ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවන කතා සමයෙ 8 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුන එකේ අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ඉනර් සර්කල් එකෙන් මානසික රෝහලට පහර දීලා එතනින් විපරීතයෙක් අරගෙන ආවා කියලා. ඉතිං මේ අරන් ආව කෙනා තමයි රෙබෙකා. රෙබෙකා ඇන්ඩිත් එක්ක හොදටම හිතවත් වෙනවා. ඉනර් සර්කල් එක ලෑස්ති වෙන…

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවන කතා සමයෙ 8 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුන එකේ අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ඉනර් සර්කල් එකෙන් මානසික රෝහලට පහර දීලා එතනින් විපරීතයෙක් අරගෙන ආවා කියලා. ඉතිං මේ අරන් ආව කෙනා තමයි රෙබෙකා. රෙබෙකා ඇන්ඩිත් එක්ක හොදටම හිතවත් වෙනවා. ඉනර් සර්කල් එක ලෑස්ති වෙන්නෙ ක්‍රීඩ් මූල්‍ය ආයතනයට පහර දෙන එක. මෙතන තියෙන සේප්පුව බිදින්න තමයි ඉනර් සර්කල් එකට රෙබෙකව ඕන වෙන්නෙ. මොකද මේ සෙප්පුව හදලා තියෙන ලෝහය මාවල් විශ්වයෙ තියෙන ශක්තිමත්ම ලෝහයන් අතරින් එකක්. කොටින්ම ඒක හදලා තියෙන්නෙ ඇඩමැන්ටියම් වලින්. ඔව් ඔව් ලෝගන්ගෙ ඇගේ තියෙන ලෝහය තමා. ඉතිං ඔයාලා දන්නවනෙ ඒක විනාශ කරන්න අමාරු ලෝහයක් බව. ඉතිං මේ සේප්පුව කඩන්න බැරි නිසා තමයි රෙබෙකගෙ කනපිට හැරවීමෙ බලය පාවිච්චි කරලා මේකට ඇතුල්වෙන්න ඉනර් සර්කලෙ එක සැලසුම් කරන්නෙ.ඔය අතරෙම පියුරිෆයිලා වෙනම විපරීතයින්ට එරෙහිව මෙහෙයුමක් කරනවා ටර්නර් එක්ක එකතුවෙලා. ඒ අනුව තමයි බල්ටිමෝර් වල තියෙන විපරීත කදවුරට පහර දීම සිද්දවෙන්නෙ. එතනදි අපි මුල ඉදන් දැනන් ඉදපු කෙනෙක් මැරෙනවා වගේම විපරීතයින් ගොඩ දෙනෙක් කොටු වෙනවා. ඒ වගේම රීඩ්ගෙ බලය පාවිච්චි කරලා අනික් අය පැනගත්තත් ර්රිඩ්ට තමන්ගෙ බලය නවත්තගන්න බැරි තත්ත්වයට පත්වුනා.
ඊට පස්සේ මතක ඇතිනෙ කලින් කොටසෙ වැඩි පුරම ගෙවුනෙ ක්‍රීඩ් මූල්‍ය ආයතනය කොල්ල කන එක. ඉනර් සර්කල් එකෙන් මෙතෙන්ට කඩා පැනලා ගානට වැඩ ටික කරගෙන ගියා. රෙබෙකගෙ වැඩ එහෙමත් දකින්න ඇතිනෙ. මෙතනට පහර දෙන්නත් හේතු කාරණා ගොඩක්ම තිබ්බා කියලා දන්නවනෙ. ඒ වගේම තමයි මෙතනින් ඉනර් සර්කල් එක මුදල් සෑහෙන ප්‍රමාණයක් තමන්ගෙ අතට ගන්නවා වගේම, රෙජිමෙන් කියලා දෙයක් ගැනත් විස්තර අරගන්නවා. කොහොම නමුත් සැලසුම් කරපු විදිහටම වෙච්ච දේ අන්තිමේ රෙබෙකා වන කලා මතක ඇති. ඔව් කාමරේක හිර කරලා හිටිය සේවකයො සේරම රෙබෙකා එක ක්ෂනයකින් මරලා දැම්මා. අනිවාර්යයෙන් මේහෙම දෙයක් වුනාම සාමාන්‍ය මිනිස්සු නිකා ඉදියි කියලා හිතනවද. කොහොමත් නෑ රට පුරා කෝලාහල ඇතිවෙන්න ගන්නවා. විපරීතයින්ට පහර දෙන්න ගන්නවා. ඉතිං ඔය දේවල් එක්ක තමයි අද කොටස ගෙවෙන්නෙ. එහෙනම් බලන්නකො අද මොනවද වෙන්නෙ කියලා. ඒ වගේම අද කොටසින් ඔයාලට ෆෙන්රිස් නුවුන්නු ගැන තව ටිකක් දැනගන්න පුළුවන්. එහෙනම් මම ගියා.ඉතිං ඔතන ඉදන් පාවා දීම් පහර දීම් සහා බිද දැමීම් සමගින් ගෙවෙන අද කතාව බලන්න එකතුවෙන්න. එහෙනම් මම ගියා.
#Hail Marvel!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,738 downloadsDownload The.Gifted.S02E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
19 comments
Mr.pamz
kavintha
thanks !!!
Sanath Indika
thx broo
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
nethurosel
අනේ කවුරුහරි කියනවද baiscopedownloads එකේ මේක තාම නැත්තෙ ඇයි කියලා plzzz
lahirucprasanga
thanks bro
nethurosel
baiscopedownloads eke link eka tiyenawadha
darshana100
thanks yalu jaya wewa
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
futureomega
thanks sub ekata bro
melinda
thank you
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Ravindu199901
Good
Ravindu199901
Good thanks
MAALnath
Thanks .........................good luck ...............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thank you brother