මගේ නම ගනේෂ් ගයිතොන්ඩේ. අවුරුදු 17ක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉන්නේ. මොන ඉලව්වකටද එහෙම හැංගිලා ඉන්නේ? මොකද… මට විරුද්ධව මිනීමැරුම් නඩු 158 ක් මේ වෙද්දී තියෙනවා. ISI එකටයි… රෝ ඔත්තු සේවයටයි… දෙගොල්ලොන්ටම කෙලවලා දාලා තමයි මං හැංගිලා ඉන්නේ. වෙලාවකට මට හිතෙනවා මං දෙයියොද මන්දා කියලත්… මේ ලෝකය පටන්ගත්තේ ක…

මගේ නම ගනේෂ් ගයිතොන්ඩේ.
අවුරුදු 17ක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉන්නේ.
මොන ඉලව්වකටද එහෙම හැංගිලා ඉන්නේ?
මොකද…
මට විරුද්ධව මිනීමැරුම් නඩු 158 ක් මේ වෙද්දී තියෙනවා.
ISI එකටයි…
රෝ ඔත්තු සේවයටයි…
දෙගොල්ලොන්ටම කෙලවලා දාලා තමයි මං හැංගිලා ඉන්නේ.වෙලාවකට මට හිතෙනවා මං දෙයියොද මන්දා කියලත්…
මේ ලෝකය පටන්ගත්තේ කොහොමද කියන්න නම් මං දන්නේ නැහැ.
ඒත්, අවසාන වෙන්නේ කොහොමද කියලා නම් මං දන්නවා.
පරිස්සම් වෙයං සර්ටාජ් මහත්තයෝ!
උඹ ආදරය කරන මේ මුම්බායි නගරය සහමුලින්ම විනාශ වෙලා යන්න…
හරියටම තව දවස් 25ක් විතරයි තියෙන්නේ!
පුළුවන් නම් බේරගන්න බලහන්!ඒ වගේම මතක තියාගනින්…
මේක දැන්මම ඉවරයක් වෙන්නේ නම් නැහැ, මහත්තයෝ!
මොකද, මං අමරණීය නිසා!
සෙල්ලම ඉවරයක් වෙනකම්,
මාව නවත්වන්න මොන ජගතෙක්ටවත් බැහැ!
සිනමා රසිකයෙක් නම්, නෙට්ෆ්ලික්ස් කියන නම ඇහුවම නොදන්න කෙනෙක් ඉන්න බැහැ මං හිතන්නේ. ඒ තරමටම මේ සිනමා ලෝකයේ පතාක යෝධයෙක් තමයි නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඉතිං මේ පතාක යෝධයා පහුගිය දා අති දැවැන්ත පියවරක් තිබ්බා. එසේ මෙසේ පියවරක් නම් නෙමෙයි. මුළු ලෝකයම හොල්ලන විදියේ චණ්ඩ මාරුතයක් වගේ වැඩකට තමයි මේ වතාවේ නෙට්ෆ්ලික්ස්ලා අත ගැහුවේ. ඒ තමයි, ලොව දෙවැනි ප්‍රබලතම සිනමා ප්‍රේක්ෂකයන් සිටින රට වන, ඉන්දියාව තුල සිය පළමුවන කතා මාලාව නිෂ්පාදනය කිරීම.
ගොඩක් දෙනෙක් එක එක විදියේ කතා කිව්වා. බහුතරයක් දෙනා කිව්වේ, ඉන්දියාව අස්සේ රිංගන්න ගිහිල්ලා මෙච්චර කාලයක් යස අගේට හිටපු නෙට්ෆ්ලික්ස් එක මේ වතාවේ නම් වැඩේ අනාගන්නවා කියලා තමයි. නමුත්, බොහොම ශක්තිමත් කතාවක් සහිත නව කතාවක් අනුසාරයෙන්, ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ වැජඹෙන තාරකා තුනක් සහභාගී කරගනිමින්, ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ විශ්වකර්මයන් බඳු වූ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නොමසුරු දායකත්වය ලබාගනිමින්, නෙට්ෆ්ලික්ස් ආයතනයේ අතිශය ප්‍රථම ඉන්දියානු කතා මාලාව ලෙසින් පසුගියදා කරළියට සම්ප්‍රාප්ත වූ මෙම කතා මාළාව, මේ සටහන ලියවෙන මොහොත වනවිට එදාමෙදා තුර ලෝක ඉතිහාසය තුල නිෂ්පාදනය වුණා වූ කතා මාළාවන් අතුරින්, Top Rated TV ලැයිස්තුව තුල 26 වන ස්ථානයද, එකොළොස් දහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය 9.4ක් වැනි අති දැවැන්ත අගයක් කරා කරකවන්නටද සමත්කම් දක්වමින්, තමන්ට නින්දා අපහාස කළ ප්‍රේක්ෂකයන්, විචාරකයන් හට දෑත බදා, රිදෙන්නම කම්මුල් පහරක් එල්ල කරනවා.
දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් පුරවරය සිය රංගන කෞශල්‍යයෙන් අමන්දානදයට පත්කළ ඒ අසමසම රංගන තාරකාව, සායිෆ් අලී ඛාන්! වර්තමාන බොලිවුඩ් පුරවරයේ සිටින්නාවූ අති දක්ෂ, සම්මානනීය මෙන්ම ජනප්‍රියම රංගන ශිල්පියෙකු වන, නවසුඩීන් සිද්දික් සමගින් කවදත් වෙනස්ම ආරක සිනමා නිර්මාණයක් සමගින් ප්‍රේක්ෂකයා තමා වෙතට ඇද බැඳ තබා ගැනීමට සමත්වූ රාධිකා ආප්තේ! නිකමට හිතලා බලන්න බොලිවුඩයේ ඉහළම තලයේ සිටින්නා වූ මේ තාරකා තුන එකිනෙක ඝට්ටනය වුවහොත් කුමකින් කුමක් වේවිද? පොඩ්ඩක් ඉන්නකෝ.
මතකද Raman Raghav 2.0, Bombay Velvet, Ugly, Gangs of Wasseypur, Gulaal, Dev D, Black Friday වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරපු Anurag Kashyap ? ඒ වගේම, Trapped, Lootera, Udaan චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vikramaditya Motwane ව දන්නවද? දන්න අය දන්නවා ඇති මේ මොන විදියේ විශ්වකර්මයෝ දෙන්නෙක්ද කියලා. හිතලා බලන්නකෝ මේ විශ්වකර්මයෝ දෙන්නා එකට එකතු වුනොත් මොන වගේ වේවිද කියලා. ඔව්, මේ නෙට්ෆ්ලික්ස් පළමු හින්දි කතා මාලාව අධ්‍යක්ෂණය වෙන්නේ මේ කියපු විශ්වකර්මයෝ දෙන්නගේ සුසංයෝගයෙන්. ඒ වගේම, මේ කතා මාලාව සඳහා පදනම් වෙන්නේ Vikram Chandra විසින් රචනා කරන ලද Sacred Games නම් සම්මානනීය නව කතාව.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ, පුරා චිත්‍රපට 105 කට පස්සේ මේ තමයි පළවෙනි වතාවට කතා මාලාවක් සඳහා අත ගහන්නේ. මෙච්චර කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක් ඇහුවා ඇයි චිත්‍රපට විතරක්ම කරන්නේ, කතා මාළාවකුත් කරන්න කියලා. ඔන්න එහෙනම් ඒ අයගේ ඉල්ලීම ඉෂ්ට කරලා ඇති. ඒත්, නරඹන අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුනේ නැහැ කියන්නේ, මේක පළවෙනි වගේම අවසාන කතා මාළාවත් වේවි අනිවාර්‍යයෙන්ම.
මේ කතා මාලාව කොටස් අටකින් සමන්විත වෙනවා වගේම, මේ සටහන ලියවෙන මොහොත වෙද්දී කොටස් කීපයකටම උපසිරැසි ගන්වලා අවසානයි. ඒත්, දවස් 3-4 කට සැරයක් එක කොටසක් වෙබ් අඩවියට නිකුත් කරන්න තමයි දැනට හිතාගෙන ඉන්නේ. මොකද, ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඉක්මණට දෙනකොටත් අපේ මිනිස්සුන්ට අගයක් නැති වෙනවනෙ. (හැබැයි ඉතිං ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් පොඩ්ඩක් උනන්දු කරලා ගත්තොත් දවස් දෙකකට එකක් ගානේ දෙන්නත් බැරි නැහැ 😀 )
එහෙනම්, අන්තිමට මෙහෙම කියන්නම්. අඩුතරමේ එක කොටසක් වත් නරඹන්නේ නැතුවම ඔබ හිතනවා නම්, “මූ මේ අපේ ඇඟේ ගහන්න හදන්නේ ඉන්දියන් මළ ජරාවක්” කියලා, හිතාගන්න ඒ ඔබේ අවාසනාව හෝ නොලැබීම කියලා. අඩුගානේ එක කොටසක් හරි බැලුවට පස්සෙත් ඔබට හිතෙනවා “අපෝ! මළ ජරාවක්” කියලා, අන්න එහෙනම් බැනලා ගියා කියලා තරහක් නැහැ. පළවෙනි කතාංගය අවසානයේදී ඔබ ඉඳගෙන ඉන්න තැනින් එක සැරේටම ඔබට නැගිට්ටුනේ නැත්නම්, ඇත්තටම එක ලෝක පුදුමයක් වෙන්න ඕනේ මගේ අදහස නම්!
එහෙනම්, දෙවැනි කොටසත් එක්ක හම්බෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
17,946 downloadsDownload Sacred-Games-S01E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
142 comments
dsdkavishka
prasadmalaka
Niayamay.........Digatama karagena yamu........Suba pathanawa........
baiscope_chandima
ammoo dila sisila ela ela.. balillak thama .. thaz
widuranga
elama broooooo elaaaaazzzz 2th onaaa
Chami.S
Thanks..
Good Luck..Krishan NiShalya
බොහොම ස්තූති ..
කිව්වත් වගේ ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්නGood Luck Bro..
Dhanushka1986
ස්තූතියි සහෝ….
ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න
ශසිත් සඳරුවන්
නියම වැඩකටනේ සිසිල අතගහලා තියෙන්නේ...
සුපිරියක් වගේ කියලයි හිතෙන්නේ...
බලමුකෝ මොකද වෙන්නේ කියලා..
උපසිරැසියට බෝම තුති..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!demon
Thnkz bro.dwskta 1ka epiyktawth sub dendaoo.breath wge supiriyk wei
gihan perera
නියමයි මචෝ සිසිලයෝ....දිගටම මේක ට උපසිරැසි දෙන්න මචෝ...මං බානවා මේ season එකම..ගොඩක් ස්තුතියි සහෝ....
dsdkavishka
Ekanam fatta next episode ekath ikmanata denn aiya
ajith00129
එලකිරි තමා ඉතින්
Prabodha Madhusankha Hettiarachchi
Thank sisila bro sub ekata oya genawanm supiri thama. Jayawewa sahoo. Puluwan nm vodka diaries movie ekata sub demuu...
Thilina Chamara
බොහොම ස්තුතියී මේකට සබ කරනවට
Hemal
niyamai
Niranga.lakshitha
patta machan ….sub ekata thanks puluwan ikmanata anith ewath denna…..jaya wewa!!!!!!
Subhash13
සුපිරිම සිසිල අයියා ජය වේවා.. දිගටම දෙමු
Buddika Premarathna
anith ewath ikmanata depan sahoo. jayen jaya...
Nirosh C
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
DJLEOx78
පලවෙනි එපිය සුපිරි. මේකනම් දවසට එක ගානෙ දුන්නත් අව්ලක් නැ සහෝ සීසන් එකම රිලීස් වෙලා තියෙන නිසා.. :) :)
Thisara Neo
උපසිරැසියට තුති..
Manoj1980
thx
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Sithdu
එලම බොක්ක
Sanath Indika
thx brooo
Nirosh C
මචං...දවස ගානෙ ඕනෙ මචං!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..කතාව කෙසේ වෙතත් ලිපිය කිවද්දී උඩ ගියා. පලවෙනි පේලි දෙක තුන කියවද්දී දැනගත්තා ලිපිය සිසිල සහෝ තමා කියලා. ඒත් සීරීස් එකකට සබ් කරන්නේ නෑනේ කියලා මතක් උනා. පහලට ඇවිත් බලද්දී හැමදාම චිත්‍රපට විතරක් කරපු කෙනා මේන් සීරීස් එකකට අත ගහලා. බයිස්කෝප් රසිකයෝ වෙන අපිටනම් මේක බලන්න වෙන හේතු ඕනිත් නෑ. ඒ වගේම අර කිව්වා වගේ ඉන්දියන් කියලා මේක නොබැලුවොත් හෙන අපරාදයක්. ඉන්සයිඩ් එජ්,බ්‍රීත් බලපු සෙට් එක දන්නවා ෆීලින් එක ගැන. පුලුවන්නම් දවසට එක ගානේ දෙන්න. මොකද මේවා බලන්න ගත්තාම ඉවසීම බිංදුවටම වැටෙනවා ඊලග එක බලනකම්..ජය වේවා..බුදුසරණයි..!
sadeepaT
hmme.meka gana danagaththa wele idanma sub dei kiyala balan hitiye..patta happy.sub ekata thanks... inside edge breathe baluwa.e wagema supiriyak wei aniwa
D.Chamara
hamee me kiyan wediyata nobala kohomada anuiwa balanna oni sahooo thanks
its_lahiru
Fatta bro.. keep it up
Sachin135
අනිවා බලනවා...
Ayesh Prashan
Thank You.. Supiri
Ashanherath
ammatasiri mcn mekanam patta pathuru ekak vendathi puluvannam dvasata eka gane hari diyan mcn sub ekata godak pin .............
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
isuruchamara
elaa
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..තාමනම් බලන්න පටන්ගත්තේ නෑ ඩව්න්ලෝඩ් කරපු ගමන් බැලිල්ලක් තමයි..ඉතුරු සබ් ටිකත් ඉක්මනින්ම දෙමු..මමනම් FB පෙජ් එකෙ පළවෙනි පොස්ට් එකෙන්ම ගෙස්ට් කරා මේක තමයි දෙන්න යන්නෙ කියලා (ලොගො එක නිසා ) ..වැඩේ පට්ට මේක ඉවර උනාම තවත් Netflix සීරියස් එකකට සබ් දෙමු...
TharakaWAS
ela.sisila bro..
katawa balalama kiyannamm...
jaya wewa....!!!විමා
ආයේ මොනාද ඉතිං
සබ් ටික දීපන් සේනික බාගෙන ඉන්නේරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thumi
niyamai malli thank sub ekata
Suranjan
Thanks machan.......ela.....jayawewa......!
Eranga Sandaruwan
ඉන්දියන් කියලා නොබලා ඉන්න ඕන නෑ කියන එකට ඇමසන් කලින් උත්තර දුන්නා. ඒ වේදිකාවට තමා නෙට්ෆ්ලික්ස් කකුල තියලා තියෙන්නේ.
එල එල. උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..rohanahe
ඔන්න සහෝ අපිත් අද Download වෙන්න දැම්මා.මේ වගේ TV series එකකට sub එකක් කරලා දුන්නට THANKS.ඉතුරු ටිකෙත්
Sub ටික දෙනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.එහෙනම් ජයෙන් ජය........buddhi
tnks aiye sub ekta
praveen ranasinghe
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Anurada
Thank you for your sub !
kd sandaka
NETFLIX nam ithin katha karanna deyak nee
e unaatama me magula kohomada ooi gedaradi balanne.. 18+
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thamira
Thanks bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sacred Games S01E01 Sinhala Subtitles | අමරණීය අපරාධකරුවා! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/Sacred-Games-2018-3.jpg)



Ammo denqkam idiye, balalaa ai comment ekak dannamko, thenks saho, good job