ඔන්න යාළුවනේ, අපි අද දෙවනි සීසන් එකේ අවසානයටයි ඇවිත් ඉන්නේ. ඊළඟ සීසන් එකේ සිට අළුත් චරිත කීපයක් එකතු වෙන්න නියමිතයි. මම දැනටමත් ඒ සීසන් එක ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ. බොහොම ඉක්මනටම ඒ සීසන් එකත් ඔයාලට දකින්න ලැබෙයි. ඉතින්, හැමදාම වගේ පසුගිය කොටස මතක් කරගමු. පසුගිය කොටසින්… රොබින්ගේ උපන්දිනය සමරන්න…

ඔන්න යාළුවනේ, අපි අද දෙවනි සීසන් එකේ අවසානයටයි ඇවිත් ඉන්නේ. ඊළඟ සීසන් එකේ සිට අළුත් චරිත කීපයක් එකතු වෙන්න නියමිතයි. මම දැනටමත් ඒ සීසන් එක ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ. බොහොම ඉක්මනටම ඒ සීසන් එකත් ඔයාලට දකින්න ලැබෙයි. ඉතින්, හැමදාම වගේ පසුගිය කොටස මතක් කරගමු.
පසුගිය කොටසින්…
රොබින්ගේ උපන්දිනය සමරන්න ගමට එන රොබින්ගේ කණ්ඩායම, ෂෙරිෆ්ගේ කුලී සෙබලු විසින් වටලනවා. ධාන්‍ය ගබඩාවක් ඇතුලේ කොටුවුන මේ කට්ටිය, ඊළඟ දවසේ උදේම, මැරෙන්න හරි බලාගෙන සටන් කරන්නයි ඉන්නේ. මේ අතරේ, ෂෙරිෆ් සහ ගිස්බන්, ඇලන්වත් අරන් රජතුමාව මරන්න ශුද්ධ වූ දේශයට යන්නයි හදන්නේ. රොබින්ව හොයාගන්න බැරි නිසා, මැරියන් තනියම ෂෙරිෆ්ව මරන්න ගිහින්, ෂෙරිෆ්ට අහුවෙනවා. රාත්‍රී රැකවලාත් මැරියන් බව එතනින්ම එළියට ඇදෙන අතර, ගිස්බන්ට මැරියන් ගැන තිබුන විශ්වාසය මුළුමනින්ම නැතිවෙනවා. එයාලා මැරියනුත් හිරකාරයෙක් විදියට මේ ගමනේ අරන් යනවා. මේ මෙහෙයුමට එකතු වෙලා, වංශවතෙක් වෙන්න හිතාගෙන ඉන්න ඇලන්, අන්තිම මොහොතේ අදහස අතඇරලා, රොබින්ලාව බේරගන්න ආපහු නොටින්හැම් එනවා. ජැක්ගේ අදහස අනුව තියන “කලීලා සහ ඩිම්නා රාත්‍රියේදි” තම තමන්ගේ ප්‍රශ්න සමථයකට පත්කරගෙන, මැරෙනතුරු සටන් කරන්න රොබින්ගේ පිරිස සූදානම් වෙනකොටයි ඇලන් එතනට එන්නේ. ඇලන්ගේ උදව්වෙන් එතනින් පැනගන්න මේ පිරිස, ෂෙරිෆ්, ගිස්බන් හා මැරියන්ව හොයාගෙන ගමන පටන් ගන්නවා.
මෙවර කොටසින්…
මේ වෙනකොට ශුද්ධ වූ දේශයට ගිහින් ඉන්න ෂෙරිෆ්, රජතුමාව මරන්න නසියර්, කරීම් කියන සැරසන්ලා දෙන්නෙක්ව යොදවනවා. නසියර් කියන නම අපිට හුරු, පරණ කතාවේ රොබින්ගේ කණ්ඩායමේ කෙනෙක් විදියට වුනත්, මේකෙදි ඉන්න නසියර් නම් ෂෙරිෆ්ගේ ඝාතකයෙක්. ඒක ඊළඟ දවසේ මද්දහනට කලින් කරන්නයි හදන්නේ. මේ අතරේ රොබින් ඇතුළු පිරිස රජතුමාව බේරගන්නත්, මැරියන්ව බේරගන්නත් හිතාගෙන ශුද්ධ වූ දේශයට එනවා. එහාට ආවම එයාලට පේන්නේ, රජතුමා දැන් කලින් හිටපු නගරයේ නැති බවත්, සැරසන්ලා ආයෙත් ඒ බිම අල්ලාගෙන තියෙන බවත්. ඉතින් රොබින්ලාට දවල්ට කලින් රජතුමා හොයාගෙන, මැරියන්වත් බේරගන්න පුළුවන්ද කියලා ඔයාලා බලන්නකෝ.
කලින් ලිපියෙදි කිව්ව විදියට 12, 13 කොටස් දෙකම එකට ඈඳුව, පැය 1 යි, විනාඩි 25 වීඩියෝ එකට අදාළ උපසිරැසියත්, 13 කොටසට විතරක් අදාළ උපසිරැසියත් දෙකම අද දීලා තියෙනවා. ඔයාලා ඒ අදාළ උපසිරැසිය තෝරගෙන බලන්න. එහෙනම් තුන්වෙනි සීසන් එකෙන්, මෙතරම් කල් රජතුමා බේරාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් කරපු දේවල් වෙනුවට අලුත් අරමුණකුත්, අලුත් චරිත ටිකකුත් එක්ක තමන්ගේ වීරක්‍රියාවල නිරතවෙන අපේ සුපුරුදු රොබින්හුඩ් කණ්ඩායම මුණ ගැහෙමු. එතෙක් සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,656 downloadsDownload BBC.Robin_.Hood_.S02.E13.Baiscopelk.com_.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
20 comments
nkrtharinda95
ak
Thanks.
Chanaka
Godak sthuti saho.nattalata kalin anith season ekath labai neda apita
zeal
Thanks
Thilina Jayarathna
thx bn sub dunnata anikath demu
Sithila
සහෝ ... Robin Hood season 1,2,3 බාගන්න තැනක් දන්න කට්ටිය කියන්නකෝ (HDTV quality එකෙන් වගේ )
රොබින් හූඩ් බලන්න ආසයි , ඒත් බාගන්න විදිහක් දන්නේ නෑ ....
Please යාළුවනේ .. :(deshanchandana
niyamai saho sthuthi
Kulanjana Maduranga
subata thanks
madhu bhagya
tnz sub ekt
බොබී
HDTV කොපි වල ලින්ක්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ දාලා තියෙනවා, සහෝ. ඔයා ඒ අඩවිය ගැන නොදන්න කෙනෙක් නම්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් කියලා ගහලා, ගූගල් එකේ හොයලා බලන්න. මේකේ මුල්ම කොටස්වලට දාපු කමෙන්ටු වලත් ඔය ලින්ක් ගන්න විදිය ගැන එක එක අය දාලා තියෙනවා. එහෙමත් අමාරු නම් [email protected] එකට ඊමේල් එකක් දාන්න. කවුරුහරි කෙනෙක් ඔයාට උදව් කරයි. අපිට ලින්ක් මේ සයිට් එකේ දාන එක තහනම්.
Sithila
බොබී සහෝ , බොහොම ස්තුතියි ... මම බයිස්කෝප් ඩවුන්ලෝඩ් ගැන දැනගෙන හිටියේ නෑ ..ජයවේවා !!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයshakilakavinda
thanks bro baiscopedownloads ekatath ithiri kotas tika dannako
Lasantharathnasirirox
බොබී ලොකුදෙයක් කලෙ අනේ tnxx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Ushan-tharindu
s2 eo 1-13 dakwa sub dunnata thnks bro
Lakshan MLS
thanks
Viraj
Thanks
Advertisement


THankyou bro