Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E01] Sinhala Subtitles | අහිමිව යන ජීවිතය [සිංහල උපසිරැසි]

මතකය….. මතකය කියන්නෙ සෑම පුද්ගලයෙක්ටම පොදු වූ දෙයක්. කුමන වයසක, තරාතිරමක කෙනෙක් උනත් ඔබේ ජීවිතයේ මිහිරි අමිහිරි මතකයන් හැමදාමත් ඔබත් එක්ක පවතිනවා.. ඒ ඔබට දැනුම් තේරුම් ලැබෙන ළමා අවධියේ සිට මිය යන දවස දක්වාම. ඒත් මොකද වෙන්නෙ බැරි වෙලාවත් ඔබට ඔබගෙ ජීවිතයේ කාලවකවානු ගැන, තමන් ආදරේ කළ අය ගැන තියෙන ඒ මත…

මතකය….. මතකය කියන්නෙ සෑම පුද්ගලයෙක්ටම පොදු වූ දෙයක්. කුමන වයසක, තරාතිරමක කෙනෙක් උනත් ඔබේ ජීවිතයේ මිහිරි අමිහිරි මතකයන් හැමදාමත් ඔබත් එක්ක පවතිනවා.. ඒ ඔබට දැනුම් තේරුම් ලැබෙන ළමා අවධියේ සිට මිය යන දවස දක්වාම. ඒත් මොකද වෙන්නෙ බැරි වෙලාවත් ඔබට ඔබගෙ ජීවිතයේ කාලවකවානු ගැන, තමන් ආදරේ කළ අය ගැන තියෙන ඒ මතකයන් නැති වෙලා යන්න පටන් ගත්තොත්? ඔබට ඔබවම අහිමිව යනවා වගේ දැනෙයි නේද? ගොඩක් වෙලාවට මේ තරගකාරී ජිවන රටාව ඇතුලෙ මිනිස්සු වයසට යන කොට ඒ අයට සතුටු වෙන්න කියලා දේකට ඉතුරු වෙන්නෙ තමන්ගෙ මතකයන් විතරයි. ඒකත් ඔබට අහිමිව ගියොත්? ඉතින් මේ කතාවෙන් කියන්න යන්නෙ අන්න එහෙම කෙනෙක් ගැන.

ආගා බෙයෝලා.. වයස අවුරුදු 65 ක ජීවිතයේ සැදෑ සමය ගෙවන පුද්ගලයෙක්. ඔහුගෙ ආදරණීය බිරිද කලින්ම ඔහු හැර ගිහින්. එකම දියණිය විවාහ වෙලා යන්න ගිහින්. තනිවම දිවි ගෙවන ඔහුගෙ ජීවිතයේ ඔහුට තියෙන එකම දේ තම මතකය, පෞරුෂය. නමුත් අල්සයිමර් නම් මතකය ටිකෙන් ටික අමතක වී යන භයානක රෝගයට ආගා ගොදුරු වෙනවා. ඉතින් ආගාගෙ වෛද්‍යවරයාගෙ උපදේශය වෙන්නෙ යම් තරමකට හෝ මේ රෝගය උත්සන්න වීම පාලනයටනම් තමන් ජීවිතේ මෙතෙක් නොකළ දෙයක් කිරීමට පෙළඹිය යුතු බවයි.

එහෙම කිව්වම මොකද හිතෙන්නෙ? සමහර විට මේ ආගා චිත්‍ර අදින්න පෙළඹෙයි. නැත්නම් වෙනත් භාෂාවක් ඉගෙන ගන්න, එහෙමත් නැත්නම් වගා කරන්න, ක්‍රීඩා කරන්න, ඔය වගේ මොනා හරි දෙයක් තෝරාගන්න ඇති කියලා නේද? නෑ…. මේ වයසක ආගා තමන්ගෙ ජීවිතෙන් ගිලිහිලා යන මතකය ග්‍රහණය කරගැනීමේ ක්‍රමය විදිහට තෝරගන්නේ මිනී මරණ එක.. හැබැයි එහෙමයි කියලා මෙයා ආවට ගියාට දකින දකින කෙනා පස්සෙන් ගිහින් මරන්න යන්නෙත් නෑ. විශේෂිත පුද්ගලයෝ කීපදෙනෙක්ව, ඉතාම හොදින් සැලසුම් කරලා තමයි මරන්න තීරණය කරන්නෙ. ඒවගේම තමාව අල්ලාගැනීමේ අභියෝගය කෙළින්ම පොලිසියට, විශේෂයෙන්ම නවක පොලිස් නිළධාරිනියක වන නෙව්රාට යොමු කරනවා. ඉතින් අපි බලමු ආගාගෙ මේ භයානක සෙල්ලම මොන වගේ එකක්ද කියලා?

2018 වර්ෂයේ තිරගත වුන කොටස් 12කින් සමන්විත තුර්කි කතාමාලාවක් වන Persona එහෙමත් නැත්නම් Sahshiyet IMDB දර්ශකයේ 9.1ක් තරම් ඉහළ අගයක් ලබා ගන්නට සමත් වුන කතාවක්. ක්‍රයිම්, මිස්ට්‍රි වර්ගීකරණයට අයත් වෙන කුතුහලය උපරිමව කැටි කරගත් අග්‍රගණ්‍ය ටෙලි කතාමාලාවක් කිව්වොත් නිවැරදියි. මෙහි ප්‍රධාන චරිතය එනම් ආගා බෙයෝලාගෙ චරිතයට පණ පොවපු Haluk Bilginer විසින් International Emmy Award for Best Performance යන සම්මානය මෙහි රංගනය නිසාම දිනාගෙන තියෙනවා.

එහෙමනම් ජීවිතයේ සැදෑ සමය ගෙවන, තමන්ට තමන්වම අහිමිව යන ආගාගෙ භයානක අපරාධ රැල්ලත්, නව අපේක්‍ෂා සහිතව තම පොලිස් වෘත්තීය අරඹන තරුණ නිලධාරිණි නෙව්රාත් අතර හොරා පොලිස් සටනෙ ජය කාට ලැබෙයිද කියලා කතාව නරඹලාම අපි හොයා ගමු එහෙනම්. අනිකුත් කොටස් සදහා අපේ සහෝදර උපසිරසිකරුවන් උපසිරසි ලබා දේවි.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,863 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E01.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,863 downloadsDownload Subtitles26 KB

18 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මධු සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. මයුර

    බොහොම ස්තූතියි සහෝ.

  4. Sohan Jayasooriya

    තෑන්ක්ස් අයියේ සබ් එකට

  5. Anonymous

    මේවනම් මචන් සුපිරි වැඩ
    මේ වගේ සුපිරි ඒවා තව තවත් දෙමු
    බාසාව මොකක් වුනත් මේ වගේ සුපිරි ඒවා බලනෝ
    බොහොම ස්තුතියි සියලුම දෙනාට

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Isuru Upeksha Akalanka Amarasinghe

    Supirima Story ekak.aniwa aran balanna..maga ara ganna epaa

  8. Isuru Upeksha Akalanka Amarasinghe

    Supirima Story ekak.aniwa aran balanna.

  9. Isuru Upeksha

    Thanks elama

  10. රොෂාන් ශමීර ජයසිංහ

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝදරයා...

  11. Anonymous

    තැන්කු වේවා

  12. ශන

    තුර්කි ඒවා නිකන් ඉන්දියන් ඒවා ව්ගේ වැඩක් නෑ බ්‍රෝ ඔයා 100 කරා නේද අන්න ඒ වගේ එකක් කරන්න

  13. Kushan

    Sub akta thanks

  14. indika75

    thanks..

  15. MAALNATH

    Thanks...........good luck.....

  16. tharidu16

    thanks machi

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. lakshan

    thanks .............