Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E07] Sinhala Subtitles | ඝාතකයාගේ අනුකරණය [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMM…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ඔයාලා ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලවක තවත් කොටසක උපසිරසි ගෙනාවා. ඔයාලා දැනටම දන්නවනේ ඒ මොකක්ද කියලා. මනාප 35,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරයේ 9.1ක් වැනි විශිෂ්ට අගයක් කරකවන්න සමත් උන, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු ඒ වගේම සම්මාන 09 කට නිර්දේශ වෙලා 2019 EMMY සම්මාන උළෙලේ හොඳම නළුවා ඇතුළු සම්මාන ද්විත්වයකටම හිමිකම් කියන්න සමත් උන සුපිරිම තුර්කි කතා මාලාවක් තමයි Sahsiyet කියන්නේ. ඔයාලා දන්නවනේ තුර්කි කතාමාලා මොනතරම් ගුණාත්මකද කියලා. The Protector වගේ කතාමාලා බලලා තියෙනවනම් මේවගේ රස හොඳට දැනගන්න පුළුවන්. එහෙනම් ඔයාලා අපේ රවිදු සහෝ ගෙනාපු 06 වෙනි කොටස බලලනේ ඇත්තේ. ඒ වගේම මේ කතාමාලාව උපසිරැසි ගන්වන්න මට ආරාධනා කරපු අපේ සොහාන් මල්ලිටත්, මයුර සුරාජ් සහෝටත්, බොහෝම ස්තූතිවන්ත වෙනවා.

උෆුක්වයි, එයාගේ සහෝදරයගෙයි මරණ වලට එයාලගේ පවුල්වල අය නෙව්රට චෝදනා කරනවා. ඒ නිසා නෙව්රා මෙච්ච්ර කල් ඉවසගෙන හිටපු හැගීම්වල සීමාව පනිනවා. මේ අතර පූස් ඇඳුම දා ගත්ත කෙනෙක් ආයතනයක ගණකාධිකාරිවරියක්ව මරනවා. මේ ඝාතකයව රහසින් අල්ලගන්න ෆරූස්ට පුළුවන් වෙනවා. සෙමිල් එක්ක එකතු වෙලා මේ ඝාතකයකයගෙන් ප්‍රශ්න කරද්දි ඒ මීනීමැරුම කරන්න හේතුව මෙයාලා දැනගන්නවා. නෙව්රා තාම මේ ඝාතනවලට කඹුරා සම්බන්ධයි කියන මතයෙම තමයි ඉන්නේ. ඒත් එයාගේ ලොක්කානම් කියන්නේ කඹුරා අමතක කරලා වෙන හෝඩුවාවක් හොයාගන්න කියලයි. ඒ වගේම අගාගේ තවත් කපටි වැඩ එක්කම නෙව්රා ඉතාම වැදගත් සාක්ෂිකාරයෙක් හොයාගන්න හැටිත් අද බලාගන්න පුළුවන්. එහෙනම් තවත් විස්තර කියන්නේ නෑ. අද ලැබෙන හෝඩුවාවන් මොනවද ? අගාගේ මොනවද කරන්නේ ? නෙව්රට හම්බෙන වැදගත් සාක්ෂිකාරයා කවුද ? කියලා ඔයාලා බලන්නකෝ. ඒ වගේම අද කොටසට IMDb අගය – 8.5 ක් ලැබිලා තියෙනවා. 08 වෙනි කොටස රොෂාන් සහෝ ඔයාලට දෙයි. මේ කතාමාලාවේ මගේ වැඩ ටික ඉවරයි එහෙනම්. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

#Stay Safe

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,253 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,253 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Anonymous

    see season 2 sub dennko

  2. MAALNATH

    Thanks... . .good luck.......

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kushan

    Sub akta thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි