ඉතින් යාළුවනේ, මේ ගෙනාවේ රොබින්හුඩ් කතාමාලාවේ දොළොස්වැනි කොටසයි. අද ඔයාලට විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තියෙනවා. මේ සීසන් එකේ 12, 13 කොටස් දෙකම එකට ඈඳුව, පැය 1 යි, මිනිත්තු 25 ක වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයේ තියෙනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරනකොට, ඒක නැතුව 12, 13 කොටස් වෙන වෙනම තියෙන වීඩියෝ ගන්න. ඒ වෙන වෙනම ති…

ඉතින් යාළුවනේ, මේ ගෙනාවේ රොබින්හුඩ් කතාමාලාවේ දොළොස්වැනි කොටසයි. අද ඔයාලට විශේෂයෙන් කියන්න ඕනි දෙයක් තියෙනවා. මේ සීසන් එකේ 12, 13 කොටස් දෙකම එකට ඈඳුව, පැය 1 යි, මිනිත්තු 25 ක වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයේ තියෙනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරනකොට, ඒක නැතුව 12, 13 කොටස් වෙන වෙනම තියෙන වීඩියෝ ගන්න. ඒ වෙන වෙනම තියෙන වීඩියෝ තමයි මාත් ඩවුන්ලෝඩ් කළේ. බැරිවෙලාවත් ඒ කොටස දැනටමත් කවුරුහරි ඩවුන්ලෝඩ් කරලා නම්, ඒකේ ප්‍රශ්නයක් නෑ. මම ඒකට අදාළ උපසිරැසිය ඊළඟ කොටසේ උපසිරැසියත් එක්ක දෙන්නම්. ඒ අයට දවසක්, දෙකක් විතර බලාඉන්න විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි වෙනදා වගේම පසුගිය කොටස මතක් කරගමු.
පසුගිය කොටසින්…
රිචඩ් රජුගේ පණිවුඩයක් අරගෙන, ලෙග්‍රාන්ඩ් කියන රජුගේ ආරක්ෂකයා, රොබින්ව හමුවෙන්න එනවා. පණිවුඩයට අදාළව එයාලා “ජාතියේ නිධානය”හොයාගන්න ඕනි. ඒත් පණිවුඩය චිත්‍රවලින් සංකේතවත් කරන, ප්‍රහේලිකාවක් වගේ දෙයක්. ඉතින් මෙයාලා මේ නිධානය හොයන්න යන අතරේ, රොබින් නැති නිසා, මැරියන් ගිස්බන්ගේ ආහාර ගබඩාව කොල්ලකන්න යනවා. රාත්‍රී රැකවලා වගේ ඇඳන් යන මේ ගමනේදි, එයාව ගිස්බන්ගේ අතටම අහුවෙනවා. රොබින්ලා ෂෙරිෆ්ගේ බාධාකිරීම් මැද, ජාතියේ නිධානය හොයාගන්නවා. ඒ නිධානය තමයි, රිචඩ් රජුගෙත්, ජෝන් කුමාරයාගෙත් අම්මා. ජෝන් කුමාරයා එයාව රඳවාගෙන, රිචඩ් රජුට මිනිස්සු විරුද්ධ කරන්න හදන නිසා, මව් රැජිනව බේරගන්න තමයි රජතුමා මේ පණිවුඩය එවලා තියෙන්නේ. රොබින්ලාට එයාව පරිස්සමින් රටෙන් පිටකරන්න හැකි වුනත්, මේ මෙහෙයුමේදි ලෙග්‍රාන්ඩ් මියයනවා. ෂෙරිෆ් රාත්‍රී රැකවලාව එල්ලන බලාපොරොත්තුවෙන් එනකොට, ගිස්බන් ඇලන්ව රාත්‍රී රැකවලා වගේ අන්දලා, පැනලා යන්න දෙනවා. ඒකෙන් රාත්‍රී රැකවලා පැනලා ගිය බව ෂෙරිෆ් හිතාගන්න අතර, ගිස්බන් මැරියන්ව මේ වතාවටත් ෂෙරිෆ්ගෙන් බේරනවා.
මෙවර කොටසින්…
අද රොබින්හුඩ්ගේ උපන්දිනය. ඉතින් මාච් ගමේ ධාන්‍ය ගබඩාවක උපන්දින උත්සවය සූදානම් කරනවා. සතුටු වෙන්න තියෙන මොහොතේ, ෂෙරිෆ්ගේ කුලී සෙබලු ඇවිත්, ගබඩාව වටලනවා. එයාලා රොබින්ලා කවදාහරි එළියට එනකම් බලා ඉන්නවා මිස, ඒකට පහර දෙන්න යන්නේ නෑ. එතන පිරිස වැඩි නිසා, රොබින්ලාටත් පැනලා යන්න බෑ. මේ අතරේ ෂෙරිෆ් තමන්ගේ සැලසුම් වෙනස් කරනවා. රජතුමාට රොබින් පණිවුඩයක් යවලා, කුමන්ත්‍රණය ගැන දැනුවත් කරපු නිසා, ෂෙරිෆ්, ගිස්බන් හා ඇලන් ශුද්ධ වූ දේශයටම ගිහින් රජතුමා මරන්නයි සූදානම් වෙන්නේ. මැරියන් රොබින්ට මේ බව කියන්න ආවත්, එයා දන්නේ නෑ රොබින්ලාට සිද්ධ වෙමින් තියෙන දේ. ඉතින් කවුරුත් නැති නිසා, තමන්ම මේකට මැදිහත් වෙන්න මැරියන් තීරණය කරනවා. අද කොටස කොහොම ඉවරවෙයිද කියලා බලන්නකෝ. මේ සීසන් එකේ අවසාන කොටස බලන්න ඉන්න අයත්, අර කිව්ව කොටස් දෙකේ වීඩියෝ එක ගත්ත අයත් වෙනුවෙන්, මම ඉක්මනටම ඊළඟ කොටස අරන් එන්නම්. එතෙක් සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,900 downloadsDownload BBC.Robin_.Hood_.S02.E12.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
15 comments
Ishan Aravinda
Sudantha92
thnks
nkrtharinda95
Good job bro thankyou
ak
Thanks a lot!
Chanaka
Thanx saho .oyagea mahansiyata hugak ස්තුති
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයzeal
thanks.. sahooo
madhu bhagya
tnz sub ekt
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
subata thanks
Lasantharathnasirirox
බොබී සුපිරි එළ එළ කොල්ලා.......gd luck.!!
ravidu ishan
tnx mchn sub ekata ..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan MLS
thanks
Viraj
Thanks
Advertisement


thanks bro