Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 09:10] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ මීළඟ කොටසේ කතාව. ඊට කළින් ස්තූති වන්ත වෙනවා ඔයාලා හැමෝටම මේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට. ඔයාලට මතක විදිහටම පසු ගිය කොටසේදී හන් ග්යු හෝ නැත්නම් ගා යුන්ගේ පියාගේ හිස ගසා දැමුවා ඔහු නොකළ වරදකට. මේ නිසා ගා යුන් සිටින්නේ දැඩි කෝපයෙන්. මොකද ඇය දන්නේ නැහැ මෙය කිරුළ හිමි…

 

ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ මීළඟ කොටසේ කතාව. ඊට කළින් ස්තූති වන්ත වෙනවා ඔයාලා හැමෝටම මේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට. ඔයාලට මතක විදිහටම පසු ගිය කොටසේදී හන් ග්යු හෝ නැත්නම් ගා යුන්ගේ පියාගේ හිස ගසා දැමුවා ඔහු නොකළ වරදකට. මේ නිසා ගා යුන් සිටින්නේ දැඩි කෝපයෙන්. මොකද ඇය දන්නේ නැහැ මෙය කිරුළ හිමි කුමරුගේ වැරැද්දක් නොවන බව. ඇයට අවශ්‍ය දැන් කිරුළ හිමි කුමරුගෙන් පළිගැනීමටයි. ඒ ඇය තම මිය ගිය පියාගේ ඇඳුමක තිබී කිරුළ හිමි කුමරුගේ ආඥාව දකින නිසා. නමුත් ඇය චන් සු කිරුළ හිමි කුමරු බව දන්නේ නැහැ. ඇයට අවශ්‍ය පළිගැනීම නිසා ඇය මාළිගාවට යනවා. ගොස් හමුවන්නේ කිරුළ හිමි කුමරුගේ මව වන යොන්ග් බින් බිසව. ඒ වන විටත් ඇයට විෂ ශරීරගතවයි සිටියේ. ඇය අවසානයේ ගා යුන් හට පණිවිඩයක් තබනවා. ඒ වගේම ප්යෝන්සෝ කල්ලියේ සාමාජිකයන් පැමිණ රජු මරා දමනවා. කිරුළ හිමි කුමරු ඉන් බේරී පලා යනවා.
                                                                                                   ඉන්පසු සිදුවන දේ ඉතාමත් භයානකයි වගේම කුතුහලය දනවන සුළු බවත් කියන්න පුළුවන්. මොකද කිරුළ හිමි කුමරු මිය ගොස් නැවත පණ ලැබීමක් මෙම කොටසේ ඇතුළත් වන නිසා. එය සිදු වන්නේ ඔහු බේරී පලා යන අතරතුරදීයි. සැවොම විශ්වාස කරන්නේ කුමරු මියගොස් ඇති බව. විශේෂයෙන්ම කුමරුගේ ප්‍රධාන සතුරු කණ්ඩායම වන ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානී ඩේ මොක් පවා සිතන්නේ කිරුළ හිමි කුමරු මිය ගොස් ඇති බවයි. මෙය කුමරුගේ නැවත නැගී සිටීමට ඉතාමත් ලොකු පිටුවහලක් වෙනවා. කුමරු මිය ගිය බව සිතන ඩේ මොක් ඔවුන්ගේ කල්ලියේ නව ව්‍යාජ රජෙකු පත් කර ගන්නවා. ඒ ඔවුන්ට අවශ්‍ය ලෙස සියල්ල පාලනය කරවා ගැනීමටයි. මොහු රූකඩ රජෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.
    

ඉතින් මේ කොටසේදී ඔබට පාලකයෙකු තම ජනතාව වෙනුවෙන් රාජ්‍යත්වය භාර ගැනීම සඳහා කරන සටනේ තවත් අදියරක් රසවිඳිය හැකියි.එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු. ජය වේවා!!!!

 

Ruler: Master of the Mask on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,769 downloadsDownload Ruler-Master-of-the-Mask-E09E10.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,769 downloadsDownload Subtitles126 KB

10 comments

  1. Navindu Gunawardana

    Thanx sisiter

  2. C. R. ජයලත්

    Niyamai Sonali Akka Jaya Wewa!!!!!!

  3. Madhu

    බොහොම තුති සිස්.අසාවෙන් බලන කතා මාලාවක් වෙලා තියෙන්නේ මේකත්.

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith B/K

    තැන්ක්ස්..............
    ස්තුතියි

  6. Chamith Mihiranga

    Well done.
    Thank you...

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..