ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න මම කොහොමහරි Blue Planet II එකටත් වෙලාව වෙනකරගන්න හිතුවා. පළවෙනි කතා සමයත් එක්ක ආව දිරිගැන්වීම් නිසා දෙවනි සමයටත් බහිනවා කියලා හිතුවා. ඉතින් දන්නවනේ කරන්න ගියාම අමාරුයි. ඒත් කොහොමහරි කරමු නේද? ඉතින් මේ දෙවනි කතා සමයෙ තියෙන්නෙත් පළවෙනි කතා සමය වගේම සහ ඊට වඩා විශාල ලෙස දියුණ…

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න මම කොහොමහරි Blue Planet II එකටත් වෙලාව වෙනකරගන්න හිතුවා. පළවෙනි කතා සමයත් එක්ක ආව දිරිගැන්වීම් නිසා දෙවනි සමයටත් බහිනවා කියලා හිතුවා. ඉතින් දන්නවනේ කරන්න ගියාම අමාරුයි. ඒත් කොහොමහරි කරමු නේද? ඉතින් මේ දෙවනි කතා සමයෙ තියෙන්නෙත් පළවෙනි කතා සමය වගේම සහ ඊට වඩා විශාල ලෙස දියුණු තාක්ෂණය උපයෝගී කරගනිමින් ඇසට පියකරු ඉතා සියුම් දර්ශන සහිත දිගුවක් තමයි අපිට බලාගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි මේ දෙවනි සමයේ ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රූගත කිරීම් කරලා තියෙනවා. ඉදිරියෙදී ඒ කතාංගය බලාගන්න පුලුවන් වෙයි. පළවෙනි සමය බලලා හිටියොත් දෙවනි එක බලන්න එච්චර අමාරු වෙන එකක් නෑ. පළවෙනි සමයේ රූපරාමු වලට වඩා දෙවනි සමය අතිශය සුන්දර අලංකාර දර්ශන අපිට බලාගන්න පුලුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනි උපසිරසිය එක දිගටම දෙන්න නම් අපහසු වෙයි. ඒත් නවත්තන්නේ නෑ. අනිත් එක නිවැරදිව පිළිවෙළකට වැඩෙ කරන්න ඕනි නිසා ඉවසන්න වෙනවා. වෙනදා වගේම බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාවත් මේ වෙලාවේ මතක් කරනවා..
වෙනදා වගේම Sir David Attenborough මහත්තයා සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ අවුරුදු පහක පමණ කාලයක ප්‍රතිඵලයක් තමයි මේ දිගහැරෙන්නේ. IMDB දර්ශකයට අනුව 9.5 ඉතා ඉහළ අගයක් ලබා ගෙන Top Rated ටීවි ලිස්ට් එකේ අංක 07 ට ඇවිල්ලා තියෙන්නෙ Blue Planet II. ඉතින් සෙල්ලම් නෑ හරී…ඉතින් මිනිත්තු 60 ක් පුරාවටම එක දිගට නැරඹීමට හැකි මෙම කතාංගය සාගරය තුළ ඇති විරල, අසාමාන්‍ය ජීවීන් ගැන අධ්‍යයනය කිරීම සහ වර්තමානයේ සාගර ලෝකය අත්විඳීමට සිදුවී ඇති ඉරණම පිළිබඳව නැවත කියවාගැනීමක් සිදු කිරීම තමයි මේ කතාංගයේ අරමුණ වෙල තියෙන්නේ.
හරි. පළවෙනි කතාංගයට යමු. මේක One Ocean කියලා තමයි නම් කරලා තියෙන්නේ. නිවර්තන කලාපයේ සිට ධ්‍රැවාසන්න සීත කලාපය දක්වා නව ලෝකයන් සොයා යෑම තමයි මේ කතාංගයෙන් පෙන්නන්නේ. ඉතින් කළින් නොදුටු ජීවීන්ගේ හැසිරීම්, ආහාර ගැනීම්, සන්නිවේදනයන් මේ හැම එකක්ම ඉතා හොදින් බලාගන්න පුලුවන්. එහෙනම් මෙන්න කතාංගයේ ඉන්න බහුතරයක් ජීවීන්ගේ ප්‍රධාන තොරතුරු කීපයක්. සාමාන්‍ය දැනුමට උපකාරී වෙයි. විද්‍යාත්මක වර්ගීකරණයට අනුව අපිට ජීවියෙක් කොටස් 07 කට බෙදන්න පුලුවන්. ඉතින් මේක අතිශය සංකීර්ණ බෙදීමක්. අවශ්‍ය කරුණු විතරක් දෙන්නම්.Bottle nose Dolphin
KINGDOM (රාජධානිය) : Animalia PHYLUM (වංශය) : Chordata CLASS (වර්ගය) : Mammalia ORDER (ගෝත්‍රය) : Cetacea FAMILY (කුලය) : Delphinidae Genus ( ගණය) : Tursiops SPECIES (විශේෂය): Tursiops truncatusපොදු නම් බොට්ල්නෝස් ඩොල්ෆින්, ඇට්ලාන්ටික් බොට්ල්නෝස් ඩොල්ෆින්, පැසිෆික් බොට්ල්නෝස් ඩොල්ෆින්. බර කිලෝග්‍රෑම් 150 – 650 වෙනවා. දිග මීටර් 2-4 වෙනවා. ආහාර විදියට දැල්ලන්, කබලු, හුරුල්ලන් ගන්නවා. අතිශයින් බුද්ධිමත්. Tuskfish KINGDOM (රාජධානිය) : Animalia PHYLUM (වංශය) : Chordata CLASS (වර්ගය) : Actinopterygii ORDER (ගෝත්‍රය) : Perciformes FAMILY (කුලය) : Labridae Genus ( ගණය) : Choerodon SPECIES (විශේෂය): Choerodon fasciatus බටහිර පැසිෆික් සාගරයේ දැකගන්න පුලුවන්. කොරළ් පර ආශ්‍රිතව මීටර් 5-35 ගැඹුරේ ජීවත් වෙනවා. මේ මත්ස්‍යයා උපකරණ භාවිත කරමින් ආහාර සොයා ගැනීම විශේෂත්වයක්. ගොඩක්ම අපෘෂ්ඨවංශීන් කුඩා බෙල්ලන් ආහාරයට ගන්නවා. Giant Trevally KINGDOM (රාජධානිය) : Animalia PHYLUM (වංශය) : Chordata CLASS (වර්ගය) : Actinopterygii ORDER (ගෝත්‍රය) : Perciformes FAMILY (කුලය) : Carangidae Genus ( ගණය) : Caranx SPECIES (විශේෂය): Caranx ignobilis මීටර් 1.7 පමණ දිගින් යුක්තයි. ඉන්දු පැසිෆික් සාගර වල දක්නට ලබෙනවා. අතිශය දරුණු තනි දඩයක්කරුවන් වෙනවා. නමුත් කණ්ඩායම් වශයෙන් පැමිණෙනවා. ශරීරය ඉතා හොඳින්හ සුරවනවා. රිදී පැහැයේ සිට අඳුරු පැහැය දක්වා. මොවුන් Tern නැමැති පක්ෂීන් ආහාරයට ගන්නවා. Killer whale/ Orca KINGDOM (රාජධානිය) : Animalia PHYLUM (වංශය) : Chordata CLASS (වර්ගය) : Mammalia ORDER (ගෝත්‍රය) : Artiodactyla FAMILY (කුලය) : Delphinidae Genus ( ගණය) : Orcinus SPECIES (විශේෂය): Orcinus orca සීල් මත්ස්‍යයින්, හුරුල්ලන්, සැමන්, ආහරයට ගන්නවා. සියළුම සාගර වල දක්නට ලැබෙනවා. දිග (පිරිමි) මීටර් 6-8, (ගැහැණු) මීටර් 5-7. සංවිධානය වූ පවුලේ සාමාජිකයින් සමඟ විසීමට කැමැත්තක් දක්වනවා. අතිශය දරුණු දඩයක්කරුවන් වෙනවා. බර ටොන් 1 සිට 6 දක්වා. Humpback whale KINGDOM (රාජධානිය) : Animalia PHYLUM (වංශය) : Chordata CLASS (වර්ගය) : Mammalia ORDER (ගෝත්‍රය) : Chordata FAMILY (කුලය) : Balaenopteridae Genus ( ගණය) : Megaptera SPECIES (විශේෂය): Megaptera novaeangliae ඉතාවිශාල තල්මස් වර්ගයකී. වැඩිහිටියන් මීටර් 12-16 වේ. බර ටොන් 35 පමණ. මොවුන් ආහාර සොයා ධ්‍රැවාසන්න ප්‍රදේශ වලට පැමිණෙනවා. නිවර්තන සහ උප නිවර්තන ප්‍රදේශවල අභිජනනය කරනවා. ක්‍රිල් සහ කුඩා මත්ස්‍යයින් ආහරයට ප්‍රිය කරයි. අවුරුදු 45-50 ජීවත් වෙනවා. පිහිනීමේ වේගය 5-15 km/h. මීනිත්තු 10-15 පමණ දිය යට සිටිය හැකිය. පිටුපස වරළ මීටර් 16ක් පමණ වර්ධනය වේ. ඉතින් මෙන්න අවශ්‍ය ඉතා සුළු තොරතුරු ටිකක්. මේවා අන්තර්ජාලයෙන් ගත්ත ඒවා. කාටහරි වැඩි විස්තර ඕනිනම් හොයාගන්න පුලුවන්. ඔන්න ඔහොම දෙවනි සමයේ පළමු කතාංගය අවසන් වෙනවා. හැකිනම් පහළින් මොනාහරි ලියන්න. එහෙනම් දෙවනි කතාංගයෙන් හමු වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ජයෙන් ජයම වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,080 downloadsDownload The-Blue-Planet-II-2018-E01.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
21 comments
losaka
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අලුත් අවුරුද්දෙම සුපිරි කතා වලට සබ් දෙන්නේ....දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් මධුසංඛ සහෝ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.AsithaDilruwan
godak watinawa
thanks sahoshootersl
meka enakam hitiye
sabata thanks
me wage hoda documentary denawa nam niyamaiUdara Damith Dissanayaka
lipiya niyamaයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth awruddak wewa……Panther
Thanz bro
jeewantha
මේක බලන්න නම් අාසයි. එ්ත් download කරගන්න ගැලපෙන link එකක් හොයාගන්න බැරි වුණානේ. පුළුවන් නම් උදව්වක් කරන්න. සබ් එකට බොහොම ස්තුතියි.
ajith00129
Anith tikath denakam balan innawa bro,,
Suba aluth awuruddak wewaa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයසුභ අලුත් අවුරුද්දක් වේවා
AmilaI
ස්තූතියි සහෝ
Sanjeewa herath
ස්තුතියි සහෝ සබ් එකට. දිගටම documentary වලට සබ් දෙන්න.
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Rushan7
thnks..bro
Mahesh Lakshan
Thanks sub ekata..jaya wewa..
Nirosha Nirosha
Thanks
Waruna Kamalawansha
මේක නම් සුපිරියක්.... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනආවාට....
janith madusha
thanx bro sub ekata. puluwannam netflixlage our planet ekatath sub karana
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොමත්ම ස්තුතියි ප්‍රදීප් සහෝ ඇයි ද බයිස්කොප් මෙි වගේ සුපිරි වැඩසහන් වලට උපසිරස දෙන්න ප්‍රමාද??? අවුරැද්දම සුභ වෙිවා බයිස්කොප් ඇතුලු සියලුම උපසිරස කරන bro & sis ලාට ;)