Watch Trailer

Planet Dinosaur [S01 : E06] Sinhala Subtitles | ප්‍රභේදනයේ විශේෂඥයෝ [සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම මං සමාව ඉල්ලනවා මේක පමා කරපු එක ගැන. ඒ වුණාට ඒ පමාව සිදුවුණේ ඔබ වෙනුවෙන් අලුත්ම අලුත් සජීවීකරණිත සිනමා පටයක් ( Hotel Transylvania (2012) ) සිංහල උපසි‍රැසි ගන්වන්ඩ ගිහිල්ලා නිසා; මම හිතනවා ඔබ මාත් එක්ක අමනාප නැතිව ඇති කියලා. එහෙමනම් අද ඔන්න මම අරගෙන ආවා මේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet D…

පළමුවෙන්ම මං සමාව ඉල්ලනවා මේක පමා කරපු එක ගැන. ඒ වුණාට ඒ පමාව සිදුවුණේ ඔබ වෙනුවෙන් අලුත්ම අලුත් සජීවීකරණිත සිනමා පටයක් ( Hotel Transylvania (2012) ) සිංහල උපසි‍රැසි ගන්වන්ඩ ගිහිල්ලා නිසා; මම හිතනවා ඔබ මාත් එක්ක අමනාප නැතිව ඇති කියලා. එහෙමනම් අද ඔන්න මම අරගෙන ආවා මේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet Dinosaur (2011) නමැති රූපවාහිනී වාර්තාසටහනේ අවසාන කොටස. මෙහි දෙවැන්නක් එන බව සඳහනක් තිබුණත් තවමත් ඒ ගැන නිසි ආරංචියක් නැහැ. එනිසා එවැන්නක් කන වැකුණොත් වහාම අපටත් කියන්ඩෝනෑ… හොඳේ…

හරි අපි බලමු අද කොටසේ තියෙන්නෙ මොකක් ගැනද කියලා. අද කොටසේ තියෙන්නේ ටිකක් වෙනස් කට්ටියක් ගැන. වෙනස් කට්ටියක් කිව්වට ඩයිනෝලාම තමයි. වෙනස ප්‍රමාණය විතරයි. ගියවර කොටසින් හඳුනාගත් ආජන්ටීනොසෝරස් සහ පැරලිටයිටන් ගේ බොන්සායි නෑයෙක් ගැන තොරතුරු දැනකියාගන්ඩ පුළුවනි. ටි‍රැනොසෝරසයාගේත් කුඩා ප්‍රමාණයේ සහෝදරයෙක් මෙහි දැකගන්නට පුළුවන්. එපමණක් නොවෙයි ටි‍රැනොසෝරස් කියන නමත් එක්ක කිසිසේත්ම ඈ‍ඳෙන්නේ නැති බව හිතන දේකුත් මේ කොටසින් හෙළිදරව් කෙරෙනවා. ඒ තමා උගේම ශාකභක්ෂක පරිණාමනයක් ගැන. මෙතෙක් හමු වූ අමුතුම විකෘත පෙනුමක් ඇති සතෙකු තමයි මේ. ඒ වගේම වැදගත් තව දෙයක් මේ කට්ටිය හම්බෙන්නේ එකම කලාපයකින්. ඒ එකල දූපත් ගොන්නක්ව තිබුණු යුරෝපය ආශ්‍රිත ගොඩබිම් වලින්. මේවාට දීපු නම හේටෙග් දූපත්. ලෝකයේ වෙනත් තැන්වල ඒ කියන්නේ මහාද්වීපවල බරසාරෙට ආරලා හැදුණු ඈයොම මෙහෙදි හැදුණෙ ලිලිපුට්ටන් වෙලා. ඒකත් හරි පුදුමකාර කාරණයක්. භූමියේ වපසරිය මත සතුන්ගේ ශරීර ප්‍රමාණය තීරණය වීම. ඒ විතරක් නොවෙයි මේ දැවැන්තයින්ගේ අවසානය වෙච්චි විදිහ ගැනත් මේ කොටසින් පොඩි විස්තරයක් හෙළි කරනවා.

එහෙමනම් යාළුවනේ ඕන්න මම ඔබේ දැනුම වෙනුවෙන් කියල හිතලා ගෙනාපු; මේ වාර්තාරූසටහන මෙතෙකින් සමාප්තයි. මං ඉතිං දැන් මොකෝ කරන්නේ? බලමුකෝ… හොඳ එකක් හම්බුණොත් සලකලා බැලුවහැකි. නමුත් මේවා වැඩක් වෙයිද තව දීලා…? මටනම් ඒ ගැන පැහැදිලි අදහසක් නෑ. ඒ ගැනත් ඔබේ හිතේ තියෙන දේ පොඩ්ඩක් දැන්නුවොත් මටත් කරන උදව්වක් විදිහට හිතනවා. එහෙනම් ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,326 downloadsDownload BBC.Planet.Dinosaur.6of6.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22

Previous BT1All BT1

Subtitles by

උදා

Subtitles

1,326 downloadsDownload Subtitles27 KB

45 comments

  1. lasidu

    පට්ටම කතාවක් නේ මේක ජය

  2. උදාර

    ඇත්තටම ෆිල්ම්ස් වලට සබ් දෙන අතරේ දැනුමට යමක් එකතු කල එක නම් බොහොම වටිනවා ..

    දිගටම මේවගේ ඒවා දෙන්න ලැබේවා

  3. quik

    thanks

  4. geeth

    maxxa wdak iwara kala aka nam supiri

  5. rusuru | රුසිරු

    ජයෙන් ජය මචං නියමම වැඩක්

  6. was

    බොහොම පින් උදා :)

  7. ccnp

    Thanks

  8. eraNga

    bohoma thxxxx

  9. Harsha Lahiru

    පට්ට උදා 5න් ඉවරයි කියලා හිතුවෙ ස්තුතියි සහො

  10. elakiri

    එල එල එලම තමා

  11. wow

    wow..maru :)

  12. Fernando

    patta uda bro

  13. kalinga

    තවත් සබ් දෙන්න ලැබේවා!!!

  14. waruna

    thnxxxxxxx

  15. “චූටී මල්ලි”

    එල මචන් මේවා වටින දේවල්
    චිත්‍රපටි විතරක්ම බලලා හරියන්නේ නෑනෙ

  16. wimukthi

    යාලු මේ වගේ දේවල් දිගටම දෙන්ඩ... පට්ට වටිනවා...

  17. දිෂාන්

    දැන් නම් හොදටම තරහ ගිහින් ඉන්නේ අනික් ඒවායේ කොටස් හරිම ඉක්මනට එනකොට මම ආසම එක එන්නේ ටිකක් හෙමින් කොච්චර නොඉවසිල්ලෙන් ද ඉන්නෙ මේක බලන්න
    බෝම පිං උදා සහෝ අධික වැඩ අතර අපි වෙනුවෙන් කැප කරන වට්නා කාලයට

    ජයෙන් ජයම වේවා

  18. Charana

    චිත්‍රපටි විතරක් බලලා හරියන්නෙ නෑ, ම වගේ අධ්‍යාපනික වඩසටහනුත් බලන්න ඕන. මේ වගෙ තත්වයෙන් උසස් අධ්‍යාපනික වඩසටහන් තවත් දෙන්නයි කියලා ඉල්ලා සිටිනවා.

    ජයෙන් ජයම වෙවා !!!!!!!

  19. shani

    thanks

  20. rkkasun

    thanx

  21. thisan

    thx machan obata pin athwewa

  22. thilina

    ela ela ahhh .jayen jayama vevaaaa :)

  23. රාම් රාජ්

    ස්තූතියි උදා

  24. කේ.යු.ජී.උදාර

    //නමුත් මේවා වැඩක් වෙයිද තව දීලා…? මටනම් ඒ ගැන පැහැදිලි අදහසක් නෑ.//
    මේවයෙන් වැඩක් වෙන්නෙ නැත්නම් වෙන මොනවයින් ද උදා වැඩක් වෙන්නෙ...... මේවට කමෙන්ට්ස් අඩු වුණත් සමහරවිට බානව අඩු වුණත් මේවයෙ තියෙන වටිනාකම ඒ අනුව මනින්න බැහැනෙ. වාර්තා චිත්‍රපටවල තියෙන්නෙ සදාතනික වටිනාකමක්. ඒ හින්ද ඉස්සරහටත් උදා අරන් එන වාර්තා චිත්‍රපට බලන්න අපි නොඉවසිල්ලෙන් ඉන්නවා.
    මේ වැඩේට කර ගැහුවට බොහොම පිං..........

  25. Uraj Deemantha

    ස්තූති :)

  26. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  27. mudiya / මුදියා

    කමෙන්ට් එක පරක්කු උනාට මේ කමෙන්ට් එක දැම්මෙ නැත්තං මගෙන් වෙන ලොකු අඩු පාඩුවක් ඒක.මේ කතා මාලාවම ගොඩක් ආසාවෙන් බැලුවෙ මං.ඇත්තටම උදා ඔයා කරපු වැඩේ ගැන කියන්න වචන නෑ.කමෙන්ට් අඩු වුනා කියල වැඩේ අත අරින්නෙ නැතුව දිගටම සබ් දුන්න එක ගොඩාක් වටිනව.මේවගේ වැඩසටහනක් සිංහල නැතුව බැලුවොත් ඉංග්‍රීසි ගැන සාමාන්‍ය දැනීමක් තියෙන අපිට ඒකෙ නියම හරය ලබා ගන්න බැරි වෙනව.දිගටම සබ් දෙන්න උදා.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  28. රොයිලි

    බොහොම ස්තූතියි මේ කතාමාලාවටම සිංහල උපසිරැසි දීපු එක ගැන. මේ වගේ අධ්‍යාපනික වැදගත්කමක් තියෙන ඒවායින් හැමෝම නැතත් කවුරුහරි දෙයක් ඉගෙන ගත්තනම් ඒ පිනම ඇති මචෝ. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. නවත්වන්න එපා. මෙ වගේ තව එකක් දෙන්න :P :P

  29. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,මේකේ කොටස් ඔක්කොටම සබ් දුන්න එකට.

  30. Amil

    නියමයි සහෝ.. මේ කොටස එනකම් තමයි මාත් බලාගෙන හිටියේ. අනිවා මේ වගේ වාර්ථා වැඩසටහන් වලට සබ් දාලා දෙන එක අම් ගොඩාක් වටිනවා සහෝ.. තවත් මේවැනිම වාර්ථා වැඩසටහන් ඉදිරියේදිත් බලාපොරොතු වෙනවා..

  31. Sadun

    Dragons Riders of Berk | TV series ekata Sinhala Sub dennako

  32. වරුණ

    ඔන්න ඔක්කොම බෑවා.... ඇත්තටම මේ වගේ අධ්‍යාපනික අතින් වැදගත් වැඩසටහනකට උපසිරැසි දීපු එකට ගොඩක් ස්තූතියි... අපේ යාලුවෝ කිවුවා වගේ චිත්‍රපටි විතරක් බලලා මදිනේ.....
    ජයවේවා සහෝ..............

  33. ශාන් විමුක්ති [වීමා]

    මෙක හොද වැඩක් මචෝ...
    අධ්‍යාපනික වටිනාකමක් තියන එල වැඩක්, හැමෝටම වටින්නෙ නැති උනාට මේකෙ වැදගත්කම අදුරගත්තු කෙනෙක්ට නියමෙටම සෙට් වෙන එකක්
    අනිවාර්යෙන්ම බලන්න ඕන එකක් බොහොම ස්තුතියි උදා සහෝ :)

  34. ශාන් විමුක්ති [වීමා]

    අනික උදා කරවිල, කොහොඹ මොන තරම් තිත්ත උනත් ඒවගෙ ගුණ පොඩ්ඩක්වත් අඩු නෑ ;)

  35. Amil

    මම ආසාවෙන්ම බලපු සිරියස් එකක්. නියමයි සහෝ..
    තවත් මෙවැනිම අධ්‍යාවනික අතින් වැදගත් සිරියස් එකක් දෙවි කියලා බලාපොරොත්තු වෙනවා...
    නියමයි.......

  36. nuwan

    elama thamai saho niyamai

  37. Sudarshana

    නියමයි උදා කියන්න වචන නෑ...... බලන්න තව මේ වගේ ඉගෙන ගන්න පුළුවන් අළුත් දේ.... ඔබට ජය...

  38. NCJD

    මෙවැනි අධ්‍යාපනික වටිනාකමක් ඇති තවය්හ් කතා මාලාවක් හැකි ඉක්මනින් ලබා දෙන්න. මේ කතාව අධ්‍යාපනික වැඩසටහන් ගැන මා තුළ වූ කැමැත්ත තවත් වැඩි කලා.

  39. අමල් පුසන්න

    දැනුමට ඉතාම වැදගත් සීරීස් එකක් දුන්නට බොහොම ස්තූතියි වන්ත වෙනව උදා සහෝදරයට.

  40. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  41. DINU NR

    නියමෛ මචෝ ...
    ඔක්කොම ගත්තා....
    බොහොම ස්තූතියි......

  42. Tharindu

    Thanx saho..!!!

  43. වරුණ රංගජිත් (වරූ)

    මම ආසම වාර්තා වැඩසටහනක්..
    සුපිරි සබ්..
    ජයම වෙවා...

  44. ricadodamien

    Thank You uda brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team...........

  45. Navanjanaishan

    Thanks for sub !!!!!!
    The Planets 2019 sub denna akath hodae

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.