Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E02] Sinhala Subtitles | ඇඟිලි සලකුණ [සිංහල උපසිරැසි]

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා ති…

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන කතන්දරයක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.1ක දැවැන්ත අගයකුත් ලබාගෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ කතාමාලාව සමන්විත වෙන්නේ කොටස් 13කින්. ඉතින් අපි බලාගෙන යමු ඔය කියන තරම්ම මේ කතාව හොඳද කියලා. අපේ නිලුපුල් සහෝදරයා දුන්නු පලවෙනි කොටස බලන්න ඇතිනේ. මෙන්න අද අරන් එනවා දෙවැනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ඉන්නම් පුරුදු විදිහටම.

පලවෙනි කොටසෙදි අපිට ඉඟියක් දෙනවා මේ කතාමාලාව දුවන්නේ ප්‍රධාන චරිත දෙකක් මත කියලා. එක්කෙනෙක් ආගා කියලා තමන්ගේ මහළුවිය ගෙවමින් ඉන්න කෙනෙක්. අනිත් කෙනා නෙව්රා, පොලිස් නිලධාරිනියක්. අපි ආගා ගැන ටිකක් මතක් කරොත්, මිනිහා ජීවත් වෙන්නේ තනියම. බිරිඳ මිය ගිහින්. දුව ජීවත්වෙන්නේ දුර බැහැරක. ආගාගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ එක දවසක එයාගේ පූසා අතුරුදහන් වෙලා කියලා දැනගත්තමයි. හොයල හොයලා අන්තිමේදී ගේ ඇතුලෙම තිබිලා ආගාට හම්බවුණේ එයාගේ පූසාගේ මළකඳ. දවස් ගාණක් තිස්සේ බොන්න වතුර පොදක් නැතිව පූසා මැරිලා හිටියා. ඇත්තටම ආගාට එහෙම අමතක වීම් වෙන්නේ නැහැ. තමන්ගේ පූසව ඔහු ගොඩක් ආදරෙන් තමයි බලාකියාගත්තේ. තමන්ට මෙහෙම අමතකවීමක් වුණේ කොහොමද කියන එක ආගාට ප්‍රශ්නයක් වුණා. ඔය ප්‍රශ්නය හමුවේ ආගා ගියා වෛද්‍යවරයෙක්ව හම්බවෙන්න. එතැනදී එයා දැනගත්තේ එයාගේ ජීවිතේම උඩු යටිකුරු කරවන දෙයක්. ඔහුට අල්සයිමර් රෝගය වැළඳිලා තිබ්බා. ටිකෙන් ටික ඔහුගේ මතකය නැතිවෙන්න අරන්.

පොලිස් දෙපාර්තමේන්තුවේ, ඝාතන පිලිබඳ වූ කාර්යාංශයේ පිරිමි නිලධාරින් 140ක් අතර හිටිය එකම නිලධාරිණිය නෙව්රා එල්මාස්. සිහින මවාගෙන පොලිස් රැකියාවට ආවට ඇයට තමන් සමඟ සේවය කරන නිලධාරින්ගෙන් නම් එල්ලවුණේ පුදුම පීඩනයක්. මේ පීඩනය වෙලාවකට ඇයට දරන්න බැරි තරම් වුණා. ඇය මානසිකව වැටිලයි හිටියේ. ඒ බිඳවැටීම කොච්චරද කියනවා නම් රැකියාවෙන් අස්වෙන්නත් ඇය තීරණය කරා.

තමන්ගේ ජීවිතේ වෙන්න අරන් තිබ්බ අලුත් වෙනසත් එක්ක ආගා ගත්තේ පුදුම හිතෙන තීරණයක්. පළවෙනි කොටස බැලුව නම් මේ වෙද්දිත් ඒක දන්නවා. දවසින් දවස තමන්ගේ මතකය නැතිවෙලා තමන් හිස් මිනිහෙක් වෙන්න යන බව ආගාට හොඳටම අවබෝධ වෙලයි තිබුණේ. තමන්ට තිබුණු පෞරුෂත්වය, තමන් මොන වගේ කෙනෙක්ද කියන එකත් ටික දවසකින් ඔහුට අමතක වෙලා යනවා කියලා ඔහු දැනන් හිටියා. මේ අමතක වීම ඇතුලෙන් ඔහු එක වාසියක් දැක්කා. ඒ වාසියත් එක්ක ඔහු ගත්තේ මාරක තීරණයක්. ඒ තීරණයත් එක්කම බොහෝ දෙනෙක්ගේ ඉරණම තීන්දු වෙන්න ගත්තා.

“උදේ වෙද්දී මට කිසි දෙයක් මතක නැත්තම්, මට හිතෙන ඕනම දෙයක් කරලා දාන්න පුළුවන්”

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,615 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

3,615 downloadsDownload Subtitles24 KB

15 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Download link thma dala na neh saho
    Poddak blnnako

  3. R_deshan

    සබ් එකට ස්තූතියි සහෝ.පුලුවන් නම් 1080p කොලිටියෙන් මේක බාගන්න පුලුවන් ටොරන්ට් සයිට් එකක් කියන්න නැත්තම් ලින්ක් එක baiscopedownloads එකට දාන්න.දන්න හැම සයිට් එකේම 720p ටොරන්ට් විතරයි තියෙන්නෙ:-(

    1. Anonymous

      online 1080p thiyenw

    2. R_deshan

      Online නම් බලනව අඩුයි සහෝ.මොකද්ද සයිට් එක?

    3. Anonymous

      123 movies free love

    4. R_deshan

      එළම තෑන්ක්ස්!!:-)

  4. Anonymous

    Episode 2kuth deela download link eka thwma baiscopedownloads eke dala na
    Ai bn ehma

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Kushan

    Sub akta thanks

  7. යුරාන් ධනුක (දනුවා)

    බොහොම ස්තුතියි කවිනු සහෝ

  8. indika75

    thanks..

  9. MAALNATH

    Thanks........good luck..........

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. lakshan

    thanks ....................