් ගනුදෙනු පැවති බවට හමු වූ සාධක ඇසුරින් ඒ ආරක්ෂණ ක්‍රමෝපාය ගැනත් මේ ඔස්සේ විස්තර දිගහැරෙනවා. එසේම අමුතුම ආකාරයක ආරක්ෂිත උපක්‍රමයක් සහිත සත්ත්වයෙකු අද කොටසින් ඔබට හඳුනා ගත හැකි වෙනවා. ඊට ඉංග්‍රිසියෙන් දී ඇති නම ‘Thagomizer’ මා ඊට සිංහලෙන් යෙදූ නම ‍’තෝමරබාව’ යනුයි. එහෙමනම් ඒ අරුම පුදුම ආයුධය සහ එය පාවිච්චි කළ ආකාරය ගැනත් එහි ප්‍රබල බව ගැනත් මෙමගින් ඔබට දැනගන්නට ලැබෙනු ඇති.

ලබන සතියේ ලබා දෙන දෙකොටසත් සමගින් මෙම වැඩසටහනේ අවසානය සනි‍ටුහන් වෙනවා. අවසානය තෙක් ඔබ මා හා ‍රැඳී සිටිවි යැයි මා බලාපොරොත්තු වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,344 downloadsDownload Planet.Dinosaur.S01E04.sinhala-sub.baiscope.lk_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදා

Subtitles

1,344 downloadsDownload Subtitles25 KB

32 comments

  1. f_live

    පට්ට මචං මේක සුපිරි

  2. ccnp

    Thanks

  3. Isuru

    patta saho :)

  4. eraNga

    elakiri Thanks LOt :)

  5. h[A]s

    වටිනා වැඩක් හැම දාම ෆිල්ම් බලලා එපා වෙලා උන්නේ මේවා නම් පට්ට :)

  6. tharanga

    සේරම කොටස් අරන් තියෙන්නේ.දැන් බලන්න විතරයි තියෙන්නේ.ජයෙන් ජය !

  7. උදාර

    නියමයි දිගටම සබ් දෙන්න

  8. venura

    patta hodey

  9. chethiya

    මේක දෙනක්න් හිටියේ නියමයි ස්තුතියි උදා අයියේ

  10. samith

    thanks

  11. පැතුම් අරෝශන වනිගසේකර

    ITN එකේ ගියපු Film දෙකක් බැලුවම මේක කියන්න හිතුනෙ

    ඒ Film වල සින්හල උප සිරසි යන්නෙ පරක්කු වෙලා නැත්නම් කලින් එක්කෝ නියමිත අර්තය නෑ

    කාලකන්නිම Channel එකක් තමා ITN එක

    පඩියට වැඩ කරන උන් රටේ ජනතාවගෙ රසවින්දනය හෑල්ලු කරනව

    ITN එක කියන්නෙ ආන්ඩුවට කඩේ යන එක විතරක් කරන රූපවාහිනී නාලිකාවක් බව ඉස්තීරයි .
    උන්ට ඕනේ ආන්ඩුවට සුදු හුනු ගාන්න විතරයි .
    ප්‍රේක්ශයකින්ට නිවැරදි රස වින්දනයක් ලබා දෙන්නවත් උවමනාවක් නෑ

    ඒ අතින් ආර්තික වාසි නැතුව බයිස්කොප් කන්ඩායම ගුනාත්මය තත්වයෙන් යුක්ත උපසිරසි ලබා දෙනව

    ඒකට ලන්කාවෙ ෆිල්ම් බලන හැමෝම ඔබලාට ණය ගැතියි ..

    1. Thisara Buddhika (තිසර නියෝ)

      u r right bro

  12. කේ.යු.ජී.උදාර

    නියමයි උදා.......
    මේක හුඟක් වටින වැඩක්.
    සිංහල සබට බොහොම ස්තූතියි...

  13. driftkingdj

    Niyamai machan Thanx

  14. katha kolla

    හැම ෆිල්ම් එකටම comment කරල උදවු කරන උදා ට comment කරන එක මට නම් සතුටක්.... thanks machooooooooo
    :D

  15. “චූටී මල්ලි”

    ela ela digatama denna machan

  16. indika perera

    නියමයි

  17. දිෂාන්

    නොඉවසිල්ලෙන් හිටියෙ දෙනකම් තෑන්ක් උදා සහෝ අනික් කොටසුත් ඉක්මනට දෙන්න
    ජය වේවා

  18. Harsha Lahiru

    බොහෝම ස්තුතියි උදා සහෝ

  19. pubudusupun

    මම ගොඩක්ම කැමති ගොඩබිම ජීවීන්ට වඩා මුහුදු ජීවින් ගැන ඉගෙන ගන්නයි. මේ කොටසත් දුන්නට බොහෝම පින් සහෝ. :D

  20. thilina

    onna man nam gatha.macn kal gattha vadi ban .enkm balagena hitiye.

  21. රාම් රාජ්

    උදාගේ තවත් වැඩක්.ස්තූතියි.

  22. uda

    @-
    thilina says:
    2013 January 8 at 1:25 pm

    සහෝ ඇත්තෙන්ම කියනවානම් මම මුල් කොටස් හතරම උපසිරැසි ගැන්වීම් හමාර කරලා එකවරමයි ඒ සියල්ලම බයිස්කෝප් අදියුරු මඩුල්ල වෙත යැව්වේ. ඇත්තෙන්ම මේ පමාවීම මාගේ ප්‍රමාදයක් නිසා වූවක් නොවෙයි. ඊට එකම හේතුව මේ පහුගිය දිනවල එක දිගටම අලුත් චිත්‍රපටවල පිටපත් නිකුත්වීම. අලුත් එකක් ආ වහාම ඒවාට වැඩි ඉඩක් වෙන්කරන්නට අදියුරු මඩුල්ල කටයුතු කරන නිසා මේ කොටස් ලබා දීම පමා කරන්නට ඇති. ඇත්තෙන්ම එය එසේ සිදු කරන්නට ඇත්තේ කාගෙ කාගෙත් යහපත පතාගෙන වෙන්නට ඇති බවයි මගේ හැගීම. මෙහි අවසන් කොටස් දෙක මේ සතිය ඇතුළත ඔබට ලැබෙන්නට මා විසින් කළ යුතු කොටස කෙරෙනවා(නමුත් එය ඔබට ලැබේවිද යන්න ඔබට පැවසීමට මට හැකියාවක් ඇත්තේ නෑ). එනිසා යම් අතපසුවීමක් සිදුවූවානම් ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. ජය!

  23. Buggy cart

    Elakiri machan. Pls DO other Episodes

  24. දිනිඳු සම්පත්

    තාම මට එක කොටසක්වත් බලන්න බැරි උනා උදා සහෝ.. ඒත් බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න. බොහොම ස්තූතියි මේ වගේ වටිනා වාර්තාමය වැඩසටහනකට උපසිරැසි ලබා දෙනවට.. තව එකයි නේද ඉතුරු?

  25. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ.මම 1 සහ 2 බැලුව ඉතුරුවත් බලන්න ඕනි.නැවතත් ස්තුතියි.

  26. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  28. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  29. Tharindu

    Thanx saho..!!!

  30. වරුණ රංගජිත් (වරූ)

    මම ආසම වාර්තා වැඩසටහනක්..
    සුපිරි සබ්..
    ජයම වෙවා...

  31. ricadodamien

    Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........