කොනිචිවා මයි වීබ් ප්‍රෙන්ස්! ඔන්න ආයෙමත් අලුත් ඇනිමියක් අරන් මන් අවා. අන්තිමට මම සබ් එකක් දුන්නේ ගිය අවුරුද්දේ. දන්නවනේ ඉතින් ඔය විභාග හුටපට සෙට් වුණාම මේවාට කොයින්ද වෙලාවක්. ඉතින් හුග කාලෙකට පස්සේ තමන්ට කියලා කාලයක් වෙන් වුන තැන මම සබ් එකක් දාන්න ඕනේ කියලා හිතුවා. මේ පාර මම තෝර ගත්තේ Slice of Lif…
කොනිචිවා මයි වීබ් ප්‍රෙන්ස්! ඔන්න ආයෙමත් අලුත් ඇනිමියක් අරන් මන් අවා. අන්තිමට මම සබ් එකක් දුන්නේ ගිය අවුරුද්දේ. දන්නවනේ ඉතින් ඔය විභාග හුටපට සෙට් වුණාම මේවාට කොයින්ද වෙලාවක්. ඉතින් හුග කාලෙකට පස්සේ තමන්ට කියලා කාලයක් වෙන් වුන තැන මම සබ් එකක් දාන්න ඕනේ කියලා හිතුවා. මේ පාර මම තෝර ගත්තේ Slice of Life කියන කාණ්ඩයට අයිති කතාවක්. ඒ කිව්වේ මේකෙන් පෙන්නන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ කිසියම් නිශ්චිත අවදියක් ගැන. slice of life හැරුණු කොට මේක comedy, romance කියන කාණ්ඩ වලටත් අයිති වෙනවා. (මම හිතනවා මේ වෙද්දී ඔයාලාට Anime වල තියෙන genre පිළිබද යම්කිසි අදහසක් ඇති කියලා)
කතාවේ අන්තර්ගතය ගැන කතා කලොත් මේකේ ප්‍රධාන චරිතය කයිසකි අරටා (Arata Kaizaki) කියන වයස අවුරුදු 27 ක රැකියාවක් නොමැති කෙනෙක්. පලවෙනි කොටසින් පෙන්වන විදියට මොහු ජොබ් ඉන්ටවීව් බර ගානකට ගිහින් තියෙනවා. එත් ඒ එකක්වත් හරි ගිහින් නෑ. ඔහොම ඉන්ටවීවලින් පිරුණු තවත් දවසක් ඉවර වෙලා පොඩි ෂොට් එහෙකුත් දාගෙන තමන්ගේ බෝඩිමට එන කයිසකිට අමුතු ඩයල් එකක් මුණගැහෙනවා. මිනිහා ReLIFE කියලා ලැබ් එහෙක රියෝ කියලා agent කෙනෙක්. ඉතින් අපේ වෙරිමතින් ඉන්න කයිසකිට මේ රියෝ හාදයා පුංචි බෙහෙත් කරලක් දීලා කියනවා “ඔබට ඔබගේ ජීවිතයේ වුනු අතපසුවීම් හදාගන්න අවස්තාවක් ලැබුනොත් මොකද කරන්නේ. වාසනාවකට අපේ විද්‍යාගාරයෙන් බෙහෙතක් නිපදවලා තියෙනවා ඔබ වගේම අය වෙනුවෙන්. මේ කරල බොන්න. එවිට ඔබට නැවතත් පාසල් ශිෂ්‍යයකුගේ පෙනුම ලැබෙයි”. ඉතින් මේක අහලා අපේ කයිසකි කරලත් අරගෙන බෝඩිමට එනවා. ඔන්න දැන් පහුවදා එලි වෙලා. අපේ කයිසකි මූණ හෝදන්න නාන කාමරයට එනවා. මාර වැඩේ. මිනිහගේ මූණ හුගක් තරුණ පාටයි. ඔන්න දැනුයි මිනිහට මතක් වෙන්නේ කලින් දවසේ වෙරි මතේම අර පෙත්ත බීලා නිදාගත්ත බව.
ඉතින් මෙහෙම තරුණ පෙනුමක් ලැබුණු කයිසකි ඊළගට මොනවා කරයිද? එයා අයෙමත් හයි ස්කූල් යයිද? එයා තමන්ගේ ජීවිතයේ වුනු අතපසු වීම් හදා ගන්නේ කොහොමද? මේව දැනගන්න කරන්න තියන එකමදේ තමයි දැන්ම සබ් ටික බාගෙන කතාව binge කරන්න පටන් ගන්න එක.
මේ කතාවට IMDb එකේ 7.8 ක score එකක් තියෙනවා.( මමනම් කියන්නේ ඇනිමියක score එක IMDb එකෙන් බලන එක කිසිම තේරුමක් නෑ. කොටින්ම කියනවනම් IMDb කියන්නේ Hollywood චිත්‍රපටවලට ලකුණු ලබා දෙන්න හදපු database එකක්. එහෙම එහෙකින් ඇනිමියක් මනින එක මෝඩ වැඩක්. ඔයාලට ඇනිමියක score එක බලන්න ඕනේ නම් තියන හොදම database එක තමයි myanimelist.net කියන වෙබ් අඩවිය)
මේ කතාව ජපානයේ විකාශය වුනේ 2016 යේ සමර් එකේ. මුළු සීරිස් එකම කොටස් 13 කින් සමන්විතයි. හැම ඇනිමියකම වගේ මේකෙත් එක එපියක් විනාඩි 24ක් ධාවනය වෙනවා. මේක Sou Yayoi ගේ Web Manga එක පාධක කරගෙනයි නිර්මාණය වෙන්නේ. කතාව සජීවී කරණය කරන්නේ TMS Entertainment ස්ටූඩියෝ එකෙන්. අධ්‍යක්ෂණය කලේ Satoru Kosaka විසින්.
පොඩි FYI එකක්:- ඔයාලා anime බලනවානම් බලන්න හොදම player එක තමයි potplayer එක . අදම එයාලගේ ඔෆිසියල් සයිට් එකෙන් ඒක නොමිලේ බාගන්න. ඉතින් කතාව හොදයි කියලා හිතුනනම් යාලුවන්ටත් පෙන්නන්න. ඔයාලා ඉන්න හැම සෝසල් මීඩියා එහෙකම share කරන්න. එහම කරලා ලංකාවේ ඇනිමි කොමියුනිටිය වර්ධනය කරන්න දායක වෙන්න. ඒක තමයි අපිව තවත් ඇනිමි සීරිස් වලට සබ් දාන්න දිරිමත් කරන්න පුළුවන් එකම විදිය සහ ඇනිමි වලට සබ් දාන අයට කරන ලොකුම උදව්ව. සබ් එක ගැන හෝ ඇනිමි ගැන මොනවම හරි ප්‍රශ්න තියෙනවනම් යටින් කොමෙන්ට් කරන් යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
15 comments
Shiromal
sam fisherr
ඇනිමි බලන්න පුරැදුවෙනව කියන්නෙත් එක්තරා ආකාරයකට පෙත්තක ගහනව වගෙ වැඩක්තමා ඇබ්බැහි වෙලා ඇනිල අැමිනිලම යනව.ඉතිං එක නිසා මෙ සබ් එකට ස්තුති ප්ලිස් ගොඩාක් ප්ලිස්
Asiri sandakelum
නියමයි සහෝ මම ලගකදි බලපු හොද ඇනිමියක් තමයි මේක.මෙයාල මේ අවුරුද්දේ season 2 නැතුව OVA එකක් දුන්නේ මොකද මන්දා.කමක් නෑ OVA එකටත් සබ් දෙමු.එල!!
kaweesha kalyana
anime nam supiri...
Dasun Madawa Ranasinghe
thnx
geeganagamage
බොහොම ස්තුතියි මම පොඩි කාලේ ඉදලාම ඇනීමේ බලන්න හරිම ආසාවෙන්.
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dinukavimansa
download link ekak thiyenawada
denidu
Directserie බ්ලොග් එකේ ලින්ක් තියනවා.
Chanu mikhail
thanks bro., ela..,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
මේක නම් සුපිරි ඇනිමේ එකක්.මේ කමෙන්ට් එකත් දාන වෙලාව වෙනකොට එපි 6 ක්ම බලලා ඉවරයි.දැනටමත් කතාව හිතට අල්ලලා තියෙන්නේ.සබ් එකත් නියමේටම තියෙනවා.බොහෝම ස්තූතියි...❤️
bihandu
download karaganna bane
Pabasara Herath
sub eka download karanna bane. file type eka not allowed lu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Elam..
Thanks for Sub..
Good Luck..