Watch Trailer

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP18: EP19 (2018) Sinhala Subtitles | නව ඇරඹුමක් නව සැලසුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම Re:ZERO එකේ දහවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ…

ඔන්න මම Re:ZERO එකේ දහවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.

මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ  Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ  8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.

කලින් එපසොඩ් එකේදී සුබරුට දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්න ලැබෙනවා වගේම යක්දෙස්සොන්ට දෙවැනි නැති තවත් ප්‍රශ්නයක් මුණගැහෙනවානේ, පස්සේ සුබරු අතින්ම එමිලියාව මැරෙනවත් එක්ක. අන්තිමට ඒ දේ නිසා පක්කු එයාගේ ඇත්තම ස්වරුපෙට ඇවිල්ල කලින් එපසොඩ් එක ඉවර වෙනවා. එතන ඉඳන් අද එපසොඩ් එක අද එපිය පටන් ගන්නෙම මරණයකින් මොකද කිව්වොත් සුපුරුදු විදියටම සුබරු මැරෙන නිසා. එයා ආයෙත් පටන් ගත්ත තැනට එනවා. ඒ ආවත් එයාට හැමදෙයක්ම එපාවෙලා ධෛර්ය කියන දේ නැති වෙලාම ගිහින් මේ නිසා සුබරු තීරණය කරනවා රෙම් එක්ක පැනල යන්න. ඉතින් සුබරු රෙම්ට යෝජනා කරනවා පැනල යන එක ගැන ඒත් රේම් කැමති වෙන්නේ නැහැ ප්‍රශ්න වලින් පැනල යන්න. ඒ උනත් ඔයාලට මේ එපසොඩ් එකේදී දැනගන්න පුළුවන් රෙම් කොච්චර සුබරුට කමතිද කියල ඒ විතරක් නෙවෙයි රේම් සුබරුට එයාගේ ආදරය ප්‍රකාශ කරනවා. මම ඔය ගැන එච්චරයි කියන්නේ කොහොම උනත් රෙම් සුබරුට ආයෙත් උත්සහ කරන්න ධෛර්ය දෙනවා ඒකෙන් සුබරු අලුත් සැලැස්මකුත් හදනවා හැමෝම බේරගන්න. අදට එච්චරයි ඊළඟ කොටසින් ආයෙත් හමුවෙමු. තව දෙයක් තියනවා අද එපිය තමයි හැමෝම දන්න “I Love Emilia” මුල් වෙන්නේ. එහෙනම් ඇනිමේ එක රසවිඳින්නකො.
ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,244 downloadsDownload Re-Zero-2016-S1-E18-E19.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

 

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

2,244 downloadsDownload Subtitles31 KB

10 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. Dilshan

    Thanks a lot. please give subs for anime series more.

  3. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. chanu mikhail

    thank u..

  5. podda

    thanks bro!!!!

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Ela bro

  9. Yasindu Kalana

    Thanks sub ekata

  10. Pavith Wijesooriya

    දැන් නම් කතාව පට්ට.ස්තූතියි අයියේ සබ් එකට...