Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S02 : E03] Sinhala Subtitles | සෙල්ලම ඇත්තක් වෙලා! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. අද කොටස නම් හදන්න ටිකක් අමාරු වුනා. මොකද කතාවට ගැළපෙන උපසිරැසියක් තිබුනේ ජර්මන් එකක්. ඉංග්‍රීසි උපසිරැසිය හිටි ගමන් ටයිම් පැනලා යනවා. ඉතින්, ඉංග්‍රීසි එක දිහා බලාගෙන, කතාව අහගෙන, ජර්මන් උපසිරැසිය තමයි පරිවර්තනය කළේ. ඒක නිසා අඩුපාඩුවක් එහෙම තිබුනොත් සම…

කොහොමද යාළුවනේ! ඔන්න තුන්වැනි කොටසත් අරගෙන ආවා. අද කොටස නම් හදන්න ටිකක් අමාරු වුනා. මොකද කතාවට ගැළපෙන උපසිරැසියක් තිබුනේ ජර්මන් එකක්. ඉංග්‍රීසි උපසිරැසිය හිටි ගමන් ටයිම් පැනලා යනවා. ඉතින්, ඉංග්‍රීසි එක දිහා බලාගෙන, කතාව අහගෙන, ජර්මන් උපසිරැසිය තමයි පරිවර්තනය කළේ. ඒක නිසා අඩුපාඩුවක් එහෙම තිබුනොත් සමාවෙන්න ඕනි. මොකද මම නම් උපසිරැසි ඔක්කොම හදලා ඉවරවෙලා කතාව බලන්න ඉන්න නිසා, අඩුපාඩු බලන්න බැරිවෙනවනේ. ඉතින් වෙනදා වගේම පහුගිය කොටසත් මතක් කරගමු.

පසුගිය කොටසින්…

රිචඩ් රජුගේ ඝාතන සැලසුම වෙනුවෙන් එකතු කරන මුදල් ආරක්ෂා කරන්න, ෂෙරිෆ් විශේෂ කාමරයක් හදනවා. ඒකට කියන්නේ ශක්තිමත් කාමරය කියලයි. රොබින්ලා සූදානම් වෙන්නේ, ඒ සල්ලි හොරකම් කරලා, ෂෙරිෆ්ගේ කුමන්ත්‍රණය විනාස කරන්නයි. ඒ අතරේ ෂෙරිෆ්, ජර්මනියෙන් එන පොහොසත් සිටුවරයෙක්ව ගොනාට අන්දලා, එයාගේ සල්ලි ටිකත් තමන්ගේ ගොඩට එකතු කරගන්න හදනවා. නමුත් පේන තරම් මෝඩයෙක් නොවන මේ ෆ්‍රෙඩ්රික් සිටුවරයා, මැරියන්ගෙත් උදව් ඇතිව රොබින්හුඩ්ට සහාය වෙනවා, ෂෙරිෆ්ගේ සල්ලි ටික පැහැරගන්න. අවසානයේදි, මාරක උගුල් අටවපු ශක්තිමත් කාමරයෙන්, රොබින්හුඩ්ලා ඒ සල්ලි අරන් පැනගන්නවා.

මෙවර කොටසින්…

පොඩි කාලෙදි අළුත් කතාවක් ගිය ගමන්, අපි ඒ කතාවේ චරිත අරන් සෙල්ලම් කරන හැටි මතකයිනේ. ඉතින් මේකෙත් පොඩි ළමයි ටිකක්, රොබින්හුඩ් සෙල්ලම කරනවා. මෙයාලා කැලේ සෙල්ලම් කරනකොට දකිනවා, ගිස්බන් ඇතුළු පිරිසක් අළුත් යුධ ඇඳුමක් පරීක්ෂා කරන හැටි. මේ යුධ ඇඳුම සැහැල්ලු ලෝහයකින් හදපු, කිසිම දේකට පසාරු කරගෙන යන්න බැරිතරම් ශක්තිමත් ඇඳුමක්. ඉතින් ළමයි ටික මේක දැක්කයි කියලා දැනගත්තම, ගිස්බන් එයාලව අල්ලගන්නවා. මොකද ඒක පිට නොයන්න ඕනි රහසක් නිසා. එක ළමයෙක් පැනලා යනකොට, එයාට රොබින්හුඩ්ට හම්බවෙනවා. ඒකෙන් පස්සේ රොබින්ගේ කට්ටිය කරන්නේ, මේ ළමයි ටිකව බේරගන්න හදන එකයි. ඉතින් මම සිව්වැනි කොටසත් ඉක්මනටම අරන් එන්නම්. එතෙක් ඔබට සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,680 downloadsDownload BBC.Robin_.Hood_.S02.E03.Baiscopelk.com_.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,680 downloadsDownload Subtitles20 KB

14 comments

  1. ak

    Sub ekata thanks.

  2. Chanaka

    Track pannath kamak naha saho.suba tiyanawa nea.eakai watinna.thanx

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. zeal

    Thanx bro Sub 1ta

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Ayesh Prashan

    Thank You

  7. rehan_dilshan22

    Thanks a lot, for subtitles bro...

  8. Lasantharathnasirirox

    Tnx brooo.....

  9. geeganagamage

    බොහොම ස්තුතියි

  10. Ishan Madusha

    ස්තූතියි සහෝ

  11. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Lakshan MLS

    thanks

  14. Viraj

    Thanks