ආයූබෝවේවා හැමෝටම. ඔන්න එහෙනම් ටිකෙන් ටික අපි අවසානයටත් කිට්ටු වෙලා. සියළු රහස් එළිවෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටසෙත් සිත්ගන්න සිදුවීම් කීපයක්ම උනා. අහිංසක පෙනුමට ඉන්න අති භයානක ආදරණීය ඝාතක ජෝඩුව මුලින්ම හම්බෙන හැටි අපිට බලාගන්න පුළුවන් උනා. . මේ දෙන්නා කෙයිලිව පැහැරගෙන ගිහින් එමගින් කැසී න…

ආයූබෝවේවා හැමෝටම. ඔන්න එහෙනම් ටිකෙන් ටික අපි අවසානයටත් කිට්ටු වෙලා. සියළු රහස් එළිවෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටසෙත් සිත්ගන්න සිදුවීම් කීපයක්ම උනා. අහිංසක පෙනුමට ඉන්න අති භයානක ආදරණීය ඝාතක ජෝඩුව මුලින්ම හම්බෙන හැටි අපිට බලාගන්න පුළුවන් උනා. . මේ දෙන්නා කෙයිලිව පැහැරගෙන ගිහින් එමගින් කැසී නොහොත් මේගන්ව අල්ලගන්න හැදුවත් පස්සේ මේගන් ලොකු වෙහෙසක් දරලා කෙයිලිත් එක්ක එතනින් පැනගන්නවා. ඒ වගේම ගෝල්ඩ්බර්ග් මෙහෙම සල්ලි වලට පොලීසියේ තොරතුරු පිටට දෙන්නේ ඇයි කියලත් දැන් අපි දන්නවා. තමන් දීපු තොරතුරු මත හැරීව ඝාතනය කරලා කියලා දැනගත්තම ගෝල්ඩ්බර්ග් ගොඩක් බයවෙන බවත් අපි දැක්කා. කැසීගේ පරණ පෙම්වතා සහ අළුත් පෙම්වතා පළමු වතාවට හමුවෙනවා වගේම ඒක කෙළවර වෙන්නේ හොඳකින්නම් නෙමෙයි. අවාසනාවන්ත විදියට මියගිය හැරී වෙනුවෙන් ලොරේන් වයිපර්ස් එකේ පවත්වන අනුස්මරණයත් ගොඩක් සංවේදී අවස්ථාවක් උනා. මේ අතර රේගේ අපැහැදිලි මතකයන් අළුත් කරගන්න උවමනාවට රේ ආපහු වයිපර්ස් එක ගාව වන ලැහැබට ආපහු යනවා. එතනදී රේට මතක් වෙන දේවල් එයාට වගේම අපිටත් තාම අපැහැදිලියි වගේම රේ දිහාට ලොකු සැකයකුත් එල්ල වෙනවා. අන්තිමට අපි දැක්කේ මේගන් සහ කෙයිලිට ආරක්ෂාව දෙන ගෝල්ඩ්බර්ග්ව කාල්ටන්ගේ තාත්තා වෙනුවෙන් වැඩ කරන කුලී ඝාතකයා මරලා දාන විදියයි.
අද කොටසත් ගොඩක් වැදගත් එකක්. මොකද ඔක්කොම රහස් එළිවෙන්න පටන් ගන්නේ මේ කොටසත් එක්ක තමයි. අවුරුදු ගාණක් රහසක් වෙලා තිබුන මේගන්ගේ අනන්‍යතාව අද ඩේව්ට දැනගන්න ලැබෙනවා. ඒකට ඩේව් කොහොම් ප්‍රතිචාර දක්වයිද කියලා අපි බලමු. ඒ වගේම කාල්ටන්ගේ අතුරුදහන්වීම ගැන මයිකල් තවත් හෝඩුවාවන් හොයාගන්නවා. ඒ වගේම සුපුරුදු විදියට අන්තිමට පුදුම හිතෙන දෙයක් හොයාගන්න ලැබෙනවා. එහෙනම් තවත් විස්තර කියන්න ඕන නෑ. අවසාන කොටසින් ඉක්මනින් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,673 downloadsDownload Stay.Close_.S01E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stay Close S01 Sinhala Subtitles
- #Stay Close Season 1 Sinhala Subtitles
- #Stay Close Sinhala Sub
- #Stay Close Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Anonymous
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රSahan Gayantha
thank you for the subtitle brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thanks jayawewa....!