සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසී සියළු දෙනාටම. මේ උණු උණුවේ අරගෙන එන්නේ Marvel/Disney එකමුතුවෙන් ගහන අලුත්ම සීරීස් එක වන Secret Invasion එකේ අවසාන එපිසෝඩ් එක. මේක නම් කරලා තියෙන්නේ “Home” හෙවත් “නිවහන” කියලා. සීරීස් එක බලනවා නම් දන්නවා ඇතිනේ ‘නිවහන’ කියන තේමාව මේ කතාවේ ඉතාම වැදගත් සහ අත්‍යව…

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසී සියළු දෙනාටම. මේ උණු උණුවේ අරගෙන එන්නේ Marvel/Disney එකමුතුවෙන් ගහන අලුත්ම සීරීස් එක වන Secret Invasion එකේ අවසාන එපිසෝඩ් එක. මේක නම් කරලා තියෙන්නේ “Home” හෙවත් “නිවහන” කියලා. සීරීස් එක බලනවා නම් දන්නවා ඇතිනේ ‘නිවහන’ කියන තේමාව මේ කතාවේ ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය අංගයක් කියලා.
කලින් එපිසෝඩ් එකේ වැදගත්ම දේ වුණේ “අස්වැන්න” කියලා කියන දෙයයි. එපිසෝඩ් එක නම් කරලා තිබුණේත් එහෙමනේ. මේ “අස්වැන්න” කියන්නේ Endgame සටනෙදී හැලුණු ඇවෙන්ජර්ස්ලාගේ ලේ වලින් ලබාගත්ත DNA. ග්‍රැවික්ට මේක ඕන කරලා තියෙන්නේ මේවයේ ගබඩා වෙලා තියෙන බලයන් ලබාගෙන සුපිරි-ස්ක්‍රල් කෙනෙක් වෙන්න, සහ එයාගේ මිනිස්සුන්ට ඒ බලයන් ලබා දීලා පෘථිවිය අල්ලගන්න.
ග්‍රැවික් සහ එයාගේ මිනිස්සු ගැන කතා කරනකොට අපි දැක්කනේ එයාගෙම නියෝජිතයෝ ටිකක් එකතු වෙලා එයාව බෙල්ල හිර කරලා මරන්න හදපු හැටි. ග්‍රැවික් මේ කැරැල්ලට සහභාගි වෙච්ච හැමෝවම මැරුවා. ඊටපස්සේ අණ කළා රෝඩිට එයාලගේ ගොඩනැගිල්ල තියෙන තැන එළිකරලා ජනාධිපති රිට්සන් ලවා ඒකට පහර දෙන්න කියලා. මේ ඔක්කොම කරන්නේ ෆියුරිට කියලා ‘අස්වැන්න’ ගෙන්න ගන්න. ඒක අන්තිමේදී හරියනවා කියලා අපි දැක්කනේ.
එපිසෝඩ් එක ඉවරවුණේ cliffhanger එකකින්. ෆියුරි ගිහින් එයාගේ සුපුරුදු ඇඳුම, eyepatch එකත් ඇතුළුව, දාගෙන ‘අස්වැන්න’ත් එළියට බහින්නේ ග්‍රැවික් එක්ක තියෙන ගනුදෙනුව ඉවරයක් කරලා දාන්න. ඉතින් ඒක කොහොමෙන් කොහොම ඉවර වෙයිද කියන එක මේ එපිසෝඩ් එක බලලම දැනගන්න.
Secret Invasion කොමික් සීරීස් එක Marvel Comics විශ්වයට විශාල බලපෑමක් කළා වගේම (ඒක ගැන තියෙන ලිපිය බයිස්කෝප් මංසලෙන් කියවලා බලන්න) මේ කතා මාලාවත් MCU එකේ ඉදිරියට ලොකු බලපෑමක් කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී එන Armor Wars ෆිල්ම් එක මේකෙන් set up කරනවා කියන්න පුළුවන්.
කතාව ගැන කියන්න තියෙන දේ තමයි; Marvel/Disney Plus එකමුතුවෙන් ගහපු හොඳම කතා මාලාවලින් එකක් කියන එක. ඒත් ෂෝ එකට තියෙන low ratings වලින් පේන්නේ කිසිම හයිප් එකක් නැති බවයි. Fandom එකේම ගොඩක් අයට වුණත් දැන් She-Hulk වගේ සීරීස් එක්ක Marvel/Disney Plus shows එපා වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ සුපිරි කතා මාලා මඟහැරෙන එක නම් කණගාටුවට කරුණක්.
එහෙනම් ඉතින්, මගේ තුන්වෙනි MCU කතා මාලාවේ උපසිරසි ගැන්වීම මෙතනින් අවසාන කරන්නම්. මුල සිට අග දක්වාම හැම එපිසෝඩ් එකක් ම නැරඹුව අයට ස්තුතියි. එහෙම නම්, අලුත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු
පීස් ✌️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
9,894 downloadsDownload Secret.Invasion.-S01E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Secret Invasion S01 Sinhala sub
- #Secret Invasion Season 1 Sinhala sub
- #Secret Invasion Sinhala sub
- #Secret Invasion Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #subtitle
- #TV
- #සනුප රන්මෙත්
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
19 comments
Chan
Nimsara.
ada dawasema meka koi welaweda danne kiyala balagena idiye.. thanx brother.
n3thmal
ela
Prasanga
Thanks
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Asanga kb
thank you wewa brother...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Hashan
Thnx Bro....❤️
Thisara
Thanks bro
Jihan Sachintha
බොහෝම ස්තූති සබ් එකට.පුළුවන්නම් FOUNDATION S02 එකටත් සබ් දෙනවද
viraj
thanks.......
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥එල්. සී. දමැල්
එහෙනම් ඒකත් අහවරයි නේද මලේ. බොහොම ස්තුතියි රියලබල් විදිහට මේ වැඩෙත් කලට වෙලාවට අවසන් කළාට.
ආයෙ තව මාවල් කතා මලයාගේ අතින් පරිවර්තනය වෙලා ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනව ඉදිරියෙදි. :D
ජය! ✌Ravindra
Thanks
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Secret Invasion [S01 : E06] Sinhala Subtitles | නිවහන… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Secret-Invasion-2023-B.jpg)


Thanks mchn subs walata