Watch Trailer

Roswell (2000) [S03 : E05] Sinhala Subtitles | මැක්ස්ගේ යානය කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට, අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 5 වන කොටසත් අරගෙන ආවා. හතරවෙනි කොටසෙදි මතකනේ මැක්ස් පෙනුම වෙනස් කරන අනිත් කෙනාව හොයාගෙන ලොස් ඇන්ජලීස්වලට ගියා. ඉතින් ඔහු නතර උනේ හොලිවුඩ් වල චිත්‍රපට කරන තැන. ඉතින් ඔහු කොහොම හරි මේ අනිත් පෙනුම වෙනස් කරන කෙනා චිත්‍රපට නිෂ්පාද…

Roswell S2-1

ඉතින් කොහොමද කස්ටියට, අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 5 වන කොටසත් අරගෙන ආවා. හතරවෙනි කොටසෙදි මතකනේ මැක්ස් පෙනුම වෙනස් කරන අනිත් කෙනාව හොයාගෙන ලොස් ඇන්ජලීස්වලට ගියා. ඉතින් ඔහු නතර උනේ හොලිවුඩ් වල චිත්‍රපට කරන තැන. ඉතින් ඔහු කොහොම හරි මේ අනිත් පෙනුම වෙනස් කරන කෙනා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් කියලා හොයාගත්තා. ඒකට ලිස්ගෙත් උදව් ලැබුණා. කොහොම හරි ඔහුත් මැක්ස් ගැන කලින්ම දැනගෙන එලවගන්න හැදුවා. ඒත් වැඩක් උනේ නෑ. අවසානෙට මොවුන් දෙන්නා හම්බ උනේ චිත්‍රපට සුරක්ෂිතාගාරයකදී.

ඉතින් ඔහු මැක්ස්ව එලවගන්න හදනවා. ඒත් මැක්ස් යන්නේ නෑ. මේ අතර ඔහු මැක්ස් ළඟ ඉන්න ඕන කෙනෙක් විදිහට මැක්ස්ට හැඟෙනවා. ඊට පස්සේ විවිධ උපක්‍රම කරමින් මැක්ස් මේ ගැන දැනගන්න හදනවා. ඒ වගේම තමයි මැක්ස්ගේ යානය ගැනත් හොයාගන්න හදනවා. මේ අතර මැක්ස්ගේ සහෝදරිය ඉසබෙල් ඇයගේ තාත්තා ළඟ වැඩ කරන ජෙසී එක්ක විවාහ වෙන්න යනවා. ඒත් කවුරුත් ඒකට කැමති වෙන්නේ නෑ. අවසානයේ එක්කෙනක් මේකට කැමති වෙනවා. ඒ කවුද, මැක්ස්ට මොකක්ද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් 6 වන කොටසින් හම්බවෙමු. ජයවේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

827 downloadsDownload Roswell-S03E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

827 downloadsDownload Subtitles27 KB

4 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි සබ් එකට පුළුවන්නම් මේ ට්වි සීරියස් එකේ පරණ සීසන් වල ලින්ක් එක දෙන්නකෝ .

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P