Watch Trailer

Planet Earth II [EP 01] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන දූපත් ජිවිත.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති වන්නේ කාටද කියල? ඒ තමා ලෝකප්‍රකට BBC නාලිකාව මගින් නිෂ්පාදනය කරන ලොව ජනප්‍රියම පාරිසරික වැඩසටහන මේ…

Planet Earth II

පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති වන්නේ කාටද කියල? ඒ තමා ලෝකප්‍රකට BBC නාලිකාව මගින් නිෂ්පාදනය කරන ලොව ජනප්‍රියම පාරිසරික වැඩසටහන මේක කියල කිව්වොත් කවුරුත් මාත් එක්ක අමනාප නොවන ප්ලනට් අර්ත් දෙවැනි කතා සමය. කොටස්මේ හයකින් සමන්විත වෙන කතා සමයට මේ වෙනකොට ලැබිල තියන IMDB අගය 10ක්. ඉතින් තවත් මොන අටුවාටිකාද? මිට වසර දහයකට පෙරාතුව විකාශනය කරපු ප්ලැනට් අර්ත් පාරිසරික වැඩසටහන් මාලාවේ දෙවැන්න තමයි මේ විදියට දිගහැරෙන්න. ඔබ මෙහි පළමු කතා මාලාව නැරඹුවානම් උපසිරස දුන් විගසින්ම නිසැකවම ඩව්න්ලෝඩ් කරගන්න බව දන්නවා, ඒ නිසාවෙන් ලිපිය දිගහැරෙන්න මෙතෙක් මේ වැඩසටහන නරඹා නොමැති අය උදෙසායි. 

මෙහෙ පළමු කතා සමය අලංකාරවත් කොටස් එකොළහකින් නිමවුණා, ඒ කොටස් එකොළහ තුල එතෙක් ලොව නොදුටු ලොව පුදුම කරවන අන්දමේ ඉසව් කරා මොවුන් අපව රැගෙන ගියා, ඒ සමහර දර්ශන රුගත කලේ මොන විදියකටද කියලවත් අදහගන්න බැරි අන්දමක අපුර්වතත්වයක් ඒ හැම කොටසකම වගේ තිබ්බ, ඇත්තටම ඔවුන්ගේ අරමුණ වෙලා තිබ්බේ, ඉපදුන දවසේ ඉඳල මැරෙනකම්ම අපි ජිවත් වෙන මේ ලෝකේ අප මෙතෙක් නොදුටු නො ඇසූ, ලොවෙන් වසන් වෙලා පවතින ඉතාම සුන්දර විටෙක කෘරවන නමුත් සොබාදහමේ නීතියට අනුකුල සිදුවීම් ලොව හමුවේ ගෙනහැර පාල අපි මේ ලෝකය දකින ආකාරය වෙනස් කරලීම. ඔබ දැක තිබෙනවද මෝරෙක් විසින් සීල් මත්සයෙක්ට දඩයම් කිරීමට අඩි ගණනාවක් ඉහල පනින දර්ශනයක්. දැකල නැත්නම් අදම පලවෙනි සීසන් එක ඩව්න්ලෝඩ් කරගන්න, එවැනි ආකාරයේ දර්ශන රැසක් එහි අන්තර්ගතවෙනවා. ඔවුන්ගේ අරමුණ ඉතාම සාර්ථක වුණා. ඉතිං ඒ සාර්ථකත්වයෙන් වසර දහයකට පස්සේ අපිට නැවත අරන් එන්නේ ඒ ලෝකයමයි. හැබැයි මෙවර ඔවුන් වෙනස්. මෙවර ඔවුන්ගේ අරමුණ අප එදා ඒ දුටු ලෝකය වෙත පෙරටත් වඩා සමීප කරවන්න. ඉතිං ඔවුන් මෙවර නවීනතම තාක්ෂනය යොදා ගන්නවා, රුගත කිරීම් සඳහා ද්‍රෝණ යොදා ගන්නව, නිකුත් කරන වීඩියෝ පිටපත නවතම 4K කොලිටියෙන් යුතු වෙනවා. ඒ වගේම කියන්න ඕන මෙහෙ සංගීතය. දර්ශන පෙල සමග වැයෙන පසුබිම් සංගීතය විටෙක ඔබ වාඩි වී සිටින පුටුවේ කෙලවරට කැඳවාගෙන එන්නට තරම් ප්‍රභල අන්දමක තියනව. 

ඉතිං මේ දිගහැරෙන පලවෙනි කතාංගයෙන් කියවෙන්නේ ලොවින් වසන් වී පවතින දුපත් ජිවිත ගැන, සුටෝපියා ෆිල්ම් එකේ ෆ්ලෑෂ්ව එහෙම මතකද? මේකේ පෙන්නනවා ඇත්තටම ඒ කවුද කියල. ඩ්‍රැගන්ල මේ ලෝකේ ඇත්තටම ඉන්නවා කියල දන්නවද? විස්වාස නැත්නම් ඔන්න බලාගන්න. අහ්හ් ඒ වගේම නිකම්ම ඩ්‍රැගන්කෙනෙක්ව පෙනන්නේ නෑ ඇත්තම ඩ්‍රැගන් සටනක් එහෙමත් පෙන්නනව. ඒ විතරක්ද තියෙන්නේ? ආයේ මොනවට කියනවද. ඩව්න්ලෝඩ් කරලම බලන්න. මේ වගේ දෙයක් නොබලන කෙනෙක් ගැන ඉතිං කතා කරන්න දෙයක් නෑ. ඊළඟ කොටසින් හමුවෙමු එහෙමනම් 😀

නිකුත් කර ඇති උපසිරසට ගැලපෙන පිටපත්

  • Planet.Earth.II.S01E01.720p.HDTV.x264-C4TV
  • Planet.Earth.II.S01E01.XviD-AFG
  • Planet.Earth.II.S01E01.480p.x264-mSD
  • Planet.Earth.II.S01E01.720p.HEVC.x265-MeGusta
  • Planet.Earth.II.S01E01.AAC.MP4-Mobile
  • Planet.Earth.II.S01E01.480p.HDTV.x264-RMTeam

Planet Earth II (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,570 downloadsDownload Planet.Earth_.II_.S02E01.Baiscopelk.com_.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,570 downloadsDownload Subtitles24 KB

33 comments

  1. soori

    දැම්මා බාන්න... මේවා නොබලන දෑස් කුමට....?
    බොහෝම ස්තුතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට.....

  2. Chamith Janaka

    Thanks යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ For The Sinhala Subtitle......:)

  3. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  4. Sajeevi

    Wow...
    Thanks.

  5. Preiz

    Planet Earth I බැලුවත් දෙවැනි කතා සමයක් එයි කියල හිතුවෙම නැ.. එල සහෝ.. දිගටම කරගෙන යමු.! ජය.!

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    අනිවාර්යෙන් ඔක්කොම ටික බලනවා. මේවා හරිම වටිනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Nuwan maduranga

    digatama denna sab eka.wade niyamay. thans

  8. Udara Damith B/K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි .
    පලවෙනි එක දෑන් බලන්නේ

  9. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි යශෝද සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  10. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ
    එලම...

  11. ලුසිෆර් මොනින්ස්ටාර්

    දිගටම වැඩේ කරගෙන යමු මචං.......
    පට්ට

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. emn

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  14. Damitha Ranasinghe

    Ambe Ithin Elama Tamai Sahooooo...
    Tnx hode...

  15. Web-බුවා

    සබට පට්ට ස්තූති වේවා සහෝ. :) මං දැකපු පලවෙනි කතාංගය 10/10 Imdb තියෙන :o මටනම් මේකෙ කොතැනද විශ්මය නොදැනෙන්නේ කියලා තාම හොයාගන්න බෑ. ඒ තරම් පට්ටයි. Sir. Attenborough ව ආයේ දැකගන්න හම්බුණු එකත් කොයිතරම් දෙයක්ද? අර සිංහ කෙල්ල ජිරාෆ් සහෝ එක්ක වලි දාගන්න ගිහිං මුණ කට සමතලා කර ගත්ත එකත් නාකම නෑ. :D ඒක නෙමේ මේකෙ සම්පුර්ණ series එකම එන දෙසැම්බර් 5 bluray එනවා. තව ටික දවසනේ. එතතොට ඉතිරි ටික දුන්නනම් හරි. මොකද brrip එක Extended වුනොත් පට්ට ලෙඩේ.
    https://en.wikipedia.org/wiki/Planet_Earth_II#DVD_and_Blu-r…

    ජය! :)

  16. Sanath Indika

    ela ela broo :) niyama wedak :)

  17. damith

    tahnzz saho

  18. Harshana Maswelagedera

    Ade patta bn. Eeelagath ekath ikmanat onne saho!

  19. හසිත කොඩිතුවක්කු

    sabata jaya yashoda sahoo :-D ;-D

  20. Nipuna Udayanga

    නියමයි මචන්, නියමයි.
    බොහොම ස්තුතියි සබ් එකට...

  21. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. wijenayaka

    thanks sub ekata,,,,

  24. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  25. Amil Gamage

    බොහොම ස්තුතියි සබ් එකට…

  26. mahesh

    supirima wadasatahanak thamayi meka palaweni kotasa deparakma baluwa.
    kotas occotama sub karanna.
    jaya wewa..!!!

  27. Kumara

    Thanks Bro !!!

  28. Wayantha Sandaruwan

    පට්ට පතුරු මේක එනකන් මග බලන් හිටියෙ ගොඩක් පින් සහෝ සබට ජය වේවා

  29. sandun44

    thanx a lot

  30. Roshan D

    සබට ගොඩක් ස්තූතියි අයියේ

  31. Nirosha Nirosha

    thanks

  32. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  33. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.