ඉතින් යාළුවනේ, ටිකක් පමාවෙලා හරි ඊළඟ කොටසත් ගෙනාවා. උපසිරැසි දෙන්න ගියාම තමයි වෙලාවකට තේරෙන්නේ ඒකේ අමාරුව. මේ කතාව ඉවර කරනකම් නිකම් නිවනක් නෑ වගේ. ඉතින් සුපුරුදු විදියට පසුගිය කොටසත් මතක් කරගෙන ඉමුකෝ. පසුගිය කොටසින් මැරියන්ගේ මරණයත් එක්ක ඇතිවුනු කේන්තියෙන්, රොබින් ගිස්බන්ව මරන්න ලොක්ස්ලිවලට ආවත්, ස…

ඉතින් යාළුවනේ, ටිකක් පමාවෙලා හරි ඊළඟ කොටසත් ගෙනාවා. උපසිරැසි දෙන්න ගියාම තමයි වෙලාවකට තේරෙන්නේ ඒකේ අමාරුව. මේ කතාව ඉවර කරනකම් නිකම් නිවනක් නෑ වගේ. ඉතින් සුපුරුදු විදියට පසුගිය කොටසත් මතක් කරගෙන ඉමුකෝ.
පසුගිය කොටසින්
මැරියන්ගේ මරණයත් එක්ක ඇතිවුනු කේන්තියෙන්, රොබින් ගිස්බන්ව මරන්න ලොක්ස්ලිවලට ආවත්, සටනේදි රොබින්ව පරද්දවලා කන්දකින් පහළට දාන්න ගිස්බන්ට පුළුවන් වෙනවා. එතනදි ගිස්බන්ට ගහන්න එන මාච්, සෙබලුන්ට අහුවෙනවා. මේකෙන් පස්සේ හැමෝම හිතන්නේ රොබින් මැරුනයි කියලයි. කොහොමහරි ඇලනඩේල්, ලිට්ල් ජෝන් දෙන්නා එකතුවෙලා මාච්ව ආපහු බේරගන්නවා. මේ අතරේ එංගලන්තයට අලුතින්ම ගොඩබහින පූජකයෙක් වන ටක්, රොබින්ව ගඟේදි හොයාගෙන නැවත සනීප කරනවා. ඒත් රොබින් හිතින් වැටිලා, සටන් අත්ඇරලා දාලා ඉන්න නිසා, රොබින්ගේ ඉතිරි කණ්ඩායම ගිස්බන්ට අල්ලලා දීලා, රොබින්ව එයාලව බේරගන්න පොළඹවන එකයි ටක් කරන්නේ. ෂෙරිෆ් රොබින්ගේ කණ්ඩායමට මරණ දඬුවම දෙන්න හදන වෙලාවෙදි එන සූර්යග්‍රහණයක්, තමන්ගේ වාසියට හරවාගන්න ටක්, රොබින් එංගලන්තයට නැවත පණ දෙන්න ආව වීරයෙක් බව මිනිස්සුන්ට ඒත්තු ගන්නනවා. අවසානයේදි ගිස්බන් ජීවත්වෙන එකෙන් මැරෙනවට වඩා විඳවන බව තේරුම් ගන්න රොබින්, ගිස්බන්ව අතඇරලා දාන අතර, ටක් රොබින්ගේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත්වෙනවා.
මෙවර කොටසින්
ෆින් මැක්මරෝ හෙවත් අයර්ලන්තයේ ඊළඟ පාලකයා වෙන්න ඉන්න කෙනා සහ එයාගේ බාල සොහොයුරා වන ටෙරනන්, ෂෙරිෆ්ගේ මාලිගයේ නැවතිලා ඉන්නවා. ඒ අයර්ලන්තය ජෝන් කුමාරයාගෙන් නිදහස් කරගැනීමේ සටනකට සෙබලු හොයාගන්නයි. ෂෙරිෆ් සල්ලිවලට කෑදර නිසා ජෝන් කුමාරයාගේ සතුරන්ට හරි සෙබලු සපයලා, මුදල් හොයාගන්නයි හදන්නේ. ඒ හමුදාව වෙනුවෙන් ළඟ ගම්වලින් බලෙන් මිනිස්සු ගෙනියනවා, වහල්ලු විදියට. කේට් කියන තරුණ ගෑනු ළමයාගේ මල්ලිවත් මේ විදියට අල්ලගෙන යනවා. කේට් ඒකට විරුද්ධව සටන් කරන්න උත්සාහ කරනකොට තමයි, රොබින් හුඩ්ගේ කල්ලිය මේකට සම්බන්ධ වෙන්නේ. කේට්ගේ මල්ලිවයි, අනිත් ගම්මුන්වයි නිදහස් කරගන්න පුළුවන් වෙයිද? අද වීරක්‍රියාවට අයර්ලන්තයේ උදවිය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්න. මම ඊළඟ කොටසින් නැවත හමුවෙනවා! එතකම් ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,630 downloadsDownload BBC.Robin_.Hood_.S03.E02.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
12 comments
Chanaka
ak
Thanks a lot.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයzeal
tHANKS MCN
Kulanjana Maduranga
subata thanks saho
upps
Malli bizcop downlod akata danna nadda?apita downlod karaganna vidiyak n.a. dannako ikmanta malli.robin hood
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි.
ravidu ishan
tnx mchn sub ekata ..!!
Lakshan MLS
thanks
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Kisima parakkuwak naha saho.dawasata eka ganea hamba wenawa nea.godak sthuthi saho