කොහොමද ඉතින් කට්ටියට. ඔන්න ආයෙත් මම සිංහල උපසිරැසියක් අරන් ආවා. මෙදා පාර අරන් ආවේ ඔයාලා හැමෝම බලන් හිටපු කතා මාලාවක් අරගෙන. හැමදෙනාම වගේ මේ කතා මාලාව ඉල්ලුව වගේම මේ වගේ කතාවත් බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියේ නැති උනොත් ලොකු අඩුවක්. ඒ නිසා මම මේ කතා මාලාව හැමදෙනාම වෙනුවෙන් සිංහල උපසිරැසි එක්ක අරන් එන්…

කොහොමද ඉතින් කට්ටියට. ඔන්න ආයෙත් මම සිංහල උපසිරැසියක් අරන් ආවා. මෙදා පාර අරන් ආවේ ඔයාලා හැමෝම බලන් හිටපු කතා මාලාවක් අරගෙන. හැමදෙනාම වගේ මේ කතා මාලාව ඉල්ලුව වගේම මේ වගේ කතාවත් බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියේ නැති උනොත් ලොකු අඩුවක්. ඒ නිසා මම මේ කතා මාලාව හැමදෙනාම වෙනුවෙන් සිංහල උපසිරැසි එක්ක අරන් එන්න හිතුවා
ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ තියෙන නගරයක් තමයි රොස්වෙල් කියන්නේ. ඒ 1947 ජූලි 4 වැනිදා. ඔව් අදට හරියටම අවුරුදු 59 කට කලින්. ඉතින් 1947 අද වගේ දවසක මෙම ප්‍රදේශයට හදුනා නොගත් පියාසර වස්තුවක් කඩාගෙන වැටුනා. මේ කඩා වැටීම දැක්ක මිනිස්සු නම් කිව්වේ ඒ වගේ දෙයක් මීට කලින් කවදාවත් දැකල නැති බවයි. කොහොම උනත් රොස්වෙල් වල ජීවත් වන ජනතාව මේ පිළිබදව පොලීසියට දැනුම් දුන්නා. පසුව ඇමරිකානු හමුදාවටත් දැනුම් දුන්නා. ඔවුන් පරීක්ෂා කරල කිව්වේ ඒක හදුනා නොගත් පියාසර වස්තුවක් ඒකේ මිනිසුන්ට සමාන ජීවින් කිහිප දෙනෙක් ඉන්නවා, කඩාවැටීම නිසා ඔවුන් ජීවිතක්ෂයට පත්වෙලා, ඔවුන්ගෙන් කෙනෙක්ට යන්තම් පණ තියෙනවත් කියලා. ඒත් පස්සේ ඔවුන් සදහන් කළේ ඒක නිකම් කාලගුණ බැලූන් එකක් කියලා. මේ නිසා ඒ පිළීබද සැකය ජනතාව අතර තවත් එන්න එන්නම වැඩි උනා. ඒවගේම තමයි මේ සිද්ධියෙන් පස්සේ ලෝකේ තැන් තැන් වලින් මේ වගේ දේවල් මතුවෙන්න පටන් ගත්තා. කොහොම උනත් මේ පිළිබද විවිධ මතිමතාන්තර තියෙනවා.
හරි දැන් කතාව පැත්තට හැරෙමු. අර මං ඉස්සෙල්ල කිව්ව සිද්ධියට අදාලව තමයි මේ කතා මාලාව නිර්මාණය කරල තියෙන්නේ. මේ කතා මාලාව විකාශනය කරන්න පටන්ගෙන තියෙන්නේ 1999 ඔක්තෝබර් 6 වෙනිදා. IMDb රේටින්ග්ස් වල 10 න් 7.5 ක්ම අරන් තියෙනවා. TV.com වල 10 න් 8.8 ක්. හිතාගන්න පුළුවන්නේ මේ කතා මාලාවට ලැබිල තියෙන ප්‍රතිචාර. මේකේ ප්‍රධාන චරිතය වන ලිස් පාකර්ගේ චරිතය රගපාන්නේ Shiri Appleby. එ් වගේම මැක්ස් එවන්ස්ගේ චරිතයට Jason Behr, ඉසබෙල් එවන්ස් (මැක්ස්ගේ සහෝදරිය) Isabel Evans, මයිකල්ට Brendan Fehr, ඒ වගේම ලිස්ගේ හොදම යාලුවා කටකාර මරියාට Majandra Delfino, රොස්වෙල් නගරයේ ෂෙරිෆ් ජිම් වැලන්ටිට William Sadler වත් ඒ වගේම ලිස්ගේ පෙම්වතා කයිල් වැලන්ටිට Nick Wechsler පණ පොවනවා. ප්‍රධාන චරිත ටික තමයි ඔය කිව්වේ. මැක්ස්, මයිකල්, ඉසබෙල් කියන්නේ මේ කඩා වැටීමෙන් අාව තුන්දෙනෙක්. මෙයාලා මොන වගේද කියලා පළමු කොටසින්ම පෙන්නලා තියෙනව.
ඉතින් මේ කතාවේ කතාමාලා 3ක් තියෙනවා. පළමු කතා මාලාව කොටස් 22ක්, දෙවන කතා මාලාව කොටස් 21 ක්, තුන්වන කතා මාලාවේ කොටස් 18 ක් වශයෙන් කොටස් 61ක්. ඉතා දීර්ඝ කතා මාලාවක්. ඉතින් කොහොම හරි ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කාලය කැප කරල මේ සියල්ලම උපසිරැසිත් එක්ක ගේන්න බලාපොරොත්තු වෙනව. ඒ සඳහා තවත් සහෝදරියකගේ දායකත්වය ලැබෙනවා, දෙවැනි කතා සමයේදී එයා ඔයාල හමුවෙන්න ඒවි. එහෙනම් ගොඩක් කාලයක් බලන් හිටපු ඔයාලට මේ කතා මාලාව සිංහල උපසිරැසි එක්ක ගේන්න සූදානම්. විශේෂයෙන්ම විමාටත් ස්තූතියි මේක ඉල්ලපු ගමන් දුන්නට. ඒ වගේම මේ ගැන ඔයාලගේ අදහස් උදහස්, ඔයාලා මේ ගැන දන්න දේවලුත් පළකරන්න. එහෙනම් දෙවන කොටසින් හෙට
හමුවෙමු. ජය වේවා…!!!
ප.ලි. – පහල කමෙන්ට්දී බොක්ස්ලා එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,693 downloadsDownload Roswell-1x01.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
64 comments
Kulanjana Maduranga
Isuru
Thanks patta wedak digatama sub demu
Roshan
Thnx bro subata....puluwanam download link ekak denako.plzzzz
ප්‍රබුද්ධ කේසර විතානගේ
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට!!!
දිගටම බයිස්කෝප් එකත් එක්ක සබ දෙමු!
ජයවේවා!!!wayantha
ගොඩක් ස්තූතියි සහෝ sub එකට, මේක දෙනකන් බලං හිටියෙ සේඅසෝන් 1 කලින්ම
download කරල තිබ්බේ sub දෙනකන්, සුපිරි වැඩක් දිගටම sub දෙන්න,
ජය වේවා! තෙරුවන් සරණයි!amila
Kohenda machanla downlod karanne
Rithesh
ගොඩාක් ස්තුතියි. මේක මම ආයේ බලන්න හොයහොයා හිටපු එකක්.
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
මේකට සබ් දීල තියනව දැක්කම පුදුම සතුටක් ඇති උනේ ඇයි ඉතින් මගේ ප්‍රියතම ටීවි සීරියස් එකනෙ මේකනම් අනිවා බානව සබ් එකට තැන්ක්ස් ඉතුරු කොටස් ටිකත් පුලුවන් විදියට දෙන්නNeranjana O'Brien Wijesinghe
එල සහෝදරයා...මන් කලින් කිව්වා වගේ බාගෙන ගොඩක් කල් බලන් හිටියා සබ් දෙනකන්...එල..
නිපුණ වීරසේකර
වැඩ කරන ලින්ක් එකකුත් තිබ්බනම් මල් 7යි අප්පා...
Asitha
මම tv series වැඩිය බලලා නෑ.
මේකේ eps ටිකක් බැලුවා.
මේක හොදම එකක් කියලා කියන්න පුළුවන්.
බලන්න කාලයක් තිබ්බොත් බලන්නම්.
තෑන්ක්ස් සහෝ.Dhanushka
Patta series ekak yaluu... Bohoma sthuthi... (Y)
P.K
2008 eye channel eke thamay meka baluwe...super story ekak...kiyala wadak ne...thank you saho.. :)
Chami.S
Thanks...
Puluwannam downld link 1th denna plz..yeshu
tnx
yeshu
HDTV ටොරන්ට් එකක් හොයා ගන්න බෑ. 20GBක avi එකකුයි 13.62GBක 480P mkv එකකුයි නම් තියෙනවා.HDTV එක ගැන උදවු කරන්න පුළුවන්ද?
Chanaka
Math download kale 20gb eka machan..meke torrent seedersla adui..season 3 eke godak adui..
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවාබුදු සරණයි.
Chanaka
Man meke sub ekak dei kiyala godak kalayak balan hitiya..eth barima thana man english sub ekka series 3 ma baluwa..eth ayeth sinhala sub ekkath balana..a tharam lassana kathawak meka..kohoma unath godak sthuthi oyala me karana wadeta..jaya wewa..
Kalana Ganganath
How can i download the torrent??????????????????
Kalana Ganganath
How can i download the torrent?????????????
Rayan
pattay saho.. awrudu gaanakata kalin baliwe season 3ma,, aye balanawa sub ekkama.. ela
exit_9.1
ane amme digatama denna broo... lokuma aduwak wela thibbe meka
Dilan
saho,puluwannam link ekak dennako download karanna.samahara ewata sub support nane mcn..
Ayesh
Thank You..
kavinda
සහෝ පුලුවන්නමි සබි එකත් එක්කම ලින්ක් එකයි හෑෂ් ටැග් එකයි දාන්න…
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
poorna
ane bn x file patan gaththan dila idpankoo
චතුරබුද්ධි
අඩේ................ පට්ට පදිරි ඕයි.. ඉවර වෙනකම් දෙන්න හොදේ... හෙන කාලෙක ඉදන් බලන්න හිතාගෙන උන්නේ..
Chathura sankalpa
Link eka khmda ganne
Thushara Madusanka
HD TV link 1k denna barida sub 1ka aul ne
Sajith Anthony
මේක නම් අනිවා බලනව
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජයෙන් ජයම වේවා...!!!kasun
thanks lot. this is my favourite tv series.
Deemal
Ela ..mama mekke sub natiwa hitiye ela .patta
praneeth madu
බොහොම ස්තුති සහෝ ! මේකනම් නියම එකක් වගේ..අනිව බලන්න ඕනි..
Aushi
Thanks for the subtitles dr.. hope next episodes subtitles will come soon..
Anujaya
supiriyak bn thanks subata
Sashi Perera
season 3ma mn gawa tinawa.TV eke balala asa hithuna nisa down karala baluwa.dan ai sinhalenuth balathaki patta .keep it up saho!
KLS Kumar
මට ගන්න පුළුවන්ද
Prakash Rangana
පට්ටයි ලහිරු සහෝ.. මම මේක Chanel Eye එකේ යන කාලේ එක එපියක්වත් අතනොහැර බැලුව. එත් එකේ සීසන් 3 දුන්නේ නෑ. ආසාව වැඩිකමට බාගෙන බැලුව. බොහොම ස්තුතියි සහෝ පරක්කුවෙලා හරි මේක දුන්නට. මොකද මේක බයිස්කෝප් එකේ තිබිය යුතුම එකක්. දිගටම මේකේ හැම එපියකටම සබ් දෙන්න. මමත් ආපහු බාගෙන බලනවා.
ජය වේවා..................!Haritha Dayanga
සුපිරි සීරියස් එකක්
දිගටම සබ් දෙන්න
සබට ස්තූතී
ජයෙන් ජයthush
Thanx malli
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHMAN KARUNARATHNA (සංජු)
සුපිරි සීරියස් එකක්
දිගටම සබ් දෙන්න
මෙක ඹක්කොම බාගත්ත කවුරු හරි කොහෙට හරි අප් කරල ලින්ක් ඒකක් shear කරන්නකො seed නෑsuneth
elama
sudarma
wow aliensla onna ehenam math gannawa
dumith madusanka
thanks brow
Maduka weerasinghe
torrent link ekak dennako. mama download karapu ekak wath hari giye nanne
Udara Damith B\K
බොහොම ස්තුතියි
Udara Damith B\K
උපසිරසට ගැළපෙන ඒවා නෑනෙ
Haritha Dayanga
dvd rip ekata sub match wenne nedda
geeth
ela ela
ekmanatama okkotama sub denna haki weewaChanaka
DvDrip ekata mact wena sub hadapan saho..hdtv torrent hoyaganna nane
damitht
link eka nadda ban
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta wadak mcn...meka mm kalekata kalin tv 1ke balawa.patta tv series 1k.ayeth balanawa.season 3ma denn. thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……