Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S03 : E01] Sinhala Subtitles | පූර්ණ සූර්යග්‍රහණයක්! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ! කලින් පොරොන්දු වුන විදියටම මම ආවේ Robin hood තුන්වන කතා මාලාවත් අරගෙන. කලින් කතා සමයේ වගේම ත්‍රාසය, වීරත්වය, කුතුහලය පිරුණු මෙහි කොටස් 13 ක් තියෙනවා. මේ කතා සමයට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා, දෙවනි සමයට වඩා. ඒ කියන්නේ 6.20 ක්. 2009 මාර්තු 28 වෙනිදා සිට විකාශය වුනු මේ කතා සමයේදී…

කොහොමද යාළුවනේ! කලින් පොරොන්දු වුන විදියටම මම ආවේ Robin hood තුන්වන කතා මාලාවත් අරගෙන. කලින් කතා සමයේ වගේම ත්‍රාසය, වීරත්වය, කුතුහලය පිරුණු මෙහි කොටස් 13 ක් තියෙනවා. මේ කතා සමයට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා, දෙවනි සමයට වඩා. ඒ කියන්නේ 6.20 ක්. 2009 මාර්තු 28 වෙනිදා සිට විකාශය වුනු මේ කතා සමයේදී අළුත් චරිත ටිකකුත් එකතුවෙනවා. ඔයාලා හොඳ ටීවී සීරීස් ප්‍රේක්ෂකයෝ නම් ඒවට රඟපාන කට්ටියව නොදැන ඉන්න විදියක් නෑ. ඒ තමයි,

  • David Harewood – ටක් (Homeland කතා මාලාවේ පළමු සීසන් දෙකේදි ඉන්න CIA ප්‍රධානියා)
  • Joanne Froggatt – කේට්
  • Lara Pulver – ඉසබෙලා (Sherlock කතා මාලාවේ අයිරින් ඇඩ්ලර්)
  • Toby Stephens – ජෝන් කුමාරයා (Lost in Space කතා මාලාවේ රොබින්සන් තාත්තා)
  • Clive Standen – ආචර් (Vikings කතාමාලාවේ රෝලෝ)

ඉතින් වෙනදා වගේම අපි පසුගිය කොටස මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්

රොබින් ඇතුළු පිරිස මැරුනා කියලා හිතාගෙන ඉන්න ෂෙරිෆ් සහ ගිස්බන්, මැරියන්ව හිරකාරියක් කරගෙන ශුද්ධ වූ දේශයට ගිහින් ඉන්නේ. එයාලා රජතුමාව මරන්න සැරසන්ලා දෙන්නෙක් යොදවනවා. නමුත් රොබින් ඇතුළු පිරිස ශුද්ධ වූ දේශයට ආවා කියලා දැනගත්තම, ෂෙරිෆ් රිචඩ් රජතුමා ලවා රොබින්ව මරවන්න සැලසුම් කරනවා. මේ අනුව සලාදීන්ගෙන් එන පණිවුඩයක් විදියට, රොබින් එන්නේ රජතුමාව මරන්න බව ෂෙරිෆ්ගේ අය දැන්වුවාම, රිචඩ් රජතුමා එයාලව මරන්න නියම කරනවා. ඒත් රොබින් තමන්ගේ ප්‍රියතම සේවකයා නිසා, එයාලව කාන්තාරයේ ගැටගහලා දාලා යන්න රජතුමා තීරණය කරනවා. ෂෙරිෆ් එතනට ඇවිත්, රොබින්හුඩ් කල්ලියත් එක්ක මැරියන්වත් කාන්තාරයේ ගැට ගහලා යන්නේ, ගිස්බන්ටවත් කියන්නේ නැතුවයි. එතනට එන කාටර් කට්ටියම බේරගන්න නිසා, රොබින් ඇතුළු පිරිස රජතුමාව බේරගන්න යනවා. එතනදි වෙන සටනෙදි ගිස්බන් අතින් මැරියන්ට මාරක කඩු පහරක් වදිනවා. අවසානයේ රොබින් එක්ක එතනදිම විවාහවෙලා මැරියන් මියයනවා. ෂෙරිෆ්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වෙනවා. විල්, ජැක් දෙන්නා ශුද්ධ වූ දේශයේම නවතින අතර, ආපහු ආව ඇලනඩේල් එක්ක හතරදෙනෙක් වන රොබින්ගේ කණ්ඩායම, නැවත එංගලන්තය බලා එනවා. මැරියන් මියගිය එක ගැන නම් මට පෞද්ගලිකව ම දුකයි. ඒත් කැපකිරීමක් නැත්නම්, ඊට වඩා හොඳ දේවල් ඉදිරියට සිද්ධවෙන්නේ නෑ.

මෙවර කොටසින්

මැරියන්ගේ මරණයත් එක්ක රොබින්, ගිස්බන් දෙන්නම කලින් හිටියට වඩා කේන්තියෙන්, කලකිරීමෙන් ඉන්න දෙන්නෙක් බවටයි පත්වෙලා ඉන්නේ. රොබින් තමන්ගේ කණ්ඩායමත් අතඇරලා යන්නේ, කෙලින්ම ගිස්බන්ව හොයාගෙන මරන්නයි. ලොක්ස්ලිවලදි ගිස්බන් – රොබින් අතර ඇතිවෙන සටනේදි, ගිස්බන් රොබින්ව මරන්න කන්දකින් පහළට දානවා. එතනදි මාච්ව රැකවලුන් අල්ලා ගන්නවා. මේ අතර ඔරුවකින් ආව පූජකයෙක් එංගලන්තයට ගොඩබහිනවා, කෙනෙක්ව හොයාගෙන. ඉතින් එයා හොයන්නේ කාවද? මේ කතාවේ එයාගේ චරිතය මොකක්ද? රොබින්හුඩ් ගිස්බන් අතින් මැරෙන්න ඇද්ද? මාච්ව බේරගන්න හැකිවෙයිද කියන දේවල් හොයාගන්න එක ඔබට බාරයි. කතාවේ දෙවනි කොටසත් අරන් මම ඉක්මනටම එනවා. පුළුවන් හැටියට කමෙන්ටුවක් දාලා යන්න. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,035 downloadsDownload BBC.Robin_.Hood_.S03.E01.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,035 downloadsDownload Subtitles19 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...

    සහෝ ඔයාගේ 50 වෙනි කඩයිමත් පහු වෙලා නේද?...
    කමක් නෑ 100 වෙනි කඩයිම සුපිරිම ෆිලුමකින් සමරමු
    #ජය

  2. zeal

    Thanks Mcn...

  3. Chanaka

    Godak sthuthi.mea karana kapa wimata godak sthuthi.asawean balana seriyas ekak.oyata godak sthuthi

  4. nuwanjayasooriya7

    elama ela mcn aaaaaaa degatama sab eka dennta saho

  5. Kulanjana Maduranga

    subata thanks

  6. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  7. බොබී

    ඔව් සහෝ. 50 ත් මේ කතාමාලාවත් එක්කම දන්නෙම නැතුව පහුවුනා. සුබ පැතුමට තුති.

  8. upps

    Oyata godak thanks boby malli.apita download karaganna.downlodbizcop akata ikmanta danna.godak thanks bro

  9. upps

    S2e11 idala n.a. baiscop download aka ikmanta dannako thanks

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lasantharathnasirirox

    සහෝ දිගටම යමු අපි ඉන්නව broo......හැම උපසිරැසියකටම මහන්සි වෙන විදිහ දන්නවා සහෝදරයා.....comment එකකින් හරි දිරිමත් කරන්න පුළුවන්නම් අපිටත් ගොඩාක් සතුටුයි......comment ටිකක් අඩුයි තමයි..ඒත් දිගටම යන්න බොබී .....gd luck. !!

  13. ravidu ishan

    Tnx mchn sub ekata ..!!!

  14. Lakshan MLS

    thanks

  15. thumindu2000

    thanks

  16. Viraj

    Thanks