Watch Trailer

Sacred Games S01E02 Sinhala Subtitles | කසළ ගොඩෙන් උපන් අපරාධ ලොවෙහි රජු! [සිංහල උපසිරැසි සමඟ] (18+)

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි… මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්… ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරග…

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ලොවෙන් වසන් වී සිටි මිනිසෙක් හිටි හැටියෙම මතු වෙනවා… හැබැයි, සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි… මිනීමැරුම් චෝදනා 158ක් සඳහා චෝදනා ලැබ සිටින, අතිශය දරුණු, සටකපට අපරාධකරුවෙක්… ගනේෂ් ගයිතොන්ඩේ! පොඩි කාලෙදිම ගමෙන් පැනලා ඇවිත්, වසර ගණනාවකට පස්සේ මුම්බායි නුවර තමන්ගේ රාජධානිය කරගත් අපරාධ ලෝකයෙහි අදෘශ්‍යමාන රජු!

මෙච්චර කාලයක් ලෝකෙන් හැංගිලා හිටපු මේ අපරාධකාරයා එක සැරේටම මතුවෙලා හරිම භයානක අනතුරු ඇඟවීමක් කරනවා.

“දවස් විසි පහක් ඇතුලත මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යාවි.
එකම එක මනුස්සයෙක් ඇරෙන්න අනිත් හැම එකාම මැරිලා යාවි.
පුළුවන් නම් මුම්බායි නගරය බේරගන්න බලන්න…” 

ලැබෙන සුළු සුළු හෝඩුවාවන් ඔස්සේ, තමන්ට ලැබුණු දුරකථන ඇමතුම ලබාදුන් තැනැත්තා සොයමින් පොලිස් නිලධාරී සර්ටාජ් මුම්බායි නගරය පීරනවා. අවසානයේ ඔහුට ගයිතොන්ඩේ නම් අපරාධකරුවා මුහුණට මුහුණ මුණගැසෙනවා. නමුත්, දහසක් ප්‍රශ්න ඉතුරු කරමින්, මුම්බායි නගරය මරු කටට හෙලමින්, පොලිස් නිලධාරී සර්ටාජ් ඇස් පනා පිටදීම ගනේෂ් ගයිතොන්ඩේ නම් වූ වසර ගණනාවක් ලොවෙන් වසං වී සිටි ඒ අතිශය දරුණු සටකපට අපරාධකරුවා සියතින්ම සියදිවි නසාගන්නවා. එතනින් පස්සේ මොකක් වේවිද?

මතකද ගයිතොන්ඩේ කියපු කතාව?

වෙලාවකට මට හිතෙනවා, මං දෙයියොද මන්දා කියලා!
මම අමරණීය කෙනෙක්!
සෙල්ලම ඉවරයක් වෙනකම්, මං කොහෙවත් යන්නේ නැහැ!

ඇත්තටම මොකක්ද මේ කොනක් පටක් නැති කතාවේ තේරුම? පළවෙනි කොටස ඉවර වෙද්දී හැමදෙනාටම ප්‍රශ්න දහස් ගාණක් තියෙන්න ඇති. ඒ වගේම, පළවෙනි කොටසේ අවසානයත් එක්ක නිසැකවම ඔබ කම්පාවට පත්වෙන්න ඇති. වගකීමෙන් කියනවා, දෙවැනි කොටසත් පළවෙනි කොටසට දෙවැනි වෙන්නේ නැහැ. පළවෙනි කොටසේ අවසානයට ඔබ තිගැස්සුනා වගේම, දෙවැනි කොටසේ අවසානයටත් ඊට නොදවෙනි අන්දමින් ඔබ තිගැස්සීමට පත්වේවි. ඒ වගේම කියන්න ඕනේ, අනිවාර්‍යයෙන්ම ඊළඟ කොටස් තවත් රසවත් වේවි!

එහෙනම්, ඔබ සැමට ආරාධනා කරනවා, එදාමෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසය තුල නිෂ්පාදනය කළාවූ අති සාර්ථකම කතා මාලාව, මනාප දාහතර දහස ඉක්මවමින් imdb දර්ශකය 9.4 ක් වැනි අති දැවැන්ත අගයක් කරා ඔසවා තැබූ, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය තමන් සන්තක කරගත්, සිත් කළඹවන කතා මාළාවත් සමගින් අපත් සමගින් අත්වැල් බැඳගන්න සාදරයෙන් ආරාධනා කරනවා. ඔබ තවමත් පළවෙනි කොටස නැරඹුවේ නැතිනම්, මේ මගහැර නොගත යුතු කතා මාලාව සමගින් එකතු වීම සඳහා ඔබ තවමත් ප්‍රමාද නැහැ.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ, දවස් 4කට වගේ සැරයක් තමයි එක එපියක් දෙන්න හිතාගෙන හිටියෙ. හිතපු තරම් නැති වුනත්, ගොඩක් හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබුණා පළවෙනි කොටසට. ගොඩක් දෙනෙක් කියලා තිබුණා ඉක්මණටම ඉතුරු කොටස් ටිකත් දෙන්න කියලා. ඉල්ලුමට සරිලන සැපයුම. ඔන්න ඉතිං දෙවැනි කොටස ඉක්මණට අරගෙන ආවා. දෙවැනි කොටසට ලැබෙන ප්‍රතිචාර අනුව තුන්වෙනි කොටස ලැබෙන දිනය තීරණය වේවි. 😀 අනිත් පැත්තෙන් පොඩි දුකක් තියෙනවා, මෙච්චර හොඳ කතා මාළාවක් දීලත්, හිතපු තරම් බාගත කිරීම් ප්‍රමාණයක් නම් තිබුනේ නැහැ පළවෙනි කොටසට. එක අතකින් බලනකොට පුදුමයක් නැහැ, වීරයා ඇවිත් තනියෙන් සීයකට විතර උඩින් වීසිවෙලා යන්න ගහන සටන් ජවනිකා තියෙන ඒවා බලන්න ඇබ්බැහි වෙලා ඉන්න බහුතරක් වෙච්ච ලාංකික ප්‍රේක්ෂකයන්ට මේ වගේ විශිෂ්ඨ මට්ටමේ කතා මාලාවක් හරියන්නේ නැතුව වෙන්න ඇති. නමුත්, කතා මාළාවත් සමගින් දිගටම රැඳී සිටින ප්‍රේක්ෂකයන් හට, මේ කතා මාළාවත් සමගින් ජීවිත කාලයටම අමතක නොවන අන්දමේ, අති විශිෂ්ට මතකයන් සමුදායක් ඉතුරු වේවි.

එහෙනම්, ඔබ සැමගේ ප්‍රතිචාර මත තෙවැනි කොටසින් හමුවෙමු. ජය!

ප. ලි. – මේ කතා මාලාවේ ඉංග්‍රීසි දෙබස් සඳහා ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ දෙබස් අන්තර්ගත වෙලා නැහැ. ඒ නිසා, ඒ දෙබස් සඳහා කාලරාමු වෙනමම නිර්මාණය කරලා, අසා ලිවීමකින් තමයි උපසිරැසි යොදන්න වෙලා තියෙන්නේ. ඒත්, තැන් කීපයක උච්චාරණයේ අපැහැදිලි තාවය නිසා කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න අපහසු තාවයක් තිබුණා. ඒ නිසා, ඒ තැන් කීපය පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න කියලත් මතක් කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

14,567 downloadsDownload Sacred-Games-S01E02.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

14,567 downloadsDownload Subtitles23 KB

121 comments

  1. buddhi

    tnks aiye sub ekata

  2. widuranga

    elama sahoooooo

  3. rb maya

    1st epi eka supiri, sub ekata thanx .....

  4. Thilina Chamara

    thank you

  5. romiokataz

    3rd ekath ikamanatama denna ayye

  6. kavishal 02

    බොහොම ස්තූතියි උපසිරසියට...
    තුනත් ඉක්මනට දෙන්න............
    කතාව නම් මාරයි...
    ජය වේවා.....

  7. dsdkavishka

    Thenks bro sub ekata, meka denakam idiye, ithuru tikath oyata puluwan vidiyata danna

  8. Malith456

    Great Story,My favorite actor nawazuddin siddiqui is Performance is Outstanding ,Keep it up buddy,We are waiting For your Subs :) Thank you for your great service

  9. තරිඳු පෙරේරා

    supiri wadak saho ada balanawa aniwa thankyou

  10. ajith00129

    බලන ටික දෙනා වෙනුවෙන් අනිත් ටිකක් දෙමු බ්‍රෝ, thanks you

  11. maheshma7

    thanks bro great job

  12. SHEHAN350

    niyamai macho palavenikotasinma mekata abbahi unavage una ithuru kotasath ikmanata dipan

  13. isuru anurada

    ela ela enakan balagena hitiye saho . thanks jaya wewa

  14. Sithdu

    ඊලග කෑල්ල තවත් රසවත්...ඉක්මට ඕන අනිත් කොටසත් ..ස්තුතියි

  15. eranga686

    tnx bro..episode 3 ekath ikmanata denna...

  16. Prabodha Madhusankha Hettiarachchi

    Aththatama aupiri tv series ekak. Thama confused story eka. Jaya wewa godak sththui sahooo sub ekata. Ikkamata nwxt episode ekak genna....

  17. Ranga1320

    thanks bro <3

  18. kodagoda

    meka maru wage 1 balala iwasumak natuwa hitiye

  19. csjayawickrama

    අඩේ මේක සුපිරි කතාව .. ඔක්කොම ටික හොයලා බාගත්තා .. අඩො පින් සිද්ද වෙනවා මේක සබ් කරලා දෙනවට

  20. milanharsha

    ela ela sahodaraya ikamnata denna thanks .

  21. Milind@

    Thanks saho...

  22. Anurada

    Thank you !!!! Weekend eke tha epi yak puluwan nam denna ! Thank you !!!

  23. kevinpetersen

    Thanks yaluwa! Supiri wedak. Jayama wewa!

  24. isuruchamara

    elaaaaa

  25. Chandila Jayanaka

    THNKS BRO

  26. demon

    Thnkz bro

  27. Tharindu.deshan.lakpriya

    thanks :D

  28. Nirosh C

    බොහොම ස්තුතියි සිසිල සහෝ කැපකිරීමට..ජයවේවා !
    තුන්වෙනි කොටස නම් හෙට ඕනෙ..මොකද,හෙට ඉරිදානෙ !

  29. baiscopepodda

    Supiri kathawak bn..ape hageem ekka sellam karanne nathuwa ikmnata ilaga ekath daapan wasthu...

  30. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  31. thismara

    Fatta bro

  32. tharidu16

    ඔක්කම බලා බලාගෙන ඉන්නේ මචො. ඉක්මනින් දීපන්කො. දැන්තං ඉතිං ඉංග්‍රිසියෙන්ම බැලෙනවා. එතකොට හරියට කථාව තෙරෙන්නේ. නැ. එත් සබ් එනකල් ඉන්නත් බැ. උඹ 4ක් කරලා නම් ඒක දාපන්කො සත්තලං

  33. tharidu16

    උඹ අඩුවෙන් බාලා කියලා කියන්න එපා. සමහර එවුන් ඔක්කොම සබ් එනකල් බාන්නේ නැ. ඔක්කම දුන්නට පස්සේ තමයි බාන්නේ. හිංදි සිරියස් එකක් බලලා නැති නිසා 1 බෑවේ. බාපු මෝඩකම. ඔක්කම දෙනකල් ඉදලා තමයි ආයෙත් නම් බාන්නේ. නැත්තං වෙයිටින් ඉන්න බැ බං. සති ගණනක්. එහෙම ඉන්න පුළුවන් ගේම් ඔෆ් තොන්ස් වාගේ ඒවට විතරයි. දැනට මේක ඔක්කම ඇවිල්ලා තියෙන නිසා උඹ ඉක්මනින් දිපං මචො. බොරුනම් බලහා. 8 වෙනි එක ගියාට පස්සේ පළවෙනි එක තව 2000ක්වත් බාන්නේ නැද්ද කියලා
    පිං උඹට

  34. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ......

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කතාව ගැනනම් ඉතිං කියන්න වචන නෑ. ඉක්මනට උපසිරස ටික් දෙනවානම් තවත් වටිනවා. මේ පහල කමෙන්ට් එක දාලා තියෙන තරිදු සහෝ කියලා තියෙන කතාව හරි. මේ වගේ කතා එක එක බලන්නේ නැතුව එක පාරම බලන සෙට් එක තමා ගොඩක් ඉන්නේ. ඩවුන්ලෝඩ් අඩු වෙන්න හේතුව ඒකයි. ඔක්කොම් දුන්න්ට පස්සේ ඩවුන්ලෝඩ් අනිවා වැඩි වෙනවා. ඒක් නිසා පුලුවන් ඉක්මනට දෙන්න සහෝ..ජය වේවා!!!

  36. Saranga J. Liyanagama

    ගොඩක් ස්තූතියි උපසිරසියට. ඊලඟ කොටසත් ඉක්මනටම දෙමු.

  37. Janith Ramanayaka

    ela ikmanata next epiyath denna

  38. JACIJ456

    thanks sub ekata supiri wedak

  39. Subhash13

    පට්ට මචන්

    හනික ඕන ඉතින්..

  40. buddikakb

    කතාව සුපිරී සබ් එකට tanqu...අනිත් එපි ටිකටත් ඉක්මනටම සබ් දෙන්න....

  41. Waruna_Rathnayaka

    adooo ela ela ithuru tikak ikmanatama dipan bn

  42. prasadmalaka

    Supirima supiri kathawak......mama mulu season ekama download karagaththa........me kotasata sub enakan iwasillak nathiwa hitiye........next sub ekath ikmanatama denna plzzzzzzzz...........mama balala thiyena katha walin me kathawa hodama kathawak kiyala hithanawa............

  43. Thisal

    ස්තූතියි

  44. sadeepaT

    sub ekata thanks mcho

  45. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මෙහෙම දෙමු දිගටම...
    දවසක් අර දවසක්...

  46. Kavishal Rasintha

    සිසිල අයියේ අපිව අවුස්සලා තියලා ඔහොම කරන්න එපා... ඉක්මනට දෙන්න ඊලග එකත්... මරුම සීරියස් එකක්. වචන නෑ කියන්න.. අනික ඉතින් අපේ සිසිල අයියාගේ වැඩ සුපිරිම තමා.. බොහොම ස්තුතියි. ඊලග එකත් ඉක්මනට දෙන්නෝ...<font color="#32CD32"

  47. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

  48. Kavishal Rasintha

    සිසිල අයියේ අපිව අවුස්සලා තියලා ඔහොම කරන්න එපා... ඉක්මනට දෙන්න ඊලග එකත්... මරුම සීරියස් එකක්. වචන නෑ කියන්න.. අනික ඉතින් අපේ සිසිල අයියාගේ වැඩ සුපිරිම තමා.. බොහොම ස්තුතියි. ඊලග එකත් ඉක්මනට දෙන්නෝ...

  49. Nimesh sasanka

    kalin epiye kiyala thibba nisama aran beluwa..pattama series ekak..ithuru ewath puluwan vidihata denna saho..thanx sub ekata

Load more comments