Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S03 : E13] Sinhala Subtitles | නොටින්හැම් හි අවසන් සටන [සිංහල උපසිරැසි සමග]

වළලුකරේ උලුක්කුවකුත් තියාගෙන, ගෙදර ඉන්න වෙලාවෙන් කතාමාලාව ඉවර කරන්න ඕනියි කියලා හිතුනා. ඉතින් මේ තමයි රොබින්හුඩ් කතාමාලාවේ අවසාන කොටස. මේ කතාමාලාවට වෙන සීසන් එකක් හදලා නෑ. කොහොමත් ආයෙත් සීසන් එකක් ඕනි නොවෙන බව අද කතාව බැලුවම ඔයාලටත් තේරෙයි. ඒත් ඇත්තටම මේක ඉවරවෙනවා කියන්නේ, මට නම් සෑහෙන්න දුකක්. රූප…

වළලුකරේ උලුක්කුවකුත් තියාගෙන, ගෙදර ඉන්න වෙලාවෙන් කතාමාලාව ඉවර කරන්න ඕනියි කියලා හිතුනා. ඉතින් මේ තමයි රොබින්හුඩ් කතාමාලාවේ අවසාන කොටස. මේ කතාමාලාවට වෙන සීසන් එකක් හදලා නෑ. කොහොමත් ආයෙත් සීසන් එකක් ඕනි නොවෙන බව අද කතාව බැලුවම ඔයාලටත් තේරෙයි. ඒත් ඇත්තටම මේක ඉවරවෙනවා කියන්නේ, මට නම් සෑහෙන්න දුකක්. රූපවාහිනියේ විකාශය වුනු කාලේ නම්, මේ කතාව ඉවරවුනාම, මට වෙන කතාවක් බලන්න හිතුනේ නැති තරමයි. කොහොමහරි අපි පසුගිය කොටස මතක් කරගමු.

පසුගිය කොටසින්

ජෝන් කුමාරයා රිචඩ් රජුට විරුද්ධව ගෙනියන කැරැල්ලට අවශ්‍ය සෙබලු එකතු කරන බව දැනගන්න අපේ කණ්ඩායම, ඒ වැඩේ නවත්තන්න මාලිගාවට යන්නයි හදන්නේ. මේ අතරේ රොබින්ගේ කණ්ඩායම භේද කරන්න හදන ඉසබෙලා, ඇලනඩේල් තමන්ට කරපු සේවය වෙනුවෙන් එයාට සමාව දුන්නයි කියලා නිවේදනයක් නිකුත් කරන අතර, කේට්ගේ අම්මා ලවා, රොබින් තාම ආදරේ ඉසබෙලාට බව කේට්ට ඒත්තු ගන්වනවා. මේකෙන් කේට් කණ්ඩායම දාලා යන අතර, ඇලනඩේල් ද්‍රෝහියෙක් බව හිතන කණ්ඩායම, එයාව කඳවුරේ ගැටගහලා යනවා. තනියම නිදහස් වෙන ඇලනඩේල් කැලේ හරහා යනකොට යමක් දැක්කත්, ඒක රොබින්ලාට කියන්න එන අතරේ එයාට ඊ වරුසාවකට මුහුණ දෙන්නයි සිද්ධ වෙන්නේ. මේ අතරේ රොබින් සහ මාච් ගිස්බන්ගේ උදව්වෙන් රහස් උමගක් හරහා මාලිගාවට යනවා. මේ වෙනකොට ඉසබෙලා එක්ක වැඩකරන ආචර්, මේ උමගේ රොබින්ලාට උගුල් අටවලා, ඉසබෙලාගෙන් සල්ලි උපයා ගන්නවා. ඒකෙන් වෙන්නේ, ගිස්බන්, මාච්, රොබින් තුන්දෙනා උමගේ කොටුවෙලා, හිරිගල් කුඩු යට වැළලිලා යන උගුලකට කොටුවෙන එකයි. ටක්, ලිට්ල් ජෝන් එක්ක ගම්මු ටිකත් අරගෙන මාලිගාව ඉදිරියේ වාඩිවෙලා, යුධ සෙබලුන්ට ගෙනියන බඩු කරත්ත අවහිර කරන අතර, තමන්ගේ අම්මාගෙන් ඇත්ත දැනගන්න කේට් ආපහු ඇවිත් එයාලට එකතු වෙනවා. ඉසබෙලා කරන විනාශය බලාඉන්න බැරි තැන, ආචර් සෙබලුත් එක්ක සටන පටන්ගන්නවා. එතනදි කේට් එක්ක ගිහින්, රොබින් ඇතුළු පිරිසව උමගේ උගුලෙන් බේරගන්නත්, ආචර්ට හැකිවෙනවා. අවසානයේ ඉසබෙලාවත් අල්ලගෙන, නොටින්හැම් මාලිගාව ජනසතු කරන රොබින්ට, එක පාරට කඩා වැටෙන්නේ නොහිතූ කරදරයක්. පරණ ෂෙරිෆ් ලොකු හමුදාවක් අරගෙන, නොටින්හැම් වටලන්නේ, ඇලනඩේල්ගේ මිනියත් මාලිගා දොරටුව ළඟට ගෙනත් දාලයි.

මෙවර කොටසින්

ආපෞද්ගලිකවම සමහරවිට මම නම් කැමති වුනේ රොබින්ටත් වඩා ඇලනඩේල්ගේ චරිතයටයි. කොහොමවුනත් මේ කොටසේදි ඇලනඩේල්ව සැක කළ එක ගැන පසුතැවෙන කණ්ඩායම, එයාට අවසන් ගෞරව දක්වනවා. ෂෙරිෆ් ළඟ තියෙන යුධ යන්ත්‍රත් එක්ක, රොබින්ලාගේ මිනිස්සුන්ට හැප්පෙන්න බැරි තරම්. අනික ෂෙරිෆ් ළඟ තියෙන “බයිසැන්ටයින් ගින්න” කියලා හඳුන්වන ගිනිගන්නා සුලු රසායන ද්‍රව්‍යය, එයාට විකුණලා තියෙන්නේ ආචර්. ඉතින් ඒවා බැරල් ගානක් ෂෙරිෆ් ළඟ තියෙන බවත් රොබින්ලා ආචර්ගෙන් දැනගන්නවා. මේ මුළු කොටස පුරාවටම තියෙන්නේ නොටින්හැම් බලකොටුව ෂෙරිෆ්ගෙන් බේරගන්න, රොබින්ලා දිවි පරදුවට තියලා කරන, අවිනිශ්චිත සටනයි. කතාව අවසාන වෙනකොට කවුරු මැරෙයිද, කවුරු ජීවත්වෙයිද, රොබින්ලා දිනයිද, පරදියිද කියලා ඔයාලා බලන්න.

ඇත්තටම මේ මම සම්පූර්ණ කතාමාලාවක් කරපු පළවෙනි වතාව. ඉතින් මාස දෙකක්, තුනක් පුරාවට උපසිරැසි හදමින්, මේ කතාව ඔයාලට ගෙන එන්න ලැබීම ඇත්තටම මට සතුටක්. මම හුඟක්ම කැමති වුනු, කවදාවත් අමතක නොවන කතාවක් මේ. ඇත්තටම පරණ රොබින්හුඩ් කතාමාලාවටත් වඩා, මම මේකට කැමතියි කියලා හිතෙන්න පටන් ගත්තේ, උපසිරැසි ඔක්කොම සම්පූර්ණ කරලා කතාව බලන්න පටන් ගත්තමයි. අනේ තව සීසන් එකක්වත් තිබුනනම්!

කොහොමහරි මේ වැඩේ ඉක්මනට, ගුණාත්මකව කරගෙන යන්න, විමා සොහොයුරාත්, හසන්ත අයියත් නිතර කරපු හොයලා බැලීම්, අඩුපාඩු පෙන්වා දීම් මට ශක්තියක් වුනා. ඒ වගේම මම හිතුවේ නැති තරම් ප්‍රේක්ෂක පිරිසක්, මේ ගමනට එකතු වුනා. ඔයාලගේ දිරිගැන්වීම් වෙනුවෙන් මගේ හද පිරි ස්තූතිය පළ කරන අතර, පුළුවන් වෙලාවට තවත් කතාමාලාවක් කරන්නයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම අන්තිම කොටස නිසා අද විශේෂයෙන්ම කමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා. නැවතත් ඉක්මනින් තවත් උපසිරැසියකින් ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,786 downloadsDownload BBC.Robin_.Hood_.S03.E13.Baiscopelk.com_.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

බොබී

Subtitles

2,786 downloadsDownload Subtitles19 KB

35 comments

  1. tom_tho

    harima dukai saho
    e dawas wala baluwa wagema dukai

  2. zeal

    Thanks bob

  3. ak

    Harima duki saho katha ewara unata.Robinuth anthimata marenawane.Kathaway veeraya maruna ekanam harimadi.
    Sub ekata thanks.

  4. ak

    Knight rider (1982-1986) series eketh sinhala sub dennako please!

  5. baiscoe_dilu

    Thanks bobi

  6. Sudantha92

    weradi sub ekak bn aayet 12 sub eka
    ]

  7. Chanaka

    Dawass 39 k awasanayak...sthuthi saho mea karapu deta.oyagea mahnsiyata kapawimata sthuthi.

  8. sachintha

    දවස් 39ක් තුල සම්පූර්ණ කතාමාලාවට උපසිරැසි ලබා දුන්නාට ගොඩාක්ම ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

    පුලුවන්නම් Riverdale එකට සබ් කරන්න
    සුපිරි කතාමාලාවක්...

  9. Dhanushkadill

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Thilina Jayarathna

    attatma kollo uba mahansi vela meka kra .thx malli .tava hoda ekak kramu .pulvnm magin navattala tyna ocean girl ekta hari Sleepy Hollow (TV Series) e tikata dipan malli .api eka aran sub natuva hira vela inne bn

  11. Dfernando

    Thanks bobi

  12. Lasantharathnasirirox

    කියන්න වචන නෑ බොබී මේ කරපු වටිනා උදවුවට...!!
    අතරමග නතරනොවී මේ ආපු ගමනට ගොඩාක් කරදර බාධක එන්න ඇති.ඒ මොනව වුනත් කරපු වැඩේ අකුරටම කරල ඉවරකලා......ඒක ගොඩාක් වටිනව සහෝ.....

    ඉස්සරහට කරන හැම වැඩකටම සුබපැතුම් !!!
    අලුත්ම කතාවකින් හරි කතා මාලාවකින් හරි නැවතත් හමුවෙමු.....

  13. බොබී

    ඔයාලගේ ඉල්ලීම් පුළුවන් විදියට ඉටු කරන්න උත්සාහ කරනවා සහෝ. මෙච්චර කාලයක් මේ කතාවත් එක්ක එකතු වුනාට ගොඩක් ස්තූතියි. බයිස්කෝප් එකේ නැවතිලා වගේ හැමදාම කමෙන්ටු දදා හිටිය සහෝදරයින්ට විශේෂයෙන් ස්තූතියි. එහෙනම් ඉක්මනට දවසක ආයෙත් හමුවෙමු. ජය!

  14. DhanushkaAASL

    thanks for all series sinhala sub

  15. MAALnath

    Thanks .................good luck ..................the exorcist season 02,station 19 season 01,02 sub denn.................................

  16. chamipriya

    suppa bro ...........thanks................

  17. thanujamilandi

    Thank you sub walata.. Jaya Wewa!!!! BS!!!!!!!

  18. madhu bhagya

    athara maga kthw nwththannathuw digatm sub ek dunna gdk tnz ayy thwth me wg hod tv series tikkt sub denn me sub ektth tnz bs bye

  19. Lahiru Rasadun

    සුපිරි වැඩක් කොල්ලෝ උඹට ජයවේවා දිගටම sub කරමු tvseries වලට

  20. Kulanjana Maduranga

    subata thanks saho....

  21. Cavil

    Uba wagema math asawen balapu elama tv series ekak. Okkoma epis walta sub dunna ekata thanx bro. Jayen jaya

  22. Hasindu Dulsara

    thanks bruh...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. LahiruPriyankara

    Thank you....

  25. ravidu ishan

    Tnx mchn uba karapu me wadeta..jayawewa ...!!!

  26. Ramesh sampath

    supire saho............Thanks....jaya wewA

  27. Ushan-tharindu

    s3 ep1-13 dakkwa sinhala sub dunnata thanks bro

  28. sarathprasanna

    mama adai balanne last eka sirawatama thawath season ekak thibbanm

  29. nipuna adikari

    thx lot

  30. Lakshan MLS

    thanks machan. subtitles tika supiri. good luck!!!!!

  31. Cavil

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේවගේ කතාවකට උපසිරැසි දුන්න එකට. පොඩිකාලේ ජාති⁣ක රුපවාහිනියේ බැලුවට පස්සේ ආයෙත් බලන්න ආස හිතුනේ බයිස්කෝප් ටීම් එකේ "බොබී" ඔබ ඇතුළු සහෝදරයන්ට ස්තුති වෙන්නයි. මමත් පරණ රොබින් හුඩ් කතා මාලාවට වඩා කැමති වුනේ මෙි කතා මාලාවට. ඉතිං නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් බයිස්කෝප් ටීම් එකට ජය වේවායි පතමින් සමුගන්නවා.
    තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තූතියි.

  32. sashan

    Thanks bro digatama upasirisi genawata. Digatama yamu. Jaya weva.

  33. Diloan

    සුපිරි

  34. Anonymous

    Thanks your subtitles for all seasons.

  35. Anonymous

    Thanks for everything brother.....!