කොහොමද හැමෝටම. ඉතින් දැන් අපි කතාවේ අවසානයට ඇවිත් තියෙන්නේ. තව එක කොටසකින් කතාව ඉවරයි. ඉතින් දැන් කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින් රොබින් ගිස්බන්ව තමන්ගේ කණ්ඩායමට පිළිගත්තට, අනිත් අය ඒකට සූදානම් නෑ. මොකද ගිස්බන් මෙච්චර කාලෙකට කරපු දරුණු වැඩ අපිත් දැක්කනේ. කොහොම වුනත් රොබිනුයි, ගිස්බනුයි යෝක්වලට ය…

කොහොමද හැමෝටම. ඉතින් දැන් අපි කතාවේ අවසානයට ඇවිත් තියෙන්නේ. තව එක කොටසකින් කතාව ඉවරයි. ඉතින් දැන් කතාව පැත්තට හැරෙමු.
පසුගිය කොටසින්
රොබින් ගිස්බන්ව තමන්ගේ කණ්ඩායමට පිළිගත්තට, අනිත් අය ඒකට සූදානම් නෑ. මොකද ගිස්බන් මෙච්චර කාලෙකට කරපු දරුණු වැඩ අපිත් දැක්කනේ. කොහොම වුනත් රොබිනුයි, ගිස්බනුයි යෝක්වලට යනවා. මේක දැනගන්න ඉසබෙලා, තමන්ගේ පණිවුඩකාරයෙකුත් එහාට යවනවා, දෙන්නවම අල්ලගන්න. කොහොමහරි ගිස්බන් අත්අඩංගුවට පත්වෙලා හිරගෙට ගිහින් ආචර්ව හොයාගන්න අතරේ, රොබින් එයාලව එළියට ගන්න සමත් වෙනවා. හිරකාරයෝ ඔක්කොම අරගෙන පැනලා යනකොට, කට්ටියම යෝක් හි ෂෙරිෆ්ට අහුවෙනවා. අවසානයේදි ඒ ෂෙරිෆ්, සහෝදරයෝ තුන්දෙනාම එල්ලලා මරන්න යද්දි, රොබින්ගේ කණ්ඩායමත්, ආචර් එක්ක සම්බන්ධයක් තියෙන යෝක් හි ෂෙරිෆ්ගේ බිරිඳත් ඇවිත් එයාලව බේරගන්නවා. ඒත් ආචර් රොබින්ලා තරම්ම සටනටත්, විදින්නත් දක්ෂයෙක් වුනත්, විශ්වාස තියන්න බැරි කපටියෙක් බව හැමෝම දැනගන්නවා. අවසානයේදි ආචර්, තමන්ගේ අක්කා වන ඉසබෙලාව හොයාගෙන නොටින්හැම් යන අතරේ, ගිස්බන් රොබින්ගේ කණ්ඩායමත් එක්ක නවතිනවා.
මෙවර කොටසින්
ආචර් එදා දැනගත්ත නේ එයාගේ අක්කයි, නොටින්හැම්වල ෂෙරිෆ් කියලා. ඉතින් කෙලින්ම එයාව හම්බවෙන්න එනවා, මොනවාහරි වාසියක් ගන්න බලාගෙන. ඒත් ඉසබෙලා කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ. එයාඑකෙන්ම ආචර්ව මාලිගාවේ හිරකරලා දාන්න අණ දෙනවා. ආචර් එතනින් බේරුනත්, ආපහු මාලිගාවට රිංගන්නමයි උත්සාහ කරන්නේ. මේ අතරේ ජෝන් කුමාරයා නියෝගයක් එවනවා, රිචඩ් රජු ආපහු ගෙදර එන නිසා, එයාට විරුද්ධව සටන් කරන්න මිනිස්සු එවන්න කියලා. රොබින්ලා ඒකෙන් තේරුම් ගන්නවා, මේ තමයි අන්තිම සටන දෙන්න වෙලාව කියලා. ඉතින් එයාලා මාලිගාව අල්ලන්න සැලසුම් කරන අතරේ, ඉසබෙලා සැලසුම්කරනවා ඉතාම සූක්ෂම විදියට රොබින්ගේ කණ්ඩායම භේද කරන්න. මේ වතාවේ මොනවා වෙයිද, කණ්ඩායමේ කී දෙනෙක් පණ පිටින් ඉඳියිද කියලා ඔයාලම බලන්න. මොකද කතාව දැන් ඒ තරමටම සීරියස් වෙලාතියෙන්නේ. අන්තිම කොටසින් හමුවෙනකම් හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,470 downloadsDownload BBC.Robin_.Hood_.S03.E12.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
12 comments
zeal
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChanaka
Natthaluty එනවා ...awasanath awa..thanx saho
shakilakavinda
tnx bro baiscopedownloads ekata link tikath dannako
madhu bhagya
thw ek kotasi nh mechchr kl mahnsi wel mekt sub ek dunnt tnz ayy gdk
zeal
boby.... ROBIN HOOD 2018 film 1ta Sub 1ka Karapanko...
Kulanjana Maduranga
subata thanks...
Lasantharathnasirirox
ගැම්ම බොබ්.....ස්තුතියෝ...
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
tnx mchn sub ekata ..!!
Lakshan MLS
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


(((((((( ♦ Thanks lot ♦ ))))))))