ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අළුත්ම කොරියන් කතා මාලාවක්, Horror/ Mystery/ Thriller යන කාන්ඩයට අයත්. මේ වෙනකොට මේ කතා මාලාවට IMDb 8.0 සහ MyDramaList 8.4 ඉහල අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කතා මාලාවට එපිසෝඩ් 12 තියෙන්නේ. මේ වෙනකොට එපිසෝඩ් 10 විකාශනය වෙලත් ඉවරයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, ගු ගන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අළුත්ම කොරියන් කතා මාලාවක්, Horror/ Mystery/ Thriller යන කාන්ඩයට අයත්. මේ වෙනකොට මේ කතා මාලාවට IMDb 8.0 සහ MyDramaList 8.4 ඉහල අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කතා මාලාවට එපිසෝඩ් 12 තියෙන්නේ. මේ වෙනකොට එපිසෝඩ් 10 විකාශනය වෙලත් ඉවරයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
ගු ගන්මෝ කියන්නේ ජනප්‍රවාද පිළිබඳ මහාචාර්ය කෙනෙක්. ඔහු හදිසියේම රස්සාවෙන් අයින් වෙලා අවුරුදු 15ක්ම එක අත්භූත ව්‍යාපෘතියකට අවධානය යොමු කරනවා. අන්න ඒ ව්‍යාපෘතිය නිසාම මෙයාට මැරෙන්න සිද්ධ වෙනවා. ඒත් මෙයා මැරෙන්න කලින් ඒ වැඩේ බයානකකම නිසාම තවත් ජනප්‍රවාද පිළිබඳ මහාචාර්ය කෙනෙක් වුන යොම් හසන්ට ලියුමක් යවනවා හදිසියේවත් මං මැරුණොත් මගේ දුව සංයොන්ට උදව් කරන්න කියලා.
සංයොන් අවුරුදු පහේදි අම්මා එයාව තාත්තගෙන් වෙන් කරනවා ලොකු ප්‍රශ්නයක් නිසා. එදා ඉදන් එයාල තනියම ටිකක් දුෂ්කර සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒත් මෙයාලගෙ සාමාන්‍ය ජීවිතේ හිටිහැටියෙ වෙනස් වෙනවා සංයොන්ගෙ තාත්තා මැරුණ කියන ආරංචිය ආවහම. එතකොට එයාගෙ අම්මට සිද්ධ වෙනවා තාත්තව අන්තිම පාරද දකින්න ඔහුගෙ ගෙදරට සංයොන්ව එක්කන් යන්න. එහෙට ගියාට පස්සේ එයාගෙ ආච්චි එයාට අමුතු හිසකෙස් පලදනාවක් දෙනවා. එතනින් ඔක්කොම වෙනස් වෙනවා. මොකද එවෙලෙ ඉදන් නපුරු ආත්මයක් සංයොන්ට සම්බන්ද වෙනවා. මේ කාරණාවෙදි යොම් හසන් මහාචාර්යතුමා එයාට උදව් කරනවා මොකද ඔහුට හොල්මන් පේන හැකියාවක් තියෙනවා. මොකක්ද මේ ආත්මෙ? සංයොන්ගෙ තාත්තා අවුරුදු ගානක් තිස්සෙ කරපු අත්භූත ව්‍යාපෘතිය මොකක්ද? සංයොන්ට සම්බන්ද වුණ ආත්මයත් ඒකට සම්බන්දයිද? මේ හැම ප්‍රශ්නෙකට උත්තර ඔයාලට මේ කතාව තුලින් හමුවෙයි වගේම තවත් අත්භූත සිද්දීන් ගනාවකට මෙයාලට මුහුන දෙන්න වෙනවා සහ ඒවා විසඳන්නත් සිද්ධ වෙනවා.
එහෙනම් මේ වගේ හොල්මන් කතාවකට කැමති අය ඉන්නවා නම් අනිවාරෙන් මේක අරන් බලන්න පලවෙනි කොටසින්ම ඔයාලට කතාව අල්ලලා යයි. මේ කතා මාලාවට උපසිරසි ගේමු කියලා අදහස ගෙනාවෙ මයුර අයියා, ඉතිං මාත් සීරිස් එක අරගෙන බැලුවහම බලපු පලවෙනි කොටසෙන්ම වැඩේ අල්ලලා ගියා. ඔන්න ඒ විදිහට යුරාන් ධනුක/ මයුර සුරාජ්/ දුලක්ෂ්‍ය සම්පත්/ නයන බුද්ධික යන සහෝදරවරුන්ගේ උදව්වෙන් සහ රවිඳු හේෂාන් A.K.A Kan සහෝගෙ සහයෝගෙන් මේ කතා මාලාව අද ඉදන් ඔයාලට දෙන්න අපි පටන් ගන්නවා. ඒ වගේම ඉක්මනින් දැනට නිකුත් වෙලා තියෙන එපිසෝඩ් 10ම ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දෙවෙනි කොටස ඔයාලට යුරාන් සහෝ ගෙනෙයි. ජයවේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,891 downloadsDownload Revenant.S01E01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #MaxxA
- #Revenant S01 Sinhala subtitles
- #Revenant Season 1 Sinhala subtitles
- #Revenant Sinhala sub
- #Revenant Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Anonymous
Sung Jin-Woo
නියමයි ඉක්මනටම ඉතුරු කොටස් වලටත් සබ් දෙන්න. ගොඩක් ස්තූතියි.
Chinthana
Digatama korean denna. Mekath ikmanata denna me sathiyen meka awilla iwara wenawa
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මරු මරු. ඉක්මනට දෙන්න ඔක්කොම. බලන්න ගන්නම්.