පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්‍රිවේදි ඇරෙන්න! පුළුවන්…

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.
සර්ටාජ් සිං මහත්තයෝ…
ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා.
හැමකෙනාම මැරේවි…
ත්‍රිවේදි ඇරෙන්න!
පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා!
මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා.
කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්‍රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි පහුගිය කොටස අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ වෙද්දී කතාවේ ප්‍රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්‍රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ? අනිත් හැම ප්‍රධාන චරිතයක්ම ඝාතනය කරලා දාලා, අවසානයේ එක ප්‍රධාන චරිතයක් පමණක් ඉන්න, දුෂ්ට චරිතයක් ගැන ඉඟියක් වත් නැති, කතා මාලාවක අවසාන කොටස! සැකයක් නැහැ මේ වගේ කතා මාලාවක් නම් මීට පෙර නරඹලා තියෙනවා වෙන්න බැහැ. නමුත්, වගකීමෙන් කියනවා, මේ අවසාන කොටස තමයි මේ සම්පූර්ණ කතා මාළාවම ගත්තම හොඳම කතාව. ත්‍රාසය, භීතිය, කුතුහලය අතරේ ක්‍රියාදාම දර්ශන කීපයක් පවා අන්තර්ගතවෙන මේ අවසාන කොටස අවසානයේ සිද්ධවෙන්නෙ ඔබ කිසිසේත්ම බලාපොරොත්තුවෙන අවසානයක් නම් නෙමෙයි. අන්තිමේදී දවස් ගාණක් තිස්සේ පිස්සෙක් වගේ මේ සිද්ධවුණේ මොකක්ද කියලා හිත හිත ඉන්න තමයි වෙන්නෙ 😀 ඒ වගේම දුකින් වුණත් කියන්න ඕනේ, කතා මාළාව මෙතනින් ඉවර වෙන්නේ නම් නැහැ. කුතුහලය උච්චතම ස්ථානයට ගෙනැල්ලා, ප්‍රේක්ෂකයා කරකවලා කරකවලා, තට්ටු ගානකින් බිමට අතෑරියා වගේ, හැමදෙනාම අන්දුන්කුන්දුන් කරලා කතාව අවසාන වෙනවා. ඉතිං, ඉවසන්න පුරුදු වෙන්න… මොකද, වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඔබට ඉවසන්න වෙනවා ඊළඟ කතා සාමය වෙනකම් 😀
මීට කාලයකට ඉහතදී, ලෝ ප්‍රකට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිවේදනය කළා ඔවුන් බොලිවුඩ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිනා වුණා.
“අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” ,
“ඔයිට හොඳයි ඔය වෙලාවේ හොඳට නිදාගන්නවා” ,
“ඕකත් අර මහගෙදර, ශිවන්‍යා වගේ තියේවි”
මෙහෙම තමයි අපේ රටේ සමහර ඔස්තාර්ලා කිව්වේ. පුදුමයක් නැහැ, ලෝ ප්‍රකට සිනමා විචාරකයන් පවා මේ දිහා අවඥාවෙන් බලපු කාලෙක, අපේ රටේ උදවිය ගැන කවර කතාද? නමුත්, මේ කිසිම බාධාවකින් නෙට්ෆ්ලික්ස් ආයතනය වත්, නිෂ්පාදකයින් වත් සැලුණේ නැහැ. කතා මාලාවේ ප්‍රධාන චරිතය සඳහා ඔවුන් යොදාගත්තා සායිෆ් අලී ඛාන්, නවුසිද්දීන් සිද්දික්, රාධිකා ආප්තේ ආදී බොලිවුඩ් පුරවරයේ නම රැන්ඳු තාරකාවන් ත්‍රිත්වයක්. කතා මාලාව අධ්‍යක්ෂණය කලේ, බොලිවුඩ් පුරවරයේ අද්විතීය අධ්‍යක්ෂක දෙපලක් වන Anurag Kashyap සමගින් Vikramaditya Motwane විසිනි. ජූලි මාසේ 6 වෙනිදා කතා අටකින් සමන්විත මේ වෙබ් සීරීස් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒත් සමගින් මේ දක්වා උපහාසයෙන් සිනහ වෙච්ච සිනමා විචාරක ඔස්තාර් වරුන්ගේ කටවල් සදහටම වැහුනා.
මේ සටහන ලියවෙන මොහොත වනවිට Imdb දර්ශකය තුල විසිපන්දහස ඉක්මවූ මනාප සංඛ්‍යාවකින් 9.2 ක් වැනි අති දැවැන්ත අගයක් ලබාගමින්, එදා මෙදා තුර නිෂ්පාදනය වූ කතා මාලා අතුරින් Top Rated TV ලැයිස්තුවේ 28 වන ස්ථානය තමන් සතු කරගෙන සිටින්නේ, තමන්ට සිනහ වූ සිනමා විචාරකයන් යැයි පවසාගන්නා තැනැත්තන් හට හොඳවයින් කනේ පහරක් එල්ල කරමින්.
ඔබ තවමත් කතා මාලාව සමගින් එකතු වුනේ නැද්ද? එකතු වෙන්න අදහසක් හෝ නැද්ද? එසේනම් හිතාගන්න, ඔබගේ නොලැබීම හෝ අවාසනාව කියලා. මොකද, මේ දක්වා කතා මාලාව සමගින් එකතු වෙලා ඉඳපු රසික රසිකාවින් දන්නවා ඔවුන්ව මේ කතා මාලාව තුලින් කොයි තරම් ඇබ්බැහි කරගත්තද කියලා. හැමදෙනාම ඊළඟ කොටස් සඳහා උපසිරැසි ලබාදෙනකම් අතිශය නොඉවසිල්ලකින් පසුවුනේ.
ඒ නිසාම, දවසක් ඇර දවසක් විදියට හරි පුළුවන් ඉක්මණට කතා මාලාවට උපසිරැසි ලබාදෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. මොකද, ලොකු අභියෝගයක් වුණා මේ කතා මාලාව. මේ තමයි මං උපසිරැසි ගන්වපු පළවෙනි කතා මාලාව. ඉතිං, කොච්චර චිත්‍රපටි වලට උපසිරැසි ගන්වලා තිබුණත්, කතා මාලා ක්ෂේත්‍රයට තවම මං ආධුනිකයෙක්. ඒ වගේම, මේ කතා මාලාවේ ඉංග්‍රීසි උපසිරසියක් නිකමට හරි දාගෙන බලපු අය දන්නවා ඇති මොන මට්ටමේ උපසිරැසිද තිබුනේ කියලා. කිසිම ඉංග්‍රීසි දෙබසක් සඳහා උපසිරැසි යොදලා තිබුනේ නැහැ. ඉතිං, ඒවට අලුතින් කාල රාමු නිර්මාණය කරගෙන, අසා ලිවීමක් කරන්න වුණා. ඒ වගේම, ඉංග්‍රීසි උපසිරසියේ නොසෑහෙන්න වැරදි තිබුණා. කොරේ පිටට මරේ කියනවා වගේ, පුළුවන් උපරිමයෙන් මේ හැමදෙයක්ම හදාගෙන තමයි කරන්න සිද්ධවුණේ.
දවල් දවසේ වෙලාවක් නැති නිසා, රෑට නිදි මරාගෙන සහ, උදේට වේලාසනින් නැගිටලා තමයි මේ සම්පූර්ණ කතා මාළාවටම ඔබ වෙතට උපසිරැසි අරගෙන ආවේ. එහෙම වෙලත්, ප්‍රමාදයක් නැතුව අරගෙන එන්න පුළුවන් වුණා කියලා හිතනවා. කතා මාලාව වෙනුවෙන් කොච්චර කට්ටක් කෑවද, කොහොමද කලේ… කවුරුවත් මේ දේවල් දන්නේ නැහැ. දැනගන්න උවමනාවකුත් නැතුව ඇති. කොච්චර අමාරුවෙන් වුනත්, හැමදාමත් හැම කොටසකටම වගේ වචනෙකින් හරි දිරිගැන්වීමක් කරපු සීමිත පිරිස වෙනුවෙන් තමයි හැකි උපරිමයෙන් නොකඩවා මේ කතා මාලාව අරගෙන ආවේ. වචනයකින් හරි දිරිමත් කිරීමක් නොකරන අය ගැන නම් මගේ කිසිම තැකීමක් නැහැ. මොකද, උපසිරසියත් අරගෙන, මුකුත් නොදන්න ගාණට උපසිරැසිකරුවත් ගණන් ගන්නේ නැතුව යන උදවියව අපි මොකටද තැකීමක් කරන්නේ? ඒ නිසා, මේ කතා මාලාව පුරාවටම වචනයකින් හරි දිරිමත් කරමින්, හැමදාමත් මාත් සමගින් ඉඳපු සීමිත ප්‍රේක්ෂක පිරිසට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ පිරිස හිටියෙ නැත්නම් මේ කතා මාලාව මේ තරම් ඉක්මණට කිසිම විදියකින් ඉවරයක් වෙන්නේ නම් නැහැ.
මේ කතා මාලාව මෙතනින් අවසානයක් වෙන්නේ නැහැ. අනිවාර්‍යයෙන්ම දෙවැනි කතා සමයක් නිකුත් වේවි. නමුත්, කවදා කොහොම නිකුත් වේවිද කියලා නම් තවම ප්‍රකාශ කරලා නැහැ. ඉතිං, දෙවැනි කතා මාලාවට උපසිරැසි යොදන එක ගැන මේ වෙලාවේ හරියාකාරව කියන්න අමාරුයි. කරන්නත් පුළුවන්, බැරිවෙන්නත් පුළුවන්. මං නැති වුනත්, සමහරවිට අපේ කණ්ඩායමේ වෙන කෙනෙක් හරි උපසිරැසි යොදාවී කියලා හිතනවා.
එහෙනම්, සමුගෙන යන්න අවසරයි. වචනයකින් හරි දිරිමත් කරපු හැමදෙනාමට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
13,333 downloadsDownload Sacred-Games-S01E08.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
171 comments
Tharindu.deshan.lakpriya
rasangacr
thanks bro.
RAngaprabath071
Nice work broo
Kavishal Rasintha
බොහොම ස්තුතියි සිසිල අයියේ... අම්මෝ සුපිරිම කතාවක්... මෙච්චර ඉක්මනට දුන්න එකට පින්.. gd luck N keep continue
All the Best....
ඉස්සරහටත් මේ වගේ හොද සීරිස් එකක් දෙමුbuddhi
tnks aiye sub ekata
kosalachathuranga
supiri macho tnx
dsdkavishka
Thenks bro, fatta wedak
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ......
eranga686
tnx bro great work..
Mohomed_Ismath
Thank you..
Amila sadagala
බොහොම ස්තුතියි
rasanga
උපසිරැසියට ස්තූතියි සහෝ.! ජයවේවා
Ashanherath
Thanks mcn 7i8i ekatama balanava bn ada
Amilperera
Thnks a lot for sub.. good introduction.. waiting for season 2
Nimach273
Thanks machn sub akta
Bobby
Thank you very much Sisila. See you again
sankalpatest
THANKS MACHAN. SUPIRIMA TV SERIES EKAK
Kelum chethiya
Thanks sisila
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයprasadmalaka
thanks......thanks.....
guddaputha
තෑන්ක්ස් මචන්..
කරන කැප කිරීම් වලට..
දිගටම සබ් දෙමු..
ජයවේවාRavi28
thanks bro
chathuthee
tnqqqqqqqqqqqqqq
Snake RaJ
බොහෝම ස්තූතී සිසිල ප්‍රසාද් සහෝදරයා මේ වගේ ලස්සන
කතාවක් මග නවත්තන්නේ නැතුව දිගටම ගෙනාවට.
ඒ වගේම බොහෝම් ස්තූතී සිංහල උපසිරැසි වලටත් :)
තවත් මේ වගේ සුපිරි නිර්මාණයකින් ඉක්මනින් හමුවෙමු.
ජය වේවා!demon
Thnkz bro
ajith00129
නියමයි බ්‍රෝ, තව එහෙකට සබ් කරමු, ස්තූතියි
Amimac
බ්‍රෝ පට්ට පින් බන් කට්ට කාගේන මේ වගේ සබ් 1ක් දුන්නට
4devinda
බොහෝම ස්තූතී... .
Thilina Chamara
Ela sisila.Thank you
Tharindu-jayalal
ස්තූතියි ඔබට ✌️✌️
Jehank
බොහෝම ස්තුතියි sub ekata
geeganagamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට
lasa
වැඩේ ඉක්මනින්ම ඉවරකරාට බොහොම ස්තූතියි
Sajiya99
Thanks bro sub ekata
dilan-dilruk
thank you
Milind@
Thanks saho...
naveendya
elama...sub ekata thakz..
puluwannam THE EXORCIST eke season 2 ekata sub dennako loku udawwak..sathi 2kata eka gane hari...plzzzzNirosh C
බොහොම ස්තුතියි සිසිල සහෝ කරපු කැපකිරීමට,ජයෙන් ජය වේවා!
පුළුවන්නම් ඊලඟට නිම්රත් කෞර් ඉන්න “ද ටෙස්ට් කේස්“ වෙබ්සීරිස් එක දෙන්න.Kalhara
ela ela thx macho supiri
darshana100
thanks yalu tawa hoda akaak deepan budusaranai yalu
priyan99
thanks bro ikmantama sub dunnata.supiri machan
lahirulg
බොහොම ස්තූතියි සහෝ ඉක්මනටම සබ් දුන්නට... පුළුවන්නම් youtube original සීරිස් එකක් වෙන Impulse සීරිස් එකට සබ් දෙන්න කියලා ඉල්ලනවා... ජය වේවා
Uditha Dissanayake
Jayen jayama wewa macho.. next season ekedi ayeth set wemu..
Jaadu
අඩෝ... තෑන්ක් යූ බොක්ක. අද මේක බලාගෙනමයි ඔෆිස් ඉඳලා ගෙදර ආවේ... උඹ ඒ පැතුම ඉෂ්ඨ කළා...උම්මාහ්..
Chameeradilshan
jaya wewa saho....... upasirasi walata sthuthi .............
chathumal12345
thanks bro..eelaga season eka awamath me wagema lassanata sub dei kyla hithanawa..
Malinda bandara
good job bro...
Kaushan Herath
පට්ට සීරිස් එකක් අරන් ආවට තෑන්ක්ස් සහෝ.දෙවැනි එකත් අනිවරෙන් ඕනේ.
Subhash13
Patrick melroce එකේ sub එකතදාමු පුළුවන් නම්
pradeep hashan
thanks asawen balapu serious ekak
ilaga season ekath relese karahama
ekatath sub demu...සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඉංග්‍රීසි උපසිරස දැකපු කෙනෙක් විදියට මං දන්නවා සබ් එක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා. අපිට පුලුවන් එකම දේ කමෙන්ට් එකක දාලා දිරිගන්වන එක විතරයි. ඒ දේනම් අනිවාර්යයෙන් කරනවා. ඒ වගේම කතාවත් නියමයි. බලපු නැති අයට කියන්නේ අනිවාර්යයෙන් බලන්න.තවත් උපසිරසකින් හමුවෙමු..බුදුසරණයි..ජයවේවා!!!
asanka_mapa
මෙි tv season eka හොදයිද මම තාම බලලා නැ.... බලන්න සුපිරි කතිවක්ද?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



THANKS...