ඉතින් යාළුවනේ, ඔන්න රොබින්හුඩ් දෙවනි කතා සමයේ ඇරඹුමයි මේ. මේ සීසන් එක BBC නාලිකාවේ විකාශය වෙලා තියෙන්නේ 2007 ඔක්තෝබර් 06 වෙනිදා. සීසන් මාරු වුනාට, කලින් සීසන් එකේ හිටිය චරිත ටිකම මේකෙත් ඉන්නවා. මේක රූපවාහිනියේ බලද්දි, මට නම් ඇත්තටම සීසන් එකක් මාරුවුනා කියලා දැනුනෙවත් නෑ. ඉතින් මේ කතා සමයෙත් කොටස් 1…

ඉතින් යාළුවනේ, ඔන්න රොබින්හුඩ් දෙවනි කතා සමයේ ඇරඹුමයි මේ. මේ සීසන් එක BBC නාලිකාවේ විකාශය වෙලා තියෙන්නේ 2007 ඔක්තෝබර් 06 වෙනිදා. සීසන් මාරු වුනාට, කලින් සීසන් එකේ හිටිය චරිත ටිකම මේකෙත් ඉන්නවා. මේක රූපවාහිනියේ බලද්දි, මට නම් ඇත්තටම සීසන් එකක් මාරුවුනා කියලා දැනුනෙවත් නෑ. ඉතින් මේ කතා සමයෙත් කොටස් 13 ක් තියෙනවා. අපි ඉතින් මුලින්ම පසුගිය කොටසේ වුන දේ මතක් කරගමුකෝ.
පසුගිය කොටසින්…
ෂෙරිෆ්ගේ කණ්ඩායම රොබින්ලා ඉන්න තැන වැටලුවත්, ඇලනඩේල් හා විල් ආපහු ඇවිත් කට්ටිය එක්ක සටන් කරන නිසා, ෂෙරිෆ්ටත් ගිස්බන්ටත් ආපහු පලා යන්නයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මැරියන් මිය ගියා කියලා හැමෝම දුක් වෙවී ඉඳිද්දි, මැරියන් මැරිලා නැති බව යන්තම් ඇලනඩේල් දකිනවා. ඊට පස්සේ එයාලා මැරියන්ට ප්‍රතිකාර කරලා, ගිස්බන්ට අහු නොවෙන්න ආපහු ගෙදරට ගෙනියනවා. ඒ වගේම තමන්ට පක්ෂ වංශවතුන් කවුද, විරුද්ධ අය කවුද කියලා හොයාගෙන ඒ කරදරයෙන් බේරෙන්න, ෂෙරිෆ් හොඳ උගුලක් අටවනවා. ඒ රිචඩ් රජු ආපහු එනවයි කියලා ලොකු රඟපෑමක් කරලා, තමන්ට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන වංශවතුන්ව මරලා දාන එකෙන්. අවසානයේදි මාච් මේ රඟපෑම තේරුම් අරගෙන, ගිස්බන්ගෙයි – මැරියන්ගෙයි විවාහයත් නවත්තන හැටිත්, රොබින් එක්ක එකතුවෙලා සර් එඩ්වඩ්ව බේරගන්න හැටිත් තමයි අපි පසුගිය කොටසින් දැක්කේ.
මෙවර කොටසින්…
මැරියන් විවාහය නවත්තලා, තමන්ට කරපු අවමානය ගිස්බන්ට අමතක නෑ. ගිස්බන් ඒ නිසා දැන්නම් මැරියන්ට හොඳ හිතක් පෙන්නන්නේ නෑ. ෂෙරිෆ් නියෝග දුන්න ගමන්ම, ගිස්බන් ගිහින්, මැරියන්ගේ නයිටන් හෝල් ගෙදරත් ගිනි තියලා, එඩ්වඩ්වයි මැරියන්වයි මාලිගාවට අරන් එනවා. ඉතින් එයාලා දැන් ෂෙරිෆ්ගේ නියෝගයට යටත්ව, මාලිගාවෙන් පිටවෙන්න තහනම් කරලා තියෙන්නේ. මේ අතරේ කැලෑ පාර දිගේ නොටින්හැම් එන, සෙබලු පිරිවරා ගත්ත කාන්තාවක් රොබින්ලාට මුණ ගැහෙනවා. එයාව කොල්ලකන්න හදද්දියි රොබින්ලා දැනගන්නේ, එයාගේ පිරිස සටන්කාරයෝ බවත්, එයා ෂෙරිෆ්ගේ නිල ලාංඡනය තියෙන මුද්දක් දාගෙන ඉන්න බවත්. ඒ වගේම එයා ළඟ අමුතු සද්දයක් එන පෙට්ටියකුත් තියෙනවා. එයා කියන්නේ ඒකේ ඉන්නේ, එයාගේ බබාලා කියලා. ඉතින් එයාව කොල්ලකන්න අසමත් වෙන රොබින්හුඩ් කල්ලියට පැනගන්නයි සිද්ධ වෙන්නේ. ඔයාලා කතාව බලලම හොයාගන්නකෝ, මේ කාන්තාව කවුද, එයාගේ පෙට්ටියේ ඉන්න බබාලා කවුද කියලා. කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ. ඔයාලගේ දිරි ගැන්වීම් මට නම් හුඟක්ම වටිනවා. අපි ඊළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,176 downloadsDownload BBC.Robin_.Hood_.S02.E01.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
23 comments
deshanchandana
බොබී
මේකට මෙච්චර කට්ටිය කැමතිවෙයි කියලා මමවත් හිතුවේ නෑ. කමෙන්ටුවලට තුති සහෝ. මට පහුගිය දවස්වල කියන්න බැරිවුනා. ravidu ishan සහෝගේ profile picture එක නම් මරු. Thanks කියලා දාන කමෙන්ටුවට හරියටම ගැලපෙනවා.
ravidu ishan
zeal
Thanks Mcn... Digatama Denna..
Dhanushkadill
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChanaka
Ela ela tawath dina 13k asawean radi sitiyahaki.thanx saho
thumindu2000
Thanks saho digatama denna
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .
ravidu ishan
tnx mchn sub ekata ..!!
Thilina Jayarathna
THX BN
ak
Thanks bro.Digatama sub denna.May kathamaalawa hugak aasaawen thami balanne.Jaya wewa!
tom_tho
thank u mcho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
ammo..s2th patan aragena..thank you
Ashan Pramuditha
Thanks saho sub walata...
Kavishka Ransara
ela
DamithB
thanks
Machanla who has the torrent link for Robin Hood S02 AllDineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Ishan Madusha
බොහොම ස්තූතියි
Lasantharathnasirirox
ලස්සනයි වැඩේ හොඳයි.....දෙවැනි ගමනට සුබපැතුම් !
Lakshan MLS
thanks saho
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


bohoma stuthi saho hamadama balana kathawak obata jaya