ඔන්න යාළුවනේ, හත්වැනි කොටසත් ගෙනාවා. මමත් ඊයේ තමයි කතා මාලාවේ ඔක්කොම කොටස් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුනේ. ඒත් මම සීසන් ඔක්කොටම උපසිරැසි හදලාම, කතාව බලනවා කියලා හිතාගත්තා. මේ සීසන් එක අවසාන වෙනකොට, මේකේ නිතරම ඉන්න චරිත කීපයක් ඉවත්වෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕනි. බොහෝවිට අද කොටසේ ඉඳන් ඒ චරිත ඉවත්වීම් පට…

ඔන්න යාළුවනේ, හත්වැනි කොටසත් ගෙනාවා. මමත් ඊයේ තමයි කතා මාලාවේ ඔක්කොම කොටස් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුනේ. ඒත් මම සීසන් ඔක්කොටම උපසිරැසි හදලාම, කතාව බලනවා කියලා හිතාගත්තා. මේ සීසන් එක අවසාන වෙනකොට, මේකේ නිතරම ඉන්න චරිත කීපයක් ඉවත්වෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕනි. බොහෝවිට අද කොටසේ ඉඳන් ඒ චරිත ඉවත්වීම් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැන්ම හිතන්නේ නැතුව, මේ වතාවේ වෙන්නේ මොනවද කියලා බලමුකෝ.
පසුගිය කොටසින්…
කණ්ඩායමෙන් පන්නපු ඇලනඩේල්, ගිස්බන් ළඟ සේවයට බැඳෙනවා. තමන්ගේ කුමන්ත්‍රණය ස්ථිර කරගන්න, ෂෙරිෆ් කළු නයිට්වරු ලවා ගිවිසුමක් අත්සන් කරවා ගන්න හදනවා. සර් එඩ්වඩ්ගේ යාළුවෙක් වන වින්චෙස්ටරුත් මේකේ කොටස්කාරයෙක් බව දැනගන්න රොබින්, එයාට කතා කරලා මේ ගිවිසුම අත්සන් නොකරන්න එකඟ කරගන්නවා. රොබින්ට හොඳ මූණ පෙන්නලා, පොරොන්දු වෙලා මාලිගාවට එන වින්චෙස්ටර්ට, සර් එඩ්වඩ් එක්ක පරණ කෝන්තරයක් තියෙනවා. ඒක නිසාත්, තමන්ට වැඩි බලයක් ලැබෙන නිසාත් ෂෙරිෆ්ගේ ගිවිසුමට එකඟ වෙන වින්චෙස්ටර්, ෂෙරිෆ් කැමතිම සසෙක්ස් ප්‍රාන්තයේ පාලනයත් එක්ක මැරියනුත් ඉල්ලා ගන්නවා. මේ අතරේ කළු නයිට්වරු සියලු දෙනාම රැස්වෙන වෙලාවෙදි, එයාලව ඝාතනය කරන්න සැලසුම් කරන රොබින්, ෂෙරිෆ්ගේ උගුලකට අහුවෙනවා. ඊටපස්සේ ඇලන් එක්කම මරණය තෙක් සටනකට දාන රොබින්, තමන්ගේ කණ්ඩායමේ උදව් ඇතිව පැනලා යනවා. අත්සන් ගත්තට පස්සේ වින්චෙස්ටර්ගෙන් ප්‍රයෝජනයක් නැති නිසා, ෂෙරිෆ් හා ගිස්බන් වින්චෙස්ටර්ව මරලා, මැරියන්ව ආපහු බේරගන්නවා.
මෙවර කොටසින්..
මේ වතාවේ රොබින්ලා හදන්නේ, කළු නයිට්වරුන්ගේ ගිවිසුම හොයාගෙන, ඒක රජුට පෙන්නන්න. එතකොට කුමන්ත්‍රණ කාරයන්ගේ නම් එක්කම එළි වෙනවනේ. ඒත් දැන් ඇලන් මාලිගාවේ ඉන්න නිසා, රොබින්ලාට කලින්ට වඩා මාලිගාවේ වැඩ කරන්න අමාරුවෙනවා. එයාලට ගිවිසුම හොයාගන්න බැරුව ඉන්නකොටයි, කැලෑවෙදි එයාලට අමුත්තෙක් මුණ ගැහෙන්නේ. මේ අමුත්තාගේ මනාලියව ණය උගුලකට අහුවෙලා. ඒ ණය ගෙවෙනකම් එයාට මාලිගාවේ වැඩ කරන්න සිද්ධ වෙලා. රොබින්ලා ඒ ණය ගෙවලා එයාව නිදහස් කරගන්න හැදුවත්, දැනගන්න ලැබෙන්නේ එයාව දැනටමත් ඩුරාම් හි අර්ල්ට විකුණලා බවයි. ඉතින් අද මේ මනාලියව බේරගන්න රොබින් යොදන සැලැස්ම සාර්ථක වෙයිද කියලත්, ඒ වගේම ඇලනඩේල් කොයි මොහොතේ හරි රොබින්ලාව පාවාදෙයිද කියලත් මේ කොටසින් බලන්නකෝ.
විශේෂයෙන්ම ඔයාලා පලකරන කමෙන්ටු වලටත් බොහොම ස්තූතියි. කමෙන්ටුවක් පල කරන්න ඔයාලා වැය කරන පොඩි කාලය නිසයි, අපි ඉක්මනට උපසිරැසි ලබාදෙන්න දිරිමත් වෙන්නේ. ඒ වගේම නිතරම උපසිරැසි ගැන විමසලා, ඊළඟ උපසිරැසිය ඉක්මනට හා ගුණාත්මකව කරන්න මාව දිරිමත් කරන විමා සහ හසන්ත සොයුරන් ඇතුළු බයිස්කෝප් ඇඩ්මින්ලාටත් මගේ ස්තූතිය. ඉතින් ඔයාලා වෙනුවෙන් ඊළඟ කොටස අරන් මම ඉක්මනට එනවා. එතකම් ඔබ සැමට සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,404 downloadsDownload BBC.Robin_.Hood_.S02.E07.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
18 comments
Chanaka
Sudantha92
thnks machi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයshakilakavinda
ela wadak bro puluwannam baiscopedownloads ekata sub walata hariyana ithuru vedio 2kath ikmanata danna
shakilakavinda
thanks bro 1k dala godak asawen balanne ekai thank u very much
ravidu ishan
Ogollo මචන් සබ් හදන්ඩ ගන්න මහන්සිය මේ කමෙන්ට් එකක් දාන්ඩ යන තත්පර ගාන වගේ නෙවෙයිනේ .. දහදොළොස් දෙනයි වගේ තමා සබ් එක බාලා එකපාරට මාරුනොවී කමෙන්ට් එකක්හරි දාලා යන්නෙ ..ඒත් උබ වැඩේ අතඅරින්නැතුව දිගටම කරගෙන යනඑක ගැන සතුටුයි..!!! Tnx mchn
Kulanjana Maduranga
subata thanks...
බොබී
සබ්වලට හරියන අනිත් වීඩියෝ දෙක කියලා shakila kavinda සහෝ කිව්වේ, මේ කොටසේ වීඩියෝ ගැනද? මේ කොටසේ වීඩියෝ ඉක්මනටම ඒ සයිට් එකේ දායි.
Puuma1234
Thnx broo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
upps
Thank you malli.puluwanna srwood Robin hood tv serise akath bizcop downlod akata dannako.naththam line akak dennako
Greenarrow_waruna
patta bn me tv series ekta sub denna theerane krpu ekanan nymai bn jaya wewa adarei palenna baiscope ekta
zeal
Thanks mcn
Lasantharathnasirirox
හොඳ දෙයක් කළහම හොඳ දෙයක් තමයිනෙ ලැබෙන්නේ....tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viduralakshan
thanks bro sub ekata.enakan balan hitiye
Lakshan MLS
thanks
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx saho sub ekata