Watch Trailer

Robin of Sherwood (1984) [S01 : E01- Robin Hood and The Sorcerer (Part 1)] |with Sinhala Subtitles | අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! ඔන්න ඉතින් සැහෙන කාලෙකට පස්සේ ආවා වැඩේ නම් ගොඩාක් පරක්කු වුනා. අපි කවුරුත් දන්න ලොකු පොඩි බාල මහළු කවුරුත් ආසාවෙන් බලපු පිස්සුවෙන් වගේ තාමත් බලන රොබින්හුට් Robin Hood (TV Series 1984–1986), හරි යන සබ් එකක් හොයා ගන්න ගොඩක් හොයන්න වුනා. හොයා ගත්තටත් පස්සේ ඒක හරියන්නෙත් නෑ. ඉතින් දාගෙන වැඩ…

Robin of Sherwood 1

ආයුබොවන්!!!

ඔන්න ඉතින් සැහෙන කාලෙකට පස්සේ ආවා වැඩේ නම් ගොඩාක් පරක්කු වුනා. අපි කවුරුත් දන්න ලොකු පොඩි බාල මහළු කවුරුත් ආසාවෙන් බලපු පිස්සුවෙන් වගේ තාමත් බලන රොබින්හුට් Robin Hood (TV Series 1984–1986), හරි යන සබ් එකක් හොයා ගන්න ගොඩක් හොයන්න වුනා. හොයා ගත්තටත් පස්සේ ඒක හරියන්නෙත් නෑ. ඉතින් දාගෙන වැඩේ කරා ඔන්න. හ්ම් ඔන්න එහෙනම් කතා නවත්තලා  වැඩේට බහිමු.

කතාව ගැනනම් කියන්න දෙයක් නෑ ඉතින් ටිකක් කියන්නම්. Action, Fantasy, Drama ගනයට තමා අයත් වෙන්නේ. ඉතින් විනාඩි 60 ක් එක කතාවක් තියෙනවා. රිලිස්වුනේ 1984 ජනවාරි 15 (USA) දා.

පළවෙනි කතාවෙන් තියෙන්නේ රොබින්හුඩි කණ්ඩායම සෙටි කරගන්න සිද්දිය. මේ ඔක්කොම සිද්දිය පටන් ගන්නේ මච් රොබින් දෙන්නා දඩයමේ ගිහින් හිරේට දානවා ගිස්බන්. මෙයාගේ සෙට් එකෙන් බාගයක්ක එහේ. මැරියන් හම්බ වෙන්නේත් මේ කොටසෙන් තමයි. ලිට්ල් ජොන් බන්දනයනට අහුවේලා, ඉන්නවෙලාවෙදි රොබින් බෙර ගන්නවා. ඔය විදිහට කණඩායමේ ටික දෙනෙක් මේ කොටසින් හම්බ වෙනවා. එ වගේම රොබින්හුඩ්ගේ අරමුණ දෛවය මේ ඔක්කම එයාට හර්න් මුල්ම වරට කියන්නේ මේ පලවෙනි කොටසෙන්ම තමයි. එහෙනම් කතාව බලමු.

විශේෂයෙන්ම කියන්න ඕන මේ කොටසේ ගොඩාක් ලයින් සමිර සහෝ කරලා එව්වා. එතුමාටත් මගේ මේ වැඩේ කරගන්න උදව් දිපු සැමටත් මගේ තුති.

බයිස්කොප් එකේ සෙට් එකටයි. ඔයාලා සියළු දෙනාටත් තෙරුවන් සරනයි……!

Robin Hood (1984-1986) on IMDb

 

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,683 downloadsDownload Robin-Hood-S01E01.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

3,683 downloadsDownload Subtitles17 KB

63 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Saman Indika

    Digatama denna maga nawathtanae natuwa thanks

  3. නලින් පෙරේරා

    අප්පට සිරි කිව්වලු! මේක දැක්මත් ආසාවේ ‍පණ ගියා ඔයි.! සිරාවටම ස්තූතියි මචං චන්දිම. ස්තුතියි වේවා ඇත්තටම අපි වෙනුවෙන් මේ සිංහල සබ ගෙනාව‍ට. ජය වේවා෴

    1. gas and co

      down load link ekak ewapan saho puluwan nam

    1. hasitha

      direct link ekata thanks saho....

    2. gas and co

      brother,

      Me link eka wada karanne nah ne..
      pls puluwan nam wada karana ekak danna

      thanks

  4. thilina

    adee uabala tama adahanna ona manusayo bn .pin bn uba meka dunata thx .digatama dipan ela

  5. Tharaka

    Robin of Sherwood කතා මාලාවටත් සබ් දෙන්න පටන් අරගත්ත එක ගැන හරිම සන්තෝසයි බන්. මේක කවදාවත් පරණ වෙන්නෙ නැති කතා මාලාවක්. මේ වගේ එවාට සබ් ලැබෙන්නේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් විතරමයි. හැමදාමත් මේ වෙබ් අඩවිය අංක එක ඒ නිසයි. සබ් වලට බොහෝම ස්තූතියි! පුලුවාන් තරම් ඉක්මනින් අනිත් කොටස් වලටත් සබ් දෙන්න මචන්! ජය වේවා!

  6. Haritha Dayanga

    ශා
    එලම වැඩකට අතගහලා තියෙන්නෙ
    ලබන මාසෙ තමා බාන්න වෙන්නෙ
    සබට ස්තූතී

  7. Ruki

    niyamai......

  8. Chamith

    එලම කිරි...kochchara baluwoth athi wen na meka

  9. Amalka Himeshan

    Thanks

  10. Denidu Nimsara

    සබ් එකට ස්තුතියි .ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

  11. Isuru

    Thanks for sub pattai hode

  12. anurA

    අපේ පුුන්චි කාලේගැන අපි හැමෝටම සුන්දර මතකයක් තියෙන්නෙ .. පුන්චිකාලේ ගැන කතාවෙනකොට ඉස්සෙල්ලම අපි හැමෝටම මතක් වෙන එකතම්යි .රොබින් හුඩ් .එ කාලේ ගමටම tv ekaiදෙකයි තිබුනෙ .ඒකත් balck&amp;white .මට මතක විදිහට රොබින් හුඩ් තිබුනෙ සෙනසුරාද ඉරිදා 4ට වගෙ .රොබින් හුඩ් තියන දවසට උඩේම අපි ඔයට නාන්න යනව .එන්නේ 2ට විතර.ඒ ඇවිල්ලා කාපුගමන්දුවන්නේ රොබින් හුඩ් බලන්න ඉලගට ලස්සනම දේ තමයි රොබින් හුඩ් සෙල්ලම.දුනු හදාගන කඩු හදාගන ටක් වගේ දිග පොලු හදාගන ....කොයිතරම් ලස්සන කාලයක්ද රොබින් හුඩ් එක්ක අපි ගෙවපු පුන්චි කාලේ.තාම්ත් එ කාලේ මතක් වෙනකොට සතුටක් වගේම සෑහෙන දුකකුත් දැනෙන්නේ.අයේත් ඒ කාලෙටයන්න තියනවනම් .එ ගැන කතා කරන්න ගියොත්අද දවසෙම ලියන්නපුලුවන්.චන්දිම සහෝදරයා බොහොමත්ම ස්තූතියි මේකතාවට සුබ් කරන එකට .අයේත් අපේ පුන්චි කාලෙට ඉගිල්ලිලා යන්න පුලුවන් දිගටම කරගන යමු.ජයවේවා.

  13. sudantha

    අඩෝ පිස්සු පොරක්නේ මරු ඩො මරු

  14. ප්‍රේමකුමාර

    බොහොම සතුටුයි. සියල්ලට ම සබ් දෙන්න. ඔබට බොහො ම පින් සහෝ.

  15. yeshu

    Tnx

  16. කේ.යූ.ජී. උදාර

    වටින වැඩක් මචෝ........... ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු. සිංහල සබට බොහොම ස්තූතියි.

  17. indika

    Thanks For Sub

  18. Kalum Gunasekara

    එළ එළ. ලොකු දෙයක් මේක දුන්න එක

  19. hasitha

    niyamama niyamayi.meke episode 26ma thibbath sinhala sub na.adahanna ba msg eka dakkama.bohomathma sthuthiy oyata.a wagema KNIGHT RIDER 1982 sinhala sub ekath baiscope eken balagena innawa.meka lesi wadak nemei.dapu eka maara watinawa.

    hamotama jaya wewa..!

  20. සාෂා ස්වර්ණලතා

    පුංච් කාලේ බලපු මේ tv series එක කොච්චර දැනුනද කියනවනම් phone එකේ ringing tone එක අදටත් ඒ music 1ක.
    පුළුවන් නම් අනිත් රොබින් ඉන්න wallpaper 1ක් දාන්න.

  21. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක්

  22. විමා

    බොහොම ස්තුතියි චන්දිම උපසිරසට
    අත ගහල තියෙන්නේ ලේසි පාසු වැඩකට නෙමේ
    කට්ටිය කමෙන්ට් එකක් දාල සැප් එක දේවි කියල හිතනවා
    ජයෙන් ජය වේවා අමරේ

  23. Saman Prasad

    කියන්න වචන නෑ චන්දිම අයියේ.
    හෙන ලොකු වැඩකට අයියා අත ගහල තියෙන්නෙ.
    Robin Hood ගැන ලෝකෙ වගේම ලංකාවෙත් නොදන්න කෙනෙක් නෑ.
    අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් වදින පිටුවහලාගේ කතාව අරගෙන ආවට හුඟක් ස්තූතියි...
    ජය වේවා අයියේ...!!!

  24. Sanj

    Thanks bro

  25. Kawshalya Dushyan

    අම්මා ගහයි බැට් එකෙන් කිවුවලු......පිස්සු හැදෙනවා....
    බොහොම තුති සහෝ සබට....
    දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා...
    ජය...

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. Amila Thisura

    නියම වැඩක් සහෝ දිගටම sub දෙන්න...

  28. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. kent

    wow supirine :)

  30. kent

    torrent file eka wada naththe mge withrada O.o

  31. Dilun

    ගොඩක් ස්තූති සහෝ... මේක තමයි රොබින් හූඩ් නියම සීරිස් එක. මෙවගේ ඒව සබ් කරල නිකන් දෙනව කියන්නෙ, කියන්න වචන නෑ....

  32. Dil Ru

    හම්මේ නියමයි ඈ. දිගටම දෙමු එහෙනම්.

  33. Nipuna pravee

    Thankx Saho.........sub dunnata,,,,,,,,,,,

  34. Ruwantha

    Niyama vadak...Godak kalayak thisse balagena hitapu katavak Sub denakam
    Thank you Bro

  35. මනෝජ්

    සුපිරි මචෝ සුපිරි. පොඩි කාලෙ කොල්ලො කෙල්ලො වෙනසක් නැතුව ඔක්කොම බලපු කතාවක් මේක්. වැඩිහිටි, බාල, තරුණ කියල වෙනසක් නැතුව සති අන්තෙ එනකන් බලාගෙන හිටියේ මේක් බලන්න. පලවෙනි එකේ රොබින් මැරුනාම දුකට ඇඩුනා. ඊට වඩා දුකයි ඊලග එකේදී රොබින් මැරිලා කියල මැරියන් නගා සිස්ටර් කෙනෙක් වෙන එක. රොබින් හුඩ් බලල අපිත් ඒ වගේ දුනු කඩු වලින් ෆයිට් කලා. අද කාලේ පොඩි එවුන් ඉතින් ෆෝන් වලයි ලැප් වලටයි එහා ලෝකයක් දන්නේම නැහෙනේ. ටිවී එකේ තුන් හතර පාරක් බලල තිබුනත් ආයිත් බලන්න ආස හිතුනා සබ කරන නිසා. තැන්කූ සහෝ..... එල එල....මේ වගේ මායා බන්දන වගේ ඉස්සර සින්හලෙන් බලපු කතාත් දෙන්න

  36. Nalaka Uggahakumbura

    මම ගොඩක් වෙලාවට කොමෙන්ටු දාන්නේ නැහැ. එ්ත් මේකට නොදා බැහැ. හේතුව අපේ පුංචි කාලේ 1985-1989 කාලේ අපිව වීරයෝ කරේ මේ TV Series එක. අායෙත් බලන්න අාසාවක් අැති වුනා. ගොඩක් ස්තූතියි.

  37. Dinuwan

    Aluth ake sub karala dapan bn............

  38. GAZ

    මේ පරණ මගුල් නෙවෙයි බන් Daredevil කතා සෙට් එකේ ඉතුරු ටිකට සබ් දිපාල්ල...
    මේක දැන් විකාර සයිට් එකක් වෙලා..

  39. හසන්ත

    නියමයි චන්දිම මල්ලි!! ඉඳල ඉඳල සුපිරිම වැඩකට අත ගැහුවේ. මම බලපු පලවෙනි ටීවී සීරිස් එක වගේම අදට උනත් ගොඩ දෙනෙක්ගේ රින්ග් ටෝන් එක වෙලා තියෙන කතාවක්.

  40. Rumesh Asanka

    youtube 1ke තියෙනවා හොදට පැහැදිලි 1k [147mb]ඒකට sub දෙන්න pls

  41. Dimal

    චන්දිම. ස්තුතියි වේවා මේ සිංහල සබ ගෙනාව‍ට. ජය වේවා

  42. mithun

    පිස්සු හැදෙනව කිව්ව........ මෙ කතාවට සබ් දිලනෙ යකො..
    බ්‍රො බොහොම ෆිං මම ටිවි සිරියස් නම් බලන් නෑ බැලුවොත් හොදම එකක් තම ඉතින් .. මෙක නම් අනිවාර්යයෙන් බානව ලබන මාසෙ... මොකද ඔහෙල දෙන ෆිල්ම් පිරිල හාර්ඩ් එකෙ..
    එව බලල free එකෙ බානව දිගටම දෙන්න සහො මෙක ඔයාට තුති

  43. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාව...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ...

  44. Tharindu Athukorala

    නියමයි.ආ...තැන්ක්ස්

  45. Amila

    ela.bbc robin hood eke ewath damu saho

  46. Paz

    ane thanks bokkha.mama godak kaaleka idan balan hitiye mekata sub denakan.mekata sub daala kiyala dekkahama apu sathuta wachana walin kiyanna be.godakma sthuthi bro.KEEP IT UP.GOOD LUCK BRO.Jaya Wewaaaaaaaaaaaa.

  47. Tharindu asanka

    HOYA HOYA HITAPU EKAK THNX SAHO......

  48. mithun

    කවුරු හරි හෙල් එකක් දෙනවද මෙකෙ ඩව්න්ලොර්ඩින් කරගන්න.
    දිල තියෙන ලින්ක් එකෙ mbගාන නෙවෙනෙ අල්ලන්නෙ
    ඇයි එ

  49. Prasad Kandamulla

    මරු වැඩක්.......නියමයි......
    බොහොම ස්තුතියි සහෝ......වැඩේට...........

Load more comments