Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 17:18] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

මේ මම අරගෙන ආවේ තවත් අලුත් කොටසක්. මේ කතා මාලාවේ එකවර කොටස් දෙකක් ලබාදෙන නිසා ඒ අතරතුර බොහෝ දේ සිදු වුණා. ඒ නිසා පසුගිය කොටසේ සාරාංශය නැවත මතක් කරගමු. වෙළඳ ප්‍රධානීතුමා මරා දැමීමට ප්යෝන්සෝ කල්ලියේ ඩේ මොක් මිනීමරුවන් යොදනවා. ඔහු පවසනවා ප්‍රධානීතුමා රැගෙන එන ලෙස. මේ බව දැනගන්නා ගොන්, එය හ්වා ගුන් වෙ…

 

මේ මම අරගෙන ආවේ තවත් අලුත් කොටසක්. මේ කතා මාලාවේ එකවර කොටස් දෙකක් ලබාදෙන නිසා ඒ අතරතුර බොහෝ දේ සිදු වුණා. ඒ නිසා පසුගිය කොටසේ සාරාංශය නැවත මතක් කරගමු.  වෙළඳ ප්‍රධානීතුමා මරා දැමීමට ප්යෝන්සෝ කල්ලියේ ඩේ මොක් මිනීමරුවන් යොදනවා. ඔහු පවසනවා ප්‍රධානීතුමා රැගෙන එන ලෙස. මේ බව දැනගන්නා ගොන්, එය හ්වා ගුන් වෙත දන්වනවා. ඇය නිසා යළිත් වරක් දිවි ගලවා ගැනීමට කිරුළ හිමි කුමරු හෙවත් වෙළඳ ප්‍රධානීතුමා සමත් වෙනවා. නමුත් ඒ මඳක් බරපතල තුවාලයක් සමඟයි. මේ අතරේදී ගා යුන්, වෙළඳ ප්‍රධානීතුමා යනු තමා දන්නා චන් සු ම බව හඳුනාගන්නවා. එය ඔහුගෙන් අසන්න යන විට තමයි කිරුළ හිමි කුමරු තුවාල ලබන්නේ. අවසානයේදී ගා යුන් සහතික කරගන්නවා කිරුළ හිමි කුමරුන් ඇය දන්නා චන් සුම බව.

ඉතින් මේ කොටස ආරම්භයේදී මුල්ම සිදුවීම වෙන්නේ හ්වා ගුන් සහ ඩේ මොක් අතර. හ්වා ගුන් තම සීයාගෙන් ප්‍රශ්න කරනවා වෙළඳ ප්‍රධානීතුමා මරා දමන්න උත්සහ කළාද යන වග. ඩේ මොක් එය පිළිගත්තත් නැවත හ්වා ගුන් ඔහුට පවසනවා නැවතත් ඔහු මරා දැමීමට උත්සහ නොකරන ලෙස. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඩේ මොක් එයට ප්‍රතිප්‍රශ්නයක් ලෙස ඇය සමඟ ගණුදෙනුවක් කිරීමට විමසනවා. එවිට ඇය ප්යෝන්සෝ කල්ලියේ නව ප්‍රධානීතුමිය වන්න කැමති බව ප්‍රකාශ කරනවා. දැනට ඔබ දන්නා පරිදි ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීතුමා වන්නේ ඇගේ පියායි. ඔහු මෙය අසා මවිතයට පත් වුවත් එයට විරුද්ධව ඔහුට කළ හැකි දෙයක් නැහැ. නමුත් ඩේ මොක් ඇගේ එම තීරණය ඉතා කැමැත්තෙන් භාරගන්නේ ඇය ප්යෝන්සෝ කල්ලියේ නව ප්‍රධානීතුමිය වුවහොත් ඇයට සිත් සේ කටයුතු කිරීමට ඉඩ නොලැබේවි යයි සිතමින්. ඉතින් ඉන් පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම දැක බලාගන්න.
 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,843 downloadsDownload Ruler-Master-of-the-Mask-E17E18.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,843 downloadsDownload Subtitles126 KB

12 comments

  1. UD

    Thanks Sis...

  2. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

  3. Madhu

    බොහොම තුති සිස්.අද කොටස් 4ක්ම තියෙනවා නොවැ බලන්න

  4. Indunil Lakshitha

    ane kohenda meka download karanne

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  6. Udara Damith B/K

    බොහොම ස්තූතියි .....................

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Chamith Mihiranga

    Thanks Sis...

  10. Silent$

    Thnxxxxxxxxxxxxxx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..