එහෙනම් ඔන්න මේ වසරත් ඉවර වීගෙන එන කාලෙක අපිටත් නොදැනීම ටයිටන්ස් කතාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අවසාන කොටස හනික දෙන්න ඕන කමක් තිබුනත් මේකේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ ඉරිදා (23) වැනිදා උදේ පාන්දර එකයි ගානකට. ඉතින් ඒ නිසයි ප්‍රමාද වුනේ. කොහොම හරි පැය 24 ක් යන්න කලින් ඔයාලට සිංහල උපසිරැසිය අරන් ආව…

එහෙනම් ඔන්න මේ වසරත් ඉවර වීගෙන එන කාලෙක අපිටත් නොදැනීම ටයිටන්ස් කතාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අවසාන කොටස හනික දෙන්න ඕන කමක් තිබුනත් මේකේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ ඉරිදා (23) වැනිදා උදේ පාන්දර එකයි ගානකට. ඉතින් ඒ නිසයි ප්‍රමාද වුනේ. කොහොම හරි පැය 24 ක් යන්න කලින් ඔයාලට සිංහල උපසිරැසිය අරන් ආවා. මං හිතන්නේ CW ලගේ මෝඩ පහේ ලෝ බජට් කතා බලපු අයට මුල්ම වතාවට ඩීසි යුනිවර්ස් එකෙන් ලබා දුන්නු R-Rated කොමික් කතාමාලාවේ අත්දැකීම හොද එකක් වෙන්න ඇති කියලා. මොකද මට නම් කතාව පටන් ගන්න මුල් තිම් එකේ ඉදලා අවසානය වෙන විදිහ දක්වාම කාලය ගත වෙනවා දැනෙන්නෙම නැති තරම්. හරි හරි දැන් පොඩ්ඩක් පහුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන් ඉමු.
පහුගිය කොටස සම්බන්ධ වුනේ රේචල් කෝරිට උදව් කරන්න කියලා හිතාගෙන එයාගෙ ඔළුවට අත තියලා රේචල් සුපුරුදු පරිදි කරන දේ කරන්න යද්දී කෝරි රේචල්ගෙ බෙල්ල මිරිකලා මරන්න හැදුවා කෝරි කියන්නේ පිටසක්වල ජීවීයෙක් කියලා එයාට මතක් වෙන්න ගත්තට පස්සෙ. මේ අතරේ රේචල් උදව් ඉල්ලගෙන මනෝ ලෝකෙට ඇතුල් වෙලා තිබුණා. පස්සෙ මෙයා ඩොව්ගෙ මනසට ඇතුල් වෙලා එයාගේ හීන ඇතුලෙන් උදව් ඉල්ලලා තිබුණා. එතකොට ඩොව් නැගිට්ටේ රේචල්ට උදව් ඕන කියලා වගේම ජේසන් ටොඩ් කියන නමත් කියාගෙනමයි. පස්සෙ එතනට එන ඩික් වගේම ඩෝනා දෙන්නා කෝරිව නවත්තනවා. කොහොම හරි මේ දෙන්නා කෝරි මැඩපැවැත්වූවාට පස්සෙ කෝරිට ආපහු වතාවක් සාමන්‍ය සිහිය ලැබෙනවා. රේචල් එයාගෙ ඔලුව ඇතුලේ තියෙන දේවල් දැනගන්න හදපු වෙලාවේ කෝරිටට මතක් වෙච්ච මතකයන් හොයන් කෝරි රේචල්ගෙ අම්මගේ ගෙදරින් යන්න ගියා. කෝරි යන්නේ කොහෙද කියලා දැනගන්න ඕන නිසා ඩෝනා එයාගෙ ස්ටාර් ට්‍රැකර් එකක් කෝරිගෙ වාහනේට විසි කලා. කෝරි ගිය දිආවටම පස්සෙන් ගියපු ඩික්ටයි, ඩෝනාටයි අතහැරලා දාපු ලොකු ගබඩාවක් ගොඩනැගිල්ලක් දිහාවට කෝරි ආපු විත්තියක් තමයි දැකගන්න ලැබුනේ. මේක තමයි කෝරිගෙ යානය නවත්තපු තැන වුනේ. කිසිම සැකයකින් තොරව ඩික්, ඩෝනා කෝරිගෙ පිටසක්වල යානය දැකලා සෑහෙන පුදුම වුණා. කෝරිගෙ පරණ මතකයන් මතක් කරගන්න වෙලාවේ ගාර්ට හරිම අපුරු වැඩ තමයි වෙන්න ගත්තේ.
ගෝරිට වෙච්ච දේ ගැන තමන්ටම දොස් කියාගන්න ගමන් හිටිය රේචල්ට උදව් කරන්න ගියපු ගාර් ඇගට රේචල්ගෙ ඩීමන් කඩාගෙන පැනපු නිසා එතනත් අවුල් වෙලා තිබුනේ. මේ අතරේ රේචල්ගෙ අම්මා ඇන්ජෙලා එයාට ලංවෙලා එයට උපදෙස් දුන්නා රේචල්ගෙ අදුරු පැතිකඩ තෝරගෙන ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ අතරේ මේ අයගේ ෆාම් හවුස් එකට ඒ පැත්තේ ෂෙරිෆ්. මේ කෙනා කලින් ඉදලා ඇන්ජෙලාව දැනගෙන ඉදලා තියෙනවා. කොහොම හරි මේ දෙන්නාගේ කතාව කෙළවරක් වුනේ ෂෙරිෆ් ඇන්ජෙලා එක්ක රෑ කෑමකට යන්න කැමති කරවගෙන.මේ ගෙදර තිබුණු ගුප්ත බව මුල ඉදලම ගාර්ට දැනිලා තිබුනේ. ෆෝන් ලයින් වැඩ නැහැ. මහා අමුතු විදිහේ පරණ තාලේ පවුලේ පින්තුර බිත්තියේ එල්ලලා. ඒ ,මදිවට ගාර් අසනීප වෙන්න පටන් අරන් තිබුනේ. මුල්ම හේතුව වුනේ එයා මූන බලපු කන්නාඩිය නිසා. කලින් කට්ටියම ගිහින් ඇන්ජෙලාව මුදවගාන්න ගිය වෙලාවේ එහෙ හිටිය ඩොක්ටර්ව ගාර් මරපු විදිහ ලේ එක්කම මතක් වේවි එයාට ලොකු වදයක් වෙලා තිබුනේ. ඔහොම තමා ඉතින් අපි හිතුවේ. හැබැයි කතාව බලන අපිට දැනගන්න ලැබුනා ඇන්ජෙලා කෑම වලට චස එකතු කරලා කියලා. මොකද ඇන්ජෙලා දැනන් හිටියා ගාර් වගේම රේචල් කියන්නේ හුගක් ලගින් ඇසුරු කරන දෙන්නෙක් විත්තිය. මේ නිසාම ඇන්ජෙලා ඕන කමින් කෑම වලට වස එකතු කලා. එතකොට එයාට පුලුවන්නෙ ගාර්ව මැරිලා යන තත්වයට පත් කරලා එයාව සනීප කරන්න ඕනම දෙයක් කරන්න සුදානමින් ඉන්න රේචල්ව එයාට ඕන විදිහට මෙහෙයවන්න. ඒ දේවල් ඉතින් එයා හිතපු විදිහටම සිද්දවුණා. ගාර්ව සනීප කරන්න ඕන කියන අරමුණින් එයා කණ්නාඩියකට අත දාලා එයාගෙ යක්ෂ තාත්තා “ට්‍රයිගෝන්ව” කැදෙව්වා.

ට්‍රයිගෝන්ගෙ සැබෑ ස්වරුපය
අනික් අය ගැන කියන්න නම් දන්නේ නැහැ. හැබැයි මමනම් හිතුවේ ට්‍රයිගෝන් එනවා කිව්වම අර ලොකු සද්දන්තයා ඒවි කියලා. හැබැයි ඉතින් ට්‍රයිගෝන් පෘතුවිය ඇතුල් වුනේ මනුස්ස වෙසින්. එයා ආපු එක ගැන වැඩියෙන් සතුටු වුනේ ඇන්ජෙලා. කොහොම හරි රේචල්ගෙ දැඩි ඉල්ලීම මත ට්‍රයිගෝන් ගාර්ව සනීප කලා. පස්සෙ රේචල් එහෙමත් අවුරුදු ගානකින් දැකපු එයාගෙ තාත්තව බදාගෙන උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නා. මේ වෙද්දී රේචල් කියන්නේ කවුද, එයාගෙ අම්මා, තාත්තා මොන වගේ කෙනෙක්ද මේ හැමදේම දැනගෙන ආපහු වතාවක් ෆාම් හවුස් එක දිහාවට ආව ඩික්, ඩෝනා වගේම කෝරි තුන්දෙනාගෙන් මේ ගෙදරට ඇතුල් වෙන්න ලැබුනේ බෝයි වොන්ඩර් නොහොත් ඩික්ට විතරමයි. මොකද ට්‍රයිගෝන් ඒ වෙලාවේ කෝරි එන බව දැනිලා එයාලගේ ගෙදරට එන්න බැරි වෙන්න බාධාකයක් දැම්මා.
ඔතනින් පස්සෙ තමයි අද අවසාන කොටසෙ ආරම්භය සිද්දවෙන්නේ. ඩික් ගෙදර ඇතුලට ගියාට පස්සෙ වෙන දේ නම් හිතාගන්නවත් බැරි වේවි. තනිකරම මුලාවක් තමයි අද කොටස පුරාවටම වෙන්නේ. විශේෂයෙන්ම අද කොටස අවසානයේදී ටයිටන්ස් දෙවැනි කතාසමයට එකතුවෙන අලුත් සාමාජිකයාවත් හදුන්වා දීමක් සිද්ද කරනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. එහෙනම් ආයෙ දෙවැනි කතාසමය එක්ක 2020 වසරේදී මුණගැහෙමු.
ටයිටන්ස් කතාමාලාවේ ඉදිරිය
මුල් කොටසවත් විකාශය වෙන්න කලින්මයි ටයිටන්ස් කතාමාලාව දෙවැනි කතාසමයකට දීර්ඝ වුනේ. ඒ නිසා බයවෙන්න කාරී නැහැ. මෑතකදී ලැබුණු ආරංචි වලට අනුව නම් ටයිටන්ස් දෙවැනි කතාසමයේ රූගත කිරීම් 2019 වසරේ පෙබරවාරි වලදී ආරම්භ කරන්න නියමිතයිලු. ඒ කියන්නේ 2020 වසරේ ජනවාරි මාසයේදී වගේ අපිට දෙවැනි කතාසමයත් දැකගන්න ලැබේවි. එතකොට ඒක එනකන් වෙන මුකුත් කතා එන්නෙම නැද්ද?
ඩීසි යුනිවර්ස්හී ඉදිරි අනාගත සැලසුම්

ටයිටන්ස් දෙවැනි කතාසමය එනකන් අපිට ඩීසි යුනිවර්ස් එක හරහා කතාමාලා පහක්ම දැකගන්න ලැබෙනවා.
- ජනවාරි – පෙබරවාරි කාලය අතරතුර Young Justice outsiders නොහොත් තෙවැනි කතාසමයේ මුල් කොටස් දහ තුන දැකගන්න ලැබෙනවා.
- පෙබරාවාරි 15’වැනිදා සිට මැයි මාසයෙ අවසන් කාලය දක්වාම Doom Patrol මුල් කතාසමය විකාශය වීම ආරම්භ වෙනවා. මේ කට්ටිය ගැන යාන්තමින් අපිට ටයිටන්ස් හතරවැනි කොටසින් දැකගන්න ලැබුනා. ඊට වඩා වැඩි යමක් මේ අයගෙම කතාමාලාව ඔස්සේ දැකගන්න ලැබේවි. විශේෂයෙන්ම සයිබෝර්ග්ව එහෙමත් දැකගන්න ලැබෙන බව කලින් ආරංචි පැතිරිලා තිබුණා.(මේ කතාමාලාවේ රූගත කිරීම් කෙරෙන අතරතුර ලබාගත්ත පින්තුර බලාගන්න කැමති නම් මේ පෝස්ට් එක බලන්න)
- ජූනි මාසයෙ මුල සිට ජූලි අග දක්වාම Young Justice Outsiders නොහොත් තෙවැනි කතාසමයේ ඉතිරි කොටස් දහතුන විකාශය වෙනවා.
- මේ අතරතුරම ජූනි මාසෙ මුල ඉදන් සැප්තැම්බර් මාසය වෙන තෙක්ම “Swamp Thing” නමින් කතාමලාවක්ද විකාශය වීම ආරම්භ කරනවා. මේ සම්බන්ධ ලිපි මංසලේ පල කරලා තියෙන්නේ. කැමති නම් ඒවත් කියවන්න. (ලිපි I, II, III, IV, V)
- සැප්තැම්බර් මාසයෙ අග සිට දෙසැම්බර් මාසය දක්වාම Stargirl නම් තවත් ඩීසි කොමික් මත පදනම් වූ කතාමලාවක්ද විකාශය වීම් කටයුතු සිද්දවෙනවා. මේ ගැනත් බයිස්කෝප් මංසලේ ලිපියක් පල කලා. ඒක මෙතනින් වගේම මෙතනින් කියවන්න පුලුවන්.
- මේ අතරතුරම ඔක්තෝම්බර් මාසයෙ අග ඉදන් 2020 වසර දක්වාම Harley Quinn නමින් ඇනිමේෂන් කතාමලාවක් දැකගන්න පුලුවන්. ඒ කියන්නේ මේ වෙද්දී ඩීසි යුනිවර්ස් එක 2019 වසර ගැනත් සැලසුම් හදලා ඉවරයි.
අමතර – මීට අමතරව 2019 වසරේදී HBO නාලිකාවෙන් Watchmen නමින් ඩීසි කොමික් ඇසුරින් නිර්මාණය වන කතාමාලාවකුත් එළිදක්වන්න මේ වෙද්දී එහි නිෂ්පාදන කටයුතු සිදු කරන් යනවා. වොච්මෙන්ලව නොදන්න විදිහක් නෑනේ. 🤗
සබ් කිරිල්ලේ ඉදිරි අනාගතේට මොනා වෙයිද කියලා නම් කියන්න දන්නේ නෑ හැබැයි සාම්ප්‍රදායික ඩිසි කතාමාලා වලින් මිදිලා මාවල් කතාමාලාවලට උපසිරැසි අරන් එනවා වගේම මේ වතාවේ කට්ටිය එකතු කරන් අපිට ඩීසි යුනිවර්ස් එකේ කතාමලාවකටත් උපසිරැසි අරන් එන්න ලැබුනා. ඉතින් මෙතෙක් කල් මේ කතාමලාවට උපසිරැසි ලබා දුන්නු හසා, නිලුපුල්, විමා වගේම ලහිරුවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.
ලබන්නා වූ නත්තල වගේම ලබන්නා වූ නව වසර සුභම සුභ එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං සමුගන්නවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,328 downloadsDownload Titans-2018-S01-E11.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
57 comments
Thamoth Kavinda
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Thisara Neo
තැන්කියු සාම්
Ayesh Prashan
haiyoo ekath iwarai..supirima kathawak..sthuthie
Aravinda_Bandara
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...ආයෙත් මෙහෙම DC TV series එකක් බලන්න ලැබේවා කියන එකයි අපේ එකම ප්‍රාර්ථනාව..උපසිරස කරන්න එකතු සහෝලා හැමෝටම නැවතත් බොහොම ස්තූති...හැමෝටම ජයෙන් ජය..බුදුසරණයි...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයOrion
❤❤❤❤
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ravindu Harsha
අම්මෝ තැන්කියු වෙවා...සබ එනකන්මයි බලාගෙන හිටෙයෙ..ජයෙන් ජය...
Mister_X
Episodes 13k thiyei kiuwa neda???
S.K. Ruchiranga
Thz bro
Naveendra_rox
Thanks
sisil12
Tnkz saho meka dnknm tmi hty
Tw Nela ticket eki,Devadas eki sub denn
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ravindu Rukshan
Thx
nike_11
Thx brother
RKO
Thanks bro
Ran KE Almainz
සබ් වලට තැංකිව් මචන්ලා..මේ එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කර ගන්න නෑනේ..
Rashiiddamalgoda
Thnx.. sub .ta.. මොනවා උනත් cw කතා ටිකත් අවුලක් නැ.. කතා දිග වැඩි උනත් පට්ට... කම්මැලි නැතුව බලන්න පුලුවන්.. අනික supernatural බලන අපිට.. අනිත් එවා අදාලම නැ....
Uvindu Dilshan
Sub ekata thankx bro
Stranger
thanks
kalana
Thanks Saho
Shansenarathne
Tnx
darshana100
upasirasa laba dun siyalu denata hada piri stutiya jaya wewa budusaranai
Lakshan
Thanks Bro.
Nilush Angana
Sub ekata thanx
madawaththa
Thanks bro..
Mr.pamz
thankzz bro
ridmal
Thanks bro.....
Kulanjana Maduranga
subata thanks saho.....keep it up...
Gayan_madushanka_
Thanks bro
Nadeesha rox alahakoon
Tnx bro
prageeth chamalka
TnQ saho............
ruchiralakmal
Thanks for the sub
BLACK_RACER
thanks
Lshariyawansha
Thnkss sahooo asawen balana series 1k mekaa.. sub1 supriyataa denwa oyalaa budu saranaiii
Shehan putha
thanks bro ....jaya wewa !
Lakshitha_Mathngadeera
thanks mchn sub 1ta
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!..........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KTGJ
Thanks
ChamithaCJ
Superb subs.thanks.
D.Chamara
bohoma sthuthi sahooo
futureomega
thanks sub ekata
Pradeepkumara
Thnx sahooo
Sajithlakshan
thanks .....................
priyan99
thanks saho sub ekata
podda
thanks kathawa iwar wenaknama sub dunnata.. lipiye thiyena anith katha tikatath sub puluwan widihata denna kiyalath illanama... jaya wewa!!!!
MAALnath
Thanks .............good luck ................
Advertisement



ස්තුතියි මචන්