ඩයිනෝසරයන්! කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම දැවැන්තයන්! අප කිසිවෙකුත් ජීවමාන ඩයිනෝසරයන් දැක ගන්නට තරම් වාසනාවන්ත වී නැහැ. නමුත් අපට වරමක් ලැබුනෝතින්, ඈත අතීතයේ ඩයිනෝසරයන් මේ පොළොව මත ආධිපත්‍ය පැතිරූ කාල සීමාවට පිය මැන ඔවුන්ව නෂ්ට වීමෙන් බේරා ගන්නට? එය ඔබත්, මාත් ලැබූ අසමසම අවස්ථාවක් බව කිසිදු…

ඩයිනෝසරයන්! කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම දැවැන්තයන්! අප කිසිවෙකුත් ජීවමාන ඩයිනෝසරයන් දැක ගන්නට තරම් වාසනාවන්ත වී නැහැ. නමුත් අපට වරමක් ලැබුනෝතින්, ඈත අතීතයේ ඩයිනෝසරයන් මේ පොළොව මත ආධිපත්‍ය පැතිරූ කාල සීමාවට පිය මැන ඔවුන්ව නෂ්ට වීමෙන් බේරා ගන්නට? එය ඔබත්, මාත් ලැබූ අසමසම අවස්ථාවක් බව කිසිදු සැකයක් නැහැ. නයිජල් මාවන් මේ සූදානම් වන්නේත් එවැනි ක්‍රියාන්විතයකටයි. අතීතයට ගොස් නෂ්ට වීමේ දැඩි අවදානමක සිටින සතුන් 21 වන සියවසේ සුරක්ෂිත වටපිටාවට ගෙනැවිත් ප්‍රාග් ඓතිහාසික උද්‍යානයක් පිළියෙල කිරීම. විශ්වාස කරන්නත් අමාරුයි නේද?
එහෙමනම්, ඒ මහා පුදුම කිරීමට දෑස් දෙකන් විවර කරන් සූදානම් වෙන්න. මෙතැන් සිට මේ ක්‍රියාන්විතය ඔබ වෙතට ගෙන එන්නේ සුප්‍රසිද්ධ රූපවාහිනි වනජීවි වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, පක්ෂීන්ගේ චර්‍යා රටාවන් නිරීක්ෂණය කරන්නෙක් සහ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වන නයිජල් මාවන්. එහෙත් මේ හැමදේටම වඩා ඔහු සතුන්ට, පරිසරයට දැඩි සේ ආදරය කරන්නෙක්. Bristol හි BBC ප්‍රාණී විද්‍යා ඒකකයේ වනජීවි වාර්තාමය වැඩසටහන් ගවේෂකයෙකු ලෙස The First Eden සහ My Family and Other Animals යන වැඩසටහන් වලට දායක වෙමින් වෘත්තීය ගමන් මඟ ආරම්භ කළ ඔහු මේ වන විට බාල මහලු භේදයක් නැතිව ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටිනවා. අවදානම් දරමින්, දරුණු සතුන් අසලටම යමින්, ඔවුන් පිළිබඳ හරි අපූරු තතු විත්ති ඉදිරිපත් කරන ඔහුගේ කතා විලාශය, ඉදිරිපත් කිරීමේ රටාව සහ සත්ත්ව ලෝකය පිළිබඳ දැනුම අතිශයෙන්ම විස්මයජනකයි. Shark Week (2000–02), Chased by Dinosaurs (2002), Sea Monsters: A Walking with Dinosaurs Trilogy or Chased by Sea Monsters (2003), King of the Jungle (2003), Prehistoric Park (2006), Killer Whale Islands (2007), Invasion of the Giant Pythons: Florida with Nigel Marven (2009), Untamed China with Nigel Marven (2011), Ten Deadliest Snakes with Nigel Marven (2014) ආදි නිර්මාණ රාශියක් ඔහුගේ හැකියාවෙන් අපට සමීප වුනා. එපමණක් නොවේ දැනට මිහිමතින් වඳ වී යෑමේ අධි අවදානමක් ඇති සහ අවදානමක් ඇති සත්ත්වයන් සංරක්ෂණය කිරීමටත් ඔහු කරන මෙහෙය ප්‍රශංසනීයයි. යුරෝපීය ජලාශ වල තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් ආරක්ෂා කිරීම සඳහා ORCA සංවිධානයේ අනුශාසකයෙක් ලෙසත්, චීනයේ Chengdu පැන්ඩා පදනමේ පැන්ඩාවන් සුරැකීම ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙක් ලෙසත් තවත් මෙවැනි සංරක්ෂණ ව්‍යාපෘති බොහොමයකටත් ඔහුගේ දායකත්වය ලබා දෙමින් සිටිනවා.
ඉතින්, මේ සුප්‍රසිද්ධ සත්ත්වවේදියා – නයිජල් මාවන් සහ ඔහුගේ කණ්ඩායමේ සගයන්ගේ ක්‍රියාන්විතයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වීමේ භාග්‍යය ලබා ගන්න ඔබ සූදානම් නම් මෙතැන් පටන් කොටස් හයක් පුරාවට අපිත් එක්ක රැඳී සිටින්න. පළමු මෙහෙයුම විදියට ටයිරනෝසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) නැත්නම් T Rex අතීතයෙන් ගලවා ගෙන වර්තමානයට ගෙන එන හැටි ඔබට බලාගන්න පුලුවන්.
”T- Rex කියන්නේ රාක්ෂයෙක්. දිගින් අඩි 43 කුත්, ටොන් පහක බරකුත් එක්ක, ඉන් එකෙක් ගිය පාර හොයා ගන්නෙක ඒ තරම් අමාරු වෙන එකක් නෑ.”
නයිජල් සිතන්නේ නම් ඒ විදියටයි. නමුත්, මේ රාක්ෂයා අල්ලා ගැනීම ඔහු සිතන තරම් පහසු වෙන්නේ නෑ. නයිජල්ගේ බලාපොරොත්තුව ඉටු වෙයිද? නයිජල්ට පොර බදන්න සිදු වන්නේ T- Rex සමඟ විතරක් ම නෙවෙයි, ඔහුගේ දැවැන්තම අභියෝගය කාලයයි. උල්කාෂ්ම කැබලි පොළොව මතට පතිත වී ඩයිනෝසරයන් නෂ්ට වී යාමට මත්තෙන් ඔවුන්ව 21 වන සියවසට රැගෙන ඒමට ඔහුට හැකි වෙයිද?
Prehistoric Park -2006 රූපවාහිනි කතා මාලාව IMDb දර්ශකයේ 7.5 ක විශාල අගයක් දිනා ගන්නට සමත් වුන බොහොම අපූරු කතා මාලාවක්. වන සතුන්ට, පරිසරයට ආදරය කරන ඔබට මෙය වටිනා කියන අත්දැකීමක් වෙයි කියලා හිතනවා.
සමුගන්නම්, ආයිත් හමුවෙන බලාපොරොත්තුවෙන්. ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
Prehistoric.Park.2006.WiTH.ExTRAS.DUALAUDiO.DVDRiP.X264.iNT-KiSS-ep1
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,175 downloadsDownload BBC-Prehistoric-Park-2006-E01.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
21 comments
Rasindu Perera
SAjith Anthony
සුභ අලුත් අවුරුද්දක් වේවා...!!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…
Suba Aluth awruddak wewa……amil077
සුභ අලුත් අවුරුද්දක් වේවා…!!
සිංහල උපසිරැසියට ස්තූතියි
amil077
පුළුවන්නම් හොද torrent එකත් ඩ්වුන්ලොඩ් කරගන්න තැනක් කියනවද?
දන්න හැම විදියටම බැළුවා. ඒත් හොද download torrent link එකක් හම්බ උනේ නැ..සනිඳු ලක්ඛිත
Baiscopedownloads සයිට් එකේ දානවා සහෝ අනිව. ඒකෙන් ගන්න!
Nerun Kalpajith Fernando
ඒකේ නෑනේ...
Helili Hemamali
ඉක්මනටම ඒකේ දෙනවා.
kelumchathuranga
thanks.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරසට..සුභ අලුත් අවුරුද්දක් වේවා.!
Madusara
පහර නේ අක්කෙ...
එලgeeganagamage
සුබ නව වසරක් වේවා බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .
Udara Damith Dissanayaka
ස්තුතියි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan_ganushka
meke video eka ganna thanak kiyannako.....
Dark Shadow
Happy new year
ar perera
meka hoda katawak thanka hemamali...
Anonymous
thanks
A.A Indika
Prehistoric Planet (2022) tath Sub Ekaka denna Balanna.
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි....සබ් එකට තැන්ක්ස්....