Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 19:20] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

කළින් කොටසින් පටන් ගත්තොත්, රජතුමාට අවශ්‍ය වුණා ඔහුගේ අම්මා සහ නංගි බලන්න. ඒ නිසා ඔහු ඔවුන් සිටින තැනට යනවා ඔහුගේ සහයකයත් සමග. මේ අතරේදී කූ මූල්, නැත්නම් දැන් සිටින රජුගේ නංගි එතනට එනවා. ඇය හඳුනා ගන්නවා රජු සමඟ සිටින සෙන්පතිව. ඒ නිසා ඇය ඔවුන් අසළට ගොඩ කතා කරනවා. ඉතින් රජතුමා ඇය ආදරෙන් වැළඳ ගන්නවා.…


කළින් කොටසින් පටන් ගත්තොත්, රජතුමාට අවශ්‍ය වුණා ඔහුගේ අම්මා සහ නංගි බලන්න. ඒ නිසා ඔහු ඔවුන් සිටින තැනට යනවා ඔහුගේ සහයකයත් සමග. මේ අතරේදී කූ මූල්, නැත්නම් දැන් සිටින රජුගේ නංගි එතනට එනවා. ඇය හඳුනා ගන්නවා රජු සමඟ සිටින සෙන්පතිව. ඒ නිසා ඇය ඔවුන් අසළට ගොඩ කතා කරනවා. ඉතින් රජතුමා ඇය ආදරෙන් වැළඳ ගන්නවා. මේ අතරේදී තමයි එතනට ප්යෝන්සෝ කල්ලියේ නායක ඩේ මොක් එන්නේ. ඔහු දුටු ගමන් රජතුමා අවසරයක් නැතිව පිටතට ඒම ගැන සමාව අයදිනවා. ඒ අතරේදී වෙළඳ ප්‍රධානි චන් සු (කිරුළ හිමි කුමරු ) ත් එතනට එනවා. ඔහුත් රජතුමාව දකිනවා. පුදුම වෙන ඔහු හදන්නේ රජතුමා වෙතට යන්න. නමුත් රජතුමා අඟවනවා ඔහුට ඒ කිරුළ හිමි කුමරුගේ භයානක සතුරෙක් බව. ඒ නිසා ඔවුන් සැඟවෙනවා. අතරේදී ගා යුන් මහ රැජිණියගේ ඉල්ලීම නිසා මාළිගාවට යනවා රාජකීය පාලිකාවක් වෙන්න.
                                 
පසු ගිය කොටසේ ඒ වැදගත්  සිදුවීම් වලින් පසුව මේ කොටස ආරම්භ වෙන්නේ මෙහෙමයි. ගා යුන් මාළිගාවට යනවිට චන් සු ඇය නවත්වන්න මාළිගාවට එනවා. නමුත් ගා යුන් මාළිගාවට යනවා. ඇයට අවශ්‍ය චන් සු හට ප්යෝන්සෝ කල්ලිය වැළක්වීමට උපකාර කරන්නයි. ඇය එහිදී රාජ්‍ය පාලිකාවක් වෙනවා. මහ රැජිණිය සූදානම් වන්නේ ඇය රාජකීය බිසවක් බවට පත් කර ගැනීමටයි. රජ මාළිගාව තුළ එසේ වන විට ප්යෝන්සෝ කල්ලිය තුළත් අලුත් යමක් සිදු වෙනවා. එහි හිටපු ප්‍රධානී තුමා වෙනුවට නව ප්‍රධානි කෙනෙක් පත් වෙනවා. ඒ හිටපු ප්‍රධානීතුමාගේ දියණිය. ඉතින් ඒ පිළිබඳව හිටපු ප්‍රධානීතුමා යම් කිසි අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔහුට මින් පසු තම දියණියගේ අණ වලට ක්‍රියාත්මක වීමට සිදු වන නිසයි.වෙස්මුහුණේ පාලකයා කතා මාලාවේ මේ 19 වැනි කොටස. තවත් කොටස් කිහිපයක්ම මෙහි තිබෙනවා. එන්න එන්නම ප්යෝන්සෝ කල්ලිය කුමරු පරාද කිරීමට උත්සහ කිරීමත් කුමරු ඒවායින් ගැළවෙන ආකාරයත් ඉදිරියේදී දැකබලාගත හැකි වේවි. එහෙනම් ඊළඟ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.   

Ruler: Master of the Mask on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,586 downloadsDownload Ruler-Master-of-the-Mask-E19E20.zip125 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,586 downloadsDownload Subtitles125 KB

9 comments

  1. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Udara Damith B/K

    thanksssssssssss

  5. Silent$

    Thnxxxxxxxxxxxxxx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. dew

    Thnx akke

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..