ඔන්න යාළුවනේ, පැය පහ හයක් කී බෝඩ් එකත් එක්ක ඔට්ටු වෙලා, අද උපසිරැසියත් ගෙනාවා. පහුගිය කොටස්වලදි දැම්ම කමෙන්ටුවලට බොහොම ස්තූතියි. මේ සීසන් එකටත්, ඔයාලා කලින් එකට වගේම කැමති වෙයි කියලා හිතනවා. පසුගිය කොටසින්… තමන්ට වුනු අපහාසය නිසා කේන්තියෙන් ඉන්න ගිස්බන්, මැරියන්ගේ ගෙදර ගිනි තියලා, මැරියන්වයි, සර් එ…

ඔන්න යාළුවනේ, පැය පහ හයක් කී බෝඩ් එකත් එක්ක ඔට්ටු වෙලා, අද උපසිරැසියත් ගෙනාවා. පහුගිය කොටස්වලදි දැම්ම කමෙන්ටුවලට බොහොම ස්තූතියි. මේ සීසන් එකටත්, ඔයාලා කලින් එකට වගේම කැමති වෙයි කියලා හිතනවා.
පසුගිය කොටසින්…
තමන්ට වුනු අපහාසය නිසා කේන්තියෙන් ඉන්න ගිස්බන්, මැරියන්ගේ ගෙදර ගිනි තියලා, මැරියන්වයි, සර් එඩ්වඩ්වයි මාලිගාවට ගෙනියනවා. දැන් එයාලා දෙන්නම ඉන්නේ, ෂෙරිෆ්ගේ මාලිගාවේ එක විදියක හිරකාරයෝ විදියට. ඒ වගේම ෂෙරිෆ්ගේ දක්ෂ සහෝදරියත් නොටින්හැම් මාලිගාවට එනවා. එයාගේ උපක්‍රමයකට අහුවෙන රොබින්, මාලිගාවෙදි භයානක මරණයකට මුහුණ දෙන්න ගිහින්, අනූනවයෙන් බේරෙන්නේ. ඒ උත්සාහයේදි ෂෙරිෆ්ගේ සහෝදරිය මිය යන්නේ, තවත් රහසක් හෙළි කරමින්. ඒ, ෂෙරිෆ් අස්වාභාවික විදියකට මැරුනොත්, ජෝන් කුමාරයාගේ පිරිස මුළු නොටින්හැම් පළාතම විනාස කරන බවට, එයාලා කතා කරගත්ත ගිවිසුමක් තියෙන බවයි. මේ අතරේ ගිස්බන්ට අහුවෙන ඇලනඩේල්ට නිදහස් වෙලා එන්න ලැබෙන්නේ එක පොරොන්දුවක් පිටයි. ඒ රොබින් ගැන තොරතුරු, ගිස්බන්ට දෙන බවට පොරොන්දු වෙලා. ඉතින් දැන් රොබින්ගේ කඳවුරේ ගිස්බන්ගේ ඔත්තුකාරයෙකුත් ඉන්නවා. ඒ වගේම මේ රොබින්හුඩ් දෙවනි කතා සමය ගලා යන්නේ, ෂෙරිෆ් ඇතුළු කළු නයිට්වරු නමැති පිරිස, රිචඩ් රජුව ඝාතනය කරන්න හදන විවිධ සැලසුම් එක්කයි.
මෙවර කොටසින්…
අද ෂෙරිෆ් බලාපොරොත්තු වෙන්නේ, ජර්මනියෙන් එන සල්ලිකාර සිටුවරයෙක්ව. මේ සිටුවරයා සූදු කෙළියට හුඟක් කැමතියි කියලා දන්න ෂෙරිෆ්, එයාගේ ප්‍රධාන ශාලාවේ සූදු සෙල්ලම්වලට තැනක් හදනවා. ඉතින් සල්ලි ගොඩක් අරගෙන එන මේ සිටුවරයා, සෑහෙන මෝඩ කෙනෙක් වගෙයි පේන්නේ. ෂෙරිෆ්ට ඕනි එයාගේ සල්ලි ඔක්කොම දිනාගෙන, තමන්ගේ යුධ සල්ලි පෙට්ටිය පුරවාගන්න. ඔයාලා ෂෙරිෆ්ගේ හැටි දන්නවනේ. එයා ඒකට අදාළ උපක්‍රමත් යොදලයි තියෙන්නේ. මේ අතරේ, ෂෙරිෆ්ගේ ඒ සල්ලි තියලා තියෙන, අළුතින් හදපු කාමරය බිඳින්න රොබින්හුඩ්ලා එනවා. නමුත් ඒකේ තියෙන උගුල්වලට එයාලා සූදානම් වෙලා නෑ. ඉතින් එයාලත් හදන්නේ, මේ කාමරයේ තියෙන සල්ලි ටික අරන් යන්න, හොඳට පුහුණුවෙලා එන්නයි. මේ සිද්ධි දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා, ඔයාලා බලන්නකෝ. තුන්වෙනි කොටසින් ආයෙත් හමුවෙමු. සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,292 downloadsDownload BBC.Robin_.Hood_.S02.E02.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
15 comments
nkrtharinda95
ak
Sub ekata thanks.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChanaka
Thanx saho
Anuruddha Udaya
thanks for your service
Kulanjana Maduranga
subata thanks....
Ayesh Prashan
Thank You
thumindu2000
thank you saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Ishan Madusha
ස්තූතියි සහෝ
Lasantharathnasirirox
බොබීගේ දෙවැනි කරළියට සුබපැතුම් .....!!ස්තුතියි.
ravidu ishan
Tnx mchn sub ekata ...!!
Lakshan MLS
thanks
Viraj
Thanks
Advertisement


Thankyou love