එහෙනම් නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ පස්වන කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවා. වෙනත් නමකින් මේ කතා මාලාව නම් කලොත් “මම අවුරුදු 15ක් හිරේ ඉඳලා ආවේ” කියන්නත් පුළුවන්. ඒ තරමටම ඒ වචන පෙළ අපිට ගොඩක් සමීප වුණා. මේක හින්දි සීරීස් එකක් වුණත් තෙළිඟු පිටපතෙන් අහගෙන තමයි මම උපසිරැසි දුන්න කොටස් වලට උපසිරැස…

එහෙනම් නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ පස්වන කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවා. වෙනත් නමකින් මේ කතා මාලාව නම් කලොත් “මම අවුරුදු 15ක් හිරේ ඉඳලා ආවේ” කියන්නත් පුළුවන්. ඒ තරමටම ඒ වචන පෙළ අපිට ගොඩක් සමීප වුණා. මේක හින්දි සීරීස් එකක් වුණත් තෙළිඟු පිටපතෙන් අහගෙන තමයි මම උපසිරැසි දුන්න කොටස් වලට උපසිරැසිය කලේ. හින්දි භාෂාවෙන් බලන අයට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ ගැන සමාව ඉල්ලනවා.
නාගාව හිරේට යැව්වේ රානා කියලා නාගාට දැනගන්න ලැබෙනවා. ඇත්තටම මිනීමැරුම කලේ ප්‍රින්ස්. නාගාගේ හිතේ ලොකු කේන්තියක් ඇති වුණා. නාගා රානාට තර්ජනය කරානවා. කරපු වැරදි වලට එයාගෙන් සමාව අරගන්න කියනවා. රානා තාත්තගෙර් කීම ගණනකට ගන්නෙ නැහැ. රානා එයාගේ දරුවන්ව බල්සාරා අන්තර්ජාතික පාසලට ඇතුලත් කරනවා කියලා දුන්න පොරොන්දුව කඩ වෙනවා. මේක දරුවන් දෙන්නට කියන එකත් අමාරු දෙයක් වුණත් කියන්න සිද්ද වෙනවා. මේකෙන් නිත්‍යා ගොඩක් තරහ ගන්නවා. ඔය අතරෙදි ප්‍රින්ස්ගේ රසික හමුවීමකට නාගා යනවා. ප්‍රින්ස් වෙනුවෙන් චිත්‍රපටයකට කතාවක් තියෙනවා කියලා ප්‍රින්ස් වරදකාරයා වුණ සත්‍ය කතාව රසිකයින්ව ප්‍රයෝජනයට අරගෙන නාගා තමන්ට සිද්ද වුණ අසාධාරණය ගැන කතාව ප්‍රේක්ෂකයින් මැද කියනවා. ප්‍රින්ස්, නාගා කියන්නේ මොකක්ද කියන එක ගැන හොඳටම දන්නවා වුණත් වේදිකාව උඩදි අසරණයි. කොහොමහරි ප්‍රින්ස්ට සම්පූර්ණ කතාව කියන්න කලින් නාගාව නතර කරගන්න පුළුවන් වෙනවා. ප්‍රින්ස් නාගාගේ කට වහන්න වෙච්ච දේට හිලවු වෙන්න මුදල් ප්‍රමාණයක් දෙන්න ලැහැස්ති වෙනවා. එජාෂ් ශෛක්, නාගාව තවත් මෙහෙයුමක් කරන්න යොදා ගන්නවා. නගා ප්‍රින්ස්ව හමුවෙන්න කතා කරගත්තා. ඒ මාර්ගයෙන් නාගා ලවා ප්‍රින්ස්ගේ තොරතුරු අරගන්න එජාස් උත්සාහ කලා. රෙහාන්ගේ යෞවන ජීවිතය පැහැදිලි එකක් වෙනවා දකින්න රානා ආස කලා. රෙහාන්ගේ අම්මට සල්ලි දීලා එයාව තූෆාන්ට දරුකමට හදාගන්න දෙන්න කියලා ඉල්ලනවා. මුලදී අම්මා මේකට අකමැති වුණත්, තුෆාන් රෙහාන්ට ගොඩක් ආදරය කරනවා කියලා තේරුම් කරලා දුන්නම, පස්සෙ තීරණයක් දෙන්නම් කියනවා. ජෆ්ෆා එයාට හම්බ වුණ කළු සල්ලි වලින් බයික් එකක්, ගෙදරක් අරගන්නවා.(බද්ධනිවාසයක.) ඒ වගේම OBව ස්කෑන් එකක් කරන්න ගන්නවා. අසනීපෙන් ඉන්න ඇනාව බලන්න යන තේජ්ට තමන් රැවටුණා කියලා තේරුම් යනවා. OBගේ රෝගී තත්වය තරමක් දරුණුවට හැරිලා තිබුණේ. OBට සැත්කමක් කල යුතුව තිබුණා. රෙහාන්ගේ සුළු පියා, සල්ලි අරගෙන පැනගන්න හදනවා කියලා ආරංචියක් ලැබෙනවා. රානා රෙහාන්ගේ අම්මගේ ගෙදරට යද්දි අම්මව මරලා දාලා තිබුණා. ඒත් අම්මව මරලා තියෙන්නෙ රෙහාන්ගේ සුළුපියා නෙවෙයි. රෙහාන්ගේ අම්මව රානාට බේරගන්න බැරි වුණ නිසා රෙහාන් රානා දිහාවට තුවක්කුවක් ඉලක්ක කරගෙන ඉන්නවා. කොහොම හරි රානා රෙහාන්ව මෙල්ල කරගන්නවා. සිද්දිය ගැන තේරුමක් නැති නිත්‍යා තාත්තා ගැන වැරදියට හිතනවා. ඒ වගේම ඇත්තම සිද්දිය තූෆාන්ට කිව්වත් රෙහාන්ට කියන්න එපා කියලා පොරොන්දු කර ගන්නවා. ඒ නිසා රෙහාන්ගේ හිතේ රානා ගැන තියෙන වෛරය ලේසියෙන් නිම වෙන එකක් නැහැ. රානා ගෙට ගොඩ වෙන්න හදද්දිම නාගා එක්ක හිටිය පුද්ගලයා(එජාස්) ගැන තොරතුරක් ස්‍රීනිගෙන් දැනගන්න ලැබෙනවා. නාගා එජාස් එක්ක බාර් එකේ හමුව අතරෙදි රානා එජාස්ගේ කාර්යාලට රහසේ ඇතුල් වෙනවා. බැලින්නම් මෙයා CBI නිලධාරියෙක්. මෙයා ප්‍රින්ස්, OB, රානා හැමෝම ගැන තොරතුරු එකතු කරගෙන තිබුණා.
ඉන්දියානු චිත්‍රපට, ටෙලි නාට්‍ය වලින් වැඩිහරියක්ම ආදර්ශයක් දෙන බොලඳ කතා තමයි පෙන්වන්නේ. ඒ වුණත් මේ ලෝකේ ජීවත් වෙන්න නම් යථාර්ථය දකින්න ඕන. හරියට මේ කතා මාලාව වගේ. ලෝකයේ මේක තමයි සිද්ද වෙන්නෙ. කෙලවෙද්දෙන්! ඔය සංවිධාන තඹ දොයිතුවකට වැඩක් නැහැ. අපේ සුපරික්ෂාකාරී බවට ගොඩක් වැදගත් වෙනවා. හැමෝටම පෙර සූදානම තියෙන්න ඕන. මොකද අපි රෝස කැලේ මල් එක්ක ජීවත් වෙන්න ආව අය නෙවෙයි. මේ දේවල් සබ් එක කරගෙන් යද්දි එක පාරටම හිතුන දේවල්. ඒ ඇරෙන්න මේ වගේ ආදර්ශයක් මේ කතා මාලාවෙන් දෙනවද කියලා හොයාගන්න අමාරුයි. පවුල තමයි වැදගත්, ඒත් පවුලෙම ප්‍රශ්නයක් නම්? වෙලාවකට රානාට පවුලත්(නෝනා) ප්‍රශ්නයක් තමයි. වෙන මොනවා කියන්නද, මේ මම ලිපිය ලිව්වේ හොඳ සිහියෙන් කියලා තහවුරු කරලා කියනවා.
මේ කතා මාලාවට මයුර සුරාජ්, රවිඳු හෙෂාන්, සිසිත සමරතුංග, ආසිරි ප්‍රියන්ත යන සහෝදරවරුන් මගෙත් එක්ක එකතු වෙනවා. මයුර සහෝදරයාගේ තදබල බලකිරීම නිසා මමත් මේකට සම්බන්ධ වෙන්නේ. හතරවැනි කොටසට හේෂාන් සහෝදරයා උපසිරැසිය ලබා දුන්නා. ඉතින් හයවැනි කොටසින් අපේ පුරාවෘත්තය : ෆීන්ක්ස් සහෝදරයා හමුවේවි. ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,667 downloadsDownload Rana-Naidu-2023-S01EP05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Baiscopelk
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E05 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #Remove term: Rana Naidu S01E01 sinhala sub Rana Naidu S01E02 sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Achi
Anonymous
Mcho me series eka complete download krgnna link ekak baiscopedownload eke thynwda
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E05] Sinhala Subtitles | නාගාව මරන්න පුළුවන් කාටද? [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌