Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ් ඔහේගේ දිව කැපුවද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න දෙවනි කොටසත් අරගෙන ආවා. ගිය සැරේ කොටස බලපු අය දකින්න ඇති, මේ කතාව වැඩියෙන් හාස්‍යජනක වගේම වීර කතා අතටත් බර කතාවක් බව. මට හිතෙන්නේ මේක වැඩියෙන්ම කෙල්ලන්ට වඩා කොල්ලෝ කැමති වෙන විදියේ කතාවක් කියලයි. ඒ වගේම පරණ රොබින්හුඩ් කතාමාලාවට පස්සේ හැදුනු හොඳම රොබින්හුඩ් කතාව මේක කියලයි මට හිතෙන්නේ. මගේ මතය…

ඔන්න දෙවනි කොටසත් අරගෙන ආවා. ගිය සැරේ කොටස බලපු අය දකින්න ඇති, මේ කතාව වැඩියෙන් හාස්‍යජනක වගේම වීර කතා අතටත් බර කතාවක් බව. මට හිතෙන්නේ මේක වැඩියෙන්ම කෙල්ලන්ට වඩා කොල්ලෝ කැමති වෙන විදියේ කතාවක් කියලයි. ඒ වගේම පරණ රොබින්හුඩ් කතාමාලාවට පස්සේ හැදුනු හොඳම රොබින්හුඩ් කතාව මේක කියලයි මට හිතෙන්නේ. මගේ මතය ඇත්තද කියලා ඔයාලම කියන්නකෝ. ඉතින් කොයිකටත් පරණ කතාවේ සාරාංශයකුත් මතක් කරන්නම්.

පසුගිය කොටසින්…

රිචඩ් රජු එක්ක කුරුස යුද්ධයට ගිය ලොක්ස්ලි හි රොබින්, තමන්ගේ සේවකයා වන මාච් එක්ක ආපහු ගමට එනවා. ලොක්ස්ලි ගම අයිති වංශාධිපතියා වන එයා එද්දි දකින්න ලැබෙන්නේ, තමන් නැති කාලෙදි නොටින්හැම්වල අයුක්තිය, අසාධාරණය පැතිරිලා තියෙන හැටියි. තමන් යනකොට ෂෙරිෆ් විදියට හිටපු, මැරියන්ගේ තාත්තාව තනතුරෙන් පහ කරලා. මිනිස්සු හාමතේ. තමන්ගේ මන්දිරයත් ගිස්බන් අයිති කරගෙන. ඒ වගේම තමන්ගේ ගමේ ඉන්න කොල්ලෝ කීපදෙනෙක්ව පිටි හොරකම් කළාට, එල්ලලා මරන්න යන හැටි දකින රොබින්, තවත් අසාධාරණයට යටත්ව ඉන්නේ නෑ. අවසානයේදි මරන්න යන අයව බේරගන්න රොබින්ට සිද්ධ වෙන්නේ, තමන්ගේ වතුපිටි, දේපළවලට සමු දීලා, කැලේ පනින්නයි. ඒ ඉදිරියට තමන්ගේ සගයන් වන මාච්, ඇලනඩේල් හා විල් ස්කාලට් එක්කයි. නමුත් ඒ වෙනකොටත් ෂර්වුඩ් වනයේ තව පිරිසකුත් ඉන්නවා.

මෙවර කොටසින්…

රොබින් පිටුවහලෙක් වුනු නිසා, ෂෙරිෆ් ගිස්බන් එක්ක ලොක්ස්ලිවලට ඇවිත්, මිනිස්සුන්ගෙන් අහනවා කෝ රොබින් කියලා. ඒත් තමන්ගේ ස්වාමියාව පාවලා දෙන්න මිනිස්සු ලෑස්ති නෑ. ඉතින් ෂෙරිෆ් පටන් ගන්නවා, රොබින් කොහෙද කියලා කියනකම්, පැයකට එක්කෙනා ගානේ ගම්මුන්ගේ දිවවල් කපන්න. රොබින් මේ අතරේ වෙනම ප්‍රශ්නයක ඉන්නේ. එදා කොටසේ අවසානයට පෙන්නපු අනිත් පිටුවහල්ලු කල්ලිය මතක ඇතිනේ. එයාලා රොබින්ගේ කණ්ඩායම ගස් බැඳලා, තියෙන දේවලුත් හොරකම් කරගෙන යනවා. ඊට පස්සේ රොබින් යන්නේ ඒ කට්ටියට පාඩමක් උගන්නන්න. ඉතින් ඉතුරු ටික කොහොම වෙයිද කියලා ඔයාලා බලන්නකෝ. ගිය වතාවේ කමෙන්ටු දැම්ම අයටත් මම ස්තූති කරන්නම ඕනි. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනට හමුවෙන්නම්. ඔබට ජය!

ප. ලි. – උපසිරැසියේ මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බයිස්කෝප් අඩවියට ඊමේල් එකක් දාන්න. මොකද මේක විතරමයි ඉන්ටර්නෙට් එකේ ඉංග්‍රීසි උපසිරැසියකට තියෙන්නේ. මගේ වීඩියෝවලට හරි ගියාට, සමහර වීඩියෝවලට දෙබස් එහාමෙහා වෙලා වැඩ කරන්න පුළුවන්. Pot player එකේ බලන අයට නම් යතුරු පුවරුවේ <, > ලකුණු ඔබලා උපසිරැසිවල කාලය එහාමෙහා කරගන්න පුළුවන්. මේවට ගැළපෙන වීඩියෝ ලින්ක්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවිය හරහාත් හොයාගන්න පුළුවන්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,403 downloadsDownload BBC.Robin_.Hood_.S01.E02.Baiscopelk.com_.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,403 downloadsDownload Subtitles22 KB

25 comments

  1. ak

    sUB EKATA THANKS.DIGATAMA SUB EKA DEMU.

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු......

  3. geeganagamage

    බොහොම ස්තුතියි පලවෙනි කොටස බැලුවට පස්සේ දෙවනි කොටස දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .

  4. Hunter 99

    තෑන්ක්ස් බන්

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho

  7. zeal

    Thanx Bro... Anith tikath ikmanata denna...

    Iwasillak Nathuwa Inne Sub 1ka enakam...

    1. Nowa96

      download link ekak nadda?

  8. Ayesh Prashan

    Thank You

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට පුලුවන්නම් රොස්වෙල් සීසන් 3එකටත් සබ් දියන්කො

  11. Chathura Abesiriwardhana

    thanks bro

  12. nisalt

    Congrats Bro

  13. thanujamilandi

    Thank you sub ekata... Jaya wewa!!!! BS!!!!

  14. madawaththa

    Tnx bob..

  15. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි බොබී....

  16. Dush_S

    thnkz saho...

  17. Kulanjana Maduranga

    subata thanks saho

  18. sasala

    thanks sub denawata.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Udara Damith Dissanayaka

    ela................

  21. LahiruPriyankara

    Thanks bro.....asama tv sieries ekak

  22. Tharindu Katuwawala

    thanks brother

  23. Lakshan MLS

    elama

  24. Viraj

    Thanks