බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න අද උපසිරසි අරන් එන්නෙ ටිකක් හිරවෙලා තිබ්බ කතාමාලාවකට, 3% තමා මේකේ නම. ටිකක් අමුතුයි නේද. නම වගේම තමා කතාවත් වෙනස්ම රසයක් තියෙන්නේ. අද ඉතින් මේ කොටස බලන අයට ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ කතාවේ රසය ගැන. මට තමා තුන්වෙනි සහ හතරවෙනි කොටස් බාරවෙලා තියෙන්නෙ. පළව…

බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න අද උපසිරසි අරන් එන්නෙ ටිකක් හිරවෙලා තිබ්බ කතාමාලාවකට, 3% තමා මේකේ නම. ටිකක් අමුතුයි නේද. නම වගේම තමා කතාවත් වෙනස්ම රසයක් තියෙන්නේ. අද ඉතින් මේ කොටස බලන අයට ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ කතාවේ රසය ගැන. මට තමා තුන්වෙනි සහ හතරවෙනි කොටස් බාරවෙලා තියෙන්නෙ. පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අපේ කවිෂල් රසින්ත(කවී) මලය උපසිරසි අරගෙන ආවනේ.
හරි මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා, මේ කොටස් දෙකට උපසිරසි දෙන්න ඕන නිසාම මම මුල් කතා මාලාව සම්පූර්ණයෙන්ම නැරඹුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්ලගේ ගින්දර වැඩක් කියන්න පුළුවන් මේක. ඒ වගේම මගෙ හිතට අල්ලලා ගියා සෑහෙන්න. සුපිරි කතාමාලාවක්. තව දෙයක් කියන්න ඕන කරුණාකරලා පෘතුගීසි භාශාවෙන්ම තියෙන වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මාත් ඕකට අහුවුනා. මාත් ඩව්න්ලෝඩ් කරේ ඉංග්‍රීසි හඩකවපු පිටපතක්. ආපෝ සසර කළකිරුන මටනන්. කටහඩවල් මෙලෝ රහක් නෑ. හරි ඔයාලට අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් හොද ගුණාත්මක පිටපත් ලබා දෙයි. ඉතින් මම නන් නිර්දේශ කරන්නේ අන්න ඒකෙන්ම ඩව්න්ලෝඩ් කරගන්න, නැත්තන් ඉතින් කොහෙන් හරි කමක් නෑ පෘතුගීසි කොපියම හොයාගන්න.,
පෙර කොටස පොඩ්ඩක් මතක් කරගමු කට්ටියට මතක ඇතිනේ මිශෙලිගේ අයියා පරිවාසෙට දාල ඉන්නවා. ඉතින් මිශෙලිට ඕන කොහොම හරි අයියව බේරගන්න. ඒ වගේම දකින්න ඇති රෆායල්ට ඕන වෙලා තියෙන්නේ කොහොමහරි පිටිසරට පණිවිඩයක් යවාගන්න. ඒත් රෆායල්ගේ අලුත් පෙම්වතියගෙන් ඔහු දැනගන්නවා අක්වෙරළේ සංඛ්‍යාත අවහිර කරල තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔහු උත්සහ කරන්නේ කොහොම හරි පිටිසරට යා ගන්න. ඉතින් ඔයාල දකින්න ඇති රෆායල් අවසානෙදි කොහොමහරි පිටිසරට එන සබ්මැරීන් එකට නැගගන්නවා.
අද කතාව ගැනත් ටිකක් විතර කියන්නන්. ඔන්න අද තම කතාව හරියටම පටන් ගන්නේ. කලින් එපි දෙකේ පොඩ්ඩක් විතර ඒකකාරී වෙන්න ඇති කට්ටියට. අද ඉදන් ප්‍රනාන්දු සහ ජොවානා ගේමට එන්ටර් වෙනවා බලාගන්න පුලුවන්. ඒ වගේම අවසානේදී රෆායල්ගේ බොරු සේරම එස්කියල්ට අහුවෙනව වගේම මිශෙලිගෙ බොරුවත් කෝස් එකට එලිවෙල මහ ජරමරයකින් තමා ඉවරවෙන්නේ… මට හොදටම විශ්වාසයි අපේ නරඹන්නන් ඊලග එපිය බලනකන් ඇගිලි ගැන ගැන බලන් ඉදියි.
හරි එහෙනන් මම මේ කතාවට සම්බන්ධ වුනේ කවිෂාල් රසින්ත මල්ලි හරහා. ඔහුට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මාව මේ කතාවට සම්බන්ද කරගත්තාට. ඒ වගේම මේ කතා සමයෙදී කවිනු වීරක්කොඩි, බේනුක නිම්හාන් සේනාධීර සහ උදයංග සම්පත් කියන සහෝදර උපසිරසි කරුවන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. හතරවෙනි කොටසටත් උපසිරසිය අරගෙන එන්නෙ මමමයි. ඒකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනන් දිගටම රැදී ඉන්න බයිස්කෝප් සමග. ඔබට ජයවේවා….
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
WEB.X264-STRIFE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,904 downloadsDownload 3.Percent.S02E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
11 comments
කවිශල් රසින්ත (කවී)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයoshadakalshan
උපසිරසට ස්තුති...
Kulanjana Maduranga
subata thanks
Rocky45
Season 2 complete season eka direct download karanna site ekak kiyanako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
toonmo
tnx bro
Mr.pamz
THANKS
priyan99
thanks bro sub ekata
Dula95
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සම්බන්ධ වෙලා එකට සිරීස් එක කරන්න ලැබුන එකත් සතුටක්... බය නැතුව වැඩක් කරන්න කියලා කියන්න පුළුවන් චරිතයක්. ඒනම් සබට තුති අයියේ, ජය වේවා...