එහෙනම් ඔන්න ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රශංසා මැද IMDB අගය 9.1 ක් දිනාගෙන, IMDB හොඳම ටීවී සීරීස් 250 අතරේ 27 වන ස්ථානයේ වැජඹෙන Sahsiyet එහෙම නැත්නම් Persona කියන තුර්කි කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙනයි මං ආවේ. ගොඩක් අය බලන්න යොමු වෙන්නෙ ඉංග්‍රීසී ටීවී සීරීස් විතරයි. එහෙම අයට මේ වගේ වෙනත් භාෂාවල හොඳ නිර්…

එහෙනම් ඔන්න ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රශංසා මැද IMDB අගය 9.1 ක් දිනාගෙන, IMDB හොඳම ටීවී සීරීස් 250 අතරේ 27 වන ස්ථානයේ වැජඹෙන Sahsiyet එහෙම නැත්නම් Persona කියන තුර්කි කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙනයි මං ආවේ. ගොඩක් අය බලන්න යොමු වෙන්නෙ ඉංග්‍රීසී ටීවී සීරීස් විතරයි. එහෙම අයට මේ වගේ වෙනත් භාෂාවල හොඳ නිර්මාණ මඟ ඇරෙන එක නම් ඇත්තටම අපරාදේ. ඒ හින්දා මේක තවම නොබලපු කෙනෙක් නම් මේ අවස්ථාව මඟෑරගන්න එපා. ඒ වගේම මාව මේකට එකතු කරගත්ත මයුර අයියට ස්තූති කරන ගමන් පොඩ්ඩක් කලින් කතාව කෙටියෙන් මතක් කරන් ඉමු.
නළල හිල්වෙන්න තියපු වෙඩිල්ලකින් මැරිලා හිටපු මනුස්සයගේ නළලේ අලවලා තිබ්බ පටියක ලියලා තිබ්බා “මට අද එක ගැහැණු ළමයෙක් මුණගැහුනා. එයාගේ නම නෙව්රා එල්මාස්.” කියලා වචන පේළියක්. මේ හින්දා පොලිස් දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන පිලිබඳ වූ අංශයේ පිරිමි නිලධාරින් 140ක් අතර හිටි එකම කාන්තා නිලධාරිනිය නෙව්රා දිහාට හැමෝගෙම සැකය කලවම් වෙච්ච බැල්මවල් යොමු වුණා. ඒ ගැන පුදුමෙකුත් නෑ ඉතින්. ඒත් රැකියාවත් එපා වෙලා තියෙන මේ වෙලේ, කිසිම ඉවක් බවක් නැතුවම සිද්ධ වෙච්ච මේ දෙයින් නෙව්රා තවත් මානසිකව වැටුණා. කවුද මේ මැරුණු මනුස්සයා? කවුද මෙයාව මරපු මනුස්සයා? ඇයි මෙතන මගේ නම ලියලා තියෙන්නේ? නෙව්රාට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරමින් ඝාතනයක් සිදු වෙලා තිබ්බා. ඝාතනය වෙච්ච තැන සිහිවිකල්ලෙන් නට නට හිටිය ගැහැණියත් තවත් විකාර කියෙව්වා මිසක් නෙව්රා ඇතුළු පිරිසට කිසිම හෝඩුවාවක් නම් දුන්නේ නැහැ.
ඔය අතර ආගාගේ දුව ආයෙත් තමන්ගේ තාත්තගේ ගෙදරට එන්නේ එයාගේ තරුණ පුතාත් එක්කමයි. තමන්ගේ දික්කසාදයෙන් පස්සේ ජීවිතේ අලුතෙන් පටන් ගන්නයි ඇයට ඕන වෙලා තිබුණේ. කරන්න රස්සාවක් වගේම තමන්ගේ පුතාගේ අලුත් ඉස්කෝලයක් හොයන වගකීමත් ඇයට පැවරිලා තිබ්බා. කොහොම උනත් ආගාට තියෙන රෝගාබාධය ගැන නම් කවුරුත්ම දැනුවත් නෑ කියලා ඔයාලා දන්නවනේ. ඊයේ දවසේ කරපු දඩයමත් මේ වෙද්දී තමන්ගේ මතකයෙන් ඈත් වෙලා තියෙද්දී ආගා දෙවැනි දඩයම වෙනුවෙන් ලක ලෑස්ති වුණා.
ඔය අතරේ නෙව්රාට පණිවිඩයක් ලැබුණා, අර පටි වල තිබුණු ඇඟිලි සලකුණු වලට ගැලපෙන කෙනෙක්ව හම්බවුණා කියලා. කණ්ඩායමක් එක්ක වැටලීමට ගියපු නෙව්රාට මුහුණ දුන්නු දේ ගැන අමුතුවෙන් කියන්න ඕනත් නෑ. තවත් කරදරයක් හිසට කඩාපාත් වුණා. සිද්ධ වෙච්ච මිනීමැරුම ගැන, අභ්‍යන්තර තොරතුරුත් එක්කම පුවත්පතක පලවෙලා තිබුණා. ඒ මාධ්‍යවේදියාව නෙව්රා හොයාගෙන ගියාත් මතක ඇතිනේ. ඔය අතර ආගා එයාගේ ඊළඟ කුරුමානම පස්සෙන් ගියා. ආගා තමන්ගේ වැඩේ කරගත්තට අවසානේ සිද්ධ වුණේ නම් හිතුවේ නැති දෙයක්. එහෙනම් ඉතින් දැන් ඔයාලගේ හිත්වල ප්‍රශ්න ගොඩක් ඇතිනේ. අපි එහෙනම් බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,374 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
7 comments
යුරාන් ධනුක (දනුවා)
Anonymous
Thnx for the sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thnx
Kushan
Sub akta thanks
indika75
thanks..
MAALNATH
Thanks.......good luck.......
Advertisement



බොහොම ස්තුතියි සොහාන් මල්ලි